මුව ආවරණ නොපැළදීම පිටුපස ඇති උඩඟු පුරුෂවාදය

Posted by

මුව ආවරණ නොපැළදීම පිටුපස ඇති උඩඟු පුරුෂවාදය

අමරිකා එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස් පසුගිය අප්‍රේල් මාසයේ මිනෙසෝටා හී මයෝ ක්ලිනික්  චිකිත්සාගාරය චාරිකාවක යෙදුන අවස්ථාවේ මුව ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කිරීමෙන් කොවිඩ් 19 සෞඛ්‍යාරක්ශක ආරක්ෂක සම්මතයන් කඩ කළේය. මැයි මාසයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ ආකාරයටම මුව ආවරණ පැලදීම ප්‍රතික්ෂේප කළේ මුව ආවරණ නිෂ්පාදනය කරන සමාගමකට ගිය අවස්ථාවේදීය. උප ජනාධිපතිවරයා නම් මුව අවරන පැළදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් කිව්වේ(මුව ආවරණවලින් කෙනෙකුගේ ඇස් ආවරන නොවන නමුත්)  සෞඛ්‍ය සේවකයන් දෙස එක එල්ලේ බැලීමට තමන්ට උවමනා වූ නිසා එසේ කළ බවයි. ජනාධිපති ට්‍රම්ප් නම් කීප අවස්ථාවකදිම මුව ආවරණ පැළඳීමට  තමන් පෙළඹෙන්නේ නැති බව එකහෙලා ප්‍රකාශ කර ඇත.

Bolsonaro defies coronavirus to rally against Congress | Financial ...

මෙලෙස සිදුවන්නේ ඇයි?  එක් හේතුවක් ලෙස දැක්වෙන්නේ ආරක්ෂාව ගැන ‘සැබෑ පිරිමි’  එතරම් තැකීමක් කරන්නේ නැතැයි යන හැඟීම විය හැකිය. වාහන ආසන පටි පැළඳීම ප්‍රතික්ෂේප කිරීමට කාන්තාවන්ට වඩා පිරිමි පෙළඹෙති. එහි ප්‍රත්ඵලයක් ලෙස පිරිමි වැඩියෙන් ශාරීරික අවදානමට ලක්වන අතර ඔවුන් අතරේ අනතුරුවලින් සිදුවන මරණ අනුපාතය ද වැඩිවේ. පුරුෂභාවය(masculinity) යනු අමාරුවෙන් අත්පත් කරගත් (අපහසුවෙන් ලබාගෙන පහසුවෙන් නැතිකරගන්නා ) තත්ත්වයක් ලෙස සමාජය සලකන බව පර්යේෂණ පෙන්නුම් කරයි.  ඉතින් පොදු යහපත වෙනුවෙන් ක්‍රියාකිරීමේදී  තමන්ගේ ‘තද’ පුරුෂභාවය පිළිබද තම ප්‍රතිරූපය  නංවා ගැනීමට ඇතැම් ලෝක නායක පිරිමි ක්‍රියා කරන ආකාරය කොරෝනා වසංගතය හමුවේ නිරාවරණය වී තිබේ.  ඔවුන්ගේ මේ පුරුෂවාදී හැසිරීම හේතුවෙන්  වෛරසයට ගොදුරුවීමේ හැකියාව සහිත  පුද්ගලයන්ට ඇතිවන අවදානම මේ නායකයෝ කිසිසේත් මායිම් නොකරති. මේ අවදානම ගැන විශේෂඥ විසින් සිදු කරනු ලබන අනතුරු හැඟවීම් මේ නායකයන් කිසිසේත් ගණන් ගන්නේ නැත.

අදාළ රූපය

කොරෝනා ගෝලිය වසංගතයේදී සිය  පුරුෂවාදී ප්‍රතිරූපය ගොඩ නඟමින් සිටින ඇතැම් රාජ්‍ය නායකයෝ දෙයාකාරයකින් තම ජාතිය අනතුරට හෙළති: ප්‍රථමයෙන්ම රටක නායකයන් කරන කියන දෑ එරට ජනතාව කෙරෙහි, විශේෂයෙන්ම ඔහුගේ අනුගාමිකයන් මත බලපෑමක් ඇතිකරයි. මේ සංසිද්දිය හඳුන්වනු ලන්නේ  ‘සමාජ ආදර්ශකරණය ‘(social modeling) වශයෙනි. ජනතාව නායකයා කරන කියන දෑ අනුගමනය කිරීමට පෙළඹෙන බව ඉන් දැක්වේ.  උදාහරණයකට බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ   Covid-19 ගෝලිය වසංගතය කිසි ගණනකට නොගෙන හැසිරීමේදී රටේ ජනතාව අතර සමාජය දුරස්ථභාවය රැකීම අඩු වූ බව ජංගම දුරකථන දත්ත ඔස්සේ හෙළිවෙයි. එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ගතහොත්  නිවෙස් තුළට වී සිටීන්නැයි සෞඛ්‍ය බලධාරීන් සපයන උපදෙස් පිළිබඳව  ජනතාව තුළ ඇති ප්‍රතිරෝධය ප්‍රවර්ධනය කිරීමට ජනාධිපතිවරයා නිකුත් කරන  ට්විටර් පණිවුඩ සමත්ව තිබේ. රටක නායකයන්  සෞඛ්‍ය ආරක්ෂක පිලිවෙත් අනුගමනය නොකරන විට හෝ  ඇතැම් අවස්ථා වල එළිපිටම ඒවා විහිළුවට ලක් කරන විට ඒවා අනුගමනය කිරීමට ජනතාව තුල ඇතිවෙන පෙළඹීම නැතහොත් පෙරපරිස්සම අඩුවෙයි.

අදාළ රූපය

දෙවැනි කාරණාව තමයි පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට රාජ්‍ය නායකයන් දැඩි පුරුෂවාදී ආකල්පයකින් ක්‍රියා කරන විට එහි ප්‍රතිඵලයක් වශයෙන් වැරදි තීරණ මෙන්ම ආයතිනික  අකාර්යක්ෂමභාවය ඇතිවෙයි යන්න.  සහභාගිවන්නන් දෙදහස් පමණ යොදාගෙන සිදු කරනු පර්යේෂණයකදී ඔවුහු පුරුෂවාදී විසංවාද සංස්කෘතික පරිමාව(masculinity contest culture scale) යන්න ගැන කරුණු සොයා බැලූහ. මෙහිදී සොයා බැලුණේ  පිරිමියෙකු වශයෙන් තමන් තුළ දුර්වලකම් ඇතැයි යන්න නොපෙන්විය යුතුය යන තනිකර පුරුෂවාදී චර්යාවන් සංවිධානයක පැවැත්ම කෙරෙහි කෙතරම් බලපෑමක් ඇති කරන්නේද යන්නයි.

masculinity contest culture scale

ඉන් චර්යා දෙකක් ගැන බලමු. (යමක් ගැන) පිළිතුර තමන් දන්නේ නැත එමෙන්ම අනෙකුගේ උපදේශ පැතීම පුරුෂයෙකු වශයෙන් දුර්වලකම  පෙන්විම යන්නට ඇතුලත්වෙයි.  ජනාධිපති ට්‍රම්ප් විශේෂඥ ඥාණයට දක්වන විරෝධය මෙන්ම ‘මට පමණයි මේ සියල්ල ඉටු කළ හැක්කේ’ යන ආකල්පය මගින් මේ කාරනාව මනාව පිළිඹිබුවේ. තවත් චර්යාකින් දැක්වුණේ කාරණයක් වූයේ ‘සුනඛයා තවත් සුනඛයකු කා දැමීමේ තරඟය’ යි. (“දෙකට දෙවාරේ වැඩ බැහැ, එක්කො ඔබ මට පක්ෂපාත වෙන්න ඕන නැතිනම් ඉවත් වෙන්න ඕන’ යන්න  එමෙන්ම ‘පස්සෙන් ඇවිල්ල පහර දෙන්න පුළුවන් කල්පනාවෙන් ඉන්න ඕන’ වැනි කතා වලින් මෙම ආකල්පය ඉස්මතු කරගත හකියි). සෑම සිද්ධියකදීම ජයලබා ගන්න ඕනෑය යන චින්තනය, සැවිටම ඇතිවන අවිශ්වාසය, වැරදි පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම, සැමවිටම පක්ෂපාතිත්වය පැතීම, එකෙට එක කිරීම මේ පුරුෂවාදී ‘සෙල්ලමේ’ ප්‍රධාන අංගය.  උදාහරණයක් ලෙස ට්‍රම්ප්  තමන්ව විවේචනයට ලක්කරන ජනපද ආන්ඩුකාරවරුන් හට ලබාදෙන සැපයුම් කපා හරින බවට තර්ජනය කිරීම පෙන්වා දිය හැක.

ජාතික නායකයන් අතර මේ ආකාර චර්යාවන් නිසා ඇතිවෙන අනතුර  Covid-19   වසංගතය මගින් නිරාවරණය වී තිබේ. සාමාන්‍ය කාලවලදීත් කෙනෙකු හා අතට අත දීමට අකමැත්තක් දක්වන තරමට විෂබීජයන්ට බිය දක්වන්නෙකු බවට ප්‍රකට ජනාධිපති ට්‍රම්ප්  Covid-19  වෛරසය කෙරෙහි ඇතිවිය යුතු බිය පහත හෙලමින් මාර්තු මාසයේ දී පවා අතට අත දීම සිදු කළේය.  මේ ආකාරයටම බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් රට තුළ කොරෝනා වෛරසය පැතිර යද්දී  අතට අතදීම ගැන කෙතරම් දැඩි උනන්දුවක් දැක්වී ද යත්  ගාඩියන් පුවත්පත වරෙක ඔහු හැදින්වූයේ ‘සුපිරි ලෙඩ පතුරවන්නෙකු’ ලෙසටයි. අනතුරුව බ්‍රිතාන්‍ය අගමැතිවරයා Covid-19  වැළඳී දින ගණනාවක් රෝහල්ගතව සිටියේය. සිය ශාරීරික ශක්තිය ගැන උදම් අනමින් තමන්ට වෛරසයෙන් ආරක්ෂාව ඇතැයි පෙන්වමින් ජනතාව අතරට යන බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ  ඔවුන් හා අතට අත දෙමින්  පමණක් නොව ඔවුන් බදා ගැනීමට ද ක්‍රියා කරයි. මේ නායකයන් තිදෙනාම සිය රට වල මුල්ම අවස්ථාවේ වෛරසය පැතිර යද්දී ඒ ගැන නිසි සැලකිල්ලක් යොමු නොකළ අතර  ඊට පටහැනිව, විශේෂඥයන්ට බලය පවරමින්  ආරක්ෂක පියවර සඳහා සිය සහයෝගය සම්පූර්ණයෙන් පළකල  කාන්තාවන් නායකත්වය දැරූ නවසීලන්තය හා ජර්මනිය  Covid-19 මර්දනයේදී වඩා සාර්ථකත්වයක් පෙන්නුම් කළේය.

අදාළ රූපය

කෙසේ වෙතත් ජනතාවගේ ජීවිත බේරා ගැනීම පරදුවට තබා සෑම පුරුෂ නායකයකුම තම  පුරුෂවාදී ප්‍රතිරූපයත් ගැන සැලකිල්ලක් දක්වන්නෙ නැත යන්න වැදගත්ය.  නිදසුනක් ලෙස Theodore Roosevelt නම් වූ එක්සත් ජනපද ගුවන්යානා ගෙනයන නැව  තුළ නව කොරෝනා  වෛරසය හටගත් අවස්ථාවේ එහි අධිපති බ්‍රෙට් ක්‍රෝසියර්   ප්‍රමුඛත්වය ලබා දුන්නේ සිය නැවියන්ගේ යහපැවැත්ම සම්බන්ධයෙන්ය. ආසාදිතයන් ඉවත් කරගැනීමට හා නිරෝධානයට පත්කිරීමට සිදු කළ සිය ඉල්ලීම් නොතකමින් පමාවීම් සිදුවීමේදී ඔහු අන් අයගේ සහය දිගින් දිගටම පැතීය. සිය වගකීම් වලින් ඉවත් කොට නැවෙන් ඉවත්ව යාමට ඔහුට සිදුවූ අවස්ථාවේ  සිය නැවියන් ගෙන් ඔහුට ලැබුනේ උණුසුම් ප්‍රතිචාරයකි. මේ ආකාරයටම නිව් යෝක් ආණ්ඩුකාර අන්ඩෲ කුවෝමෝ ප්‍රජා මූලික ආකල්පයක් දරමින්   Covid-19  මරණ හැකිතාක් අඩු කිරීමට ක්‍රියා කළේය

ඵලදායී නායකත්වය හටගන්නේ  මෙහෙවර කෙරේ ඇති කැපවීමෙන්ය.   අවාසනාවකට වර්තමාන  Covid-19   අර්බුදය හමුවේ අවවාද උපදේශ නොසලකා හැර දිගින් දිගටම ක්‍රියාකිරීමෙන් ට්‍රම්ප් ඔප්පු කර ඇත්තේ  තමන්, අප සියල්ල හානියට පත් කරන තදබල පුරුෂ වාදියෙක් බවයි.

 

Scientific American, August 2020  හී පල වූ  Masks and Emasculation යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.