New Diamond නෞකාවේ ගින්න, ගිනි හටගැනීම ගිනි මැඩපැවැත්වීම් ආදිය ගැන ලංකාවාසී ජනතාවගේ උන්නන්දුව දැල්වී තිබේ.
ගින්දර ගැන නොදන්නා කෙනකු ලොව සතර දිග් භාගයේ කොතැන බැලුවත් සොයා ගැනීමට නොහැකියි. ගින්න ඒ තරමට අපගේ ජීවිත වලට සම්බන්ධයි. මිනිස් වර්ගයාගේ යහපැවැත්මට නොයෙක් ආකාරයෙන් ගින්දර ප්‍රයෝජනවත් වී ඇතුවා සේම මනුෂ්‍යයන්ට ඉමහත් කරදර හානි පමුණුවන්නට ද ගින්දර හේතුවී තිබෙනවා. ගින්න ගැන අප කොපමන දැන සිටියත්, තව තවත් දේ රැගෙන thathu.com සතිපතා ගෙන එන ලිපි මාලාවක තවත් ලිපියකි මේ.
ගිනි මැඩලීමේ ප්‍රතිවිපාක
නාගරික පරිසරය තුළ ගිනි මැඩලීම අවශ්‍ය බවට සැකයක් හෝ මතභේදයක් නොමැත. එහෙත්, වන බිම් ගතහොත් ඒ ගැන වාද විවාද පවතිනවා පමණක් නොව ගින්නක් නිවා දමන ක්‍රමද විවිධ ආකාර විය හැකිය. වන බිමක ඇතිවන ගිනි තත්ත්වයන් ගතහොත් එහිදී කළයුත්ත ගිනි මැඩලීම බව පැහැදිලිව පෙනී යා හැකිය. බාගදා මෙවැනි හැඟීමක් ඇති වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ Smokey the Bear ව්‍යාපාරය සහ වෙනත් රටවල් ගණනාවක ඒ ආකාර ගිනි වැළැක්වීමේ ප්‍රයත්නවල සාර්ථකත්වය මත විය හැකියි. අහසට ගිනි දැල් නගමින් වනාන්තර දැවෙන රූප, රූපවාහිනියේ දී දකිද්දී අපට ලැව්ගිනි අන්තරාය ගැන බිය අප වෙළා ගන්නා අතර අතර ගිනි මැඩපැවැත්වීමේ තදබල වුවමනාවක් ද ඇති කරයි. ගින්නෙන් නිවාස සහ පුද්ගලයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන විට මෙය විශේෂයෙන්ම අත්දැකිය හැකි අතරම එවැනි අවස්ථාව මතු නොවූවත් ගිනි මැඩලීමේ ආශාව නොනැසී එක දිගටම පවතින්නකි. කෙසේ වෙතත් ඇතිවන සෑම ගින්නත් වහාම නිවා දැමීමට උත්සාහ කිරීම පිළියම නොවන බව අපි දැන් දනිමු. එහෙයින් අප සාකච්ඡා කළ යුත්තේ ලැව්ගිනි මැඩලිය යුත්තේ කොයි අවස්ථාවේ ද එසේ නැතිනම් කොයිබ ද යන්න ගැනයි.
කෙසේ වෙතත් ලැව්ගිනි මැඩලීම සඳහා අපට ඇති හැකියාව පසුගිය පනස් වසර තුළ දී සැලකිය යුතු ප්රමානයකින් වර්ධනය වී තිබේ. අප මෙහිදී ගිනි මැඩලීමේ ප්‍රධාන ක්‍රම තුනක් ගැන සලකා බලන්නෙමු: දහන කලාපයට ඉදිරියෙන් ඇති ඉන්ධන ඉවත් කිරීම; දැවෙන ඉන්ධන වල උෂ්ණත්වය අඩු කිරීම; හෝ ඔක්සිජන් ඉවත් කිරීම පිණිස ගින්න යටපත් කිරීම(මහ දෙණිබිම් වල ගිනි නිවීමට භාවිත කරන්නේ මේ ප්රවේශයයි).
ගිනි නිවන වාහනයක් මාර්ගයෙන් ලබාගන්නා ජල යොදාගනිමින් ගින්නක් නිවා දැමීම ගැන අප සිතන්නට පෙළඹීම බෙහෙවින් ස්වභාවිකය. කෙසේ වෙතත් නාගරික පරිසරයකදී ගිනි නිවීම සඳහා යොදාගන්න වාහනයට වඩා ලැව්ගිනි නිවා දැමීම පිණිස යොදා ගන්නා වාහනය බෙහෙවින් වෙනස් එකක් විය හැක්කේ ජලය පහසුවෙන් ප්‍රතිපූරණය කිරීමට නොහැකිවන හෙයිනි. ඈත එපිට දුෂ්කර ප්‍රදේශ වලදී, අවශ්‍ය ජලය පොකුණු, කෘතිම ජලාශ හෝ මුහුදෙන් පවා ලබාගැනීමේ හැකියාව ඇති හෙලිකොප්ටරයක් යොදාගනිමින් හෝ මහා දුරකින් ජලය ලබා ගෙන ප්‍රවාහනය කරමින් ගින්න මතම නොව නියම කරන ලද ස්ථානයකටම නැතිනම් ඉදිරියට ඇදෙන ගින්නක් ඉදිරියේ දැමිමේ හැකියාව ඇති විශාල ගුවන් යානා යොදාගනිමින් හෝ ජලය සපයාගෙන අහසින් ගෙනගොස් දැමීමට පුළුවන. ගිනි අඟුරු හෝ අළු යට ගිනි මගින් හටගන්නා (ස්ථානික ගිනි ලෙස දැක්වෙන ) කුඩා ගිනි නිවා දැමීමේදී මෙම ක්‍රමවේදය බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැකිය. ගිනි නිවා දැමීමට මෙන්ම එය යළිත් ඇවිළීම වැළැක්වීම පිණිස ජලයට, සංකලන ද්‍රව්‍ය(additives) යෙදීමටද පුළුවන.
ගින්දරෙහි චලනය වළක්වාලීම සඳහා ඇති ප්‍රධාන ක්‍රියාමාර්ගයක් වන්නේ ගිනිරහිත කපොලු හෙවත් ගින්දර නොමැති තීරු මාර්ගයෙන් (ඉදිරියට ඇදෙන ගින්නේ ගමන් මගෙන්) ඉන්ධන ඉවත් කිරීම හෙවත් ඈත් කොට තැබීමයි. මතුපිට ගිනි සම්බන්ධයෙන් මෙය විශේෂයෙන්ම ඵලදායීය. මෙය ලැව් ගිනි නිවීමේ නිරතව සිටින විශාල සේවක පිරිසකට ඉතා වෙහෙසකර කාර්යයක් විය හැකිය. එහෙත් එය දේපල ආරක්ෂා කිරීමේ වඩාත් කාර්යක්ෂම මාර්ගය ද වේ. විශේෂයෙන්ම ගින්නක් මැඩපැවැත්වීම සඳහා ක්‍රියා කිරීමේදී ගින්න ඉදිරියට ඇදෙන වේගය සැලකිල්ලට ගැනීමෙන් පමණක් නොව වෘක්ෂලතා, භූ ලක්ෂණ සහ සුළං වේගය හෝ දිසාව සම්බන්ධයෙන් ඇතිවන වෙනස්කම්වල බලපෑම ද සැලකිල්ලට ගනිමින් ගින්නෙහි හැසිරීම් ගැන මනා අවබෝධයක් ලැබීම වැදගත්ය. ගින්නෙහි ව්‍යාප්තියට අදාළ කරුණු හා සාධක පරාසයක් ඇතිහෙයින් ඉතාමත් අත්දැකීම් බහුල ගිනි නිවන පිරිස් පවා අසීරුතාවයන්ට පත්විය හැකිය. ඇමරිකා එක්සත් ජනපදයේ ඇරිසෝනා හී පීනික්ස්ස් ආසන්නයේ යානෙල් කඳු ගින්නේදී (Yarnell Hill Fire) ප්‍රෙස්කොට් නගර ගිනි නිවන භටයින් 19 මෙලෙස මිය යාම නිදසුන් ලෙස දක්වීමට පුළුවන.
These photos of the Yarnell Hill Fire – some taken by members of the Hotshot crew who later lost their lives – speak volumes about the bravery of firefighters who risk their lives to protect the communities in the fire’s path.
ගින්නෙන් ගින්න නැසේ යන්න ඉතා සුලභ ප්‍රකාශයක් වූව ද ගිනි මැඩලීමේ සන්දර්භයක් තුළ එය සෑම විටම පැහැදිලිව වටහා ගනු නොලැබේ. මතුපිට ගින්නක් වුව ද කිරුළු ගින්නක් බවට පත්නොවී පහසුවෙන් නිවා ගැනීමේ හැකියාවන පරිදි ඉන්ධන අඩුකිරීමෙන් ඉතා තීව්ර ගින්නක බලපෑම අඩු කල හැකි ආකාරය අප දැක ඇත.
සුළඟේ දිසාව වෙනස් වීම හේතුවෙන් ගින්න නැවතීමට මගපාදන වේගයෙන් ඇදෙන ගිනි පෙරමුණක පසුපස ගින්නක් ලෙස හෝ ඉන්ධන අඩුකිරීමෙන් ගින්න නිවා දැමීම බොහෝ පහසු කරවන ගිනි පෙරමුණට ඉදිරියෙන් හෝ මතුපිට ගින්නක් ආරම්භ කිරීමට මෙන්ම පාලනය කිරීමටද හැකිය. මෙම සියළු ප්රයත්නයන් නොතකා අන්තිමේ දී මහා ගින්නක අවසානය සළකුණු කරණු ලබන්නේ බොහෝවිට කාලගුණ විපර්යාසයක් මගිනි.
වන බිම්-නාගරික ප්‍රදේශ අතුරුමුහුණත ඇතුළත ගිනි
වනබිම්-නාගරික හෝ එංගලන්තය ආදී රටවල දක්වන්නාක් ම ග්‍රාමීය-නාගරික අතුරුමුහුණත යන්න සාපේක්ෂව අලුත් යෙදුමකි මේ දෙක, දෙකක් වුවද අපේ ප්‍රස්තුතයට අදාළව මේ දෙකම එක හා ලෙස සැලකිල්ලට ගනු ලැබේ. මෙයතීරණාත්මක කඩඉමකි බිමකි නැතිනම් කලාපයකි. නගරයක හෝ පුර වරයක පිටත ගිනි යනු නිතර ඇතිවන සංසිද්ධියක් විය හැකියි. මේවා මෙම කලාප ජීවත්වන්නන්ට පමණක් නොව ඉඩම් වෙනත් කාර්යයක් බවට පත් කරන්නන් හෝ කෘෂිකර්මය හා බැඳුණු අය අතරේ හොඳට හුරුපුරුදුය. කෙසේ වෙතත් නාගරික සංදර්භයක් තුළ ගිනි මැඩ්පැවැත්විය යුතුය. මන්ද, පාලනයකින් තොර පැතිරෙන ගින්නක් හේතුවෙන් ගොඩනැගිලි මෙන්ම පුද්ගලයන් ද අවදානමට ලක් වන හෙයිනි. මෙම හේතුව නිසා මෙකී අතුරුමුහුණත, ගිනි සහිත එක ලෝකයඛ් සහ ගිනි රහිත එකක් ලෙස ලෝක දෙකක් අතර ගැටලුවක් බවට පත් විය හැකිය. තවද මානව වර්ගයා නාගරික මධ්‍යස්ථාන වල සිට ගින්නට බෙහෙවින් ගොදුරු විය හැකි වන බිම් පරිසර කරා වැඩි වැඩියෙන් ඇදෙමින් සිටියි.
ගිනිගන්නා සුළු පරිසරයන් තුළ මානව ජනාවාස යනු ආරක්ෂා කරන්නේ කෙසේද යන දැවෙන ප්රශ්නය මින් මතු වේ. ඒ කියන්නේ, දේශගුනික් රෙජීම විශාල පරාසයක් තුළ, විවිධ භූ දර්ශන තුළ, විවිධ වෘක්ෂලතා වර්ග ආදිය අතර ගින්න වෙනස් ආකාරයෙන් ක්‍රියා කරන හැටි අවබෝධ කරගැනීමයි. එහෙත් මානව ජනාවාස පටන් ගැනීමට බොහෝ කලෙකට පෙර සිට ගින්නෙන් මේ මිහිතලය වෙනස් කිරීමට බලපෑ බලවේගයකි, ගින්න.
FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්රයෙන් සැකසෙන ලිපි පෙළකි