පරීක්ෂණවල දී කොරෝනා වැළඳී ඇතැයි වැරදියට නිර්ණයකිරීමත් විපත්තිදායකයි
ගෝලීය මහා වසංගතය හමුවේ ලෝකයේ රටවල් නව කොරෝනා වෛරසයෙන් ආසාදනය වී ඇද්දැයි පරික්ෂා කිරීම ගැන වැඩි අවධානයක් යොමු කෙරෙනවා. ඊට හේතුව ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට පමණක් නොව ආසාදනය ව්‍යාප්තවීම වළක්වා ගැනීමට ද එය වැදගත් වෙන නිසයි. මෙලෙස පරික්ෂාකිරීම් සිදු කිරීමේදී අප ව්‍යාජව ධනාත්මක යැයි හඳුන්වනු ලබන කෙනකු එනම් රෝගය ආසාදිත නොවී පරීක්ෂණයේදී අසාදිත යයි පෙන්නුම් කරන විට, ව්‍යාජ සෘණාත්මකබව හා සසඳද්දී එය බොහෝවිට සැළකුණේ එතරම් හානිකර නැතැයි යනුවෙනි. මන්ද ව්‍යාජව සෘණාත්මක යනුවෙන් (ව්‍යාජව සෘණාත්මක යන්නෙන් දැක්වෙන්නේ රෝගය තිබෙද්දී රෝගය නැතැයි පරීක්ෂණයේදී දැක්වීමයි) දැක්වුවහොත් එම තැනැත්තාට ප්‍රතිකාර ලබාදීම මගහැරී යන අතර එම තැනැත්තාගෙන් හෝ තැනැත්තියගෙන් රෝගය සෙසු අයට බෝ වීමට ද ඉඩකඩ ඇති හෙයිනි.
කෙසේවෙතත් කෙනකු ව්‍යාජ ධනාත්මක යයි පරීක්ෂණයේදී හඳුනා ගැනීමෙන් ද දරුණු ප්‍රතිවිපාක හට ගැනීමට පුළුවනි. විශේෂයෙන්ම වෛරසය අඩුවෙන් පැතිරී ඇති තැන්වලදී මෙය තවත් වැදගත් වේ. සාමාන්‍යයෙන් ව්‍යාජව ධනාත්මක යයි සොයා ගැනීම සිදුවන්නේ විරල වශයෙන් යයි එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය පෙන්වාදෙයි(FDA). එහෙත්, අපවිත්‍රණය, මෙන්ම වැරදියට උපකරණ භාවිතය සහ තාක්ෂණික අපහසුතා හේතුවෙන් ද කෙනෙකුට රෝගය වැළඳෙන්නේ නැතුව ආසාදිත වැරදි ලෙස හෙවත් ව්‍යාජව පරීක්ෂණයෙදී හෙළි වන්නට ඉඩ තිබෙනවා.

සමහරවිට වෛරසය බහුලව නැති අවස්ථාවල් දී, ව්‍යාජව ධනාත්මක අවස්ථා නිශ්චිත ධනාත්මක අවස්ථාවන්ට වඩා බෙහෙවින් වැඩි වන්නට ඉඩ තිබෙනවා. මෙය පරීක්ෂණ ගැන තිබෙන විශ්වාසය බිඳ වැටීමට මෙන්ම නොදැනුවත්වම වෛරසය ක්ෂණිකව ව්‍යාප්තවීමට ද බලපෑමට පුළුවන්. මෙම ව්‍යාජ ධනාත්මක හඳුනාගැනීම අනිසි ප්‍රතිඵල ගණනාවකට මඟ පෑදිය හැකියි.
අනවශ්‍යව හුදකලා වීම
එක්සත් ජනපද රෝග පාලන සහ වැළැක්වීමේ කේන්ද්‍රයන්(Centres for Disease Control and Prevention – CDC) දක්වන අන්දමට (රෝග ලක්ෂණ දක්වන්නේ නම්) රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව කෙනෙකු දින දහයක් ස්වයං නිරෝධායනයට ලක්විය යුතුය. මන්ද ඇතැම් විට රෝග ලක්ෂණ නොමැතිව ද වෛරස ආසාදන වී තිබිය හැකි නිසාය. ඒ කියන්නේ තමන්ගේ පවුලේ සහ වෙනත් හිතවතුන්ගෙන් දින දහයක් ඈත්වී සිටීමට සිදුවීමෙ පීඩනය දරා ගනීමට සිදුවන අතර එ පමණක් නොව රැකියාවක හෝ අධ්‍යාපනයේ දෙන්නෙක් නම් එම කාර්‍යයන් ඉටුකිරීමේ දී ඵලදායීත්වය දින දහයකට අහිමි වී යාමය.
අනවශ්‍ය ව්‍යාප්තවීම්
ඇතැම් තත්ත්වයන් යටතේ ව්‍යාජ ධනාත්මක බව අනවශ්‍ය රෝග ව්‍යාප්තියකට මග පෑදිය හැකි ය. මන්ද ව්‍යාජ ධනාත්මක යයි ලේබලය ඇලවූ විට සියලු දෙනාම — ඒකියන්නේ සැබවින්ම රෝගය ආසාදනය වූ අයවළුන් මෙන්ම රෝගය වැළන්දී ඇතැයි මෙලෙස ව්‍යාජ ලෙස නැතිනම් වැරදි ලෙස සොයාගනු ලැබූ අයවළුන්– යන සියලුදෙනාම එක ගොඩේ තැබෙන හෙයිනි. එවිට ඔවුන් අතර සැබවින්ම ආසාදිත වූ අය ගෙන් වැරදි ලෙස ආසාදිත යයි හඳුනාගත්තා අයටද වෛරසය බෝ විය හැකිය. “මෙහෙම වැරදියට ධනාත්මක යනුවෙන් හඳුනා ගනු ලබන පුද්ගලයන් ඇත්තටම අප ඔවුන්ගේ මරණය කරා යොමු කිරීමක් සිදුකරනවා විය හැකිය” යි නිව්ජර්සි හි රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යාධිවේදඥ වැලරි ෆිට්ස්බර්ග් ප්‍රකාශ කරනවා.
අහිමිවන ප්‍රතිකාර හෝ අයෝග්‍ය ප්‍රතිකාර
ප්‍රතිකාර ලබාදීමේ දෘෂ්ඨියෙන් බලන කල ව්‍යාජ ධනාත්මකබව හෙවත් රෝගය ආසදිතයයි වැරදිසහගතව හඳුනාගනීම විපත්තිදායක බව ඩෙට්‍රොයිට් හි හෙන්රි ෆෝඩ් පද්ධතියේ සායනික ක්ෂුද්‍රජීවවිද්‍යාඥ ලිනෝජ් සැමුවෙල් පෙන්වාදෙනවා. නිදසුනක් ලෙස ඉන්ෆ්ලුවැන්සාවෙන් සහ කොවිඩ් 19 න් පෙළෙන රෝගින් දක්වන්නේ එකම පාහේ රෝග ලක්ෂණය. එහෙත් මේ රෝගියෙකු එක වරකට පරීක්ෂාවට ලක්කෙරෙන්නේ එක රෝගයකටය, එම රෝගියා වැරදි ලෙස කොවිඩ් 19 වැළඳී ඇති බවට රෝගෙ නිර්ණය කළහොත් එම රෝගියාගේ රෝගය මර්දනයට අවශ්‍ය ප්‍රතීකාර අහිමිව යාමට හෝ රෝගියාට ඉක්මන් සුවය ලබාදීමේදී එතරම් වැඩක්, ප්‍රයෝජනක් නොමැති මිළ අධික ප්‍රතීකාරයක් ලබාදීමට ඉඩ ඇත.
ආරක්ෂිත යයි ව්‍යාජ හැඟීමක් ඇතිවීම
එක්වරක් වෛරසයට නිරාවරණය වී සාර්ථකව ඊට මුහුණ දුන් බොහෝ දෙනෙකු අතරේ දෙවැනි වතාවටත් වෛරසයට ගොදුරු වීම වළක්වා ගැනීමට තරමට ප්‍රතිශක්තියක් ගොඩනැගෙන බවට සාක්ෂි එන්ට එන්ට ම ලැබෙමින් පවතිනවා. මෙම ප්‍රතිශක්තිය කොපමණ කාලයක් පවතී ද යන්න විද්‍යාඥයන් දන්නේ නැහැ. එහෙත් රෝග පාලන සහ වැළැක්වීමේ කේන්ද්‍රයන් නිකුත් කර ඇති මාර්ගෝපදේශ දක්වන අන්දමට දින 90ක් යන තුරු යළි ආසාදනය වීමේ හැකියාව අඩුය. මෙම කාල රාමුව තුළ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අය නැවත වරක් පරීක්ෂණයකට ලක් වීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේ නැතැයි එම ආයතනය පෙන්වා දෙනවා.
ඇත්තටම රෝගය වැළඳී ඒ බවක් නොදන්නා (ලක්ෂණ ද නොමැති) අයෙකු ව්‍යාජව ධනාත්මකයයි හඳුනාගන්නා අයෙකු තමන්ව මෙම රෝගය තමන්ට වැළඳුනත් ඉන් හානියක් නොවන්නේය යන වැරදි අවබෝධයක් ඇති කරගත හැකි බව ජොර්ජ් මේසන් විශ්වවිද්‍යාලයේ ආසාදන මර්දන විශේෂඥ සස්කිය පොපෙස්කු පවසනවා,
කෙසේවෙතත්, තමන්ට රෝග ලක්ෂණ නොමැතිව මෙලෙස රෝගය වැළඳී ඇතැයි පරික්ෂාවේ දී වැරදි සහගතව දැක්වෙන හෙයින් දැන් තමන්ට නැවත් එය නොවැළඳෙන බවට වැරදි අවබෝධයකට එළඹී මුව ආවරන නොපැළඳ, සමාජ දුරස්තභාවය රැකගන්නේ නැතුව හැසිරීමෙන් විපතට පත්වීමේ හැකියාව තිබෙනවා.
අනවශ්‍ය පීඩනය
කොරෝනා වෛරස රෝගයේ දිගුකාලීන බලපෑම ගැන තවමත් හරි හැටි අවබෝධයක් නැති මේ අවස්ථාවේ කෙනකු වැරදියට සාධ්‍යය යයි හඳුනාගැනීමෙන් එම තැනැත්තා හෝ තැනැත්තිය තුළ අතිශය මානසික පීඩනයක් ඇතිවිය හැකි බව වෛද්‍ය ෆිට්ස්බර්ග් පෙන්වා දෙනවා. කොරොනාවේ දරුණුකම ගැන පුන පුනා දැක්වෙන පසුබිමක ” තමන්ට රෝගය වැළඳී ඇතැයි දැනගත් වහාම කෙනෙකුට සිතෙන්න පුළුවන් දැන් මගේ ජීවිතය අවසානයි කියලා. එය දරුණු මානසික වදයක්, පීඩනයක්” බව ඇය පෙන්වා දෙනවා.
රෝග පරීක්ෂණ කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටීම
වැඩි වැඩියෙන් පරික්ෂා කිරීම අත්‍යවශ්‍ය බව කවුරුත් පිළිගන්නා කාරණයක්. එහෙත් මෙම පිළිගත් මාදිලියේ පරීක්ෂණ වලදී නිතර වැරදි ලෙස හඳුනා ගැනීම් සිදුවන්නේ නම් එම පරීක්ෂණ ගැන පොදු ජනතාවගේ විශ්වාසය කඩවීමට, බිඳවැටීමට් ඉඩ තිබෙන බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නැහැ. මේ තත්ට්වය ඇත්තටම කොරෝනා වෛරස පරීක්ෂාවට පමණක් සීම් වන්නක් නොවේ යයි ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යාධිවේදඥ වෛද්‍ය බෙන්ජමින් පෙන්වා දෙනවා.

පරීක්ෂණාගාර සහ චිකිත්සාගාරවලින් පිටත රෝග නිර්ණය පිණිස අසනීප පුද්ගලයන් බහුලව යන ස්ථානවල දී විවිධ පරීක්ෂණ පවත්වන්නේ කෙසේ දැයි ඇගැයීමට ලක්කෙරෙන දත්ත වැඩි වැඩියෙන් අවශ්‍ය යයි ඉල්ලා සිටීමට විශේෂඥායන් ගණනාවක්ම පෙළඹවීම සඳහා මෙකී කාරණා සහ තවත් සාධක බලපා තිබෙනවා. රට පුරා රෝග පරීක්ෂණ සිදුකිරීම බහුල වන විට ඒවාට ලක්වන අය පරීක්ෂණවල වාසි පමණක් නොව ඒවායේ සිමාවන් ද හඳුනාගන්නා බව ඔවුන් පෙන්වාදෙනවා,
New York Times පුවත්පතේ ඔක්තෝබර් 25 වැනිදා Why False Positives Merit Concern, Too යන මැයෙන් පළවූ වාර්තාව ඇසුරෙනි. මෙම සම්පූර්ණ වාර්තාව ඉංග්‍රීසි බසින් මෙතැනින් කියවන්න