කොවිඩ් 19 මර්දනයට දිගුකාලී ජාත්‍යයන්තර ප්‍රයන්ත අවශ්‍යයයි ලෝක සෞඛ්‍ය සංවිධාන හදිසි අවස්ථා කමිටුව කියයි
කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එහි හවුල්කරුවන්ගේ ප්‍රතිචාර ප්‍රයත්න ඇගැයීමට ලක් කරන එම සංවිධානයේ කොවිඩ්-19 හදිසි අවස්ථා කමිටුව මෙම ගෝලීය වසංගතයේ දිගුකාලීන ස්වභාවය සැලකිල්ලට ගනිමින් මර්දන ප්‍රතිචාර ප්‍රජා මට්ටමින් මෙන්ම, ජාතික, කලාපීය සහ ගෝලීය වශයෙන් දක්වන ප්‍රතිචාර ප්‍රයත්න දිගටම පවත්වාගෙන යායුතු බව කියා සිටියි. ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි(International Health Regulations (2005) – IHR) යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් විසින් කැඳවනු ලැබ මෙම හදිසි අවස්ථා කමිටුව පසුගිය ජූලි 31 දා රැස්විය. ඒ සිවුවැනි රැස්වීම් වාරයයි.
දැනට ඇති සාක්ෂි සමාලෝචනය කරමින් මෙහිදී පූර්ණ සාකච්ඡා වටයක් පවත්වා කමිටුව ඒකමතිකව තීරණය කළේ ශොවිඩ්-19 මහා වසංගතය තවදුරටත් ජාත්‍යන්තර අවධානය යොමු යොමුවිය යුතු මහජන සෞඛ්‍යය හදිසි අවස්ථාවක් ලෙස පවතින බවයි. ඊට අදාලව එහි උපදෙස් මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජෙනරාල්වරය වෙත ඉදිරිපත් කරනු ලැබීය.
මෙම උපදේශ පිළිගනිමින් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා කොවිඩ් 19 ජාත්‍යන්තර මට්ටමේ අවධානය යොමු කළ යුතු මහජන සෞඛ්‍යය හදිසි අවස්ථාවක පවතින බව සනාථ කළේය. ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් (ජාත්‍යන්තර මට්ටමේ අවධානය යොමු කළ යුතු) මහජන සෞඛ්‍යය හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පසුගිය ජනවාරි 30 දාය. මෙම සංවිධානය විසින් නිකුත් නිකුත් කරණු ලබන ඉහළම මට්ටමේ දැන්වීම වන මෙය නිකුත් කළේ ලෝකයේම ශොවිඩ්-19 රෝගීන් සියයකටත් වඩා අඩු සංඛ්‍යාවක් සිටි එමෙන්ම චීනයෙන් බාහිරව කොවිඩ් මරණ නොපැවති අවස්ථාවකය. අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටුවේ උපදේශ ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි(IHR) යටතේ තාවකාලික නිර්දේශ වශයෙන් රාජ්‍ය පාර්ශව වෙත නිකුත් කළේය.
“මේ වසංගතය ශත වර්ෂයකට වරක් ඇතිවෙන මාදිලියේ සෞඛ්‍ය අර්බූදයක්. එහි ප්‍රතිඵල ඉදිරියට එන දශක ගණනාවක් තිස්සේ ලෝකයට දැනෙනු ඇත” ජූලි 31 දා මෙම කමිටුව අමතමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා කමිටු අමතා සිදු කළ ආරම්භක කතාවේදී සඳහන් කළේය. “බොහෝ රටවල් දැන් මෙම අර්බුදයෙහි දරුණුම අවස්ථාව පසු කර ඇතැයි විශ්වාස කළ ද ඒවා නැවතත් අලුත් ව්‍යාප්තවීම් වලට මුහුණ දෙමින් සිටිනවා. අර්බුදය මුල් අවස්ථාවේදී එතරම් බලපෑමක් නොතිබූ රටවල පවා දැන් රෝගීන්ගේ සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් සිටිනු දක්නට ලැබෙනවා. ඒ වගේම, වසංගතය විශාල වශයෙන් ව්‍යාප්තවූ ඇතැම් රටවල් අර්බුදය සිය පාලනය යටතට ගැනීමට ද හැකිවී තිබෙනවා”.
කමිටුව මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධානයට මෙන්ම රාජ්‍ය පාර්ශවවලට නිර්දේශ පරාසයක්ම ඉදිරිපත් කළේ ය. කොවිඩ් 19 අර්බුදයට මුහුණ දීමේ සූදානම හා ප්‍රතිචාර, පර්යේෂණ කටයුතු කඩිනම් කිරීම සහ අවසානයේ රෝග නිර්ණය, චිකිත්සාවන් හා වැක්සීන වෙත ප්‍රවේශවීමට හැකිවන පරිදි සාමාජික රටවල සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගෝලීය සහ කලාපීය බහුපාර්ශවීය සංවිධානවල සහාය දිගටම ලබාගත යුතු යැයි කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදෙස් ලබා දුන්නේය. අරමුදල් සැපයීම ඇතුළුව කොවිඩ්-19 පර්යේෂණ ප්‍රයත්නයන්ට සහ කාටත් සමානව රෝග නිර්ණය, චිකිත්සාවන් හා වැක්සීන ලබාගැනීමට පිණිස සහයෝගය දෙන්නයි කමිටුව රටවල් වලින් ඉල්ලීමක් කරයි.
සම්පත් හීන, අවදානම්ග්‍රාහී හෝ අධික අවදානම් තත්ත්වයන් යටතේ වුව රෝගීන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඹායාම සඳහා මහජන සෞඛ්‍ය ආවේක්ෂණ සේවා තර කිරීම, ප්‍රමාණවත් අරමුදල්, සැපයුම් සහ මානව සම්පත් සපයමින් රටවල් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් දිගටම පවත්වාගෙන යාම සිදු කළ යුතු බව ද කමිටුව සඳහන් කරයි. අනුපාතිකවන අන්දමේ පියවර ක්‍රියාත්මක කරමින් අවදානම ගැන නිසි ඇගයීමක් තුළ ජාත්‍යන්තර ගමනාගමනය සම්බන්ධයෙන් උපදෙස් දෙන්නයි ද කමිටුව රටවල් වලට දන්වා සිටින අතර මෙම පියවර නිරතුරුව සමාලෝචනයට භාජනය කළ යුතු යැයි ද කියා සිටී.
මෙම හදිසි අවස්ථාව කමිටුව නැවත ඉදිරි මාස තුන ඇතුළත හෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගේ මේ කැමැත්ත පරිදි ඊට පෙර හෝ යළි රැස් වෙනු ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවියේ පළවී ඇති COVID-19 Emergency Committee highlights need for response efforts over long term යන ලිපිය ඇසුරෙනි