පසුගිය වසර 50 ඇතුළත ගෘහස්ථ ජල භාවිතය 600% කින් ඉහළයයි
19 60 සිට ගෙදර දොරේ ජල භාවිතය සීයයට 600 කින් වැඩි වී ඇත. ඇතැම් රටවල මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ගෙවත්තේ තණ මළු සඳහා ජලය යෙදීමයි. වැඩි වෙන ජනගහනය සහ වර්ධනය වන ආර්ථිකයක් හමුවේ 1960 ගණන් වල සිට මනුෂ්‍යයන්ගේ මිරිදිය පිපාසය දෙගුණයකටත් වඩා වැඩි වී ඇතැයි ගණන් බලා ඇත. ලෝකයේ හතරෙන් එකක් අද අතිශය උග්‍ර ජල පීඩනයකට මුහුණ දී සිටිති. මොවුන්ට ලබා ගත හැකි ජලයෙන් 80% ක් බැගින් සෑම වසරක් පාසාම ඉවත් කරගනු ලැබේ.
ලෝකයේ මිරිදිය අතුරෙන් ඉතා වැඩි කොටසක් ඉවත් කිරීම සිදු කරනු ලබන්නේ කෘෂිකර්මය සහ කර්මාන්ත වෙනුවෙනි. එය පිළිවෙලින් සීයට හැත්තෑවක්(70%) සහ දහ නවයක් (19%) වේ. මේ අතරේ ගෙදර දොරේ ජල අවශ්‍යතාව වෙනුවෙන් ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. World Resources Institute හි Aqueduct අලුත්ම සංඛ්‍යාලේඛන දක්වන අන්දමට 1960 – 2014 කාලය තුළ, වෙනත් ඕනෑම අංශයකට වඩා වැඩි සීග්‍රතවකින් ගෘහස්ථ ජල ඉල්ලුම කැපී පෙනෙන ලෙස සියයට 600 කින් වර්ධනය විය.
ගෝලිය වශයෙන් ගත්කල 1960 ගණන් වල සිට මිරිදිය ජලය උපයෝගී කරගන්නා ප්‍රධානතම අංශය අනිත් සියලු අංශ අභිබවා කෘෂිකර්මය වශයෙන් දිගටම පවතී. කෙසේ වෙතත් එහි වර්ධන වේගය සෙසු අංශවල ට වඩා මන්දගාමීය. පසුගිය ශතවර්ශයේදී බෝග වගාව සහ පශූ පාලනය(සතුන් ඇතිකිරීම) සදහා භාවිත කෙරෙන ජල ඉල්ලුම 100% කට වැඩි ප්‍රමාණයකින් වර්ධනය වූ අතර කර්මාන්ත සඳහා අවශ්‍ය ජල ඉල්ලුම තුන් ගුනයකටත් වඩා වැඩි ප්‍රමාණයකි ඉහළ ගියේය. ඊට වැඩි වශයෙන් දායක වූයේ, විදුලි බලය, ඉන්ධන සහ රෙදිපිළි කර්මාන්තය වැනි ජල අවශ්‍යතා බහුල කර්මාන්ත වෙනුවෙන් ඇති ඉල්ලුම ඉහළ යාමය.
මෙම කාල වකවානුව තුළ ලෝක ජනගහනය බිලියන හතරකට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගිය අතර නාගරික ප්‍රදේශවල ජල භාවිතය හය ගුණයකින් වර්ධනය වීමට මෙය බල පෑවේය. ජනගහනය ඉහළ යමින් වැඩි වැඩියෙන් නිවාස තැනෙන විට පුරවර, නගර ගොඩ නැගෙන විට කවරදාකටත් වඩා ජල අවශ්‍යතාව වැඩි වේ. බීමට සුදුසු, ආරක්ෂා සහිත ජලය ලබා ගැනීමට හැකියාවක් නොමැති, බිලියන 2.1 ජනතාව සඳහා අප ජලය සපයා දිය යුතුව ඇත. එසේ කළ යුත්තේ අර්බුදයන් වලක්වා ගනිමින් සහ ජල පීඩනය අඩු කරගනිමින් මෙම සම්පත වඩාත් කාර්යක්ෂමව යොදා ගැනීමෙනි.
අප ගෘහස්ථ ජල භාවිතය හා සමාජ ආර්ථික වර්ධනය අතර ඈදුම ඉවත් කළ යුතුය
ජලය මත ඇති පීඩනය තවදුරටත් උග්‍ර අතට හරවන්නේ නැතිව ආර්ථිකයන් හා ජනගහනය වර්ධනය වීම සඳහා අප අවස්ථාව සලසා දිය යුතුය. ඇතැම් රටවල් දැනටමත් මෙය සිදු කරමින් සිටී. එමෙන්ම එම රටවල් අනෙක් අයට මේ සම්බන්ධයෙන් ආදර්ශ සපයයි. නිදසුනක් ගෙන බලමු: ජනගහනය සහ දළ දේශීය නිෂ්පාදනය ඉහළ ගිය ද ගෘහයන්හි භාවිත කෙරෙන ජලය ඇතුළුව ඇමරිකා එක්සත් ජනපදයේ සමස්ත ජල ඉවත් කිරීම 2005 සිට 2015 දක්වා අතරතුර කාලයේදී ඇත්ත වශයෙන්ම පහතට වැටිණ. කෙසේ වෙතත්, සමස්ත ජල භාවිතය පහත වැටුණ ද එය නොතකා සංවර්ධිත රටවල් සහ නැගී එන ආර්ථිකයන් සහිත රටවල් තිහක් අතර තවමත් එක්සත් ජනපදය ඒක පුද්ගල ජල පරිහරණය අතින් ඉහළින්ම ඇත.
ජනගහනය වර්ධනය වෙද්දී ද රටවල් තම ජල අවශ්‍යතාව පහත දමාගන්නේ කෙසේද?
ගෙදර දොරේ ජල භාවිතය අඩු කිරීමෙහිලා සමාගම්, රජයන් සහ පුද්ගලයන් ක්‍රියාකාරී විය යුතුය.
ගෙදර දොරේ ජල භාවිතය අඩු කිරීමේ වගකීම නිවාස හිමියන්ට පැවරීම පහසුවද ඇත්ත වශයෙන්ම වඩාත් වැදගත් වන්නේ ජලය සඳහා ඇති ඉල්ලුම අඩු කිරීමෙහි ලා සමාගම් සහ රජයන් පිළියම් ලබාදීම, ආයෝජනය කිරීම සහ දිරි ගැන්වීමේ ක්‍රමයක් සැපයීම සඳහා ක්‍රියා කිරීමයි. ගෘහස්ථ ජල ඉල්ලුම පහත හෙලීමේ ලා අනුගමනය කළ හැකි පියවර කීපයක් ගැන අපි ලබන සිකුරාදා කතා කරමු.
World Resources Institute වෙබ් අඩවියෙහි පළ වූ Domestic Water Use Grew 600% Over the Past 50 Years යන ලිපිය ඇසුරෙනි