ගින්දර ගැන නොදන්නා කෙනකු ලොව සතර දිග් භාගයේ කොතැන බැලුවත් සොයා ගැනීමට නොහැකියි. ගින්න ඒ තරමට අපගේ ජීවිත වලට සම්බන්ධයි. මිනිස් වර්ගයාගේ යහපැවැත්මට නොයෙක් ආකාරයෙන් ගින්දර ප්‍රයෝජනවත් වී ඇතුවා සේම මනුෂ්‍යයන්ට ඉමහත් කරදර හානි පමුණුවන්නට ද ගින්දර හේතුවී තිබෙනවා. ගින්න ගැන අප කොපමන දැන සිටියත්, තව තවත් දේ රැගෙන thathu.com සතිපතා ගෙන එන ලිපි මාලාව යටතේ අද අපි කත කරන්නේ විවිධ ගිනි වර්ග ගැනයි.
ගිනි වර්ග
භූ දර්ශනය තුළ තිබෙන ඉන්ධන විවිධ ප්‍රවර්ග ගණනාවකට බෙදා වෙන්කොට දැක්විය හැකිය. ප්‍රථම බෙදීම සජීව සහ අජීව ඉන්ධන ලෙසය. අජීව ඉන්ධන වල සජීවී ඉන්ධනවල වලට වඩා තෙතමනය අඩුවීමේ නැඹුරුවක් තිබෙන අතර ඊට අමතරව ඒවා උණුසුම්, වැහි රහිත කාලගුණ තත්ත්වයන්හිදී අජීවී ඉන්දන වලට වඩා ඉක්මනින් වියළෙයි. ගිනි බොහොමයක් ආරම්භ වන්නේ පොළොව මතුපිට පවතින අජීව ඉන්ධන තුළය. මෙම ඉන්ධන (අකාෂ්ඨ ශාක සහ තෘණ හා පඳුරු ශාක ද ඇතුලත්ව) සජීවී ශාක ස්වරූපයෙන් මතුපිට තුරුලතා ලෙස ද අජීව ශාක පරඬැල් ලෙසද සමන්විත වේ. කෙතරම් වේගයෙන් ගින්න ඇදෙන්නේද යන්න සහ ඒ අනුව නිපදවෙන ගිනිදළු පරිමාණයන් තීරණය කිරීමේදී ඉන්ධනවල ප්‍රමාණය හා සුසංහිතිය(compactness) ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
දෙවැනි ඉන්ධන ප්‍රවර්ගය වන්නේ පාංශු මතුපිටට බෙහෙවින් ඉහළ, ප්‍රධාන කොට ගස්වල කිරුළෙහි මුදුනේ හටගන්නා සජීවී ශාකය. සමහර ගස් මියගිය ඒවා විය හැකියි. එවැනි ගස් ඉතා පහසුවෙන් දැවේ. වඩාත්ම වැදගත් කිරුළු ඉන්ධන හටගන්නේ බොහෝවිට විශාල භූමි ප්‍රදේශයක් වසා පවතින එමෙන්ම නිදසුනක් ලෙස කුරුමිණි හෝ දිලීර ප්රහාරයක් හේතුවෙන් මියගිය ගස්වලිනි.
මේ ඉන්ධන වැදගත් විය හැකි අතර තුන්වැනි ප්‍රවර්ගයක් ලෙස ඉණිමං නැතහොත් පාලම් ඉන්ධන පොළොව මතුපිට ඉන්ධන සහ කිරුළු ඉන්ධන අතරට උසට වැඩෙන යටි වගා පඳුරු, කුඩා කේතුධර ශාක, ලයිකන, එල්ලෙන පාසි, අජිව කටු හා අතු හෝ සමහර අවස්ථාවල, ගස් වල කඳට එතෙන කාෂ්ඨාරොහක(ලයානා) ද ඇතුලත්වේ.
හතරවෙනි ඉන්ධන ප්‍රවර්ගයට පස මතුපිටම හෝ ඊට යටින් ඇති ද්‍රව්‍ය ඇතුළත් වේ. සමහර අවස්ථාවල මෙය හුදෙක් හ්‍යුමස් ස්තරයක් පමණක් විය හැකි අතර අනෙකුත් අවස්ථාවල එය භයානක ප්‍රතිඵල ගෙන එමින් ගිනි ගැනීමට ඉඩ ඇති සැලකිය යුතු පීට්පස් ස්තරයක් විය හැකිය(පීට් පස් යනු අඩක් වියෝජනයවූ ශාක ද්‍රව්‍යයි).
එහෙයින් ඉන්ධන බෙදීයාම කැපී පෙනෙන ගිනි වර්ග කිහිපයකට මුල පිරිය හැකි වේ. අකුණු කොටන විට ගිනි බොහොමයක් මතුපිට ගිනි ලෙස ආරම්භ වේ. ඉන්ධන ඈක රාශීවීම හෙවත් ගොඩගැසීම සහ ඉන්ධන වර්ගය ඒ අනුව ගින්න මතුපිට දැවෙමින් පවතින්නට ඉඩ තිබේ. එවැනි ගිනි, නොඋස් ගිනි දැල් සහ (සෙන්ටිග්‍රේඩ් අංශක 400ක පමණ තරමේ පහල මට්ටමක)අඩු මට්ටමක උෂ්ණත්වයක් සහිතව සෙමින් චලනය වන්නේ විය හැකිය. තණබිම්(සවනා) හෝදෙණි වැනි තුරුලතා වර්ග බොහොමයක දිඑ ගින්න හුදු මතුපිට ගින්නක් ලෙස පවතී. මේ ආකාර ගිනි පරිමානයෙන් කුඩා නිසා ඒවායින් පස මත ඇති වන බලපෑම ඉතා හීන විය හැකි අතර ඇත්තෙන්ම කාෂ්ඨීය ශාක බොහොමයක් විනාශ වන්නේද නැත. නිදසුනක් ලෙස, ලෙස එවැනි මතුපිට ගින්නකින් පසු ඇතිවන වැහි කුණාටුවකින් පසුව ශාක වර්ධනය යළිත් පණ ගැන්වෙන්නේ එහෙයිනි. එවැනි අවස්ථාවල අකාෂ්ඨ ශාකවල ඇති ඛනිජ පහසුවෙන්ම ප්‍රතිචක්‍රීකරණයට පත්වේ.
නිදසුනක් ලෙස, පීට් පසමත දෙණි වැනි කාබන් බහුල පසෙහි තුරුලතා මුල් ඇද ඇත්නම් එවිට ප්‍රමාණවත්ව වියළී තිබෙද්දී යටින් පිහිටි කාබන් බහුල හෝ පීට් පස දැවෙන්නට පටන් ගැනිමට ඉඩ තිබේ.
පාෂාණ ඇත්නම් ඒවාද ගිනි ගනී ඔලුවෙන් පහර ගල් අඟුරු ගිනි ැපීපෙනෙන උපද්‍රවයකි ඒවා වසර ගණනක් තිස්සේ දැල්වෙමින් පවතී තවද ඒවායේ ැලකියයුතු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට එක් වේ
එවැනි අවස්ථාවල, මතුපිට ගින්න නිමවීමෙන පසුව දිගු කලක් මෙකී භූමි ගිනි දැවෙන්නට පුළුවන් අතර එවා නිවා දමීම දුෂ්කරය.තවත් අවස්ථාවල, ගින්න පාෂාණ ස්තරය වෙත ඇදී යා හැකි අතර එහි ගල් අඟුරු ඇත්නම් ඒවාද ගිනි ගනී. භූගත ගල් අඟුරු ගිනි කැපීපෙනෙන උපද්‍රවයකි. මන්ද, ඒවා වසර ගණනක් තිස්සේ දැල්වෙමින් පවතින් අතර සැලකියයුතු කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට ඒවායින් එක් වේ
ඉන්ධන,එක්කෝ ඒකරාශිවූ අජීව ඉන්ධන හෝ වියළි සජීවී පඳුරුමය හෝ අකාෂ්ඨ තුරුලතා ලෙස පස මතුපිට සැලකිය යුතු ඉන්ධන ප්‍රමාණයක් ඇත්නම් එවිට මතුපිට ගින්න වඩාත් තිඑව්+රවේ. ගස් ද තිබේ නම් එවිට ගින්න ඉනිමං ඉන්ධන හරහා ගස් කඳන් දිගෙඉ ඉහළට ගසෙහි කිරුළ (මස්තකය) දක්වා ගින්න පැතිරේ. මෙහිදී ප්‍රමාණවත්ව වෛඅළි හා ග්හනව තිබෙන්නේ නම් ගිනි ගෙන දැවෙන සියුම් ඉන්ධන විශාල ප්රමාන වශයෙන් තිබිය හ්ඒකිය. මෙය, කේතුධර වැනි කුඩා කොළ හෝ කුරු කොළ සහිත ගස් වලට විශේෂයෙන්ම අදාලවේ. එහෙත්, බොහෝ ගස් විශේෂ මේ හා සමාන ආකාරයකට හැසිරීමට ඉඩ තිබේ. ගසෙහි මස්තකය ගිනි ගත් විට එය ගසෙහි වියන හරහා පැතිරී ගොස් එය කිරුළු ගින්නක් බවට පත්වේ. එවැනි ගිනි බෙහෙවින් තීව්‍ර විය හැකි අතර ඉදිරියට ඇදෙන පෙරමුණු ගින්න ඉදිරියේ ඇති තුරු ලතා වියළි බවට පත්කරමින් ගින්නට හසු වීම පහසු කරයි. එය ගින්නෙන් ඉදිරි ව්‍යාප්තියට ඉඩ සලසයි.
කිරුළු ගිනි විශේෂයෙන්ම සැලකිය යුතු ගින්නක් ඇත්නම් ඉතා වේගයෙන් චලනය විය හැක. තවද, කිරුළු ගිනි සහ මතුපිට ගිනි වෙන්වී විවිධ වේගවලින් චලනය විය හැකි වේ. භූ ලක්ෂණය සහ සහ සුලඟ යන සාධක දෙක එකතුව ඔක්සිජන් ඇදගන්නා අතර ගිනි කුණාටු ලෙස දැක්වෙන්න ඇතැම්විට නිර්මාණය කරමින් ගින්නක් ප්‍රේරණය කිරීමට ආධාර විය හැකිය.
ලබාගත හැකියි සම්පූර්ණ ඉන්ධන ප්‍රමාණයෙන් තීව්‍ර කිරුළු ගිනි වලදී පවා පරිභෝජනය කෙරෙන්නේ ඉතා සුළු ප්‍රම්මණයකි. ඉන් අනතුරුවම වාගේ තවත් ගින්නක් ඇවිලීමේ විභවය සහිත අජීව තුරුලතාවලින් සැදුම්ලත් විශාල භූමි පදාර්ශ පැවතිඑමට ඉඩ තිබෙඉ. අපට මෙම අංග පාරිසරික ගිනි ත්‍රිකෝණය ලෙස දැක්වෙන පදය යොදා ගනිමින් කැටි කොට දැක්විය හැකි වේ
FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි