Covid 19 වසංගතය අස්සේ මතුවන තොරතුරු වසංගතය
කොවිඩ් 19 ගැන ඇතැමුන් තුළ ඇති බිය පහව ගොස් ඇති බවක් පෙනී ගිය ද අවදානමේ හෝ ආසාදනය වෙන සංඛ්‍යාවේ නම් අඩුවක් නැහැ. දැනටමත්(අගෝස්තු 17 දා වනවිට) කොවිඩ් 19 ගෝලීය වසංගතයට ගොදුරු වී ඇති සංඛ්‍යාව 21,250,700 ඉක්මවයි. මියගිය සංඛ්‍යාව 761,000 ට අධිකය. කෙසේ වෙතත්, මේ තත්ත්වය යටතේ කොවිඩ් 19 ගැන තවමත් සෑම මාධ්‍යයකින් ම විශාල ප්‍රචාරයක් ලබා දෙන අතර ඒවායින් කියැවන දේ ගැන සමහරු තුළ සැක සංකා මතු වෙන්නට පටන් ගෙන තිබේ. එහෙම නම් අප ගෝලිය මහා වසංගතය ගැන වාර්තා හරිහැටි කියවන්නේ කෙසේද? කීර්තිමත් ඇමරිකන් සගරාවක් වන Scientific American, වොෂින්ග්ටන් විශ්ව විද්‍යාලයේ ජීවවිද්‍යා මහාචාර්යවරයෙකු වන කාල් බර්ග්ස්ටෝම් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක තෝරාගත් වැදගත් කරුණු කිහිපයක් අද අපි තතු ලිපියෙන් ගෙන එන්නෙමු.
ගෝලීය වසංගතය ගැන උතුරා ගලායන තරමේ තොරතුරු සම්භාරය අතුරෙන් හරි දේ තෝරා බේරා ගනිමින් ඒවා සමග අන්තර්ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ඔබට ජනතාව වෙත දිය හැකි ඉඟිය නැතිනම් උපදෙස කුමක් ද?
මම නම් ජනතාවට කියන්නේ මදක් සන්සුන්ව තමන්ගේ පුවත්පත් වාර්තා කියවන්න කියලයි. ඒවා ලියා තිබෙන්නේ වෘත්තීය වාර්තාකරුවෙක් ද කියලා බලන්න. පලවී ඇති තොරතුරු පැය දොළහක් හෝ පැය දහ අටක් හෝ පැය තිස් හයක් වුණත් ගතවී ඇති ඒවා නම් වඩාත් හොඳයි. ඒ වගේම ඒ වාර්තාකරු සිය වාර්තාව සැකසීම සඳහ විශේෂඥයන් හා සමග සාකච්ඡා කර තිබේදැයි බලන්න. අදහස්, සන්දර්භය තුළ තබා අර්ථ දැක්වීම කර ඇත්දැයි බලන්න. මගේ අදහස වන්නේ ජනතාව ඔවුන්ගේ සම්ප්‍රදායානුකූල මාධ්‍ය මූලයන් වෙත යොමුවන එක වඩා හොඳ බවයි. ට්විටර්, ෆේස්බුක්, වට්ස්ඇප් ඉතාම කඩිනමින් සැමට කලින් වාර්තා ගෙන එන බව ඇත්තයි. ඒවා සම්ප්‍රදායානුකූල මාධ්‍ය වල පළ වන වාර්තා වලට වඩා වඩා අලුත් තමයි. ඒ වුණත් මෙහිදී වැදගත් වෙන්නේ අලුත් බවට වඩා ඒ වාර්තා වල ගුණාත්මක අගයයි. ඇත්තටම, වේගයෙන් අන්තර්ජාලයේ පැතිරෙන කුමක් හෝ ඕපාදූප, කටකතා ආදිය විශ්වාස කරන්නට ගියොත් ඇතිවන්නේ බලවත් ප්‍රශ්නයක්.
ඉතින් වඩා හොඳ ප්‍රවෘත්ති මූලයක් හොයාගන්න ඔබ නිර්දේශ කරන්නේ කුමක් ද?
මුලින්ම ප්‍රවෘත්ති වාර්තාව ඉදිරිපත් කරන්නේ කවුරුන්දැයි බලන්න. මේ වාර්තාකරු පළපුරුදු අයෙකු ද? විශේෂයෙන්ම බෝ වෙන රෝග ක්ෂේත්‍රයේ වාර්තා ඉදිරිපත්කිරීමේ දී කාලයක් ක්‍රියා කාරීව සිටිනා අයෙක් ද? ඒවා ගැන වාර්තා කිරීමට මෙන්ම තොරතුරු සොයා ගැනීම සම්බන්ධයෙන් නිපුණත්වයක් තිබේද? නිදසුනක් වශයෙන් මට හෙලන් බ්‍රෑන්ස්වෙල් දක්වන්න පුළුවන්. අවුරුදු විස්සක් තිස්සේ බෝවෙන රෝග ක්ෂේත්‍රය පිළිබඳව වාර්තා සපයන්නියක් හැටියට ඇය සේවය කරලා තියෙනවා. තොරතුරු ලබා ගත යුත්තේ කාගෙන් දයි ඇයට හොඳ වැටහීමක් තිබෙන අතර සමස්ත චිත්‍රයම වටහා ගන්න පුළුවන්. ඒ වගේම ඉදිරිපත් කිරීමේදී සුගමව කරුණු දැක්වීමට ඇය දක්ෂතා දක්වනවා. ඉතින් අන්න ඒ වගේ විශ්වාසය තැබිය හැකි පුද්ගලයින්ගේ හඬ තමයි අපි හොයන්න ඕන.
කොරෝනා වයිරසය හා අදාල කාරණා ගැන විද්‍යාඥයින්ගෙන් අවබෝධය නිරන්තරයෙන්ම වෙනස් වෙමින් පවතිනවා. මීට මාස කීපයකට පෙර සත්‍ය ලෙස දැක්වූ දේවල් අද අසත්‍ය ලෙස දැක්වෙනවා. ඉතින් එවැනි අවස්ථා යටතේ හොඳ තොරතුරු මොනවාද නරක තොරතුරු මොනවාද කියා අප දැනගන්නේ කොහොමද ?
මුලින්ම තේරුම් ගන්න ඕනේ විද්‍යාව නිරතුරුව වෙනස් වෙන බව. සෞඛ්‍ය වෘත්තිකයන් ගෙන් ඔබට ලබාගත හැකි උපදේශ කාලයාගේ ඇවෑමෙන් වෙනස් වෙන බව ඔබත් දන්නවා. ඔබ දන්නා ඇතැම් අය සමහරවිට කියනවා ඇති (ඇ. එ. ජ. අසාත්මිකතා සහ බෝවෙන රෝග ජාතික ආයතනයේ අධ්‍යක්ෂ)” Anthony Fauci පෙබරවාරියේ එක දෙයක් කිව්වා, දැන් ජූලි මාසයේ කියන්නේ තවත් දෙයක් කියලා”. මෙහෙම හිතන එක ප්‍රතිගාමියි. මන්ද එහෙම් නම් ඇත්තටම ඔබ විස්වාස කරන්නේ දිගටම තමන්ගේ දැනුම, අදහස්, හා උපදේශ වෙනස් කිරීමට අකමැති අයගේ හඬයි. අලුතෙන් ලැබෙන ප්‍රතිවිරුද්ධ සාක්ෂි කොපමණ දැවැන්ත වුණත් ඒ අය තමන්ගේ මුල් අදහස වෙනස් කරන්න සූදානම් නැහැනේ.
ලැබෙන සාක්ෂි පදනම් කරගෙන තමන් දරන මත සහ ඒ අනුව උපදෙස් වෙනස් කරන අය තමයි වඩාත් විද්‍යාත්මකව එමෙන්ම වඩාත් නිවැරදිව නිර්දේශ ඉදිරිපත් කරන්නේ. දැන් එතකොට මතුවන ප්‍රශ්නය තමයි අතථ්‍ය තොරතුරු මූලයන් සොයා ගන්නේ කොහොමද කියන එක. කෙනෙක් ට්විටර් පණිවිඩයක් දෙන්න පුළුවන් මෙන්න අලුත්ම පර්යේෂණ වාර්තාවෙන් කියවෙන දෙය කියලා. ඒ පණිවුඩය පුවත් පතක වාර්තාවකට සම්බන්ධ කරන්න පුළුවන්. එවිට ඒ පුවත්පත් වාර්තාව ඔබව අර මුල් පර්යේෂණ වාර්තා වෙත යොමු කරවන්න පුළුවන්.
තවත් වැදගත් කාරණාවක් තමයි විව්ධ පැති ගැන බැලීම. මුල් පර්යේෂණයකින් කියැවෙන දේ විවිධ මූලයන් ගෙන් සැපයෙනවා ද බලන්න. හුදෙක් බහුතරයක් එකම පණිවුඩය ට්වීට් කරනවා වෙනුවට බහුවිධ මූලයන්ගෙන් නව පර්යේණය ගැන තොරතුරු ලැබෙනවාද සොයන්න. මොකද එකම වැරදි දෙය, බොහෝ දෙනෙක් කීවාට ඒක නිවැරදි දෙයක් වෙන්නේ නැහැනේ. ඊට වඩා වැදගත්වෙන්නේ ඒ දෙය මූලයන් කිහිපයකින්ම තහවුරු වීමයි. විවිධ පුද්ගලයන් ඒ ගැන දක්වන අදහස් එතන තියෙනවද කියලා බලන්න. මෙන්න මතක තියා ගත යුතුම දෙයක්: යම් දෙයක් විශ්වාස කිරීමට නොහැකි තරමටම හොඳ නම් නැතහොත් විශ්වාස කිරීමට නොහැකි තරමටම නරක නම් බාගදා එය එහෙමම වෙන්න පුළුවන්.
ඒත් සමහර ඇත්ත දත්තත් එහෙම වෙන්න පුළුවන් නේ? සමහර සැබෑ දත්ත වුණත් කෙනකු නොමඟ යවන ආකාරය යොදාගත හැකි නේද?
මේක රඳාපවතින්නේ තේරීම මත. උදාහරණයකට කිසියම් ජන කොට්ඨාසයක් පිළිබඳ නියැදිය කින් වෙනත් ජන කොට්ඨාශයක් ගැන නිගමන වලට එළඹුණා කියලා හිතමුකෝ. අර මුල් නියැදිය මෙම දෙවැනි ජන කොට්ඨාශයේ සැබෑ නියෝජනයක් නොවෙන්න පුළුවන්.
මම උදාහරණයක් කියන්නම්: ගෝලීය වසංගතය ආරම්භක සමයේ කැලිපෝනියාවේ බේකස්ෆීල්ඩ් වෛද්‍ය වරු කීපදෙනෙක් තමන් වෙත හදිසි චිකිත්සා ප්‍රතිකාර සඳහා එන කොරෝනා අසාදිතයන් කොටස ගැන සොයා බැලුවා. ඔවුන්ට පෙනී ගියා ඒ කොටස සංඛ්‍යාත්මකවව ඉහළයි කියලා. ඒ අනුව ඔවුන් මෙහෙම තීන්දු කරා: “හොඳයි අපි ශලිෆෝනියාවේ කීදෙනෙකුට කොරෝනා වෛරසය වැලදි ඇද්දැයි ඇස්තමේන්තු කර බලමු” කියලා. ඒ වෛද්‍යවරු එය සිදු කළේ ඔවුන්ගේ චිකිත්සාගාර වෙත පැමිණි සංඛ්‍යා පදනම් කරගෙනයි. ඒත් ඔබටත් පෙනී යනවා ඇති මෙය මහා වසංගතයක් මධ්‍යයයේ සිදුකරන ඉතාමත් අසාධාරණ උපකල්පනයක් කියලා. පරීක්ෂණ වැඩියම සිදු කරන නගරයේ ඇති චිකිත්සාගාරය ඔබේ චිකිත්සාගාරය නිසා වැඩි පිරිසක් ඒ කරා පැමිණෙනවා එන්න පුළුවන්. එහෙම නැත්තං ඔවුන් එහාට එන්නේ නෑනේ. එතකොට ආපු සංඛ්‍යාව මත පදනම්ව නිගමනයට එළඹීම වැරදියි නේද?
ඒකේ ඇත්තක් තියෙනවා. ඒ වගේම වැඩි විස්තර තොරතුරු ගැන සැලකිලිමත් වෙන්න නැතුව හුදෙක් සිරස්තල පමණක් කියවා යම් අදහසක් ඇති කර ගැනීම ගැන ඔබ මොකද කියන්නේ?
එහෙම දෙයක් සිද්ධ වෙනවා තමයි. මං වුණත් සමහර අවස්ථාවල ඔය උගුලට අසු වෙනවා. පුරුද්දක් වශයෙන්. මිනිස්සු විස්වාස කරන්න කැමති වෙන්නේ, පිළිගන්න සූදානම්වන්නේ තමන් කැමැති දේ තමයි. මේ උගුලෙන් ගැලවෙන එක ලේසි නෑ තමයි. මේකට කියන්නේ ‘අනුකූලතා මතිග්‍රාහය’ (confirmation bias)කියලා. සිරස්තල පමණක් කියවලා යම් නිගමනයකට එළඹෙන්න අප පෙළඹෙන්නේ එයින් කියැවෙන දී අප සතු සිතුවිලිවලට අනුකූල වන නිසයි. අනුකූල වන දේ පිළිගන්නවා. නැති දේ හෙමිහිට අමතක කර දානවා. බාගදා මුලු වාර්තාවම කියෙව්වොත් අපේ අදහස අහියෝගයට ලක්වෙන්න පුළුවන්. මේකට අපි බොහෝ දෙනෙක් ගොදුරු වෙන බව නම් කියන්නම ඕන.
නව්‍ය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මුද්‍රණයෙන් පළකිරීමට පෙර ඉදිරිපත් කරන පර්යේෂණ වාර්තා බොහොමයක් දකින්නට පුළුවන්. ඒවා සමපදස්ථයන් විසින් තවමත් සමාලෝචනයට ලක් කරපු අධ්‍යයන නොවේයි. ඒත් මාර්ගගතව මේවා මහජනතාවට ලබාගත හැකියි. මෙම පළකිරීමට පෙර ඉදිරිපත් කරන පර්යේෂණ වාර්තා පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා හරිහැටි අර්ථ නිරූපණය කර ගන්නේ කෙසේ ද?
ඇත්තම කියනවා නම් පළකිරීමට පෙර ඉදිරිපත් කරන පර්යේෂණ වාර්තාවක් සහ සමපදස්ථයන්ගේ සමාලෝචණයට භාජනවෙන පර්යේෂණ වාර්තාවක් අතර එතරම් වෙනසක් නැහැ. හැබැයි ප්‍රකාශයට පත් කරන ලද නැත්තං මුද්‍රණයෙන් පළ කරන ලද වාර්තා, සමපදස්ථයන්ගේ සමාලෝචනයට ලක්ව තිබීම හේතුවෙන් වඩාත් නිවැරදි බව පිළිගන්නවා.
පර්යේෂණ වාර්තා ගැන විද්‍යාර්ථීන් අතරී සිදු කෙරෙන සාකච්ඡා හා වාදවිවාද ට්විටර් සහ PubPeer සහ අනෙකුත් මාර්ග ගත අඩවි මාර්ගයෙන් මහජනතාවට බහුලව කියවන්න ලැබෙනවා. විද්‍යාව ක්‍රියාත්මක වන්නේ කෙලෙස දැයි දැන ගැනීමට උනන්දුවක් දක්වන අයට නම් ඇත්තටම ඒවා බොහොම ප්‍රයෝජනවත්. ඒත් අවාසිදායක පැත්ත තමයි නිසියාකාරව සමාලෝචනය හරහා නිගමනයට ලක් වී නැතත් ඒ තොරතුරු තනිකරම සත්‍යය ලෙස පිළිගැනීමට ඇතැම් අය පෙළඹෙන්න ඉඩ තිබීම.
ඒත් මීට වඩා භයානක දෙයක් සිද්ධ වෙනවා. සමස්ත ගෝලීය වසංගතයම කොපමණ නම් දේශපාලනකරණයට ලක් වෙලාද කීවොත් එය ගැන වාර්තා වැටෙන්නේ කිසියම් ආවලියක එක් කොනකටයි. වාර්තාවක් එළිදකින විටම එය පාක්ෂපාතිත්වය දක්වන පාර්ශ්වය වහාම තමන්ට ප්‍රතිවිරුද්ධ මතය දරන පාශ්වයට පහර දීමට යොදාගන්නවා.
ඉතින් මෙතැනදීත් මට මතක් කරන්න තියෙන්නේ කලින් මං කීව කතාවක්මයි: විශ්වාස වන්ත මූලයන් පමනක් ඇසුරුකරන්න. කොවිඩ් 19 වටා ගෙතුණු එක් තනි ආඛ්‍යානයක් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරණ මූලයන් ගෙන් ප්‍රවේසම්වෙන්න.
Scientific American.com හී පළ වූ How to Evaluate COVID-19 News without Freaking Out යන ලිපිය ඇසුරෙනි