ජල හිඟයේ බලපෑම් මොනවාද?
අපි දැන් සති කිහිපයක් ඔස්සේ ගෝලිය ජල හිඟය හේතුවෙන් ඇතිවන ගැටළු කිහිපයක් ගැන කතාකරා. අද අපි සලකා බලන්නේ ජල හිඟයේ බලපෑම් ගැනයි. ජල හිඟයේ ප්‍රධාන බලපෑම ලෙස එකවරම පෙණී යන කාරණාව තමයි මිනිසුන්ට බීමට සහ වෙනත් අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ලෙස ජලය නොලැබීයාම. අප මීට කලිනුත් සකච්ඡාකරලා තියන ආකාරයට ජලය නොමතිව මිනිස් අපට සේම මේ මිහිපිට වෙනත් සතුන්ට පමනක් නොවෙයි ගහකොළවලට පවා පැවැත්මක් නැහැ. කොහොමවුණත් අපට ජල හිඟයේ බලපෑම් කොටස් හතරකට බෙදා අපට සලකා බැලිය හැකියි. ඒ, සෞඛ්‍යය, කුසගින්න, අධ්‍යාපනය සහ දුප්පත්කම වශයෙනුයි.
සෞඛ්‍යය
සංවර්ධනය වෙමින් පවතින රටවල බොහොමයක ජනතාවට කැමැත්ත අකමැත්ත නොසලකා බීමට සිදුව ඇත්තේ දිය පහරක හෝ කොතැනක හරි රැඳී තිබෙන තත්ත්වයෙන් අඩු ජලයයි. මේවා බොහොවිට නොයෙක් ආකාරයෙන් බොහෝ සේ අපවිත්‍ර ජලයයි. තවද, ඒවායේ මිනිසුන්ට මරණය පවා ගෙන ආ හැකි නොයෙකුත් (ජලයෙන් බෝවන) රෝගකාරකවලින් සමන්විතවෙනවා. ඒ එක කාරනාවක්.
ලැබෙන ජලය අඩු හෝ ප්‍රමාණවත් නැත කියන්නේ ජලයේ ගලායාමක් සිදු නොවෙන නිසා, තැන තැන කැලි කසල රැඳෙනවා කියන එකයි. මදුරුවන් යනු එසේ එක තැන පල්වෙන අපිරිසිදු ජලය මත බෝවෙන එක් කෘමී වර්ගයක් පමනයි. අපට වින කරන නොයෙකුත් සතුන් බෝවීම සඳහා එවැනි ජලය තෝතැන්නක්. එහි ප්‍රතිඵලය වන්නේ මාරාන්තික මැලේරියාව සහ වෙනත් බෝවෙන රෝග ඇතිවීමයි.
ප්‍රමාණවත් ජලය හෝ ගුණාත්මක ජලය නොමැතිකම විශාල සනීපාරක්ෂක ගැටලු ඇති කරවනවා. සායන, අවන්හල්, වැසිකිළි ආදී පොදු පහසුකම් ඇති ස්ථාන පිරිසිදු කිරීම සඳහා ඉතා සුළු ජල ප්‍රමාණයක් තමයි භාවිතා කරන්න වෙන්නේ. මේ හේතුව නිසා එවැනි ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවල සහ මෙම පහසුකම් භාවිතා කරන පුද්ගලයන්ගේ සෞඛ්‍යය අවදානමට ලක්වෙනවා.
කුසගින්න
අප කුසගින්න නිවාගැනීම සඳහා ජලය භාවිත නොකරන හෙයින් ජලය සහ කුසගින්න අතර සම්බන්ධයක් එකවර නොපෙණී යා හැකියි. එහෙත්, ආහාර වගා කිරීමට සහ ගොවිපළ සතුන් රැකබලා ගැනීමට විශාල ජල ප්‍රමාණයක් අවශ්‍ය වෙන බව නම් අප කවුරුත් දන්නවා. ප්‍රවීණයන් පවසන්නේ ගෝලීය වශයෙන් අප අපගේ ජල සම්පත් වලින් 70% කෘෂිකර්මාන්තයට හා වාරිමාර්ග සඳහා භාවිත කරන අතර ගෘහස්ථ භාවිතය සඳහා 10% ප්‍රමාණයක් භාවිතා කරන බවයි. ජලය අඩු වීම හේතුවෙන් ගොවිතැනට සහ අනෙකුත් බෝග වර්ධනයට අවශ්‍ය ජලය අඩු වීමෙන් කෘෂිකාර්මික කටයුතුවලින් ලැබෙන අස්වැන්න අඩුවෙනවානේ. එයින් අදහස් කරන්නේ ගොවිපළවල ඇතිකරන සතුන් මිය යාමටත් අනෙකුත් සතුන්ට ද අහිතකර ලෙසත් ජීවීන් ජලය නොමැතිකම බලපාන බවයි. මෙහි ප්‍රතිඵලය වන්නේ නිරන්තරව පවතින කුසගින්න සහ පිපාසයත් එහි ප්‍රථිපල ලෙස ජීවන තත්ත්වය පහත යාමත්ය.
අධ්‍යාපනය
කුසගින්න හා ජලය අතර සම්බන්ධය සෙවිමටත් වඩා ජලය සහ අධ්‍යාපනය සම්බන්ධ වන්නේ කෙසේදැයි සිතා බැලීම තවත් අපහසුයි. එය සිද්ධවෙන්නේ මෙහෙමයි. සංවර්ධිත රටවල සහ සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ වෙනත් රටවල ඇතැම් ස්ථානවල ජනතාවට කරාමයක් කරකවා වතුර ලබා ගැනීමේ පහසුව තියෙනවා වෙන්න පුළුවන්. එහෙත් ලෝකයේ බොහෝදෙනෙකු ඒ තරම් වාසනාවන්ත නැහැ. බොහෝ රටවල ළමුන්, නිවසට ජලය එකතු කිරීම සඳහා උදේ පාන්දරින්ම අවදිව නිවසින් පිටවී යා යුතුවෙයි. ජලය ලබා ගැනීම සඳහා ඔවුන්ට සැතපුම් කීපයක් ඇවිද යාමට සිදුවෙනවා. මේ හේතුව නිසා කාලය නාස්තිවෙනවා පමණක් නොව ළමයින් වෙහෙසටද පත්වන අතර සමහරුන්ට නිතරම පාහේ පාසල මගහැරීමට පුළුවන. වසර ගණනාවක් තිස්සේම මෙලෙස කිරීම සඳහා වැයවෙන්නේ ළමයා පාසලේ ගත කළ යුතු කාලයයි. මේ චක්‍රය දිගටම පවතී. වෙනත් තැන්වල ගැහැණු ළමුන්ට සහ කාන්තාවන්ට පාසල් යෑමට කිසිසේත්ම ඉඩක් නොලැබෙන අතර ඔවුන් පවුලේ අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට කැපවිය යුතුය. මෙසේ පැවරෙන ප්‍රධාන කාර්යයක් වනුයේ පවුල වෙනුවෙන් ජලය නිවසට ගෙන ඒමයි.
දුප්පත්කම
ඉහත දැක්වූ කරුණු අනුව ජල හිඟයේ බලපෑම දුප්පතුන්ට වැඩියෙන් දැනෙන බව පෙනී යනවා ඇති. ඒ වගේම ජල හිඟය දුප්පත්කම බිහිකිරීමටත් බලපානවා. උසස තත්ත්වයේ ජලය ලබගැනීමේ හැකියාව ආර්ථික සමෘද්ධියට සහ වඩා හොඳ ජීවන තත්ත්වයක් සඳහා ප්‍රමුඛවනවා. මිනිසුන් නියමිත වේලාවට වැඩට පැමිණෙන විට, උදය වරුව ජලය සොය සොයා ඇවිදීමට අවශ්ය නොවන විට ව්‍යාපාර සහ පාසල් හොඳින් ක්‍රියාත්මකවේ. සංචාරකයින් සහ විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා අවන්හල්, හෝටල් සහ සාප්පු යන ස්ථාන පිරිසිදුව තබා ගත යුතු වෙනවා. නිෂ්පාදන ක්‍රියාකාරකම්, වාණිජ ගොවිපොලවල් සහ පතල් කැනීමේ ක්‍රියාවලීන් ආදී සියල්ලේ දියුනණුවට ජලය අවශ්‍ය වේ. ජලය නොමැතිකම යනු කිසිදු ආර්ථික කටයුත්තක් සිදු නොවන අතර ජනතාව නිරන්තර දරිද්‍රතාවයට පත්වනු ඇති.
අපේ ග්‍රහ ලෝකයේ සියලු ජීව ස්වරූප සඳහා ජලය අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. විශාල භූමි ප්‍රදේශ ජලහිඟයට ලක් වීම නිසා තවදුරටත් ජීවත් වීමට හෝ වගාව ඇතුලු ජීවනෝපාය සඳහා නුසුදුසු තත්ත්වයට පත්වන විට සංක්‍රමණ රැල්ලක් ඇතිවීම වලක්වන්න අපහසුයි. අපේ ග්‍රහ ලෝකයේ සියලු ජීව ස්වරූප සඳහා ජලය අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. විශාල භූමි ප්‍රදේශ දිගු කාල වකවානු තුළ ජලහිඟයට ලක් වීම නිසා තවදුරටත් ජීවත් වීමට හෝ වගාව ඇතුලු ජීවනෝපාය සඳහා නුසුදුසු තත්ත්වයට පත්වන විට සංක්‍රමණ රැල්ලක් ඇතිවීම වලක්වන්න අපහසුයි. එමෙන්ම දිගු කාලයක් ජල හිඟයට මුහුණ දෙද්දී නොයෙකුත් සත්ව සහ ශාක විශේෂ විනාශයට පත්වීමෙන් ජෛවී විවිධත්යව ද අහිමි වී යනවා. මේ ආකාරයෙන් ජල හිඟය නොයෙකුත් අන්දමටට අහිතකර බලපම් අතිකරනවා.
(අතිරේක කරුණු Conserve Energy Future වෙබ් අඩවිය ඇසුරෙනි)
Eschooltoday lessons හී පළවන පාඩම මාලාවේ What are the effects of water shortages? යන කොටස ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ:
චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)