විඥානය කියන්නේ කුමකටද?
විඥානය හුදෙක් මානවයන්ට සුවිශේෂී වූවක් ද? නො එසේ නම් අනෙකුත් සජීවීන්ට ද විවිධ මට්ටම්වලින් එය සතුව ඇත්ද? සෞරගහ මණ්ඩලය මධ්‍යයේ මේ මහ පොළොව පිහිටා ඇතැයි කලක් තිස්සේම මනුෂ්‍යයෝ විශ්වාස කළහ. එහෙයින් විඥානය ගැනත් ඒ ආදී කරුණු කාරණා ගැනත් මෙනෙහි කිරීමට අපේ මානව විශේෂයට ඉඩ සලසන මේ සුවිශේෂී හැකියාව ගැන ඒ හා සමානව ඉහළින් සිතීමට අප පෙළඹීම පුදුමයක් නොවේ.
එහෙත් ඇත්තටම විඥානය යනු කුමක්ද? මේ මාතෘකාව විද්‍යා සහ දර්ශවාදී සම්ප්‍රදායන් තුළ අතිශය විවාදසම්පන්නය. විඥානය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද? විඥානය පවතින්නේ කොයිබ ද? යනාදි වශයෙන් ඇති අභිරහස් විසඳා ගැනීමට උත්සාහ දරමින් චින්තකයන් විසින් බොහෝ කාලයක් මෙන්ම පරිශ්‍රමය වැයකර තිබේ.
දැන් නැවතත් ලිපියේ මාතෘකාවෙන් අසා ඇති ප්‍රශ්නයට යොමු වුනොත්, දීමට ඇති කෙටි පිළිතුර එතරම් සතුටුදායක නැත. (විඥානය ගැන) යථාර්ථවාදී විග්‍රහයක් තබා විඥානය යනු කුමක්ද යන්න පිළිබද දළ අදහසක් සම්බන්ධයෙන් වත් විද්‍යාඥයන්ට සහ දර්ශනවාදීන්ට තවමත් එකඟතාවයකට පත් වීමට හැකි වී නොමැත. ඊට එක හේතුවක් වී ඇත්තේ මද වශයෙන් එකිනෙකට වෙනස් දේවල් ගණනාවක් ම අර්ථ දැක්වීම පිණිස මේ සංකල්පය යොදා ගැනීමයි. කෙසේ වෙතත් සවිඤ්ඤාණක ජීවීන් ඔවුන්ගේ වටපිටාව, ඔවුන් ගැනම මෙන්ම ඔවුන්ගේම සංජානනය ගැන දැනුවත් යයි බොහෝ විද්‍යාර්ථීහු පිළිගනිති.
එහෙත් ප්‍රශ්නයට ලබාදිය හැකි දිග පිළිතුර අපගේ බලාපොරොත්තු දැල්වීමට සමත් වන්නේ පර්යේෂකයන් පිළිතුරක් වෙත ආසන්න වෙමින් සිටින නිසාය.
එය සුවිශේෂී යමක්?
විඥානය සොයා ගැනීම සඳහා කෘත්‍යාත්මක MRI(චුම්බක අනුනාද ප්‍රතිරූපනය) (functional MRI)යනුවෙන් මොළ ස්කෑන් පරික්ෂා ක්‍රමයක් යොදා ගත හැකි බව පරීක්ෂකයෝ පෙන්වා දෙති. එය සිදු කෙරෙන්නේ මොළයේ රුධිර ගලායෑම වක්‍රව මැනබැලීමෙනි. මෙය, කුමන කොටස් අනෙක් කොටස් වලට වඩා ක්‍රියාකාරී දැයි දැක්විය හැකි ක්‍රියාදාමයන් වුවද වසර දහස් ගණනක් ගත වුවත් මේ සංසිද්ධිය පිළිබඳව සාක්ෂි එක් රැස් කිරීමට ක්‍රමයක් පෑදී නැත. එය, මෙම මාතෘකාව තාර්කිකභාවය සහ ක්‍රමානුකූල සම්පරීක්ෂණ අගයන විද්‍යාර්ථීන්ට අභියෝගයක් බවට පත් කර ඇත.
බටහිර ලෝකය ගැන කල්පනා කරන විට ඉතාලි ජාතික තාරකා විද්‍යාඥ ගැලීලියෝ ගැලීලි විඥානය හා බැඳි සියල්ල විද්‍යාත්මක විමර්ශන යන විෂය පථයට පිටතින් තැබීමට වෑයම් කළේය. තවත් පරම්පරාවක් ඉකුත්ව ගිය තැන ගණිතඥයකු හා දර්ශනවාදියෙකු වන රෙනේ ඩෙකාටේ මනස(ආත්මය) සහ සිරුර යනු මූලිකවම වෙනස් දේවල් දෙකක් යන සිය තර්කය සමගින් විඥානය මද වශයෙන් හෝ වඩාත් තිව්‍ර අවධානයට ගෙන ආවේය. මේ ආස්ථානය හඳුන්වනු ලබන්නේ මනස්-සිරුරු දෙවැදෑරුම් වාදය ලෙසිනි.
“චින්තකයන් අතිබහුතරයක් අදහස් කරන්නේ විඥානය ඉතා සුවිශේෂී යනුවෙන්ය” යයි නිව්ජර්සි හි රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ දර්ශනය හා සංජානන විද්‍යා කීර්තිමත් මහාචාර්ය සුසානා ෂෙලන්බර්ග් කියා සිටින්නීය. එහෙත් ඒ ආකල්පය පිළිබඳ ප්‍රසාදය හීනවී ඇත. එසේ වූයෙ, මනසේ ඇතිවෙන දේවල් මොළයේ ඇතිවෙන භෞතික සිදුවීම් වල ප්‍රතිඵලයක්ය යන මතය කරළියට ගෙන ඒමට උපකාර වූ, 19වන සියවසේ ජීව විද්‍යාඥ තෝමස් හක්ස්ලි වැනි අයට ස්තුතිවන්ත වන්නටය. මෙය ක්‍රමයෙන් ජනප්‍රියත්වයට පත් පර්යාලෝකයකි.
“මට තියෙන්නේ භෞතිකවන අදහසක්. එනම් විඥානය යනු මේ ලෝකයේ සුවිශේෂී වු යම් දෙයක් නොවේ යන්නය”යි ෂෙලන්බර්ග් කියා සිටී. විඥානය සතුව ඇත්තේ මානවයන්ට පමණක් නොවේ යන්න සිතා ගැනීමට මෙය පිටිවහලකි.
ජීවන වෘක්ෂය පුරා ඇස් යොමු කිරීම
මානව විඥානය අනිකුත් සතුන්ගේ විඥානය හා සංසන්දනයේදී ස්නාසා ව්‍යවච්ඡේදය ගැන සෙවීම ඵලදායී යයි නිව් යෝක් විශ්වවිද්‍යාලයේ විද්‍යා හා මනෝ චිකිත්සා මහාචාර්යවරයකු වන ජෝසප් ලෙඩුක්ස් පවසයි. නිදසුනක් ලෙස, බෙහෙවින් වර්ධනය වූ ලලාට ද්‍රැව බාහිකය ඇත්තේ සුවිශේෂීව මානවයන්ට පමණකි. මේ තමයි කෙනෙකුගේ මනසෙහි ඇති දේ කුමක්දැයි දැන ගැනීමට ඇති හැකියාව හා සමග පර්යේෂකයන් සම්බන්ධ කරන මොළයේ කොටස. “විඥානය බඳු යම් දෙයක් අනෙක් සතුන්ටත් තිබෙන්න පුළුවන් බව අපි දන්නවා. ඒත් අපට ඇති දේ ඔවුන්ට නැහැ, මොකද අපි වෙනස්නෙ” යනුවෙන් ලෙඩුක්ස් පවසයි, “එහෙම කියනවට මිනිස්සු සතුටු නෑ. ඒත් ඉතින් අපි කවුරුවත් මනුෂ්‍යයෙකුයි චිම්පන්සියෙකුයි පටලවා ගන්නේ නැහැනේ. චිම්පන්සියාට තියෙන සෛල සහ අණු සැකසී ඇති ආකාරය අනුව මනුෂ්‍යයෙකුට වඩා පෙනුමයි ක්‍රියාකාරක්මුයි වෙනස්. එසේනම් තර්ක කළ හැක්කේ ආකාර වෙනස්කම්ම චිම්පන්සි විඥාණයේ වෙනස්කම් ඇති කරනවා කියලයි. ඇතැම් පර්යේෂකයෝ තර්කය තවත් ඉදිරියට ගෙන යති. ඉලෙක්ට්‍රෝනයක් පවා එක්කර දුරකට සවිඤ්ඤාණක හෙයින් ඕනෑම සංකීර්ණ පද්ධතියකට මනසේ මූලික උපලක්ෂණ සහ එම පද්ධතියෙම යමක් බව හැඟී යන ආකාරයේ අවම විඥානයක් තියෙනවා යයි සියැටල්හි මොළ විද්‍යා ඇලන් ආයතනයේ සභාපති හා ප්‍රධාන විද්‍යාඥ ක්‍රිස්ටෝපර් කොච්කියයි. තමන් සිතනා අන්දමට සතුන් බොහොමයකට විඥානය ඇති බව දක්වන ෂෙලන්බර්ග් වේදනාව දැනෙන ඕනෑම දෙයක් සවිඥානකය යයි පවසන්නීය. මේ මතය විවාද සම්පන්න බව ඇය පිළිගනී. මේ ආකාරයටම සිතන ලෙඩුක්ස් කල්පනා කරන්නේ අනතුරු මගහරවා ගැනීම විඥානයේ වැදගත් කාර්යයක් වන අතර බාගදා එය පැවතීමට හේතුව ද එයම විය හැකියි බවයි. විඥානය තමයි සියල්ල නැතිනම් කෝකටත් තෛලය කියා ෂෙලන්බර්ග් කල්පනා නොකරන අතර “(බහුවිධ ව්‍යාතිරේකයන් සමග වුවත්) එය පවතින්නේ සවිඥානික තත්ත්වයක ද නැද්ද යන්න නොසලකා මොළයට එහි කාර්යභාරය ඉටු කළ හැකි ය” යි පෙන්වා දෙයි.
Acientific American හී පළවූ What is consciousness?යන ලිපිය ඇසුරෙනි.