ගින්න සහ වායුගෝලය
දිගට පවතින ගින්නක් සඳහා වායුගෝලයේ ඔක්සිජන් සියයට 17 ක් තිබිය යුතු යයි වඩාත් යථාර්ථවාදී සංඛ්‍යාවක් හැටියට මෑතක පර්යේෂණ දක්වන්නේ වී නමුත් අවම වශයෙන් සියයට 15 ක් නම් ඔක්සිජන් පැවතිය යුතුවේ. වර්තමානයේ එම සංඛ්‍යාව සියයට 21 ලෙස දැක්වේ. වියළි තත්ත්වයන් සහිත භූ දර්ශනයක ඉන්ධන ගොඩ නැගී තිබෙන විටක පවා අපට ගින්නක් අත්දැකීමට නොහැකිවන්නේ නම් ඊට හේතුව වායුගෝලයේ ඔක්සිජන් පහළ මට්ටමක තිබීම විය හැකියි. මෙයට වසර මිලියන 420 කට පෙර, පසුකාලීන සිලූරියානු අවධියේ ගිනි හටගැනීමෙන් පෙණීයන්නේ ඔක්සිජන් මට්ටම් අඩුතරමින් 17ක් වන්නට ඇති බවයි. ඉන් අනතුරුව, මෙයට වසර මිලියන 400ත 360ත් අතර කාල වකවානුවේ වැඩි කොටසක දී ගිනි නොමැතිවීමට හේතුව වායුගෝලීය ඔක්සිජන් මට්ටම් මෙකී තීරණාත්මක සංඛ්‍යාවට වඩා පහළ වැටීමේ ප්‍රතිඵලයක් විය හැකියි.
වායුගෝලීය ඔක්සිජන් ගණනය කිරීම සම්ප්‍රදායානුකූලව උරුම කරගනු ලැබ ඇත්තේ භූ රසායනික ආකෘති(geochemical models) තුළිනි. මෙම ආකෘති කාලය ගතවේද්දී ඔක්සිජන් ප්‍රමාණය පුරෝකතනය කිරීම පිණිස විශාල පරාසයක දත්ත උපයෝගී කර ගනී. මෙයින් සමහරක් ආකෘති දක්වන්නේ ඩෙවෝනියනු යුගය පුරාවටම ඔක්ෂිජන් මට්ටම පහත වැටෙමින් තිබූ බවත් එමෙන්ම ගිනි ක්‍රියාකාරකම් මේ ආකාරයට සීමිත වීමට හෝ සම්පූර්ණයෙන් නොමැතිවීමට හේතුව බාගදා මෙය විය හැකි බවයි. ඩෙවෝනියනු යුගයේ ඉතාමත් පසුකාලීන අවධියේ ඔක්ෂිජන් මට්ටම් නැවතත් ඉතාමත් ඉහළ නැග මෙයට වසර මිලියන 350 සමයත් 344 කාලය දක්වා වූ අංගාධර(කාබොනිකපරස්) යුගටත් පිවිසෙන්නට ඇතිඇති බවයි. තවද ලැව්ගිනි ක්‍රියාකාරකම් පිළිබද සාක්ෂි අපට හෙළි කරමින් මෙම කාලවකවානුව තුළ පාෂාණවල අඟුරු වැඩිවීමක් ද දැක ගත හැකිය.
වසර මිලියන 350ක් 250ක් පමණ කාලයකට පෙර ඔක්සිජන් මට්ටම් වර්තමානයේ ඔක්සිජන් මට්ටම වන සියයට 21 ට වඩා සැ:අකිය යුතු ප්‍රමාණයකින් ඉහල තිබූ බවයි. සමහර ආකෘති දක්වන්නේ මෙම කාලය තුළ ඔක්සිජන් මට්ටම සියයට තිහක් තිස්පහත් අතර තිබෙන්නට ඇති බවයි. මෙහි බලපෑම අතිශය වැදගත්ය. සම්පරීක්ෂණ අපට දක්වන්නේ ඔක්සිජන් අන්තර්ගතය සියයට 21ට වඩා ඉහළ යන විට ගිනි හටගැනීමේ ශක්‍යතාව සැළකියයුතු ප්‍රමානයකින් වර්ධනය වන බවයි. ඔක්සිජන් අන්තර්ගතය ඉහලයාම හේතුවෙන් ශාක දැවීමට අවකාශ සැලසේ. සියයට තිහත් තිස්පහත් අතර වායුගෝලීය ඔක්සිජන් තිබෙන විට ඉතාමත් තෙත් ශාක පවා දැවී යාමට හැකි බව ඇතැම් සම්පරීක්ෂණ පෙන්නුම් කරයි. එවැනි අවස්ථාවල ගිනි නිවීම අසීරුවේ. කෙසේ වෙතත් එවැනි ඔක්සිජන් මට්ටම් දිගටම පවත්වාගෙන යාම නොහැකි බව පැහැදිලි වන්නේ වෘක්ෂලතාදිය නිරන්තරයෙන්ම ගිනි ගනිමින් පවතින නිසාවෙනි.
කෙසේ වෙතත්, සිය ගණන්ගැනීම්වලට ප්‍රතිපෝශන එක් කරගෙන ඇති නව ආකෘති, ඔක්සිජන් අන්තර්ගතය මෙම කාල පරිච්ඡේදය තුළ පුරාවටම වර්තමානයේ වායුගෝලීය ඔක්සිජන් මට්ටමට වඩා ඉහතින් පැවති බව දක්වයි.
වායුගෝලීය ඔක්සිජන් සඳහා පැහැදිලිව දැකීමට හැකි නියොයෝජනයන්(proxies) නොමැත. කෙසේ වෙතත්, වෙනස්වන මට්ටම් ගැන කිසියම් ඉඟියක් අඟුරු පොසිල මගින් සැපයීමට ඉඩ ඇති බව දැක්වේ. කාලයාගේ ඇවෑමෙන් ගල් අඟුරු බවට පත් පෞරාණික පීට් හෙවත් ජීර්ණක තුළ සොයා ගනු ලැබූ අඟුරුවල ප්‍රමාණය මත පදනම්ව මෙම අදහස ගොඩනැගී තිබේ. ගිනිගැනීමට නතු නැති තෙත් තත්ත්වයන් තුළ ජීර්ණක(පීට්ස්) හට ගත් බව අපි දන්නෙමු, ඒ අනුව, ගෝලීය වශයෙන් ගත් කල නූතන ජීර්ණක තුළ අඟුරු පවතින්නේ 5% කටත් වඩා අඩුවෙන් බව පෙනේ.
ඔක්සිජන් මට්ටම සියයට 21කට අඩු අවස්ථාවලදී මේවායේ අඟුරු ප්‍රමාණය මීටත් වඩා අඩු විය හැකිය. එමෙන්ම සීයයට 17ක ඔක්සිජන් පවතින විට අඟුරු කොහෙත්ම නැති වීමට ඉඩ තිබේ. ඔක්සිජන් ප්‍රමාණය ක්‍රමයෙන් 30% දක්වා වැඩිවන විට ඉතාමත් තෙත් ශාක පවා දැවී යාමට හැකි අතර අඟුරු මට්ටම් ඉහළ යාමට ඉඩ ඇතැයි සැලකේ. ගල් අඟුරු තුළ ඇති අඟුරු අන්තර්ගතය පිළිබඳ දත්ත දක්වන්නේ පසු කාලීන පැලියොසොයික යුගයේ දී — එනම් අංගාධර හා පර්මීය යුගවල දී — බොහෝ ගල්අඟුරු තුළ සියයට 30 ටත් සමහරක සියයට 70 වැඩියෙනුත් අඟුරු තිබූ බවයි.
එවැනි දත්ත වායුගෝලීය ඔක්සිජන් මට්ටම ගණනය කිරීම සඳහා යොදාගත හැකි අතර සම්ප්‍රදායානුකූල භූරසායනික ආකෘති සමග එක්ව අඟුරු වාර්තා පෙන්නුම් කරන්නේ පසු පැලියොසොයික යුගය, ඉහළ ඔක්සිජන් ප්‍රමාණයක් මෙන්ම ගිනි ක්‍රියාකාරීත්වයද ඉහළින් පැවති කාලවකවානුවක් බවයි
පසුව පැමිණි (මෙයට වසර මිලියන 250ක් 66කට පෙර, ත්‍රියාසික, ජුරාසික සහ ක්‍රිටේසීය හවත් ඛටිකා සමයන් ඇතුළත්) මිසෝසොයික හෙවත් මිසෝසික යුගය තුළ ඔක්සිජන් මට්ටම සැලකිය යුතු ප්‍රමාණයකින් විචලනය වූ බවත් එහෙත් මධ්‍ය සිට පසුකාලීන ඒ කියන්නේ වසර මිලියන එකසිය විස්සත් හැටහයක වකවානුව අදට වඩා ඔක්සිජන් මට්ටම් ඉහළින් පැවති කාලයක් බවත් ප්‍රවේශ දෙකෙන්ම පෙන්නුම් කෙරේ. වර්තමානයේ ඔක්සිජන් මට්ටම සියයට විසි එකක පමණ ප්‍රමාණයට ස්ථාවර වූයේ මෙයට වසර මිලියන හතළිහකට පමණ පෙර බව සියලුම දත්ත තවදුරටත් හඟවයි.
FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි