සැමට විදු නැන නුවණ – Science Literacy for All

අග්නි! ගින්න සහ වෘක්ෂලතාදියෙහි පරිණාමය

ගින්න සහ වෘක්ෂලතාදියෙහි පරිණාමය

ලැව් ගින්නෙහි ඉතිහාසය පෘථිවිය මත ශාක හට ගැනීම සමග අත්‍යන්තයෙන්ම සම්බන්ධ බව නොසලකා හැරිය නොහක්කකි.  ගින්නෙන් දැවෙන්න අවශ්‍ය ඉන්ධන වෘක්ෂලාතාදිය මගින් සපයනු ලබන බව ඇත්තකි. එහෙත් එම ඉන්ධනයෙහි ස්වභාවය සහ ප්‍රමාණය මහ පොළව මත ප්‍රථමයෙන් ශාක හටගැනීමේ සිට භූවිද්‍යාත්මක ඉතිහාසය ගෙවි යද්දී  විපර්යාසයට ලක්ව ඇත.

How Fire Can Restore a Forest: A Time-Lapse (Tree View) - YouTube

මුල්ම ගොඩබිම ශාක පරිණාමය වූයේ මෙයට වසර මිලියන 450ත් 420ත් අතර භූ විද්‍යාත්මක කාල පරිමාණයේ සිලූරීය(Silurian period) අවධීයේ දීය.  කෙසේවෙතත්, බොහෝ කාලයක් මුලුල්ලේ ඇල්ගී, පාසි සහ අක්මාශාක(liverworts) කුඩා කුඩා බිස්සවල් තිබෙන්නට ඇතැත් භූ දර්ශනයගහකොළින් වැසීයාම හෙවත්  හරිතකරණයවීම සනාල ගොඩබිම ශාක(ඒ කියන්නේ ජලය සහ ප්‍රභාසංශ්ලේෂණයෙහි නිපැයුම් ප්‍රවාහානය සඳහා වූ විශේෂිත පටක සහිත ශාක) පරිණාමය සමග සිදුවන්නට ඇතැයි සිතීමට අප පෙළඹෙන්නට ඉඩ තිබේ.ගොඩබිම පැවතීම සඳහා මේ ශාකවලට ඉඩ සළසන ජල/වායු හුවමාරු සිදුරු(පූටිකා හෙවත් මුඛ) සහිත උච්චර්මීය ආවරණයක්  ඇතුළුව ගුණාංග ගණනාවක්ම විය. මේ හරිත ශාක වායුගෝලයෙන් කාබන් ඩයොක්සයිඩ් ද එමෙන්ම පසෙන් ජලය ද අවශෝෂණය කරගනිමින් ප්‍රභා සංස්ලේෂණය කියන රසායනික ක්‍රියාදාමය තුළින් සූර්යයාගෙන් ශක්තිය යොදා ගත්තේ, ජලය සහ වායු සිය ඓන්ද්‍රීය කංකාලය ගොඩනගා ගැනීමට ශාකයන්ට ඉඩ සළසන  සීනිවර්ග සහ අනෙකුත්  රසායන කාබොහයිඩ්‍රේට අණු බවට පරිවර්තනය කිරීම සඳහාය.මේ ක්‍රියාදාමය සිදුවෙද්දී අතුරු නිශ්පාදනයක් හැටියට ඔක්සිජන් වායුගෝලයට මුදාහැරිණ.මතු දැක්වෙන රසායනික සමීකරණය මගින් ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාදාමය සාමන්‍ය ස්වරූපයෙන් කැටිකොට දැක්විය හැකියි.

6CO2 + 6H2O + solar energy  ———CH12O2 + 6O2

ගින්න පිළිබඳ අපේ මේ සාකච්ඡාවේදී මෙකී සමීකරණය කොපමණ නම් වැදගත් ද යන්න ඉදිරියේ දී දැක බලා ගත හැකිවෙනු ඇත.

මෙකී මුල් කාලයේ සනාල ගොඩබිම් ශාකවල දෙවැනි ගුණාංගය වනුයේ ඒවා, වාහකාභය(tracheids) ලෙස දැක්වෙන ජලය ගෙනයන අංග වැනි  සෛල වර්ග ගණනාවකින් සමන්විතවීමයි. මේ වාහිනී සෛල ශක්තිමත් කෙරෙන රසායනයක් වන ලිග්නින්(lignin) සහ  ශාකය සඳහා ආහාර ප්‍රවාහනය කරන ප්ලෝයම(phloem) වලින් නිෂික්ත හෙවත් කැවූ සෙලූලෝස් වලින් සෑදී ඇත.

Vegetation fires in the Anthropocene | Nature Reviews Earth & Environment

තුන්වෙනුව මෙම ශාක, බීජාණු නිපදවීම හා බැඳි ප්‍රජනක  ක්‍රමවේදයක් වර්ධනය කරගනු ලැබීය. ශාකය මගින් මෙම බීජාණු තෙත් පස මතුපිටට හෙළණු ලැබීය.(බීජානුශාක ලෙස දැක්වෙන) මෙහි දී ඒවා පිරිමි සහ ස්ත්‍රී ලිංගික අවයව නිපදවනු ලබන  ප්‍රමුඛව භූගත කුඩා ජන්මාණුශාක බවට වර්ධනය විය. පිරිමි ජන්මාණුශාකයේ ශුක්‍රාණු තෙත් පස දිගේ පිහිණා ගොස් ස්ත්‍රී ජන්මාණුශාකය හා එක්වී එය සංසේචනය වීමෙන් බීජාණුශාකය නම්  ශාකයෙහි නව පරම්පරාවක් නිපදවයි.  මේ ආකාර ප්‍රජනනයක් වර්තමානයේ මීවන(fern) වල දැකිය හැකිය.

Cooksonia - Wikipedia

cooksonia

වසර මිලියන 420කට පමණ පෙර පසු සිලූරීය අවධියේ මුල්ම ශාක අතරට කුක්සෝනියා (Cooksonia) ලෙස හඳුන්වනු ලබන කුරු ශාක ස්වරූපයක් ද අයත්විය. ඇත්තවශයෙන්ම, මුල්ම ගොඩබිම ශාක  උසින් සෙන්ටිමීටර කිහිපයක් පමණක් වූ අතර, එහෙයින් ඒවාට විශාල ලැව් ගිනි සඳහා ප්‍රමාණවත් ඉන්ධන සැපයීමට නොහැකි විය. එය එසේ වී නමුත්,  මේ මිහිපිට ගිනි ඇතිවීමේ සිදුවීම් ප්‍රදර්ශනය කෙරෙන  මුල්ම කාලයට අයත් අඟුරුබවට පත්(charcoalified) අප සතුව ඇති ශාක අපට හමුවන්නේ මෙම අවධියෙනි. එවැනි ගිනි කුඩා එමෙන්ම බෙහෙවින් ස්ථානගත ඒවා වන්නට ඇත.  මෙකී මුල්ම ශාක ජලය ආසන්නයේ වාසභූමි වලට සීමාවූ අතර තැනින් තැන කුඩා බිම් කැබලි ලෙස තිබෙන්නට ඇත.

පසුව ආ භූ විද්‍යාත්මක යුගය වන ඩෙවෝනීය යුගය(වසර මිලියන 419 -358කට පෙර) පුරාවට,  නව පරිසරයන් වෙත ව්‍යාප්තවී සිය ඉන්ධන භාර විභවය වර්ධනය කිරීමට ඉඩ සලසන නව ක්‍රමෝපායන් ගණනාවක්ම ශාක මගින් පරිණාමය කරගනු ලැබිණ. ශාක, සිය ව්‍යාප්තියට උපකාරී වන වර්ධන චර්යාවන්  පරාසක්ම පරිණාමය කර ගැනීමට සමත්විය.  මෙයින් එකක් වූයේ ක්ලෝන වර්ධනයයනුවෙන් දැක්වෙන යාන්ත්‍රණය මගින් ප්‍රජනනය වීමයි(මෙහි දී එක තනි එකෛයකුගෙන් ශාක වර්ධනාත්මකව ප්‍රජනනය වේ) .  එවන් අවස්ථාවල ශාක යටිබිමට සම්බන්ධ විය හැකිය.එහෙත් මුල් ගොඩබිම ශාක සියල්ලම ඒවායේ වර්ධන ක්‍රමය මගින් සීමා කෙරිණ. ඒවාට වර්ධනය විය හැකි වූයේ ඒවායේ අග්‍රස්ථ රෝපණය(meristem=විභාජක රෝපණය) හරහා මූලික වර්ධනයෙනි.  එහෙයින් උසට වැඩීම සැලකිය යුතු ගැටළුවක් විය. ඩෙවෝනීය යුගයේ සමහරක් ශාක කණ්ඩායම් මෙම අභියෝගය ජයගත් ආකාරය ඊළඟට සලකා බලමු.

FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: