ගින්දර ගැන නොදන්නා කෙනකු ලොව සතර දිග් භාගයේ කොතැන බැලුවත් සොයා ගැනීමට නොහැකියි. ගින්න ඒ තරමට අපගේ ජීවිත වලට සම්බන්ධයි. මිනිස් වර්ගයාගේ යහපැවැත්මට නොයෙක් ආකාරයෙන් ගින්දර ප්‍රයෝජනවත් වී ඇතුවා සේම මනුෂ්‍යයන්ට ඉමහත් කරදර හානි පමුණුවන්නට ද ගින්දර හේතුවී තිබෙනවා. ගින්න ගැන අප කොපමන දැන සිටියත්, තව තවත් දේ රැගෙන thathu.com සතිපතා ගෙන එන ලිපි මාලාවක මුල් ලිපියයි මේ.
අග්නි ත්‍රිකොණයේ මූලික අංග ගැන අප පසුගිය සතියේ කතා කළා. අද අප අග්නි ත්‍රිකෝණය ගැන විස්තරාත්මකව කතා කරමු.
ස්වභාවික ලෝකය ගත් විට ප්‍රධාන ඉන්ධන ලෙස අප සැලකීමට පෙළඹෙන්නේ, ශාක විශේෂයෙන්ම ගස් සහ තෘණ වර්ග ගැනයි. ඒත් නිරාවරණය වූ පීට්(ජීර්ණක) ගල් අඟුරු පවා සහ තෙල් හෝ පොළොවෙන් උනන වායු ද දැවීම සඳහා ඇති ඉන්ධන ලෙස සලකන්න පුළුවන්.
ගිනි ගැනීමේ හැකියාව හෙවත් විභවය ඇති ද්‍රව්‍ය වඩාත් විශාල පරාසයක් ම ගොඩනගන ලද පරිසරයක් තුළ ඇත. අපට එකපාරටම මතකයට එන්නේ දැව වුවත් එය එම ද්‍රව්‍ය දැව වලට පමණක් සීමා වන්නේ නැහැ. ඒ වෙනුවට තවත් බොහෝ තෙල් වලින් ව්‍යුත්පන්න ප්ලාස්ටික්, වාර්නිස් වැනි දෑ මෙන්ම අනෙකුත් තෙල් පාදක නිෂ්පාදන වේ. කොපමණ උෂ්ණත්වයක් දක්වා ඉහළ යන්නේ ද යන්න මත සමහරක් ලෝහ පවා දහනය සඳහා ලබාගත හැකිවේ.
නැවතත් අප අග්නි ත්‍රිකෝනය දෙසට හරුණොත් එහි දෙවැනි පැත්ත ඔක්සිජන්ය. වර්තමානයේ අපේ වායුගෝලයේ සියයට විසි එකක් ඔක්සිජන් අඩංගු ය. මෙය ගිනි දැවීම පිණිස ප්‍රමාණවත්ය. කෙසේ වෙතත් අත්හදාබැලීම් හෙවත් සම්පරීක්ෂණ වලින් අපට පෙනී ගොස් ඇත්තේ (වායුගෝලයේ)ඔක්සිජන් සියයට 15 ට වඩා අඩු වුවහොත් ගිනි දිගට පවත්වාගෙන යා නොහැකි බවයි. ඇතැම් මෑතක පර්යේෂණ දක්වන්නේ මෙම සංඛ්‍යාව 15% ට වඩා17% ට ළං වන බවයි. මේ නිසා තමයි ගින්නක් නිවන මේ එක් ක්‍රමයක් වන්නේ දැවෙන ද්‍රව්‍ය වෙත සැපයෙන ඔක්සිජන් සීමා කිරීම ගොඩනගන ලද පරිසරයක දී මෙහි අර්ථය වන්නේ ගින්න ගිනි බ්ලැන්කට්ටුවකින් වැලි වලින් හෝ කාබන් ඩයොක්සයිඩ් වලින් මුළුමනින් වසා දැමීමයි. එමෙන්ම ඔක්සිජන් ප්‍රමාණය වැඩි කිරීමෙන් වඩාත් ප්‍රබල රස්නයෙන් යුත් ගින්නක් නිර්මාණය කළ හැකි බව අපට සම් පරීක්ෂණ මඟින් හෙළිවී තිබෙනවා. මේ හේතුව නිසා තමයි, ඔක්සිජන් සිලින්ඩර් භාවිතයට ගැනෙන රෝහල් හෝ වෙනත් ස්ථානවල දුම් ඇතිවීමට ඉඩ නොදෙන්නේ.
අග්නි ත්‍රිකෝනයේ තුන්වෙනි පැත්ත නියෝජනය කරන්නේ තාපයයි. ස්වභාවික පරිසරයේදී තාපය උපදවන මූලයන් තුනක් තිබෙනවා. පෙරලෙන ගල් වලින් හටගන්නා ගිනි පුපුරු වලින්, යමහල් ක්‍රියාකාරිත්වයෙන් සහ වඩාත් වැදගත් වශයෙන් අකුණු කෙටිම් වලින්(හෙන ගැසීමෙන්) තමයි මේ මූලයන් තුන. මීට අමතරව ස්වභාවික ක්‍රියාදාමයන් ගණනාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්ධනවල තාපය ගොඩනැගීම හේතුකොටගෙන සමහර අවස්ථාවලදී නිරායාස දහනය සිදු විය හැකියි. මේ ගොඩට අපට තවත් දෙයක් එකතු කරන්න පුළුවනි. ඒ තමයි මේ ලොව මානවයන් පරිණාමය වීමත් සමගම මානවයන්ගේ ක්‍රියාකාරකම් වලින් ඇතිවන පත්තුවීම (ජවලන). අකුණු කෙටීම් හේතුවෙන් හා මනුෂ්‍යයන්ගේ පත්තු කිරීම හේතුවෙන් ඇතිවන ලැව්ගිනි අනුපාතය ගතහොත් එය ලෝකය පුරා විවිධයි. නිදසුනකට බටහිර ඇමරිකා එක්සත් ජනපදය ගතහොත් ඒ, ඒ වර්ෂය මත 50%ක් සහ 89%ක් අතර ලැව්ගිනි හටගන්නේ මිනිස් ක්‍රියාකාරකම් වලිනුයි. අනෙක් අතට ඇමොසාන්හි (සහ එංගලන්තයේ පවා) ගිනි වලින් 99% කට වැඩියෙන් වගකිව යුත්තේ මානව ක්‍රියාකාරකම්ය. එසේ වුවද දකුණු දිග අප්‍රිකාව, වයඹදිග චීනය හෝ උතුරු කැනඩාව වැනි ලෝකයේ අනෙකුත් කොටස් නිදසුන් ලෙස ගතහොත් අකුණු කෙටි මගින් හටගන්නා ලැව්ගිනි වඩාත් සුලබයි.
විදුලි කෙටීම් ස්වරූප ගණනාවක් ඇතත් ලැව්ගිනි අවුලවන්න වඩාත්ම කැපී පෙනෙන මූලය වන්නේ වලාකුළු සිට පොළොව වෙත ඇදෙන විදුලි කෙටීම් ය. ගසක් වැනි ශාකයකට අකුණක් පාත් වුණහම එකවරම කෙටි එහෙත් බලගතු තාපයක් හට ගන්නවා. මේ රස්නය සූර්යයා මතුපිට උෂ්ණත්වය මෙන් පස් ගුනයක ප්‍රමාණයක් වෙන්න පුළුවන්. කෙටි වෙලාවක ඇතිවන මේ අධික තාපය ප්‍රමාණවත් වෙන්නේ ශාකයෙන් ජලය වාෂ්පීකරණයට පමණයි. එහෙත් ඉන්ධනය (මේ අවස්ථාවේ නම් ශාකය) ප්‍රමාණවත් තරමට වියළි නම් එවිට තාප ශක්තිය ශාකවල කාබන් සංයෝග බිඳ හෙළීමට හේතුවන අතර වාතයේ ඇති ඔක්සිජන් සමඟ මිශ්‍රවූ විට දාම ක්‍රියාදාමයක් ආරම්භ වී දහනය ආරම්භ වේ. ඉතින් මේ අනුව පෙණී යන අන්දමට ශාක ද්‍රව්‍යවල ඇති ජල ප්‍රමාණය තමයි කේන්ද්‍රීය වන්නේ. ඒ හන්දා තමයි ශාක ද්‍රව්‍යවල ප්‍රමාණය අඩු වී ඇති වියළි කාලවලදී පමණක් ලැව්ගිනි හටගන්නේ. ඒ වගේම එය නිවා දැමීමට තිබෙන ක්‍රමයක් හැටියට ජලය එක් කරන්නත් හේතුව ඒකයි.
ස්වාභාවික පරිසරයේදී ගින්නක් සඳහා අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කිරීමේ දී කාලගුණය පැහැදිලිවම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒත් ඒ වගේම තමයි දහනය වීමට ඇති ඉන්ධනයෙන් ඉටුවන කාර්යභාරය. පයින් ශාක සහ යුකැලිප්ටස් ශාක වැනි සමහර ශාකවල ස්භාවික රෙසින (දුම්මල) හා තෛල අඩංගුවෙනවා. විශේෂයෙන්ම වාෂ්පශීලී සහ පහසුවෙන් දැවෙන ගින්නෙහි තීව්‍රතාව (මුදාහැරෙන තාප ප්‍රමාණය) පිළිබඳ එක් දර්ශකයක් වන්නේ (ගිනි) දැල්ලේ දිගයි. දිග යනු දැල්ලේ මධ්‍යක අග සිට ගින්නෙහි පාදයේ ජ්වලිත කලාපයේ මැද දක්වා සිරස්ව මැනීමෙන් ලබන දුර ප්‍රමාණයයි. සාමාන්‍යයෙන් දැල්ලේ දිග පහල මට්ටමක තිබෙණ කුඩා ගස් සහිත දෙණි ඉඩම් වල පවා කටු සහිත පැළෑටියක් වන Gorse හට ගැනීම නිසා, දැල්ලේ සැලකිය යුතු දිගක් නිර්මාණය වන අතර එය ගින්න පැතිරීමට උපකාරී විය හැකියි. Gorse යනු අතිශය අනුවර්ත විශේෂයක් වන අතර ගම්බද-නාගරික අතුරු මුහුණත ලෙස සැලකෙන නගරයක කෙළවර දී පවා සැලකිය යුතු ප්‍රශ්න ඇති කිරීමට හේතු වන්නට පුළුවන.
තෙත් පරිසරයන්හි යසට වැඩෙන ශාක ගින්නක ගොදුරු බවට පත්වීමේ ඉඩකඩ අඩු අතර ඇත්තටම එහි ප්‍රතිඵලයක් ලෙස ගින්නට ඔරොත්තු දීමට හැකි ක්‍රමෝපායන පරිණාමය වී නැති නිසා ගින්න කට මුහුණ දීම අසීරුය. මෙයට පරස්පරව මධ්‍යධරණී දේශගුණික කලාප වැනි දිගු කාලයක් වියළිව පවතින කලාපවල තුරුලතා ගින්නකට වඩාත් ගොදුරු වීමේ හැකියාවකින් යුතු අතර ඒ නිසාම, එහි ප්‍රතිඵලයක් ලෙස ගින්නට ඔරොත්තු දීමේ ක්‍රමෝපායන් හැඩගැසී ඇතුවා සේම ගිනි හටගන්නා රෙජීමයක් යටතේ සරුවට වැඩීමට පවා හැකි වන ලෙස පරිණාමය වී තිබෙන්නට පුළුවන.
FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි