දිනකට ජලය කොපමන බොන්න උවමනා ද?
ජලය නැතුව ජීවත් වෙන්න බැහැ කියලා අපි කවුරුත් දන්නවා. ඒ විතරක් නෙවෙයි, ටිකක් අඩු වැඩි වුණත්අපේ ශරීරයෙන් 60%ක් පමණ ජලය බවත් අපි දන්නවා. ඒත් ඉතිං සමහරුන්ට ප්‍රශ්නයක් තියෙනවා දිනකට වතුර ජලය හෙවත් වතුර කොපමණ ප්‍රමාණයක් බිව්වොත් සෞඛ්‍ය සම්පන්නව ඉන්න පුලුවන්ද කියලා. මේ ගැන විවිධ මත තියෙන බව ඇත්තයි. අද අපි හොයල බලමු, අපේ සෞඛ්‍යය රැකගන්න දිනකට කොපමණ ජලය බිව්වොත් ප්‍රමාණවත්ද කියලා.
ශරීරයෙන් සියයට හැටක් පමණ ජලය වුණත්, නිරතුරුවම අපේ ශරීරයෙන් ජලය අඩු වී යනවා. ඒ මූලික වශයෙන් මූත්‍රා කිරීම හා දහඩිය දැමීම හේතුවෙන්. ඉතින් විජලනය වීම වලක්වන්න නම් දිනපතා ප්‍රමාණවත් ජලය ප්‍රමාණයක් බොන්නට ඕනේ. ඒත් මෙලෙස දිනපතා බොන්න ඕන ජලය ප්‍රමාණය ගැන විවිධ මත තියෙනවා බටත් මතක කරන්න ඕනෑ. සාමාන්‍යයෙන් අපට සෞඛ්‍ය පාඩම් වල දී කියා දෙන්න දිනකට ජලය වීදුරු අටක් බොන්න කියලයි. ඒ කියන්නේ, අවුන්ස අටේ වීදුරු අටක්. ඒ කියන්නේ 8 X 8 නීතිය. එහෙම කිව්වම මතක තියා ගන්නත් ලේසියිනේ. ඔය කියන්නේ දළ වශයෙන් ලීටර් දෙකක හෝ නැතිනම් ගැලුම් භාගයක පමණ ජලය.
අප බොන වතුර ප්‍රමාණය ශරීරයේ ශක්ති මට්ටම් සහ මොළයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපෑමක් ඇති කරනවා ද?
බොහොම දෙනෙක් කියා සිටින්නේ නිරතුරුවම සජලනය වී නොසිටින්නේ නම් තමන්ගේ ශක්ති මට්ටම හා මොල ක්‍රියාකාරීත්වය යම් හානියකට පත් වන බවයි. ඉතින් මේ මතය සනාථ කරන්න නොයෙකුත් අධ්‍යයනවල සොයාගැනීම් ද තිබෙනවා.
කාන්තාවන් යොදා ගනිමින් සිදු කළ ධ්‍යයනයකින් හෙළි වූයේ ව්‍යායාම ගැනීමෙන් පසුව තරල(ද්‍රව) 1.36 ක ප්‍රතිශතයක් ශරීරයෙන් ඉවත් වීමෙන් තමන්ගේ මනෝභාවයන්ට බලපෑම් පැමිණෙන බවත් එමෙන්ම අවධානය අඩුවන බවත් හිස්ස කැක්කුම ඇතිවන සීඝ්‍රතාව වැඩි වන බවත්ය. අනෙකුත් අධ්‍යයනවලින් හෙළි වන අන්දමට ව්‍යායාම්වලින් පසුව ඇතිවන හෝ උෂ්ණත්වය හේතුවෙන් ඇතිවන මද විජලනය (ශරීර බරෙන් සීයයට 1-3ක් දක්වා වූ සුළු ප්‍රමාණයක විජලනය) මොලයේ වෙනත් අංශ බොහොමයකට ද බලපෑම් ඇති කළ හැකි බවයි. හැබැයි මෙතනදි මතක තියාගන්න ඕන කාරණාවක් තමයි ශරීරයෙන් හුදු සීයට එකක් කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් යන්න.
සාමාන්‍යයෙන් ඔබට අධිකව දහඩිය දමන්නේ නම් මූලිකවම මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකියි. මද ප්‍රමාණයක විජලනය දරාගැනීමේ ශක්තිය අඩු කරමින් කෙනෙකුගේ ශාරීරික කාර්යසාධනය කෙරෙහි සෘණාත්මකව බලපෑ හැකිය.
ජලය අධික ප්‍රමාණයක් බීමෙන් ශරීර බර අඩු කර ගත හැකි ද?
වතුර වැඩි වශයෙන් පානය කිරීම නිසා ඔබේ පරිවෘත්තිය වැඩි වීමෙන් සහ ඔබේ බඩ ගින්න අඩු වීමෙන් ශරීර බර පහත දැමීමට බලපාන බව බොහෝ දෙනා විශ්වාස කරනවා. අධ්‍යයන දෙකක් පෙන්නුම් කරන අන්දමට ජලය මිලිලීටර පන්සීයක් පානය කිරීම නිසා ඔබේ ශරීර පරිවෘත්තීය සියයට 24 සිට දක්වා සියයට 30 දක්වා ප්‍රමාණයකින් තාවකාලිකව ඉහළ නැංවෙන්නට පුළුවන. පහත දැක්වෙන චිත්‍රය මේ බලපෑම පෙන්නුම් කරනවා:
ඉහළ රේඛාවෙන් දැක්වෙන්නේ මිලිමීටර් 500ක් ජලය පානය කිරීම පරිවෘත්තිය ඉහළ නැංවෙන ආකාරයයි විනාඩි අණුවක කාල සීමාව වන විට මේ බලපෑම අඩු වන ආකාරය ගැන සැලකිල්ල යොමු කරන්න
පර්යේෂකයන් හඳුනාගෙන ඇත්තේ දිනකට ලීටර් දෙකක් පමණ ජලය පානය කිරීම හේතුවෙන් දෛනික බලශක්ති වැයවීම දිනකට කැලරි 96කින් පමණ ඉහළ යාමක් පෙන්නුම් කරන බවයි. තවද පානය කරන ජලය ඇල්වතුර නම් මෙහි වාසිය තවත් වැඩි වෙනවා. මන්ද එම ජලය ශරීර උෂ්ණත්වය කරා ගෙන ඒමට ඔබේ සිරුරට වැඩියෙන් කැලරි වැය කිරීමට සිදු වීමයි. ශරීර බර අඩුකිරීම ගැන උනන්දුවක් දක්වන අය, විශේෂයෙන්ම වයස් ගත උදවිය සෑම ආහාර වේලකටම පෙර වතුර පානය කිරීමෙන් පරිභෝජනය කෙරෙන කැලරි සංඛ්‍යාවාඩුවෙයි.
සෑම ආහාර වේලකටම පෙර වතුර මිලිලීටර 500ක් පානය කරන අයගේ, එලෙස ජලය පානය නොකරන අය හා සංසන්දනාත්මකව බලන විට, සති 12 ක කාලය තුළ බර සියයට 44කින් අඩු කර ගැනීමට හැකිවූ බව එක් අධ්‍යනයකින් පෙන්නුම් කරනවා. සමස්තයක් වශයෙන් ගත් විට පෙනී යන්නේ සම විටම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරමින් මේ ආකාරයට ආහාර වේලට පෙර වතුර පානය කිරීම බර අඩු කිරීමේ ලා සැලකිය යුතු දායකත්වයක් සපයන බවයි
ජලය වැඩිපුර පානය කිරීම සෞඛ්‍ය ප්‍රශ්න විසඳීමට ඉවහල් වෙනව ද?
ජලය වැඩිපුර පානය කිරීම හේතුවෙන් සෞඛ්‍ය ප්‍රශ්න ගණනාවක්ම විසදෙනවා යැයි සැලකෙන අතර ඉන් කිහිපයක් පහත ඉදිරිපත් කරමු:
මල බද්ධය: පානය කරන ජල ප්‍රමාණය වැඩි කිරීම බොහෝ දෙනෙක් අතර බහුල ප්‍රශ්නයක් වන මලබද්ධය පහකිරීමට ආධාර විය හැකියි
පිළිකාව: ජලය වැඩිපුර පානය කරන අය අතර ආශය(bladder) ආශ්‍රිත සහ මහාන්ත්‍රිකය හා ගුදය ආශ්‍රිත පිළිකාව ඇති වීමේ අවධානම අඩු බව සමහරක් අධ්‍යයන පෙන්නුම් කරනවා. එහෙත් තවත් සමහර අද්‍යයන් මගින් පෙන්නුම් කරනු ලබන්නේ එවැනි බලපෑමක් නොමැති බවයි.
වෘක්ක අශ්මරිය(මුත්‍රා ගල් හෙවත් වකුගඩුවේ ගල්): මුත්‍රා ගල් ඇති වීමේ අවදානම වැඩිපුර ජලය පානය කිරීම නිසා අඩුකරගත හැකිවේ හැකි වීමට ඉඩ තිබේ
ඇක්ණි හා චර්ම විජලනය: සම සජලනයට පත්කොට ඇක්ණි(කුරුලෑ වනි සමේ ඇතිවන රතු බිබිලි) අඩු කර ගත හැකි බවට අටොම් කතා ඇතැමුන් අතරේ විශ්වාසයක් පවතී. එසේ වුවත් මෙතෙක් කිසිම අධ්‍යයනයකින් මේ කාරණාව සනාථ හෝ අනාථ කර නැහැ
ඔබ දිනපතා පානය කරන ජලය ප්රමාණය මැනීමේදී අනිකුත් තරල නැත්නම් දියර ප්රමාණයත් සැලකිල්ලට ගත යුතු ද?
කෙනෙකුගේ දියර නැතිනම් තරල තුලනය පවත්වාගෙන යාමට දායක වන්නේ හුදෙක් බීමට ගන්නා වතුර පමණක් නොවේ. අනෙකුත් බීම වර්ග සහ ආහාර වර්ග ඒ සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයනවා. කැෆේන් අඩංගු කෝපි, තේ වගේ පානයන් ඔබ සජලන කර තබන්න උදව් වෙන්න නැතැයි ඇතැමුන් ගේ මතයක් තිබෙනවා. ඊට හේතුව ඒවා කැෆේන් මුත්‍රාවර්ධක නිසයි. ඇත්ත වශයෙන්ම අධ්‍යනයන්ගෙන් පෙනීගොස් ඇත්තේ මෙම බීම (තේ,කෝපි වල) මුත්‍රාවර්ධක බලපෑම ඉතා අඩු බවයි.
මීට අමතරව ආහාර බොහොමයක් ජලයෙන් සපිරිය. මස් බිත්තර මාළු ඒ වගේම විශේෂයෙන්ම පලතුරු සහ එළවළු යන සියල්ල සැලකිය යුතු ජල ප්‍රමාණයක් අඩංගු වෙනවා. ඉතින් කෝපි හෝ තේ වගේම ජලයෙන් සපිරි මේ ආහාර ගැනීමෙන් කෙනකුගේ තරල තුලනය පවත්වාගෙන ගෙන යාම පහසු වෙනවා.
බීමට වඩාත්ම යෝග්‍ය ජල ප්රමාණය කුමක් ද?
දැන් අපි නැවතත් පැමිණ සිටින්නේ මාතෘකාවෙන් අසන ප්‍රශ්නය වෙතමයි. මෙතෙක් සඳහන් කළ කරුණු සලකා බලන විට කිවහැක්කේ ඔබට බීමට යෝග්‍ය ජල ප්‍රමාණය මෙපමණකැයි කිසිවෙකුටත් කිව නොහැකි බවයි. මන්ද එම ප්‍රමාණය ඒ ඒ පුද්ගලයා මත රැඳෙන නිසයි. සමහරුන්ට ජලය වැඩිපුර පානය කිරීමෙන් යම් වාසි අත්වෙන අතර තවත් සමහරුන්ට එය හුදෙක් වැසිකිළි යන වාර ගණන වැඩි කිරීමට පමණක් හේතු වන්නක් පමණක් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මාර්ගෝපදේශ හැකිනම් පිළිපැද බලන්න:
- ඔබට පිපාසය දැනුන විට වතුර පානය කරන්න
- තවදුරටත් ඔබට පිපාසය දැනෙන්නෙ නැත්නම් ජලය බීම නතර කරන්න.
- උෂ්නාධික වේලාවන්හි සහ ව්‍යායාම ආදි ඇඟ වෙහෙසන වේලාවන්හිදී ඔබේ සිරුරෙන් අහිමිව යන ජලය ප්‍රමාණයට සරිලන සේ ප්‍රමාණවත් ජලය පානය කිරීමට වගබලා ගන්න
අන්න එහෙම තමයි මේක විසඳා ගන්න තියෙන්නෙ.
Healthline හි පළවන How Much Water Should You Drink Per Day? යන ලිපිය ඇසුරෙනි