ජල හිඟයට හේතු

Posted by

ජල හිඟයට හේතු

සෝමාලියාවේ නියගය, රෝමයේ ජලය සලාක ක්‍රමයට සීමා කර සැපයීම, ජකර්තාවේ ගංවතුර, හූස්ටන්වලට හානි ගෙනෙන චණ්ඩමාරුත — මේ සියල්ලෙන් කියැවෙන්නේ කුමක් ද? ඊට පිළිතුරු සැපයීමට ජලවිද්‍යාඥයෙකුම අවශ්‍ය නැහැ. ඒවා දිනෙන් දින වර්ධනය වන ජල අර්බුදයේ ලක්ෂණයි. ජගත් ජල සතිය ඉලක්ක කර අප ඔබ වෙත ගෙන එන ලිපි පෙළ යටතේ අද අප සාකච්ඡා කරන්නේ  ගෝලිය ජල හිඟයට හේතු ගැනයි. ඉන් වැදගත්ම කාරණා කිහිපයක් මෙහි සඳහන් කරමු.

ජනගහනය

ප්‍රථමයෙන්ම සලකා බැලෙන්නේ ජනගනවර්ධනය ජල හිඟයට බලපාන අන්දම ගැනයි.

වැඩි කලක් නොව, මීට වසර 50කට පෙර කාලය ගතහොත්, පෘථිවිය මත ජීවත්වන සමස්ත ජනගහනය සලකද්දී  මනුෂ්‍යයන්ගේ සංඛ්‍යාව දෙගුණ වී ඇති අතර තවදුරටත් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. මෙය පවුල්, ප්‍රමාණයෙන් විශාලවීම සහ ජනතාවට  වඩා හොඳ සෞඛ්‍ය සේවාවන්වලට තිබෙන ප්‍රවේශයේ හා වඩාත් ඉහළ ජීවන රටාවන්ගේ ප්‍රතිඵලයක්. මෙයින් අදහස් කරන්නේ අපට ලබාගත හැකි ගුණාත්මක බවින් යුතු ජලය, බීමට, පිරිසිදු කිරීම් සහ සේදීම් කටයුතුවලට, ආහාර පිසීමට සහ කැලි කසල බැහැර කිරීමට භාවිත කරන  ජලයේ තුන් ගුණයකින් වැඩි වී ඇති බවයි. වෙනත් බොහොමයක්  කාරණාවල දී මෙන්ම ජලය භාවිතයේ දී ද මෑත කාලයේ මනුෂ‍යන් වශයෙන් අපි අරපිරිමැස්මකින් තොරව බොහෝ නොසැලකිලිමත්ව ක්‍රියා කරමින්  වෙන කවදාටත් වඩා ජලය නාස්ති කරන්නෙමු.  ජනගහනය වැඩිවන තරමට ජල ප්‍රමාණයේ වැඩිවීමක් සිදු නොවන නිසා අප සතුව ඇති එකම ජල ප්‍රමාණයට මෙය විශාල පීඩනයක් එල්ල කර  තිබෙනවා.

ජලය පුනර්ජනනීය සම්පතක් වුවත්, බොහෝවිට නොමනා ලෙස නාස්ති කරනු ලබනවා. මෙය හුදෙක් ගෙදර දොරේ දී පමනක් සිද්ධවෙන්නක් නොවෙයි. පිටාර වාරිමාර්ග ජලසම්පාදනය(flood irrigation), ජලය අධික ලෙස යොදාගන්නා තාප බලාගාර තෙත් සිසිලන ක්‍රම ජලය වුවමණාවට වඩා භවිත වන වෙනත් පද්ධතිවලට උදාහරණයි. අපට ලබා ගත හැකි ජලය අප අධිකව පරිභෝජනය කරනවා පමණක් නොව ජලය අප්‍රවිත ද කරන්නෙමු. එමෙන්ම ඒවා පිරිසැකසුම් කිරීමට වෙහෙසක් ගන්නේ ද නැත.

නාගරීකරණය

සිඝ්‍ර නාගරීකරනය ජල ප්‍රශ්නයට පමනක් නොව සෞඛ්‍යය, සනීපාරක්ෂාව, අධ්‍යාපනය, නිවාස ආදී   ප්‍රශ්න ගනනාවකට මුල්වෙන බව අප කවුරුත් පාහේ දන්නා කරුනක්.  සුළු නගර, නගර බවට ද, නගර මහා නගර හෙවත් පුරවර බවට ද පත්වෙමින් වෙන කවදාටත් වඩා නගර වර්ධනය වෙමින් පවතී. තවද, ගම් සහ කුඩා නගරවලට වඩා වැඩි ජන ප්‍රමාණයක් පුරවර වල ජීවත්වීමේ ප්‍රවණතාවක් ලොව පුරා දක්නට ලැබෙනවා. මෙයින් අපට  අදහස් කර  ගතහැක්කේ  වැඩිවන ජනගහනයේ පෞද්ගලික අවශ්‍යතා සඳහා පමනක් නොව කැලිකසල බැහැරකිරීම් කටයුතු, සුද්ධපවිත්කිරීම්, උද්‍යාන, පිට්ටනි, විනෝදස්ථාන ආදිය සඳහා භාවිත කිරීම, ඉදිකිරීම් සහ විශාල පරිමානයෙන් ආහාර නිෂ්පාදන කටයුතු පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්වීමේ අවශ්‍යතාව පවතින බවයි.

නගර හා පුරවරවල ජලය නාස්තියද වැඩිය. ජලය මිලක් වැයවන්නේ නැති ස්වභාවික සම්පතක් බව ඇත්තය. එහෙත් ජලය සැපයීමට, විශේෂයෙන් නගර සහ පුරවරවලට ජලය සැපයෙන පද්ධති ස්ථාපනය මෙන්ම අඛණ්ඩව සැපයීම පවත්වාගෙන යාම සඳහා විශාල ධන සම්භාරයක් වැයවෙනවා. එහෙත් බොහෝ රටවල එම ජලය සැපයෙන්නේ ඒ සඳහා වැයවන මුදලට සමානුපාතික නොවන අඩු  මිලකටය. ඒ කියන්නේ ජලයට නිසි අගයක්, වටිනාකමක් අහිමිවීමයි. මෙයින් කාරණා දෙකක් සිද්ධවෙනවා: එතරම් මිලක් වැයනොවන නිසා ජනතාව ජලය නාස්තිකිරීම ගැන තැකීමක් නොකිරීමයි. දෙවැන්න ආයෝජනයක් හැටියට ආකර්ෂණයක් නොමැති ජලය පිරිසැකසුම ඇතුළුව ජල සැපයීමේ ව්‍යාපෘති සඳහා ව්‍යාපාරික ප්‍රජාව උනන්දුවක් නොදැක්වීමයි.

පරිසර දූෂණය

ජල, වාත සහ භෞමික දූෂණය එකට එක්වීමෙන් ජලයේ ගුණාත්මකභාවය අඩු කිරීමට දායක වේ . කැලිකසල බැහැරකිරීම, කර්මාන්ත වලින් තෙල් බැහැර කිරීම, අපද්‍රව්‍ය ජලයට බැහැරකිරීම, පතල් කැණීම කටයුතු වලින් ලැබෙන විකිරණශීලී අපද්‍රව්‍ය මෙන්ම රෝහල්, හෝටල්, තෙල් සමාගම්, පතල්, පාසල් සහ ආපනශාලා වල සනීපාරක්ෂ කටයුතු හේතුවෙන් එන අපිරිසිදු ජලය යන සියල්ල අවසන් වන්නේ අපගේ ජලය දූෂණය කිරීමෙනි. ද්‍රාව දැදුරුකිරීම (Hydraulic Fracturing) හරහා සමහර පතල් කර්මාන්ත වලින් සිදුවන ජලය දූෂණය වීම හා අපතේයාම බොහෝ දෙනාගේ කනස්සල්ලට හේතු වී තිබේ.

වෘක්ෂලතා විනාශය සහ වනහරණය

ජලය අධික ලෙස වාෂ්ප වීම වැළැක්වීමට ගස් හෙවත් ශාක උපකාරී වෙනවා. එපමණක් නොව තවත් ඔවුන් දේශගුණය සාරවත් කරයි, සකසයි, මෙයින් අප තේරුම් ගත යුත්තේ ගින්නෙන්, දර කැපීමෙන් සහ ගොවිතැන් කිරීමෙන් වනාන්තර විනාශ කිරීම මගින් පාංශු තෙතමනය හා ජල කඳන් හිරුගේ අධික තාපයට නිරාවරණය වී ඇති අතර ඒවා වියළී යාමට මගපදන බවයි

දේශගුණ විපර්යාසය

දේශගුණ විපර්යාසය පෘථිවිය උණුසුම් කරන්නේ ලෝකයේ උෂ්ණාධික ප්‍රදේශ තවත් ගිනියම් කරමින්ය. ඒ අතරම, (Hadley Cell ව්‍යාප්තිය ලෙස දැක්වෙන සංසිද්ධිය හේතුවෙන්) වලාකුළු ද සමකයෙන් ඈත්වෙමින් ධ්‍රැව ප්‍රදේශ වෙත ඇදෙයි.  මෙය, අප්‍රිකාවේ සහරාවෙන් දකුණු ප්‍රදේශ, මැද පෙරදිග සහ මධ්‍යම අමෙරිකාවට ජීවය රකින වැසි ජලය ලැබීම අහිමි කරනවා.

එහෙම වුණාට විරෝධාභාසීව, දේශගුණ විපර්යාසය අනෙකුත් ප්‍රදේශවල වර්ෂණය  වැඩිකිරීමට ද බලපාන අතර ඉන් හානියට  වැඩිපුරම පත්වන්නේ ගංගා ඇතුළු ජල ප්‍රවාහ අසළ පදිංචිව ඉන්නා අයයි. වර්තමානයේ ලොවපුරා  අඩුම තරමින් මිලියන 21ක ජනතව ගංවතුර අවදානමට ලක්වෙනවා. මේ සංඛ්‍යාව 2030 වනවිට මිලියන 54 දක්වා ඉහල යා හැකියි.

ලොව පුරා, අධිකව වර්ෂාපතනයක් ඇතිවූ ස්ථාන වෙත  වර්ෂාපතණය දැන් ප්‍රමාණවත්ව නොලැබෙන අතර වියළි ස්ථාන හදිසියේම සීතලබවට හා වඩාත් තෙත්බවට පත්වෙමින් පවතී. මෙම අවස්ථා දෙකේදීම පිරිසිදු ජල හිඟයක් ඇති වන්නේ අඩු වර්ෂාපතනයක් නිසා ජලය අඩුවන අතර  මෙන්ම අධික වර්ෂාව නිසා ගංවතුර ඇතිවීමෙන් විවිධ සුන්බුන් ගසා ගෙන එන විත්  ජල පිරිපහදු ස්ථාන විනාශ වී යාමෙනි.

(අතිරේක කරුණු  World Resources Institute  වෙබ් අඩවිය ඇසුරෙනි)

 

Eschooltoday lessons හී පළවන පාඩම මාලාවේ Causes of water scarcity යන කොටස  ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ:

චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.