කොවිඩ් 19 රෝගය සඳහා සැපයෙන ප්‍රතිකාර ගැන විමසුමක්

Posted by

කොවිඩ් 19 රෝගය සඳහා සැපයෙන ප්‍රතිකාර ගැන විමසුමක්

ලොව බලවත්ම සුපිරි රාජ්‍යය ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනදයේ ජනාධිපති ට්‍රම්ප් සහ ආර්යාවට කොවිඩ් 19 වැළඳී ඇතැයි යන පුවත සැලවෙන විට කෙනෙකුගේ සිතට නැගෙන ප්‍රශ්නයක් වන්නේ ඔවුන් සුවපත් කිරීම පිණිස සුපිරි ප්‍රතිකාර ලබා දේවිද? යන්නයි. එහෙත් ඒ සමගම මතුවන කාරණාව වන්නේ කොවිඩ් 19 න් නිශ්චිතවම ගැලවීමට හැකි එවැනි ‘සුපිරි’ ප්‍රතිකාර තිබේ ද? තිබේ නම් ඒ මොනවාද? යන්නයි. අද තතු ලිපිය වෙන්වන්නේ මේ පිළිබඳව වර්ජීනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය විලියම් පෙට්‍රි සහ සහකාර මහාචාර්ය ජෙෆ්‍රි එම්. ස්ටුරෙක් දක්වන අදහස් කැටි කොට දක්වන්ටයි.


“අපි දෙන්නම වර්ජීනියා විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරු ඒ වගේම විද්‍යාඥයො. අපි කොවිඩ් 19 රොගීන්ට සත්කාර කරනවා විතරක් නොවෙයි. කොවිඩ් 19 රෝග විනිශ්චය සහ රෝගයට ප්‍රතිකාර කිරීම ගැන වඩාත් යහපත් ක්‍රම සොයාබැලීමට පර්යේෂණ සිදුකරනවා. අප මෙහිදී උත්සාහ කරන්නේ රෝගයේ විවිධ අවස්ථා වලදී ප්‍රතිකාර කිරීමේ දී පසුගිය මාස අට තුළ වෛද්‍යවරු දැන උගත් දේ බෙදා හදා ගන්නයි. වසරේ මුල් කාලයේ දී, කොවිඩ් 19 දරුණු රෝග ලක්ෂණ පෙන්නුම් කළ අය සංවාතකයක ආධාර ලබාගෙන තබාගැනීම හැරුණු කොට දැන සිටි ප්‍රතිකාර ක්‍රම අල්පයි. දැන්, මාස කිහිපයක් ගතවී ඇති අවස්ථාවේ ඖෂධ ඇතුළු ප්‍රතිකාර ක්‍රම ගණනාවක්ම තියෙනවා. රෝගීන් සුව කරන්න විශේෂයෙන්ම බෙහෙවින් රෝගාතුර අය සුවපත් කරන්න මේවා වෛද්‍යවරුන්ට වඩාත් හොඳ අවස්ථා සලසා දෙනවා.”
දරුණු කොවිඩ් 19 වැඩිම අවදානමක් ඇත්තේ කාටද?
පුරුෂයන්(පිරිමි අය) මරණයට පත්වීමේ අවදානම(ස්ත්‍රීන්ට සාපේක්ෂව) එකහමාරක් ප්‍රමාණයක්. වයස ගත්තොත්, 80 හැවිරිදි අයෙකු මරණයට පත්වීමේ අවදානම 50 හැවිරිදි අයෙකු හා සසඳන විට විසි ගුණයකටත් වැඩියි. මෙලෙස පුරුෂයෙකු වීම හා වයස් ගත වීම හැරුණු කොට ස්ථූලතාව(තරබාරුකම), දියවැඩියාව, පිළිකාව ඇතිබවට මෑතක රෝග විනිශ්චය කර තිබීම, හෘද, පෙනහළු සහ අක්මා නිදන්ගත රෝග, ආඝාතය(stroke), සහ චිත්ත වික්ෂේපය(dementia) යන සියල්ල කොවිඩ් 19 රෝගයෙන් මිය යාමේ ඉහල අවදානමක් දරනවා. මේ නිර්ණායක යොදා ගත් කළ පුරුෂභාවය සහ වයස පදනම්ව ජනාධිපති ට්‍රම්ප් වැටෙන්නේ ඉහළ අවදානම් ප්‍රවර්ගයටයි.
පුද්ගලයෙකු කොපමණ රෝගී ද යන්න මත ප්‍රතිකාර වෙනස්වේ ද?
රෝගයේ අවධිය මත සපයනු ලබන චිකිත්සා ප්‍රවේශය වෙනස්වෙනවා. එහෙයින්, කොවිඩ් 19 රෝගය හරිහැටි විනිශ්චය කිරීම පමණක් නොව ආසාදනය අලාක්ෂණික ද (රෝග ලක්ෂණවලින් තොර ද) හෝ පූර්ව-ලාක්ෂණික ද(තවම රෝග ලක්ෂණ පහළ වී නොමැති ද) යන්න නිර්ණය කිරීම ද වැදගත්ය. එපමණක් නොව, පුද්ගලයා කොපමණ නම් රෝගී ද — ඒ කියන්නේ මද මට්ටම, මැදි මට්ටම, දරුණු හෝ අසාධ්‍ය ද යන්න අනුව රෝගියාට සපයන ප්‍රතිකාරය වෙනස් වෙනවා යන්නයි.
අලාක්ෂණික හෝ රෝග ලක්ෂණ පහළවීමට පෙර හෙවත් පූර්ව-ලාක්ෂණික ආසාදනය සඳහා ඇති ප්‍රතිකාර මොනවා ද?
කොවිඩ් 19 ආසාදිත බවට ලක්ෂණ නොමැති PCR හෝ ප්‍රතිදේහ අනාවරණ පරීක්ෂාව(antigen detection test) වැනි පරීක්ෂාවක දී රෝගය වැළඳී ඇති බව අලාක්ෂණික ආසාදනය හෝ පූර්ව ආසාදනය සඳහා අර්ථ දැක්වේ.
රෝගයේ මෙම අවස්ථාව සඳහා වර්තමානයේ ඵලදායී ප්‍රතිකාරයක් ගැන දැන ගන්නට නැත. අන් අය රෝගයට නිරාවරණය වීම වලක්වා ලනු වස් අලාක්ෂණික හෝ පූර්ව ආසාදිත අය සිය නිවෙස්වලම නිරෝධායනයට ලක්විය යුතුය.

මද මට්ටමේ රෝග ලක්ෂණ මොනවා ද සහ ඊට ගැලපෙන ප්‍රතිකාර
කොවිඩ් 19 මද මට්ටමේ රෝග ලක්ෂණ අතර: උණ, කැස්ස, රස හෝ සුවඳ නොදැනී යාම,මස් පිඩු වේදනාව, හිසරදය, ඔක්කාරය, වමනය, පාචනය, නාසා අවහිරය හා හොටු ගැලීම දක්වන්න පුළුවන්. මද මට්ටමේ රෝග ලක්ෂණ සහිත අයෙකු හුස්ම ගැනීමේ අපහසුව හෝ X-කිරණ පරීක්ෂාවක දී නියුමෝනියාව පිළිබඳ සාක්ෂි නොදැක්වීමට පුළුවන. මෙය වෙනස් වෙතොත් ඒ මද මට්ටමේ රෝග ලක්ෂණ දක්වන ළමයෙකුගේ X කිරන වාර්තාව විපරීත හෙවත් අසාමාන්‍ය විය හැකිවීමයි.
මද මට්ටමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන අයට ප්‍රයෝජනවත් ප්‍රතිකාර නැත. කෙසේවෙතත්, එවැනි රෝගීන් මැදි මට්ටමේ රෝග ලක්ෂණ මොනවා ද යන්න ගැන හොඳහැටි සැලකිළිමත්වීම වැදගත්ය. මන්ද, මද මට්ටමේ සිට එවැන්නන්ගේ රෝග තත්ත්වය මැදි මට්ටම දක්වා වර්ධනය වන්නේ දැයි හඳුනා ගැනීමට පුළුවන් වීමයි. මෙය වැදගත්ය. මන්ද, රෝගය දරුණු මට්ට්මට වර්ධනය වීම සිඝ්‍රයෙන් සිදුවන හෙයිනි — සාමාන්‍යයෙන් මුල් රෝග ලක්ෂණවලින් අනතුරුව දින 5 හේ සිට 10 දක්වා කාලයක් තුල මෙය සිදුවිය හැකියි.
මැදි මට්ටමේ රෝග තත්ත්වය
හුස්ම ගැනීමේ අපහසුව, පපුවේ වේදනාව සහ හයිපොක්සියාව හෙවත් ඔක්සොජන් ඌණතාව (රුධිර ඔක්සිජන් අඩු මට්ටම්) නොමැතිව ළය X කිරණ වාර්තාවක නියුමෝනියාව පිළිබඳ ස්සක්ෂී ලෙස මැදි මට්ටමේ රෝග තත්ත්වය අර්ථ දැක්විය හැකිය.
මැදි මට්ටමේ රෝග තත්ත්වය සඳහ හඳුනාගෙන ඇති ඵලදායී ප්‍රතිකාරයක් වර්තමානයේ නොමැත.
දරුණු රෝග තත්ත්වය
හුස්ම ගැනීමේ සීඝ්‍ර අනුපාතය (විනාඩියකට හුස්මගැනීමේ වාර 30කට වැඩි) හෝ හයිපොක්සියාව ලෙස හැඳින්වෙන රුධිරයේ ඔක්සිජන් මට්ටම පහළ අගයක් ගැනීම තුළින් කොවිඩ් 19 දරුණු රෝග තත්ත්වය හඳුනා ගැනීමට පුළුවන්. තවද, ළය එක්ස් රේ වාර්තාවකින් නිර්ණය වෙන අයුරු පෙනහළුවලින් අඩකට වැඩියෙන් ඇති නියුමෝනියාව ගැන සාක්ෂි ද දරුණු රෝග තත්ත්වයක ලක්ෂණය.
පාලිත සායන පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ remdesivir යන ප්‍රති වෛරස ඖෂධය, අසාධ්‍ය නොවන එහෙත් දරුණු රෝගී තත්ත්වයේ රෝගීන් යළි සුවපත්වීම වේගවත් කරන බවයි. මීට අමතරව, ප්‍රතිප්‍රදාහික ස්ටෙරොයිඩ (anti-inflammatory steroid) ඖෂධයක් වන dexamethazone මර්ත්‍යතාව අඩුකරයි.
අසාධ්‍ය රෝග තත්ත්වය
රෝගියා කොපමණ නම් රෝගාතුර වේද කිවහොත් අත්‍යවශ්‍ය අවයව අක්‍රිය වෙන්නට පටන්ගෙන එවායින් සිදුවෙන අත්‍යවශ්‍ය කාර්යභාරයන් සඳහා ආධාර වශයෙන් ඖෂධ හෝ වෙනත් චිකිත්සාවන් අවශ්‍ය වන විට අසාධ්‍ය රෝග තත්ත්වය උද්ගතවේ.
පෙනහළු අක්‍රීයවීම දරුණු මට්ටමක පවතී නම් රෝගියාට සංවාතයක පිහිට ලබාදෙන්නට හෝ ඔක්සිජන් වැඩි ප්‍රමානයක් ලබාදීමට වෛද්‍යවරුන් තීරණය කරන්නට පුළුවන. මේ තීරණාත්මක අවධියේ දී remdesivir ප්‍රතිකාරය වාසිදායක වන බවට සාක්ෂි නොමැත. dexamethazone මර්ත්‍යතාව අඩුකරන බවට පෙණි ගොස් ඇති හෙයින් ප්‍රතිකාර පිණිස තවදුරටත් dexamethazone නිර්දේශ කෙරෙනවා.

සාර්ථක නොවන චිකිත්සාවන් නැතහොත් තවමත් පරීක්ෂවට ලක්වෙන චිකිත්සාවන් මොනවා ද?

සාර්ථක නොවී ඇති බව පෙණී ගොස් තිබෙන ඇතැම් ප්‍රතිකාර අතර chloroquine  සහ  hydroxychloroquine ඇතුළත්ය. විභවයක් සහිත අනෙකුත් ප්‍රතිකාර ඇත්තේ ඒවායේ සාර්ථක බව පරීක්ෂාව සඳහා සායන අත්හදා බැලීම් කෙරෙන මධ්‍යයෙහිය. මේවාට වෛරසයට බන්ධනය වී එය සෛලවලට ඇතුල්වීම වළක්වාලන ප්‍රතිදේහ අඩංගු මානව සෞඛ්‍යලාභ ප්ලස්මාව ද ඇතුළත්ය.
තවද, ප්‍රතිශක්ති ප්‍රතිචාර මාපනය කරන interferons  සහ and inhibitors of IL-6 වැනි ඖෂධ ද ඇත. මේවා ‘සයිටොකයින් කුණාටුව’ ලෙස හඳුන්වනු ලබන ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතියේ අහිතකර අධිකප්‍රතිචාරය සමහර අවස්ථාවල දී වළක්වාලීමට පුළුවන.

Trump is taking the latest in COVID-19 treatments – here's what doctors know works against the virus
ජනාධිපති ට්‍රම්ප්ට ලබාදෙන ප්‍රතිකාර ඇතුළුව වඩාත් අළුත්ම ප්‍රතිකාර
අලාක්ෂණික හෝ මද මට්ටමේ සිට මැදි මට්ටම දක්වා වන කොවිඩ් 19 බාහිර රෝගින්ට අනුමත ප්‍රතිකාරයක් මේ මොහොතේ නම් නොමැත. එහෙත්, නව්‍ය කොරෝනා වෛරසයේ ග්ලයිකොප්‍රෝටීන ශුකියට() එරෙහි පරීක්ෂනාගරයන් හී නිෂ්පාදිත ප්‍රතිදේහ ගැන සායනමය දත්ත නිකුත් කිරීම සමග මෙම තත්ත්වය වෙනස් වෙමින් පවතින බවක් පෙණීයයි.මානව සෞඛ්‍යලාභ ප්ලස්මාව දී මෙන් මෙම ප්‍රවේශයේ දී ද, සෛලවලට ඇතුල්වි ගුණනය වීම වළක්වාලමින් වෛරසයට බන්ධනය විමෙන් ප්‍රතිදේහ ක්‍රියාත්මක් වෙනවා. රෝගය උත්සන්න වීමට පෙර ආසාදනය වූ මුල් අවධියේ මෙය විශේෂයෙන්ම ඵලදායීය.
දැනට ක්‍රියාත්මක තුන්වැනි අදියරේ සායනික පරීක්ෂාවක් ගැන දත්ත මුලින් සමීක්ෂණයකට ලක් කළ අවස්ථාවේ පෙණී ගොස් ඇත්තේ SARS-CoV-2 වෛරසයේ ග්ලයිකොප්‍රෝටීන ශුකියට එරෙහි නුමුහුන් ප්‍රතිදේහ එකතුවක් එන්නත් කළ විට රෝග ලක්ෂණ දින 13ක් වෙනුවට දින හතක් පමණක් පැවති බවයි. නාසයේ පිටුපස උගුරේ ඉහළ කොටස වන නාසා ග්‍රසනිකයේ(nasopharynx) රැඳී තිබෙන වෛරස ප්‍රමාණයද අඩුවි ගොස් තිබුණි.
(ශරීරයට ආසාදනයක් ඉව වැටුණු විට ඊට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරය ප්‍රතිදේහ නම් ප්‍රෝටීන උපයෝගී කර ගනී. නුමුහුන් ප්‍රතිදේහ කෘතිම ප්‍රෝටීන සමගින් එම ක්‍රියාදාමය ඉඳුරාම පණගන්වයි — සංස්කාරක)
ඔක්තොබර් 2 අපරභාගයේ ජනාධිපති ට්‍රම්ප්ගේ වෛද්‍යවරයා නිකුත් කළ යාවත්කාලීන කිරීමක දී දැක්වූයේ ආරක්ෂාකාරී පියවරක් ලෙස ඔහුටRegeneron ඖෂධ සමාගමේ ප්‍රතිදේහ මිශ්‍රනයක් ලබාදුන් බවයි. මෙම ප්‍රවේශය සහ ඒ ආකාර වෙනත් ඒවා ඉහළ ප්‍රමුඛතවයක් සහිතව පරීක්ෂාවට ලක්වෙනවා. ඒ, ඒවායෙ අරක්ෂාකාරී බව සහ ඵලදායී බව නිර්ණය කිරීම පිණිසයි

The Conversatio හී පළවූ Trump is taking the latest in COVID-19 treatments – here’s what doctors know works against the virus නම් ලිපිය ආශ්‍රයෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.