ජල හිඟය: ජල තොරතුරු පත්‍රිකාව

Posted by

ජගත් ජල සතිය ඉලක්ක කර අප ඔබ වෙත ගෙන ආ ලිපි පෙළ යටතේ අද පළවන්නෙ අවසාන ලිපියයි. මේ යටතේ අපි ගෝලිය ජල හිඟයට හේතු, ජල හිඟයේ බලපෑම්, නැවුම් ජලය සහ ජල චක්‍රය, ජලය සංරක්ෂණය  කිරීමෙදී ප්‍රජාව  සතු කාර්යභාරය ආදී මතෘකා ගණනාවක් ගැනම කතා කළෙමු. thathu.com අද ලිපියෙන් අප ඉදිරිපත් කෙරෙන්නේ එම කරුණු කාරණා ද පාදක කර ගනිමින් සැකසූ මෙම ප්‍රශ්නයේ වැදගත් පැතිකඩ කිහිපයක් ගැනයි.

ජල හිඟ තොරතුරු පත්‍රිකාව

කෘෂිකර්මය

අපේ මේ ලෝකය ගතහොත් මේ වන විට ජලය වැඩිපුරම භාවිතා කරන්නේ කෘෂිකර්මාන්තය නැතිනම් වඩාත් හුරු බසින් කියනවානම් ගොවිතැන සඳහායි. අප උපයෝගී කරගන්නා  මුළු ජලයෙන් 70% ක් පමණ එයට වැය වෙයි. එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල 95% ආසන්න ප්‍රමාණයක් ඒ සදහා වැය වෙයි.

This New Approach to Farming Is Transforming Agriculture – Manofarm

 

අස්වැන්න වශයෙන් නෙළා ගනු ලබන  ධාන්‍ය මෙට්‍රික් ටොන් එකකට කියුබික් මීටර 1000-3000 අතර ප්‍රමාණයක ජලය අවශ්‍ය වේ. මෙයම වෙනත් ආකාරයකට දක්වනවා නම්  වගා කර අස්වැන්න ලෙස ධාන්‍ය කිලෝග්‍රෑමයක්  ලබා ගැනීම පිණිස දළ වශයෙන්  ලීටර 3ක් පමණ ජලය අවශ්‍යවෙනවා. සංසන්දනය සඳහා යාන්ත්‍රික ඉංන්ජිනේරු ආයාතනය මගින් සකසන ලද සටහනක් පහත දක්වමු,

Data summary

Typical values for the volume of water required to produce common foodstuffs

Click heading to sort table. Download this data

Foodstuff Quantity Water consumption, litres
Source: IME
Chocolate 1 kg 17,196
Beef 1 kg 15,415
Sheep Meat 1 kg 10,412
Pork 1 kg 5,988
Butter 1 kg 5,553
Chicken meat 1 kg 4,325
Cheese 1 kg 3,178
Olives 1 kg 3,025
Rice 1 kg 2,497
Cotton 1 @ 250g 2,495
Pasta (dry) 1 kg 1,849
Bread 1 kg 1,608
Pizza 1 unit 1,239
Apple 1 kg 822
Banana 1 kg 790
Potatoes 1 kg 287
Milk 1 x 250ml glass 255
Cabbage 1 kg 237
Tomato 1 kg 214
Egg 1 196
Wine 1 x 250ml glass 109
Beer 1 x 250ml glass 74
Tea 1 x 250 ml cup 27

Source:  Institution of Mechanical Engineers.

එපමණක් ද නොව එම ආයතනය දක්වන පරිදි මෙලෙස ජලසම්පත යොදා ගනිමින් සෑම වසරකදීම ලෝකයේ නිපදවන සියලු ආහාරවලින්  සියයට 50ක් ම අපතේ යනවා!

New boost for sustainable food production

ලොව ජල සම්පතින් අප බීමට ගන්නා ජලය කොපමණ ද? එක් පුද්ගලයෙකුට දෛනික පානීය ජල අවශ්‍යතාව ලීටර් 2-4 කි. ජලය පානය නොකර අපට ජීවත්වෙන්න බැරි බව අපි දන්නවා. ඒ කෙසේ වෙතත්, පුද්ගලයෙකුගේ දෛනික ආහාර නිෂ්පාදනය කිරීම සඳහා ජලය ලීටර් 2000 සිට 5000 දක්වා වැයවෙතැයි  ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ගණන් බලා තියනවා.

ආහාර සුරක්ෂිතතාව

දැන් සිට 2030 දක්වා කාලය තුළ ලෝක ජනගහනය බිලියන දෙකකින් පමණ වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  මෙම වර්ධනය වන ජනගහනය පෝෂණය කිරීම සහ සාගින්න අවම කිරීම සිදුකළ හැක්කේ කෘෂිකාර්මික අවශ්‍යතා සැලකිය යුතු ලෙස හා තිරසාර ලෙස වැඩි කළ හැකි නම් පමණි.

පෘථිවියේ ජලය කෘෂිකර්මාන්තය සඳහා යොදා ගනිද්දී, කෘෂිකාර්මික කළමනාකරණයේ වැඩිදියුණු කිරීම ගෝලීය ආහාර සුරක්‍ෂිතතාවයේ සාධනය සඳහා මූලික වන බව පැහැදිලිය. වඩාත් සූක්ෂම සහ කාර්යක්ෂම වාරිමාර්ග කළමණාකරණය ආහාර පරිමාව ඉහළ දැමිමට පමණක් නොව නිපදවෙන ආහාර වල විවිධත්වය ද වැඩි කරයි.

ජලය

සාමන්‍ය ගතහොත් මේ ලෝකයේ, සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුම ජල හිඟයෙන් පීඩා විඳිනවා. නාගරීකරණය, ජනගහන වර්ධනය,කාර්මීකරණය සහ තරඟකාරී වාණිජ ක්‍රියාකාරකම් සමඟ ගැටළුව උග්‍ර වන බවයි පර්යේෂකයන් විශ්වාස කරන්නේ. (ජල හිඟයට හේතු දැක්වෙන thathu.com ලිපිය කියවන්න)

Bridging Climate Information Gaps to Strengthen Capacities for Climate Informed Decision-making – ATPS

ලෝක ජනගහනයෙන් පහෙන් එකක් පමණ(ඒ කියන්නේ බිලියන 1.2ක ජනතාව) ජීවත් වන්නේ ජලය හිඟයෙන් පෙළෙන ප්‍රදේශවල ය. ගෝලීය ජනගහනයෙන් හතරෙන් එකක්ම ජීවත්වන්නේ, ගංගා සහ ජලධර වලින් ජලය ලබා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් නොමැතිකම හේතුවෙන් ජල හිඟයකට මුහුණ දෙන සංවර්ධනය වෙමින් පවතින රටවලය.

බොහෝ දුප්පත් හා ග්‍රාමීය ප්‍රජාවන්හි ජලය පහසුවෙන් ලබා ගැනීම නොහැකි  හෝ ජලහිඟයක් පවතින බැවින් එම ජනතාව තම බෝග හා ගොවිපලවල් වලට ජලය සැපයීම සඳහා අප  ජලය භාවිතා කරනවා. අප කෑමට ගන්නා සියලුම ආහාර වලින් 10% ක්ම අපජලය මගින් වගා කරන භෝග වලින් බවයි විශ්වාස කෙරෙන්නේ.  මේවායේ රසායනික ද්‍රව්‍ය හෝ රෝග ඇති කරන ජීවීන් අඩංගු විය හැකියි.

ගෝලිය ජල හිඟය ගැන දනුවත් කිරීම මේ ලිපි මාලාවේ අරමුණ වුණා. ඊට එහා යමින්, මේ ගෝලිය ප්‍රශ්නයෙහි ඇතැම් පැතිකඩ ගැන වඩාත් ගැඹුරින් සලකා බැලෙන ලිපි පෙළක් ගෙන ඒමට අපි බලාපොරොත්තුවෙමු. නොකඩවා තතු කියවන්න.

 

Eschooltoday lessons හී පළවන පාඩම මාලාවේ Water scarcity factsheet යන කොටස  ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ: චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)  

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.