ජල සම්පීඩ්‍යතාව සහ ජල පරිහරණය

Posted by

ජල සම්පීඩ්‍යතාව

ජලය මත පීඩනයක් ඇති කිරීම ඉතා අසීරු කාර්ය කි.

ජලය සම්පීඩනය කිරීම කළ නොහැක්කකි. විශේෂයෙන්ම සාමාන්‍ය තත්ත්වයන් යටතේ එය කොහෙත්ම කල නොහැක්කකි. ඔබ ප්ලාස්ටික් බෑගයකට  ජලය පුරවා එහි ‘කටට’ බීම බටයක් තබා තදින් ගැට ගසා බෑගය අතින් තද කළොත් සිදුවන්නේ ජලයේ සම්පීඩනයට පත්වීම නොව බටේ දිගේ ජලය විදීමයි. එසේ නැතුව ජලය සම්පීඩ්‍ය වන්නේ නම් එලෙස බටේ දිගේ ජලය එළියට විදින්නේ නැත.  අසම්පීඩ්‍යතාව (Incompressibility) සෑම ‍ද්‍රවයකම හෙවත්  තරලයක පොදු ගුණාංගයකි. එහෙත් ජලය විශේෂයෙන්ම අසම්පීඩ්‍යයය.

Compressibility of Water and Organic Solvents

Compressibility - an overview | ScienceDirect Topics

ජලයෙහි මෙලෙස සම්පීඩ්‍යතාවක් නොමැතිකම, (ගිනි නිවන  භටයින් හට ගිනි නිවීමේ දී) ජල බට තුළින් වතුර විදීමට උපකාරී වේ. මෙයට තවත් උදාහරණයක් දක්වතොත්, කුඩා ළමුන්ගේ ජල විදින සෙල්ලම් පිස්තෝල අනෙක් අයට හිරිහැරයක් වුණත් ඉන් ජලය විදීමට හැකි වන්නේ  ජලයෙහි මෙකී අසම්පීඩ්‍යතාව හේතුවෙනි. එමෙන්ම බලා සිටීමෙන් අපට විනෝදයක්, සැනසිල්ලක් ලැබෙන ජල මල් තුළින්  ජලය විදීමට ද  ආධාර වන්නේ මෙම අසම්පීඩ්‍යතාවයි.

Boy Scouts of America: Our ban on water gun fights is nothing new

මෙම අවස්ථා සියල්ලෙහිදීම ජලය සම්පීඩ්‍යවීම වෙනුවට ජලය පිරුණු කිසියම් භාජනයකට පීඩනයක් එක් කළ විට, ගිනි නිවන භටයන්ගේ ජල බටය හෝ  ජල මලක කුඩා පයිප්ප වැනි කිසියම් විවරයකින්(විවෘත ස්ථානයකින්) ජලය  එළියට පනි.  මෙලෙස ජලය අධිකව සම්පීඩ්‍ය  කළ හැකි දෙයක් නම් ආසන්නයේම ඇති විවරයකින් ජලය එළියට පැනීමට හැකිවෙන අයුරින් ප්‍රමාණවත් පීඩනයක් ඊට එක්කිරීම අපහසු වනු ඇත.

කුඩා දරුවන් මෙම අසම්පීඩ්‍තාව හොඳින් ප්‍රයෝජනයට ගන්නා පිරිසකි.  ඔබත් සමහර විට කුඩා අවධියේ මෙය අත්හදා බලන්නට ඇත. බැලුනයකත ජලය පුරවා එය තදින් මිරිකූ විට බැලුනේ කට වසා තිබීම නිසා කොතනකින් හෝ බැලුනය බිඳී ගොස් ජලය විඳින්නට පටන් ගනී.  මන්ද බැලූනය ඇතුළේ ජලය පීඩනයට ලක් කළ විට ඉතා සුළු ප්‍රමාණයෙන් හෝ සම්පීඩ්‍ය වීමට පෙර බැලූනය පුපුරා ජලය එළියට විදිමට පටන් ගන්නා හෙයිනි.

ජල සම්පීඩ්‍යතා අත් හදාබැලීමක්

ජලය සම්පීඩනයට ලක් කිරීමට කුඩා දරුවෙකු ගත් උත්සාහයක් මෙහිදී සඳහන් කිරීම වටී. හත් හැවිරිදි මෙම දරුවා ස්පොන්ජයකට ජලය පොඟවා ජලය සම්පීඩනය කළ හැකි යැයි සිතා,(එහි ඇත්ත නැත්ත ව්මසා බැලීම පිණිස ) ඊට ආහාර වර්ණකයක් එක්කොට ස්පොන්ජය සුදු පැහැති කවරයක් සහිත පුටුවක තබා ඒ මත වාඩිවී බලා ඇත්තේ ජලය සම්පීඩණය වන්නේ නම් ස්පොන්ජයෙන් ජලය පිටතට එන්නේ නැතැයි යනුවෙන් සිතමිනි. එහෙත් සිදුවූයේ සුදුපැහැති පුටු කවර වර්ණ ගැන්වී දරුවා දෙමව්පියන්ගෙන් බැනුම් ඇසීම  පමණකි. මේ හත් හැවිරිදි දරුවා නොදත් කාරණාවක් විය: එනම් කාමර උෂ්ණත්වයේදී ජල සම්පීඩ්‍යතාව වර්ග අඟලකට 14.7 ක පමණ පීඩනයනක්  කළ හැකි වන්නේ 0. 000053 තරමින් සුළු ප්‍රමාණයකින් බවයි.

PVA Sponge Absorbency Test - Simply Good Tips

පීඩනය සහ උෂ්ණත්වය සම්පීඩ්‍යතාව කෙරෙහි බලපෑ හැකිය

එහෙත්  ප්‍රමාණවත් තරමින් මිරිකූ විට ජලය සම්පීඩනය වුණත් –ප්‍රමාණයෙන් හැකිළී, වඩාත් ඝන වුණත් — මේ සියල්ල වන්නේ ඉතාමත් සුළු වශයෙනි. සාගරයෙහි සැතපුමක් ගැඹුරු  ජලය දැන් ඔන්න ඔබ හිතට නගාගන්න. එවැනි ගැඹුරකදී. උඩින් ඇති  ජලයෙහි බර පහතට තද කෙරෙන්නේ සාමාන්‍ය වායුගෝලීය පීඩනය මෙන් 153 ක් තරමේ පීඩනයකිනි. ඒ තරම්පීඩනයක් ඇති අවස්ථාවක වුවත් ජලය සම්පීඩ්‍ය  වන්නේ සියයට එකකටත් අඩු ප්‍රමාණයකිනි.

එසේ වුවද කාර්මික යෙදවුම් වල දී ජලය අතිශය විශාල වශයෙන් සම්පීඩ්‍ය කොට  ලෝහ කැපීම වැනි කාර්යන් සඳහා භාවිත කළ හැකි වේ. විශේෂයෙන්ම ඊට යම්කිසි අවසීරුම්  ‍ද්‍රව්‍යයක් එක්කර ජලය උනුවට පවතින්නේ නම් තවත් පහසු වේ.  ඉතාමත් කුඩා විවරයක් තුළින්  වේගයකින්  විදීමෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ දී ලෝහ පමණක් නොව පිඟන් මැටි, ප්ලාස්ටික් සහ ආහාර පවා කැපීමට ජලය භාවිත කළ හැකි වේ. විශේෂයෙන්ම අනිකුත් ක්‍රම මගින් අධික උෂ්ණත්වයක් ජනනය කරන්නේ නම් ඊට සංවේදී ‍ද්‍රව්‍ය කැපීමේ දී මෙම ක්‍රමය, වඩාත් මනාපයක් දක්වන ක්‍රමය බවට පත්වේ.

Retro Systems waterjet CNC cutting machine

පරිගණක පාලිත අධි පීඩන ජල ප්‍රවාහයක් යොදා ගන්නා කැපුම් යන්ත්‍රයක් මගින් ලෝහ කැබල්ලක අඳින අලංකාර මෝස්තරයක්

මෙය, පතල් කැපීමේ සිට අභ්‍යවකාශ තාක්ෂණය  දක්වා වූ විවිධ සංඛ්‍යාවක කර්මාන්තයන් හී දී  කැපීම, හැඩ ගෑම හෝ හැඩ කැපීම(shaping), කැටයම් කැපීම(carving), රයිමර කිරීම(reaming) ආදී මෙහෙයුම් සඳහා භාවිත කරනු ලැබේ. ඇත්තටම ගතහොත් ගලක් හරහා  කැපීම පිණිස නම් ජල ධාරාව ඉතා අධික වේගයෙන් ගමන් කරමින්  ඒ වගේම ඉතා දැවැන්ත ප්‍රමාණයක පීඩනයක්  නිපධවන්ඩ ඕනෑවේ. යම් බදුනක ඇති ජලය වර්ග අඟලකට රාත්තල් 90,000 පීඩන ප්‍රමාණයන් ඇති කළ හැකි වන පරිදි ජලය නැසින්නක් හෙවත් නොසලයක් තුළින් පැයට සැතපුම් 600ක වේගයෙන්  විදීම සඳහ පොම්පයක් භාවිත කළ යුතුවේ.

 

U.S. Geological Survey වෙබ් අඩවියෙ හි පළ වූ  Water Compressibility යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.