සැමට විදු නැන නුවණ – Science Literacy for All

කොවිඩ් 19 ට එරෙහි සටනට නව අවියක්: ආහාර වර්ණක

කොවිඩ් 19 ට එරෙහි සටනට නව අවියක්: ආහාර වර්ණක

එක්සත් ජනපද ආහාර සහ ඖෂධ ෆෙඩරල් ඒජන්සිය(FDA -ආහාර සහ සෞඛ්‍යයට අදාළ නව නිශ්පාදන නියාමනය පැවරී ඇති ආයතනය)  මගින් අනුමත කෙරුණු ආහාර  වර්ණකවල එයරසෝල යොදාගනිමින් වාතයේ ගැවසෙන වෛරස නිහීන කිරීමේ හැකියාව ඇති ක්‍රමයක් වැඩිදියුණු කිරීමට පර්ඩූ විශ්ව විද්‍යාලයේ ජෛව වෛද්‍ය ඉංජිනේරු පරීක්ෂණාගාරය සමත්වෙයි.  එයරසෝල යනු වාතයේ රැඳී පවතින ඉතා කුඩා ඝන හෝ ද්‍රව(තරල) ‍ද්‍රව්‍ය කොටස්ය. තමන්ගේ අදහසට අණුප්‍රාණය ලැබුණේ   ප්‍රකාශගතික(photodynamic)  චිකිත්සාව මගින් බව එහි පර්යේෂකයෝ කියති.  මෙම චිකිත්සාව ඇතැම් වර්ගවල පිළිකාව ඇතුළු රෝග සඳහා ලබාදෙන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයකි. ප්‍රකාශගතික චිකිත්සාව සඳහා ප්‍රකාශ සංවේදකාරක භාවිත කරනු ලැබේ. (මුක්ත ඛණ්ඩක – free radicals – නිපදවීම සඳහා ආලෝකය හමුවේ ඔක්සිජන් සමඟ ප්‍රතික්‍රියාකරන රසායනයකි)  මේ කණ්ඩක අතිශය ප්‍රතික්‍රියයි(reactive).

free radical -

ඉන් අදහස් කෙරෙන්නේ ඒවා, හානිකර ව්‍යාධිකාරක විනාස කරන ඒවා ඇතුළුව අනෙකුත් රසායනික ප්‍රතික්‍රියා මුදාහරින බවයි.  මිලෙන් අධික වෛද්‍ය ප්‍රකාශසංවේදකාරක යොදා ගැනීම වෙනුවට පර්යේෂකයෝ දෘශ්‍ය ආලෝකය හමුවේ මුක්ත ඛණ්ඩක ජනනය කිරීම සඳහා  යොදාගතහැකි,  ආහාර වර්ණ කිරීම සඳහා ගන්නා FDA අනුමත ඩයි වර්ග ගණනාවක් හඳුනා ගත්හ. මේ ඩයි වර්ග පාවී ගොස් වාතයේ රැඳී  සිටීමට හැකි වන පරිදි ඔවුහු ආහාර වර්ණක අඩංගු කුඩා එයරසෝල  ජනනය කිරීම පිණිස,  පිරිස අතිධ්වනි තරංග(ultrasound) යොදා ගත්හ. මෙම එයරසෝල ඇහැට දැකගැනීමට නොහැකි තරම් ඉතා කුඩාය. තවද ඒවායේ ප්‍රමාණය කුඩා වීම නිසාත් ආලෝකයේ දී ජීවන කාලය කෙටි වීම නිසාත් එයරසෝල මතුපිටවල් වල පැල්ලම් ඇති නොකරයි.

වාතයේ රැඳී ඇති වෛරස උදාසීන කිරීම පිණිස ආහාර වර්ණක යොදා ගන්නා උපකරණයක මූලාකෘතියකි 

පර්යේෂකයන් මේ ශිල්ප ක්‍රමය ‘ප්‍රකාශගතික වාසර පවිත්‍රකය’  (photodynamic Airborne Cleaner) නම් උපකරණයක් සෑදීම සඳහා යොදගත් අතර එය වාතයේ පා වෙමින් තිබෙන ව්‍යාධිකාරක, විෂබීජහරණයට ලක් කරයි. මෙය, වාසර විෂබීජහරණය සදහා ඇති මේ වර්ගයේ ප්‍රථම ප්‍රකාශගතික එයරසෝල ජනකය ලෙස සැලකේ.

A potential new weapon in the fight against COVID-19: Food coloring |  Considerable

මෙය වැදගත් වන්නේ ඇයි?

වෛරස සහ බැක්ටීරියා බොහෝවිට  සම්ප්‍රේෂණය වන්නේ වාතය හරහාය.  ශොවිඩ් 19  හටගන්වන  SARS-CoV-2 වෛරසයයෙන් ආසාදිත පුද්ගලයෙකු කහින විට  හෝ  කිවිසුම් යවන විට වෛරස සහිත බිඳිති  හා  එයරසෝල  නිපදවේ.  මේවා වාතයේ පාවෙමින් තිබී ආසාදන ඇති කරයි. මේ අවදානම හේතුකොටගෙන ගොඩනැගිලි  අභ්‍යන්තරයේ පුද්ගලයන්  ඒකරාශීවීම දැන් සීමා කර ඇත. කෙසේ වෙතත් වෛරස සම්ප්‍රේෂණය වීමේ අවස්ථා අඩු කරනු වස් බොහෝදෙනෙකු රැස්වන  අභ්‍යන්තරව පිහිටි  විශාල ප්‍රදේශයන්හි වාතයේ විෂබීජහරණය  සහ සනීපාරක්ෂාකරණය වැදගත්ය.

ප්‍රකාශ ගතික ක්ෂේත්‍රයේ සිදුකෙරෙන අනෙකුත් පර්යේෂණ මුලින්ම කරලියට ආවේ බැක්ටීරියා ආසාදන එරෙහි සටනට උපකාර වන්නත් ලෙසිනි. ඔක්සිජන මුක්ත ඛණ්ඩක වලට විශේෂයෙන්ම ඔක්සිජන් තනිත්ත(singlet oxygen) වලට වෛරස අක්‍රිය කළ හැකිය.  ඒ, වෛරස සමන්විත වී තිබෙන නියුක්ලෙයික් අම්ල, ප්‍රෝටීන සහ ලිපිඩ හානි කිරීමෙනි. විශේෂයෙන්ම ඔක්ෂිජන්  තනිත්ත, බොහෝ වෛරස වටා ඇති ආරක්ෂක පලිහ බඳු ලිපිඩ කවචය හෙවත් ආවරණය බිඳ හෙලීමෙහි ලා  ඵලදායි ය.   SARS-CoV-2 වෛරසය ඇතුළු ම්නුෂ්‍යයන්ට හානිකර වෛරස බොහොමයක් සතුව මෙම ආවරණය ඇත.

UVC Facts (FAQ) – Steril Aire

විෂබීජ හරණය සඳහා ශිල්ප ක්‍රම ගණනාවක් ම තිබෙන බව ඇත්තකි. උදාහරණයක් ලෙස එයරසෝලගත හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්,  හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්  වාෂ්ප,  ඕසෝන,  හුමාලය සහ  C-පාරජම්බුල කිරණ(UV-C) දැක්විය හැකියි. කෙසේ වෙතත්,  මේවා වඩාත් යෝග්‍ය වන්නේ මතුපිටවල විෂබීජ හරණයට මිස වාතයේ පාවෙමින් තිබෙන  ව්‍යාධිකාරක අක්‍රීය කිරීමට නොවේ.  එපමණක් නොව ඒවා මනුෂ්‍යයන්ට හානිකර වීමටද පුළුවන. නිදසුනක් දක්වන්නේ නම්  C-පාරජම්බුල කිරණ විෂබීජ හරණය සඳහා බහුලව යොදා ගත්ත ද,  එය පිළිකා කාරකයකි.

පර්යේෂකයන් ගේ මීළඟ පියවර වන්නේ, එක්සත් ජනපද ෆෙඩරල් පර්යේෂණ කණ්ඩායමක සහයෝගය ඇතිව,  SARS-CoV-2  වෛරස වාතයේ සම්ප්‍රේෂණය වීමට එරෙහිව ඔවුන්ගේ ප්‍රකාශ ගතික වාසර වාසව පවිත්‍රිකයෙහි කාර්යක්ෂමතාව ඇගයීමට ලක් කිරීමය.

 

The Conversation හී පළ වූ   A potential new weapon in the fight against COVID-19: Food coloring යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: