අතීත ගිනි ඉසව් හැදෑරීමේදී අඟුරු ඉටුකරන කාර්ය භාරය
අධ්‍යයන කටයුතුවල දි වැදගත් වන අතීත ගිනි ඉසව් පිළිබඳ වටිනා තොරතුරු අඟුරු තුළ රැඳි තිබෙන්නට පුළුවන. විවිධ විද්‍යාඥ කණ්ඩායම් රැස් කරගන්නා දත්ත ගණනය කොට ප්‍රමාණීකරනය කිරීම අතීත ගිනි හඳුනාගැනීමේ දී බෙහෙවින් ප්‍රයෝජනවත්ය. මේ පිළිබඳ වාර්තා පසුගිය වසර 2,000 සම්බන්ධයෙන් සුලබව තිබෙන අතර දේශගුණ විපර්යාසයන්ට සම්බන්දව පමණක් නොව මානව ක්‍රියාකාරකම්වලට සම්බධව ද ගිනි රෙජීම අර්ථ දැක්වීමේ දී බලගතු මෙවලමක් බවට පත්ව තිබේ.
කලින් අවධි සමග සංසන්දනය කරන විට (කයිනොසොයික යුගයේ දෙවැනි අවධිය වූ) චාතූර්ථ අවධියෙහි(Quaternary) හා හොලෝසීන (Holocene) අවදියෙහි අඟුරු වාර්තා ලබාගැනීම සහ අර්ථ දැක්වීම සිදුකරන්නේ එක්තරා අන්දමකට වෙනස් ආකාරයකටය. ආදිකාලීන පාෂාණ වලින් ලබාගත් කාබනික අවශේෂ පරාගවේදී ස්ලයිඩ ලෙස දැක්වෙන පුරාණ පරාග හා කූප පෙන්නුම් කරන පාෂාණ වලින් ලබාගත් කාබනික අවශේෂ වල වීදුරු ස්ලයිඩ මත කුඩා අඟුරු අංශු ඒවායේ කළු පැහැයෙන් සහ ඒවායේ ඇති රීප්ප ආකාරයේ හැඩයෙන් පහසුවෙන් හදුනාගත හැකිය. පුරාණ පරාග හා කූප පෙන්නුම් කරන පාෂාණ සම්ප්‍රදානුකූලව යොදා ගනු ලැබුවේ වෘක්ෂලතා හදුනාගැනීම සහ පාෂාණ වාර්තාවක තුළ ඒවායේ වෙනස්කම් හඳුනා ගැනීම පිණිසය.
මෙම දත්ත ගිනි ඇතිවීම අර්ථ දැක්වීම පිණිස භාවිත කරනු ලැබූ අතර ගෝලීය අඟුරු දත්ත සමුදායක් ගොඩ නැගීම පිණිස වූ ම්තයකට මග පාදා තිබේ. එහෙත් මෙම ප්‍රවේශය මෑතක තැන්පතු හෙවත් නිධි සඳහා හොඳින් ක්‍රියා කරන නමුත් වඩාත් පැරණි වාර්තා අර්ථ දැක්වීම වඩාත් අසීරු වී ඇත. මෙහිදී මතුවන ප්‍රථම ගැටලුව පරාගවේද ස්ලයිඩ (palynological slides) මත අඟුරු කුඩා අංශු හඳුනාගැනීමට අදාළ වේ. ඓන්දීය ද්‍රව්‍ය යටවනු ලබද්දී ඓන්ද්‍රීය ද්‍රව්‍යවල වර්ණය වෙනස්වේ. එසේ වන්නේ යටවෙන හෙවත් වැළලෙන ක්‍රියාදාමයේ දී ඇතිවෙන තාපය ඉහළ යාමෙන් (අවශේෂ තට්ටු හරහා විදීමෙදී වඩ වඩාත් රත්වේ)කහ වර්ණයේ සිට දුඹුරු වල හා කළු දක්වා වෙනස්වන ශාක ද්‍රව්‍ය ගල් අඟුරු බවට පත්වීමේ(coalification) හෙවත් මෙරීම(maturation) යනුවෙන් හඳුන්වනු ලබන ක්‍රියාදාමය හේතුවෙනි.
මෙහි අර්ථය වන්නේ මේරී ගල් අඟුරු බවට පත් අංශු කළු හෝ දුඹුරු පැහැයේ සිට නැවතත් වරණීයව කහ පැහැයට පරිවර්තනය කිරීමේදී ඔක්සිකාරක අම්ල වැදගත් කාර්ය භාරයක් ඉටු කරන්නේ වී නමුදු කළු පැහැති අඟුරු අංශු අඳුරු ගල් අඟුරු බවට පත් අංශු වලින් වෙන්කොට හදුනාගැනීම වඩාත් අසීරුවන බවයි. මීට අමතරව වසර 70,000ට වඩා පැරණී පාෂාණ වල නිරපේක්ෂ කාල නිර්ණය හෙවත් දිනැයුම(dating) වඩාත් අසීරු වන්නේ කාබන් සමස්ථානික කාල නිර්ණය (carbon isotopic dating) වලංගු නොවන නිසා සහ අනෙකුත් ක්‍රම මගින් වාර්ෂික, දශකමය, ශතකමය හෝ සහස්‍රමය නිරවද්‍යතාවක් යථාතථ්‍යව ලබාගැනීමට නොහැකිවීමයි.
අතීතයේ ඇතිවූ ගිනි අර්ථ දැක්වීමේදී තවත් ප්‍රවේශයක් වන්නේ අවසාදිත වලින් හෝ පාෂාණ සාම්පලවලින් නිස්සාරණය කරගැනීමට හැකි මහේක්ෂ(පියවි ඇසට පෙනෙනා, 180 µm වන එහෙත් සාමාන්යයෙන් දිගින් mm1 ට වැඩි) අඟුරු විමර්ශනය කිරීමයි. .
පාෂාණවල ඇති අඟුරු කැබලි ඝන සෙන්ටිමීටර හෝ ඊටත් විශාල ප්‍රමාණයකට විශාල විය හැකිය. මේවා ප්‍රධාන වශයෙන් ගිනි ඇති වූ (පීට් වැනී)ස්ථානයේම යටවී හෝ සමාන්‍යයෙන් ජලය මගින් වෙනත් ස්ථානයකට ගසා ගෙන ගොස් ගංගාවක් විලක් වැනි තැනක හෝ මුහුදෙහි පවා තැන්පත්ව පැවතිය හැකිය. අඟුරු තැන්පත්වීමේ අනුපාත සහ ජල ප්‍රවාහන ගැන අත්හදා බැලීම් අනපේක්ෂිත ලෙස පෙන්නුම් කරනු ලබන්නේ වඩාත් විශාල අඟුරු අංශු වලට, කුඩා අඟුරු අංශු වලට වඩා වැඩි දුරක් ගමන් කළ හැකි බවයි. ඒ, ඒවා ජල ස්තම්භයෙහි හෙවත් දිය කැට පහණෙහි ගිලීමට වැඩි වේලාවක් ගත වන හෙයිනි.
විශාල අඟුරු කැබලි අධ්‍යනයෙහි කැපී පෙණෙන එක් වාසියක ඇත: දැවී යන ශාකවල කායව්‍යවච්ඡේදමය විස්තර අඟුරු තුළ සංරක්ෂණය වී තිබීමට පුළුවන. ඉතින් ගින්නක් පිළිබඳ සාක්ෂි පමණක් නොව දැවී ගියේ මොන වෘක්ෂලතාදිය ද යන්න පිළිබඳ සාක්ෂිද ඉදිරිපත් කිරීමට ද අඟුරු උපකාරී වේ.
FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි