පුරවරයන්ට සැපයෙන ජලය සුරක්ෂිතකිරීම වනාන්තර මගින් සිදු කෙරේ – 2

Posted by

පුරවරයන්ට සැපයෙන ජලය සුරක්ෂිතකිරීම වනාන්තර  මගින් සිදු කෙරේ – 2 (මෙහි මුල් කොටස ඔක්තෝබර 12 දා පළවිය)

මහ නගර, ජලය සහ වනාන්තර අතර සම්බන්ධය ක්‍රියාත්මකවන්නේ මට්ටම් තුනකදී බව මෙම ලිපියේ මුල් කොටසේ දී සඳහන් කෙරිණ,  ඇතුළු වනාන්තර ගැන එහි සාකච්ඡා කෙරුණු අතර අද  අසල්වැසි වනාන්තර සහ දුර ඈත වනාන්තර මට්ටම්  ගන කතා කරමු.

අහල පහළ වනාන්තර පුරවර ජල සැපයුම සුරක්ෂිත කරන අතර ප්‍රථ්‍යාස්ථිතිය වර්ධනය කරයි.

Nearby Forests | Cities4Forests

පානීය ජලය ලබා ගැනීම හා එහි ගුණාත්මකභාවය සලකන විට මූලික සාධකයක් වන්නේ ලෝකයේ විශාලතම පුරවර 105 තිස් තුනක්ම  අහල පහළ  සංරක්ෂිත වන බිම් මත බෙහෙවින් රඳා පැවතීමයි.  එක්සත් ජනපදයේ නිව්යෝර්ක්, බොස්ටන්, සැන්ෆ්‍රැන්සිකෝ,  සියැටල් සහ පෝට්ලන්ඩ් මෙන්ම  ඔරිගන් යන  ප්‍රධාන පුරවර සාම්ප්‍රදායික යටිතල පහසුකම් වෙනුවට සිය ජල  පෙරහනය සඳහා විශ්වාසය තබන්නේ අසල්වැසි ආරක්ෂිත වනාන්තර මතය.

This Singapore Botanic gardens. Around 35 million hectares of forest were lost to urban expansion between 1992 and 2015, according to a new study. Photo: Getty Images

මහනගර යාබද වනගත ජලග්‍රහ ප්‍රදේශ(watersheds) ජලය ලබා ගැනීම සහ ජලයේ ගුණාත්මකභාවය කෙරෙහි බලපෑමක් ඇති කරයි. ඒ,  වර්ෂණය, වාෂ්පීභවනය සහ දෝරගැලීම්(flow) නියාමනය කිරීමෙනි. ඛාදනය වලක්වාලීමෙන්, දූෂක ද්‍රව්‍ය බිද හෙලිමෙන් සහ සෙවන සැපයීමෙන් ගස් සහ අනෙකුත් වෘක්ෂලතාදිය මගින් ජලයේ ගුණාත්මකභාවය වැඩි කළ හැකිය. ජලය බහුලව තිබෙන විට ඒවා උරාගැනීමෙන් සහ ජලය හිග වූ විට ඒවා මුදාහැරීමෙන් වනාන්තර සහ ඒවායේ පස් වලට ස්පොන්ජ(sponges) ලෙස ක්‍රි‍යා කළ හැකි වේ. ඒවා මෙය සිදු කරන්නේ එක් අතකින් පසෙහි ජලය නිවේශනය හෙවත් ඇතුළු කාන්දුව(infiltration) වැඩි කිරීමෙන් සහ නැතුවම බැරි භූගත ජල සැපයුම් නැවත ප්‍රතිරූපනය කිරීමට ආධාර වීමෙනි.

ලෝක සම්පත් ආයතනයේ(World Resource Institute – WRI) අධ්‍යනයන්  පෙන්නුම් කරන්නේ මෙම ජලග්‍රහ ප්‍රදේශ පරිසර පද්ධති සංරක්ෂණය කිරීමෙන් බ්‍රසීලය වැනි රටවලට  වාසි සලසා ගත හැකි බවයි. ජලයෙහි ගුණාත්මක බව ආරක්ෂා කරන අතරම ජල මාර්ගවලට අවසාදිත ඇතුල් වීම වළක්වාලීමෙන් මෙන්ම රියො ඩි ජැනැයිරෝ නගරය අවට වනාන්තර ප්‍රකෘතිමත්කිරීමෙන්   ටොන් මිලියන හතරක් වැනි ප්‍රමාණයකින් රසායනික නිෂ්පාදන  අඩු ගැනීමට වියදම් වන ඩොලර් මිලිය 79ක් වැයවීම වළක්වා ගැනිම පිණිස එම නගරයට ආධාර විය හැකිවේ.

කෙසේ වෙතත් සෑම වනාන්තරයකින්ම  එකලෙස වාසි සැලසෙන්නේ නැත. ස්වභාවික තණ බිම් වනාන්තර බවට හැරවීමෙන් සහ  දේශීය නොවන ගස් භාවිතා කිරීමෙන් මතුපිට ජල අස්වනු  දශක ගණනාවක් යන තුරුම අඩුවිය හැකි වේ. නිදසුනක් ලෙස දකුණු අප්‍රිකාවේ  ජලය අධිකව උපයෝගීකර ගන්නා  යුකැලිප්ටස් වැනි ගස්, එහි  සීමිත ජල සම්පත පීඩාවට ලක් කර ඇත.  දැනට පවතින වනාන්තර සංරක්ෂණය කිරීම සහ පළාත් බදව ඇති දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගැනීම අනපේක්ෂිත, සෘණාත්මක ඵලවිපාක මගහරවාගැනීමට උපකාරී විය හැකිය.

දුර ඈත වනාන්තර කලාපීය සහ ගෝලීය වර්ෂාපතනය මෙහෙයවයි

Faraway Forests | Cities4Forests

සැතපුම් සිය ගණනක් ඈතින් තිබුණේ වී නමුත් වනාන්තර, මහ නගර වල සහ ප්‍රධාන කෘෂිකාර්මික කලාපවල වර්ෂණ රටාව කෙරෙහි බලපෑම් ඇති කරයි. ක්‍රමයෙන් වර්ධනය වන පර්යේෂණ ගොන්නක් පෙන්නුම් කරන්නේ ‘ඉගිලෙන ගංගාවන්’ (flying rivers) නිර්මාණය කිරීමේදී නිවර්තන වනාන්තර වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවයි: ඇත්තටම ගස් අතිවිශාල බීම බට ලෙස ක්‍රියා කොට, පසෙන් ජලය උරාගනිමින් වාතයට එය එක් කර, බොහෝවිට දුර ඈත යටි සුළං කලාප වල වර්ෂාපතනයට අවශ්‍ය වන ජල වාෂ්ප නිපදවයි.

වර්ෂා පතනය නියාමනය කිරීමේ දී  අමොසාන් ද්‍රෝණියෙහි, කොන්ගෝ ද්‍රෝණියෙහි සහ අග්නිදිග ආසියාවෙහි ඇති ලෝකයේ මහා නිවර්තන වනාන්තර සුවිශේෂීව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. කෙසේ වෙතත් වර්ෂාපතනයට දායකවීම සඳහා මෙම වනාන්තරවලට ඇති හැකියාව අනතුරට ලක්ව ඇත. පරිණත නිවර්තන වැසි වනාන්තර හෙක්ටයාර් මිලියන 3.8ක් (ඒ කියන්නේ අක්කර මිලියන 9.4ක්) ඇතුළුව හෙක්ටෙයාර මිලියන11.9 ක  (ඒ කියන්නේ අක්කර මිලියන 29 14ක) නිවර්තන වැසි වනාන්තර  2019 වර්ෂයේ දී ලෝකයට අහිමි විය.  වනහරණය හේතුවෙන් හටගන්නා වර්ෂාපතන විපර්යාස, නිවර්තන කලාපය සහ ඉන් ඔබ්බෙහි නගරබද ප්‍රදේශ මෙන්ම ප්‍රධාන ගොවිබිම්වල නියඟය වැඩිකිරීමට හේතුවේ.

පර්යේෂණ දක්වන්නේ කොංගෝ ද්‍රෝණියේ විශාල පරිමාණයේ වනහරණය, ජනාකීර්න  නයිල් ද්‍රෝණිය සහ සහෙල් වැනි අප්‍රිකාවෙ ඇතැම් කොටස් වඩාත් උණුසුම් වියළි බවට පත් විය හැකි බවයි. ලතින් ඇමරිකාවේ ඇමසන් වනය හායනය හෙවත් අවක්‍රමණය උරුගුවේ, පැරගුවේ,  ආජන්ටිනාවේ සහ බ්‍රසීලයේ වැනි රටවල පුරවරයන් හී නියං සමයන් වැඩි කාලයක් පැවතීමටත්, කෘෂිකාර්මික නිෂ්පාදනවල ඵලදායිතාවය අඩු කිරීමටත් මග පාදනු ඇත.

වනාන්තර ආරක්ෂා කිරීමෙන් ජලය සහ නගර වැඩි දියුණු කිරීම

Eco Green City.Save The World And Environment Concept.Urban Forest..  Royalty Free Cliparts, Vectors, And Stock Illustration. Image 97632128.

ලෝකයේ ජනගහනයෙන් වැඩි පිරිසක් මහ නගර වල වාසය කරද්දී නාගරික සීමා ඇතුළත සිදුකරන තීන්දු තීරණ නිවර්තන වනාන්තර කෙරෙහි බලපෑම් ඇති කරයි.  හරක් මස්, සෝයා සහ කටුපොල් වැනි   වැනි දෑ නිෂ්පාදනය මෑතක දසක වල ගෝලීය වෘක්ෂලතා ආවරණය සියයට 30කට ආසන්න ප්‍රමාණයකින් හානියට පත් කිරීමට මග පාදා ඇත. නාගරික ප්‍රදේශවල දී  වාර්ෂිකව දළ වශයෙන් ‍ද්‍රව්‍ය බිලියන ටොන් බිලියන හතළිහක් පරිභෝජනය කරයි.  මෙම ප්‍රමාණයන් 2050 වනවිට දෙගුණයකට වඩා වැඩි වෙතැයි අපේක්ෂා කෙරේ.

වනහරණයෙන් තොර ප්‍රසම්පාදන ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නම් සහ වන සංරක්ෂණයෙහි අගය හුවා දැක්වෙන වැඩපිළිවෙල ක්‍රියාවට යොදන්නේ නම් වානිජ සහ සංස්කෘතික කේන්ද්‍ර හැටියට නාගරික පරිපාලනයන්ට මෙකී හානි වළකා ගැනීමට මග පෑදීමට පුළුවන.  ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවට ද  වන මිත්‍ර සැපයුම් දාම පවත්වාගෙන යා හැකිය.  තවද, ඡන්දදායකයින්, පාරිභෝගකයින් සහ බදු ගෙවන්නන් හට ද මෙම කාරණයේ දී වැදගත් කාර්ය බාරයක් ඉටු කිරීමට ඇති බව මතක තබා ගැනීමද වැදගත් වේ.  වන්නාන්තර  නගර වෙනුවෙන්  ජලය සුරකියි. එමෙන්ම  ඊට ප්‍රතිචාර වශයෙන් නගර ද වනාන්තර ආරක්ෂාකිරීමට පෙරමුණ ගත යුතුවේ.

World Resources Institute වෙබ් අඩවියෙහි Forests Near or Far Can Protect Water for Cities යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.