ලෙබනන් පිපිරීම: ඇමෝනියම් නයිට්රේට් විනාශකාරී පිපිරීමක් නිර්මාණය කරන්නේ කෙසේද?
ලෙබනනයේ බේරුට් අගනුවර අසල වරායක දී පසුගිය අඟහරුවාදා (අගෝස්තු 4) ඇතිවූ මහා පිපිරීම හේතුවෙන් පුද්ගලයන් සියයකට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති අතර අඩුම තරමේ හාර දහසක්වත් තුවාල ලබා ඇත. මේ පිපිරීමට මුල පිරුණේ ඇමෝනියම් නයිට්රේට් අතිවිශාල ප්‍රමාණයක් ගබඩා කර තිබූ ගබඩා ඒකකයකින් බව ප්‍රවෘත්ති වාර්තා සඳහන් කරයි.
මුල්ම පිපිරීමෙන් ගින්නක් හට ගත්තේය. දෙවෙනි පිපිරීම ලොව වනසන දැවැන්ත හත්තක් සේ ආකාශය වර්ණවත් කළේ නගරයේ පුරා කම්පන තරංග යවමින් ගොඩනැගිලි බිමට සමතලා කරමින් දහස් ගණනකට තුවාල සිදුකරමිනි.
ඇමෝනියා නයිට් රේට් සාමාන්‍යයෙන් භාවිත කෙරෙන්නේ පොහොර සහ බෝම්බ නිෂ්පාදනය සඳහාය. ඇමෝනියම් සහ නයිට්‍රික් අම්ලයෙන් සාදා ගනු ලබන ලවණයක් වන ඇමෝනියම් නයිට්රේට්, අතිශය පුපුරන සුලුය. ඇමෝනියම් නයිට්‍රේට් හෙවත් NH4-NO3 වැඩි වෙන්නට, වැඩි වෙන්නට පිපිරීමේ හැකියාව ද වැඩිවෙයි. අවාසනාවකට බේරුට් වරය පරිශ්‍රයේ ගබඩා කර තිබුණේ සුළු පටු ඇමෝනියම් නයිට් රේට් පුමාණයක් නොවේ. ලෙබනන අගමැති හසන් ඩියාබ් කියා සිටියේ මෙට්ට්‍රික් ටොන් 2700ක් හෝ 2900ට වැඩි ප්‍රමාණයක ඇමෝනියම් නයිට්රේට් 2014 වසරේ සිට මෙම වරායේ ගබඩා කර තිබූ බවයි. පිපුරුම්දායක රසායන ගබඩා කිරීමේ අන්තරාදායක ස්වභාවය ගැන වරාය නිලධාරීන් කලින් අනතුරු හඟවා තිබූ බව ද පුවත්පත් වාර්තා කළේය.
පොහොරවල නයිට්‍රජන් අන්තර්ගතය වැඩි කිරීම සඳහා බොහෝවිට ඇමෝනියම් නයිට් රේට් භාවිත කරනු ලැබේ. මෙම රසායනිකය බොහෝ තත්ත්වයන් යටතේ සාපේක්ෂව ස්ථාවරය; එමෙන්ම නිෂ්පාදනය කිරීම සඳහා අධික මිලක් වැය නොවේ. ඒ හේතුවෙන් ඇමෝනියා නයිට් රේට්, වඩාත් මිල අධික අනෙකුත් නයිට්‍රජන් මූලයන් වෙනුවට ගන්නා වඩාත් ජනප්‍රිය විකල්පයකි.
කෙසේ වෙතත් ඇමෝනියම් නයිට්රේට් සතුව මාරක විභවයක් සහිත දරුණු නරක පැත්තක් ද ඇත: මෙම සංයෝගය සලකනු ලබන්නේ ඔක්සිකාරකයක් හැටියටය. එහි තේරුම නම් පරමාණුක මට්ටමේදි රසායනික ප්‍රතිචාරයක් හරහා ඇමෝනියම් නයිට්රේට් අනෙකුත් ද්‍රව්‍ය වලින් ඉලෙක්ට්රෝන ඉවත් කරන්නේය යන්නයි. වඩාත් ප්‍රායෝගික අර්ථයෙන් ගත්තොත් ඉන් අදහස් වෙන්නේ යම් ඉන්ධනයකට ලබාගත හැකි ඔක්සිජන් වැඩිකරමින් එම ඉන්ධන දහනය ඉහළ දමන බවයි.
ප්‍රතිචාරයකට මුල පිරීමක් සිදුවීමත් සමගම ඇමෝනියම් නයිට්රේට් චණ්ඩ ස්වරූපයෙන් පුපුරයි. ඝන ඇමෝනියම්, නයිට්රස් ඔක්සයිඩ් සහ ජල වාෂ්ප යන වායු දෙක බවට ඉතා සීඝ්‍රයෙන් වියෝජනය වන විට පිපුරුම් බලය හට ගනියි. ප්‍රතික්‍රියාව ආරම්භ කිරීමට නම් ඇමෝනියම් නයිට්රේට් නිරාවරණය වූ ගිනි දැල්ලකට හෝ අනෙකුත් දහනය කළ හැකි මුලයකට නිරාවරණය විය යුතුයි. විශේෂඥයන් කියන්නේ කියා සිටින්නේ බේරූට් අනතුරේදී ප්‍රතික්‍රියාවට මුලපිරීමට ගිනිකෙලි හේතුවෙන්නට ඇති බවයි.
ප්‍රතික්‍රියාව පටන් ගත්තායින් පසුව ඇමෝනියම් නයිට්රේට් දරුණු අන්දමින් හෙවත් ප්‍රචණ්ඩ ලෙස පුපුරා යයි. මේ පිපිරීමේ බලය හටගන්නේ ඝන ඇමෝනියම් නයිට්රේට්, නයිට්රස් ඔක්සයිඩ් සහ ජල වාෂ්ප කියන වායු දෙක බවට ඉතා සීඝ්‍රයෙන් වියෝජනය වූ විටයි.
බේරූට් සිදුවීමෙන් හට ගත් පුපුරායාමේ බලය සමස්ත නගරය පුරා රැල්ලක් මෙන් පැතිර යමින් කම්පන තරංගයකට මුල පිරීය. මෙහිදී ඇතිවූ ඇතිවූ විනාසය සිද්ධිය ඇසින් දුටු ඇතැම් අය සංසන්දනය කරන්නේ හිරෝෂිමාවට පරමාණු බෝම්බය දැමීමෙන් පසුව ඇතිවූ තත්ත්වයටයි. පසුගිය බදාදා වන විටත් වාතයේ දුම රැඳී තිබුණි. පොළොවෙන් විශාල නරා වලක් හෑරී තිබුණි. නගරය පුරා කුඩා ගල් කැබලි තැන තැන ගොඩ ගැසී පැවතිණ. සමස්ත ගොඩනැගිලි ම දක්නට ලැබුණේ පෙරදා තිබූ ඒවායේ ඇටසැකිලි මෙනි. රළු බොරළු යට සිරවී සිටින්නන් සොයා සහන සේවකයන් වෙහෙසෙණු මාර්ගගතව හවුලෙ බෙදා ගන්නා වීඩියෝ දක්වයි.
පිපිරීමත සමග ඇතිවූ තැඹිලි පැහැති මහා හත්තක ආකාර වලාව සැලකුණේ නය්ට්රේට පිපිරීමෙන් අනතුරුව හටගන්නා විෂ සහිත නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව හේතුවෙන් සිදුවන්නට ඇතැයි යනුවෙනි.
මාරාන්තික ව්‍යසනයකට ඇමෝනියම් නයිට්රේට සම්බන්ධ වූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. එක්සත් ජනපදය ඉතිහාසයේ වඩාත්ම මාරාන්තික කාර්මික අනතුර ඇති වූයේ ටෙක්සාස් නගරයේ වරායක දී ය. නොසැලකිල්ලෙන් විසි කරන ලද සිගරැට්ටුවක්, කඩදාසි බෑග්වල අසුරා තිබූ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2300ක් පමණ රැගෙන යන නැවක ගින්නක් ඇති කිරීමට මග පෑදීය. රසායනය පුපුරා ගිය විට, සිද්ධිය වූ ස්ථානයට කිලෝමීටර් 16 ක් ඈතින් තිබූ ගැල්වෙස්ටන් නගරයේ ජනතාව බිම හෙලීමට තරම් බලවත් විය.
ඇමෝනියම් නයිට්රේට හා සම්බන්ධ සියලු ව්‍යසනයන් හුදු අනතුරුම නොවේ. ඒ කියන්නේ ඉබේ ඇති වූවා ඒවා ම නොවේ යන්නයි. පුද්ගලයන් 168කුට මරු කැඳවමින් ඔක්ලොහාමා නගරයේ ෆෙඩරල් ගොඩනැගිල්ලේ 1995 සිදුවූ පිපිරීම දී පිටවීම සිදු කරන ලද්දේ ට්‍රක් රථයක පොහොර අසුරා හැප්පීම්න් තිමති මැක්වේ සහ ටෙරී නිකලස් යන අය විසින් ඕනෑකමෙන් සිදු කරන ලදී ත්‍රස්ත් ක්‍රියාවෙනි. එලෙසම 2002 වසරේ බාලී රාත්‍රී සමාජ ශාලාවක පිපිරීමක් සිදු කිරීම සඳහා ද මේ රසායන භාවිත කෙරිණි. එම අවස්ථාවේ මිය ගිය සංඛ්‍යාව 204කි. පුද්ගලයන් අට දෙනෙකුට දිවි අහිමි කරමින් 2011 ඔස්ලෝ හී සිදු වූ බෝම්බ පිපිටීම ඇතුළු නොයෙකුත් ත්‍රස්තවාදී ප්‍රහාර සඳහා ද මේ රසායන යොදා ගැනිණ.
මෙලෙස එහි ඇති අනතුරුදායක ස්වභාවය මෙන්ම ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගැනීමේ හැකියාව ද සැලකිල්ලට ගෙන බොහෝ රටවල ඇමෝනියම් නයිට්රේට දැඩි පාලනයකට යටත් වේ. මෙම සංයෝගය ගොඩනැගිලි අංශය සහ පතල් කර්මාන්තය සිදුකරන පිපිරීම් සඳහා ද යොදා ගන්නකි.
Live Science හි පලවූ Beirut blast: How does ammonium nitrate create such devastating explosions? යන ලිපිය ඇසුරෙනි
ඉතාම හොඳ ලිපියක්