සැනිටයිසර හෙවත් විෂබීජහරණ සෞඛ්‍යාරක්ෂක දියර භාවිතයේ ඇත්ත නැත්ත
කොවිඩ් 19 ගෝලිය මහා වසංගතය හමුවේ අත් පිරිසිදු කිරීම කෙරෙහි වෙන කවරදාටත් වඩා වැඩි අවධානයක් යොමු වී තිබේ. මෙහිදී සබන් සහ ජලය යොදා පිරිසුදු කිරීම වගේම ගමනක් බිමනක් යන අවස්ථාවල හෑන්ඩ් සැනිටයිසර නැතිනම් දෑත් පිරිසිදු කිරීමේ සෞඛ්‍යාරක්ෂක දියර භාවිතා කිරීමට බොහෝ දෙනෙක් පෙලඹී සිටිති. සැනිටයිසර නැත්නම් සෞඛ්‍යාරක්ෂක දියර වලින් අත් පිරිසිදු කිරීමෙන් අපට කොවිඩ් 19 හටගන්වන SARS-CoV-2 වෛරසයෙන් ඇත්තටම ආරක්ෂාව සැලසෙන්නේ ද? එමෙන්ම පිරිසිදුකාරක හැටියට සැනිටයිසර අපේ දෑත් පිරිසිදුව තබා ගැනීමට කොතරම් දුරට දායක වන්නේ ද? අද තතු ලිපියෙන් විමසා බැලෙන්නේ ඒ ගැනයි.
සැනිටයිසර ඇත්තටම ඔබේ දෑත් පිරිසිදු නොකරයි
සැනිටයිසර විෂබීජ විනාශ කිරීමෙන් ඔබට ආරක්ෂාව සලසන නමුත් ඔබේ දෑත්, දැලි කුණු ආදියෙන් පිරිසුදු කර තබා ගැනීමට දායක වන්නේ නැත. ඇත්තටම දූවිලි, දැලි කුණු ආදියෙන් දෑත් අපිරිසිදු වී ඇත්නම් සැනිටයිසරවලින් අපේක්ෂිත කාර්ය වන විෂබීජ නැසීම ද පහසු වන්නේ නැත. ගෙවත්තේ වැඩ කිරීමෙන් පසුව හෝ පිටත ක්‍රීඩා කිරීමෙන් හෝ වෙනත් කටයුතුවල යෙදීමෙන් පසුව ශරීරය පිරිසිදු කිරීම සඳහා උචිතම මාධ්‍යය වන්නේ සබන් ගා අතුල්ලා ජලයෙන් හොඳින් ඇඟ සෝදාගැනීමයි.
පිරිසිදුකාරකයක් හැටියට සැනිටයිසරවලට වඩා, සබන් ඉදිරියෙන් සිටී
සබන් සහ ජලය යොදාගෙන පිරිසිදු කිරීමෙන් ඇඟපත අතපය පිරිසිදු වෙනවා පමණක් නොව විසබීජහරණය ද සිදුවේ norovirus, Cryptosporidium, Clostridioides difficile ආදී විසබීජ විනාශ කිරීමේදී සබන්, සැනිටයිසරවලට වඩා කාර්යක්ෂමය. සබන්වලට කිරීමට හැකි අන්දමට රසායන සහ බැර ලෝහ ඉවත් කිරීමේ හැකියාව අත් සැනිටයිසරවලට නැත.
සියලුම සැනිටයිසර එක සමානව නිෂ්පාදනය කර නොමැත
ඇමරිකා එක්සත් ජනපද රෝග පාලනය කිරීමේ මධ්‍යස්ථාන(Centers for Disease Control) නිර්දේශ කරන්නේ අඩු තරමින් 60% ක් වත් මද්‍යසාරය සහිත සැනිටයිසර භාවිත කරන ලෙසයි. එලෙස ක්‍රියා කිරීමෙන් ඔබට වඩාත්ම ප්‍රබල විසබීජ නාශකයක පිහිට ලැබෙන බව සහතික කරගත හැකියි.
ඒවා භයානක වීමට ද ඉඩ තිබේ
හොදම සැනිටයිසර වර්ග මද්‍යසාරය පාදක කරගෙන නිපදවා ඇත. ඒවා වහා ගිනිගන්නා සුළු බව ද එයින් අදහස් වෙන්නේය. ගිනි දැල් තිබෙන හෝ අධික උෂ්ණත්වයක් ඇති තැන්වලින් ඈත්කොට සැනිටයිසර තැබීමට වගබලා ගන්න.
සැනිටයිසරවල ධුලක කොටස් අන්තර්ගත විය හැකිය
එක්සත් ජනපද ෆෙඩරල් ඖෂධ අධිකාරිය(Food and Drug Administration) සිදු කළ අධ්‍යනයක දී සැනිටයිසර වර්ග 100කට අධික ප්‍රමාණයක මෙතනොල් මධ්‍යසාරය (ප්‍රධාන වශයෙන් මෙතේන් ඔක්සීකරණය කිරීමෙන් සාදා ගන්නා ධූලක හෙවත් විෂ සහිත, ද්‍රව ඇල්කොහොල් වර්ගයකි. මෙතිල් ඇල්කහොල් ලෙසද දැක්වේ) අඩංගු බව හෙළිවිය. මෙම මද්‍යසාරය වර්ගය ඔබේ සම මාර්ගයෙන් අවශෝෂණය වීමට හැකි වේ. එවිට, වමනය, ඔක්කාරය, ග්‍රස්ථය(වලිප්පුව), අවිෂද දෘෂ්ටිය, සදාකාලික අන්ධ භාවය අධිමුර්ජාව(කෝමා), ස්නායු පද්ධතියට ස්ථිර හානිපැමිණීම, හෝ මරණය පවා ඇති කළ හැක.
එමගින් සාමාන්‍ය සෙම්ප්රතිශ්යා හෝ ෆ්ලූ වෛරස නැසීමට නොහැකි වීමට පුළුවන
ශ්ලේස්මල ඔබගේ දෑත් වල රැඳී ඇත්නම් අත් සැනිටයිසරවලින් ඉටු විය යුතු ආකාරයටම ඒවා හරියාකාරව ක්‍රියාකාරී නොවන්නට ඉඩ ඇතැයි එක් අධ්‍යයනයක් පෙන්නුම් කරයි. විද්‍යාඥයන් දක්වන්නේ ශ්ලේෂ්මලවල ඝනකම අනුව ඒවායේ තුළ විෂබීජ සුරක්ෂිතකිරීමට උපකාරී විය හැකි බවයි. කැස්සක් හෝ කිවිසුමක් පිටකිරීමන් පසුව පිරිසිදු කිරීමට හොදම හෙවත් යෝග්‍යතම මග වන්නේ සබන් යොදා අත් සේදීමයි.
සැනිටයිසර වැඩියෙන් භාවිතා කිරීම, ඔබේ සමට හානිකර විය හැකියි
මද්‍යසාරය ඔබේ සම විඅයළිබවට පත් කිරීමට හෝ එහි පැළුම් ඇති කිරීමට හේතු වීමට පුළුවන. එවිට එය(පැල්ම) විසබීජ සඳහා ඇතුල්විය හැකි දොරටුවක් බවට පත්වනු ඇත. එවැන්නක් සිදුවීම වැළැක්වීම සඳහා වරකට යාන්තමට ප්‍රමාණවත් වන තරමට සැනිටයිසර යොදාගන්න. යම් උත්කෝපනයක් ඇති වන්නේ නම් සහනයක් ලැබීම සඳහා සැනිටයිසර යොදා ගත් සැනින් ලෝෂන් පාවිච්චි කිරීමට පුළුවන.
ඇතැම් විට ඔබ සැනිටයිසර වැරදියට භාවිත කරනවා විය හැකිය
අත් සැනිටයිසරයකින් ඔබ බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ලබාගැනීමට නම් ඔබේ දෑත් දැලි කුණු දූවිලි ආදියෙන් තොරවිය යුතුය. ඔබේ අල්ලට සැනිටයිසර වරක් හෝ දෙවරක් විදින්න. දැන් ඔබේ ඇඟිලි ද ඇතුළුව අත් වියළි බවක් දැනෙන තුරු හොඳින් අතුල්ලන්න. මේ සඳහා සාමාන්‍යයෙන් තත්පර විස්සක් ප්‍රමාණවත් වේ.
එය(සැනිටයිසර) පානය කිරීම අන්තරා කාරී විය හැකිය
ඇල්කහොල් විෂවීම සඳහා අවශ්‍ය වන්නේ සැනිටයිසර උගුරු එකක් හෝ දෙකක් පමණ ප්‍රමාණයකි. කුඩා ළමයෙක් නම් ඊටත් අඩු ප්‍රමාණයකි. එහෙයින් එය භාවිතා කිරීම සඳහා ගතයුතු අවස්ථාවේ හැර සැනිටයිසර කුඩා ලමුන්ට ගත නොහැකි ස්ථානයක තබන්න අමතක කරන්න එපා.
ඉහත දක්වා ඇති අන්දමට ශරීරයේ දැලි කුණු දූවිලි ආදිය නිසා අපිරිසිදු වී ඇත්නම් සැනිටයිසර භාවිතයෙන් නිසි ප්රයෝජන ලබාගත නොහැකි බව පෙනී යනු ඇත. ඊට අමතරව අපේ දෑත් වලට විසබීජ පැමිණෙන සුලබ මාර්ග ගැන සැලකිලිමත් වීමද වැදගත්ය. ඉන් කීපයක් මෙහි දක්වමු
ජංගම දුරකථන
මේවා ඔබ යන යන තැන රැගෙන යන උපකරණය. ඔව්, වැසිකිළියට යන විට පවා සමහරු ඒවා රැගෙන යති. එහි ප්‍රතිඵලයක් වශයෙන් එය සාමාන්‍ය වැසිකිලි පෝච්චි කවරක මෙන් දස ගුණයක් අපිරිසිදු විය හැකිය. බඩේ අමාරු ආදිය ඇති කරන E. coli වැනි බැක්ටීරිආ වර්ග එමගින් ඔබට වැළඳීමට පුළුවන
දුරස්ථ පාලකය
මෙය ගෙදර සිටින සැමදෙනාම පමණක් නොව අල්ලපු ගෙවල් වලින් පැමිණෙන කුඩා ළමුන් පවා අල්ලන උපකරණයකි. අනික, ඔබේ අපිසිදු අතක නොවේ නම් බොහෝ අවස්ථාවල දුරස්ථ පාලකයක් රැඳී තිබෙන්නේ ගෙබිමෙහි හෝ නිතර පිරිසිදු නොකරන ටීපෝවක් වැනි අපිරිසිදු මතු පිටකය
පරිගණක යතුරු පුවරුව
බස්රථ හෝ වෙනත් වාහන නැගී කාර්යාලයට යන ඔබ කෙලින්ම පරිගණකය වෙත ගොස් යතුරු පූරුව භාවිත කිරීමට ඉඩ තිබේ. කුඩා ළමයි කිවිසුම් යවනවිට මුව වසා ගන්නා අතින්ම යතුරුපුවරුව ක්‍රියාකරති. යතුරු පුවරු මත කුමන කෘමීන් ගමන් කරන්නේ දැ යි අපි නොදන්නෙමු. එහෙයින් එයද විෂබීජ ගෙන එන සුලබ මාධ්‍යයකි
පිඟන්, වළං හෝදන ඉස්පන්ජිය
පුදුමයි නේද? අපි ඉස්පන්ජි පාවිච්චි කරන්නේ පිරිසිදු කිරීමටයි. එහෙත් අපි ඉස්පන්ජි පිරිසිදු කරන්නේ කෙසේද? ඊට පහසු මගක් නැත. අනික ඒව ඉක්මනින් අපිරිසිදු ජලය අවශෝෂණය කරගනී. නිවසේ ඇති අපිරිසිදුම දේ ඉස්පන්ජි යයි කිව්වොත් පුදුම වෙන්න එපා. ඉතින් කළ හැක්කේ අපිරිසිදු වී ඇතැයි දැනෙන විගස අලුත් ඉස්පන්ජියක් භාවිතයට ගැනීමයි.
මුදල්නෝට්ටු හා කාසි
අප නිතර භාවිත කරන තවත් දෙයක් තමයි නෝට්ටු වේවා කාසි වේවා මුදල්. ගමනක් යනවිට ගෙවීමට, බඩු මුට්ටු මිලදී ගැනීමට, කෑම බීම සඳහා ගෙවීමට ආදී වශයෙන් දිනපතා ම වාගේ අපට මුදල් නෝට්ටු කෝ කාසි අතපත ගෑමට සිදුවේ. මේවා කීදෙනෙක් අතට යන්නේ දැයි අප දන්නේ නැත. එහෙත් එහෙත් ඒවායේ විෂබීජ බහුලව ඇතැයි අපට කීමට පුළුවන.
රෙදි හෝදනය
රෙදි සෝදනයක දමා පිරිසුදු කරගත් පසු ඇඳුම් වල විෂබීජ නැතැයි අපි සාමාන්‍යයෙන් සලකමු. එහෙත් එක් අධ්‍යයනයකින් පෙනී ගියේ රොටාවෛරසය ඇතුළුව ලෙඩ රෝග ඇති කරවන ප්‍රබල වෛරස ගණනාවක් රෙදිසෝදනයේ ‘දඩුවමින්’ ගැලවෙන බවයි.
WebMD women’s health හි පළවූ The Truth About Hand Sanitizer යන ලිපිය ඇසුරෙනි