සැමට විදු නැන නුවණ – Science Literacy for All

කොරෝනා මඩලන වැක්සීනයක සිහිනය

කොවිඩ් 19 හට ගන්වන නව කොරෝනා වෛරසය ගැන පසුගිය වසර අග දී මුලින්ම අසන්නට ලැබුණු විට සාමාන්‍ය මහජනතාව පමණක් නොව විද්‍යාඥයන් පවා එය මේ සා දරුණු ප්‍රතිවිපාක ගෙන එන ගෝලීය වසංගතයක් වේයයි කල්පනා නොකරන්න ඇත. අද වන විට ලොවපුරා ආසාදිත සංඛ්‍යාව කෝටි තුන ඉක්මවයි. දැනටමත් මිලියනයකට ආසන්න පිරිසක් මිය ගොසිනි. මහා වසංගතය හමුවේ ලෝකයේ බලවත් රාජ්‍යයන් පවා පසුබෑමට ලක්වෙද්දී ඇතැම් රටවල් සාර්ථකව මුහුණ දුන් බවක් පෙණී ගියේය. එහෙත් එම රටවල් ද මහා වසංගතය යළි හිස ඔසවන ලකුණු පහළ වී ඇත. එකම ගැලවීම කාටත් පහසුවෙන් ලබා ගත හැකි එන්නතක් හෙවත් වැක්සිනයක් බව විශේෂඥයෝ පළකර සිට්න අතර ලෝක ජනතාව ඒ ගැන උනන්දුවෙන් පසුවෙති; සිහින මවති. එහෙත් එය ඉටුවන්නේ කවදා ද? අද තතු ලිපිය වෙන්වන්නේ ඒ ගැන සාකච්ඡා කරන්නයි. මන්ද මෙහි ඇති කරුණු කාරණා වඩාත් අදාල වන්නේ එක්සත් ජනපදයට වුවත්, එහි පාඩම් ලෝකයාටම පොදු බැවිනි.

 

සියල්ල සැලසුම් කළ ආකාරයෙන්ම  සිදුවුවහොත් වසර අවසානය වන විට භාවිතය සඳහා  වැක්සීන කීපයක්ම සූදානම් වනු ඇති බවට අපට බලාපොරොත්තු තැබිය හැකි යයි විද්‍යාඥයෝ හා වැක්සීන තනන්නෝ කියා සිටියේ බොහෝ කලකට පෙර සිටය.  වැක්සීන යක් පරීක්ෂාවට ලක් කිරීම හා නිෂ්පාදනය කිරීම බෙහෙවින් සංකීර්ණ කාර්යයකි. එපමණක් නොව අවිනිශ්චිතා රැසකටද මුහුණ පාන්නට සිදුවේ විද්‍යාඥයන් සහ  විශේෂඥයන් දැන් ප්‍රකාශ කර සිටින ආකාරයට වැක්සීනයක් බලාපොරොත්තු විය හැකි කාලවකවානුව හොදම තක්සේරුව වන්නේ මෙයයි: සැලසුම් කළ ආකාරයටම හරියට අකුරට කටයුතු සිදු වූවොත් (එලෙස සිදුවන්නේ බොහෝ කලාතුරකින් බව ඉතිහාසය අපට පෙන්වා දී ඇත) ඉහළ අවදානම්ග්‍රාහී තත්ත්වයක සිටින කණ්ඩායමේ ඇතැම් පුද්ගලයින්ට මේ වසරේ දීම වැක්සීනයක් ලබාදීමට හැකිවේ.  කෙසේ වෙතත්, ඇමරිකානුවන් බොහෝ දෙනෙකුට ඒ සඳහා තවත් සැලකිය යුතු කාලයක් බලා සිටීමට සිදු වෙනු ඇත.

Infographic showing the development process of a vaccine

එහෙම නම් විද්‍යාඥයන් සහ වැක්සීන කොම්පැනි දැන් කියා සිටින්නේ කුමක්ද ?

එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථාන(Centers for Disease Control and Prevention) අධ්‍යක්ෂ රොබට්  ආර්. රෙඩ්ෆීල්ඩ් මේ සම්බන්ධයෙන් දරන අදහස වෙනත් විශේෂඥයන් ගේ ඇස්තමේන්තු හා කදිමට සැසදේ. ඔවුන් දක්වන අන්දමට වැක්සීනයක් මහජනතාවට ලබාගැනීමට හැකි වෙතැයි සිතිය හැකි ආසන්නම කාල වකවානුව ලබන වසරේ පෙබරවාරිය හෝ සමහර විට එය ලබන ජූලි හෝ අගෝස්තු මාස වන්නට ද ඉඩ තිබේ


Trump disputes health officials, sees mass vaccinations soon

අළුත්ම වාර්තා වල දැක්වෙන්නේ, නොවැම්බර ජනාධිපතිවරණයට පෙර වැක්සීනයක් කෙසේ හෝ බලපෑම් කර නිපදවා ගැනීමේ දැඩි උත්සාහයක යෙදී සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙබරවාරි වනතුරු භාවිතය සඳහා වැක්සීනයක් නිකුත් කිරීමට නොහැකිබව පිළිගෙන ඇතැයි යන්නය.


Coronavirus vaccine updates latest news: From possible availability of Chinese COVID-19 vaccine by 2020 end to favourable results of Eli Lilly's antibody treatment, everything you should know about COVID treatment

සායනික පරීක්ෂණ අවසන් අදියරට පැමිණ ඇති වැක්සීන නිපදවන එක්සත්  ජනපදයේ සමාගම් තුන අතුරෙන් මූලික ප්‍රතිපල ඔක්තෝබරය අවසන් වනවිට ලබාගත් හැකි වෙතැයි ප්‍රකාශ කර ඇත්ත් පයිසර්(Pfize) සමාගම පමණකි. අනෙක් සමාගම් දෙක වන මොඩර්නා(Moderna) සහ ඇස්ට්‍රාශෙනෙකා(AstraZeneca) වඩාත් අපැහැදිලි බවක් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ වසර අවසන් වන විට ප්‍රතිපල අපේක්ෂා කරන බවයි.

එහෙත්  පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය,  ආහාර සහ ඖෂධ පරිපාලනයේ උපදේශක පැනලයේ සාමාජික වෛද්‍ය  පෝල් ඔෆ්ෆිට්, පයිසර් සමාගම් කාල රේඛාව ගැන සැක පහළ කරයි. “ඒ අයට කියන්න තිබුණේ ලබන වසරේ ආරම්භය වන විට යමක් අපිට කීමට හැකියාව තිබෙන බව කියලයි” ඔෆ්ෆිට් කියා සිටී. මොඩර්නා නොවැම්බර් වන විට මූලික ප්‍රතිඵල අත්පත් කරගත හැකි වෙතැයි කියා සිටියද පසුව නිකුත් කළ නිවේදනය අනුව ඇස්තමේන්තු කළ හැක්කේ පර්යේෂණ දත්ත වල ප්‍රථම විශ්ලේෂණ දෙසැම්බර් අගත බලාපොරොත්තු විය හැකි බවයි

තුන්වෙනි සමාගම වන ය ඇස්ට්‍රාශෙනෙකා ඔවුන්ගේ වැක්සීනය පිළිබඳ  ගෝලීය පරීක්ෂණ මේ මාසයේ අත්හිටවනු ලැබීය, පරීක්ෂණවලට සහභාගි වන අයෙකු දරුණු ස්නායුගත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙනි.  පරීක්ෂණ එක්සත් රාජධානියෙ යළි ආරම්භ කොට ඇතත් එක්සත් ජනපද පරීක්ෂණ තවම පටන් ගෙන නැත.

කාල රේඛාව පමා  කිරීමට හෝ වේගවත් කිරීමට බලපාන්නේ කුමක්ද?

වැක්සීන පිළිබඳ  සායනික පර්යේෂණ පවත්වමින් ඉන්නා අවස්ථාවේ ස්වාධීන විශේෂඥයන්ගේ  ස්වාධීන පැනලයන් වරින් වර දත්ත පරීක්ෂාවට ලක් කරයි. යම්කිසි වැක්සීනයක ක්‍රියාකාරීත්වය අතිශය කාර්යක්ෂම  බවට ලක්ෂණ පෙන්නුම් කළහොත් තවදුරටත් පරීක්ෂණ මට්ටමෙන් එම වැක්සීනය ලබාදීම සදාචාරාත්මක නොවන බව මෙම පැනලයන්ට කියා සිටිය හැකිය. පරීක්ෂණයට බදුන් කර ඇති යම් වැක්සීන කොවිඩ් 19 වළක්වා ගැනීමට අසමත් වේ නම් කෝ බරපතළ ආරක් ෂාව පිළිබඳ ගැටළු මතු කරන්නේ නම් හෝ එවැනි වැක්සීන පිළිබඳ පරීක්ෂණ නතර කරන ලෙස ද සමාගම්වලට දැනුම්දීමට ද මෙම පැනලයන්ට අවසර තිබේ

වැක්සීනයක් අනුමත කිරීමට ආහාර හා ඖෂධ පරිපාලනයට කොපමණ කලක් ගත වේද?

ආහාර හා ඖෂධ පරිපාලනය සමග වැක්සීන නිපදවන සමාගම් නිරතුරුව සම්බන්ධකම් පවත්වයි.  ප්‍රතිඵල ඉතා පැහැදිලිව පෙන්නුම් කරන්නේ නම් දින කිහිපයක් ඇතුලත හදිසි අවස්ථා අනුමැතියක් ලබා දීමට මෙම පරිපාලනයට හැකියාව තිබෙන බව විශේෂඥයෝ අනාවැකි පළ කරති.

Coronavirus Vaccine Latest Update News / COVID-19 Vaccine Current Status: Here are the 9 top contenders for coronavirus vaccines

වැක්සීනයක් ලබාගැනීමට ඕනෑ කරන ඇමෙරිකානුවෙකුට එය ලබා ගැනීමට හැකි වන්නේ කවරදාක ද?

විද්‍යාඥයන්, ආයෝජකයන් සහ ඇමෙරිකානු පෙඩරල් රජයේ සෞඛ්‍යය නිලධාරින් අනුමාන කරන ආසන්නම දිනය වන්නේ ලබන වසරේ මුල භාගය තුළ එය සිදුවිය හැකි බවටයි. දැනට පෙරමුණේ සිටින සමාගම් අතුරෙන් එකක් හෝ වැක්සීනයක් පිළිබඳ යහපත් ප්‍රතිඵලයක් මේ වසරේ ලබා ගත්තේ වී නමුත් මහජනතාව අතර පුළුල් ආකාරයෙන් බෙදා දීම සඳහා ප්‍රමාණයක් නිපදවා තිබෙන්නේ නැත.  පර්යේෂණ සඳහා ලබාදී ඇත්තේ සීමිත ප්‍රමාණයක් හෙයිනි. දැනට පෙරමුණ ගෙන සිටින සමාගම් වල වැක්සීනයන් වුවද සති කිහිපයක පරතරයක් ඇතිව දෙවතාවක දී දීමට සිදු වීම ද තවත් සංකූලතා මතු කරයි.  මේ අනුව ඇතැම් විශේෂඥයන් දක්වන අන්දමට පුළුල් ආකාරයෙන් ඇමරිකානුවන්  එන්නත් කිරීමට අවස්ථාව ලබන වසරේ මැද වන තෙක් සැලසෙන්නේ නැත. එහෙයින් මේ වසරේ ඔක්තෝබර් හෝ නොවැම්බර් වන විට වැක්සීනයක් ලබාගත  හැකි වෙතැයි සිතීම දුෂ්කර බව ඔවුහු පෙන්වාදෙති.

සැලකිල්ලට ගත යුතු තවත් සාධකයක් ඇත: පොදු  මහජනතාව අතර වැක්සීනයක් බෙදා දීමට කෙසේ හෝ හැකියාව ලැබුණත් ඔවුන් අතුරෙන් සියලු දෙනාම වැක්සීනයක් ලබා ගැනීමට පෙළඹේ දැයි යන්නද සැක සහිතය. මෑතක සිදු කරනු ලැබූ සමීක්ෂණ වලින් පෙනී ගියේ එවැනි තත්ත්වයකි. විශේෂයෙන්ම දේශපාලන වුවමනාව සඳහා නොමනා ලෙස හදිස්සි කොට නිපදවා වෙළඳපොළටනිකුත් කෙරෙන  වැක්සීනයක් ලබාගැනීමට මහජනතාව කොහෙත්ම කැමැත්තක් නැති බව මේ සමීක්ෂණ වලදී හෙළි වී තිබේ.

මේ කොවිඩ් 19 පාලනය කිරීමේ වැක්සීනයක් පිළිබඳ සිහිනය තවමත් සැඟවී ඇත්තේ බොද මීදුම් අතරය.

The New York Times හී පළවූ When Will You Be Able to Get a Coronavirus Vaccine? යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: