ගෝලීය වසංගතය: පරීක්ෂණ සම්බන්ධයෙන් වැදගත් වන පද කිහිපයක්

Posted by

ගෝලීය වසංගතය:  පරීක්ෂණ සම්බන්ධයෙන් වැදගත් වන පද කිහිපයක්

කොරෝන ගෝලීය වසංගත සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමේ දී මතුවන ගැටලු කිහිපයක් ගැන අප ඊයේ තතු ලිපියෙන් සාකච්ඡා කළා. මේ සම්බන්ධ වෛද්‍ය පරීක්ෂණ වලදී බහුලව යොදා ගන්නා ඇතැම් වදන් සහ පද, පොදු මහජනතාව අතර යම් ගැටලු මතු කිරීමට ඉඩ තිබෙනවා. අප අද ලිපිය වෙන්කරන්නේ එවැනි ගැටලුකාරී වචන කිහිපයක් ගැන කෙටි විස්තරයක් ගෙන ඒමටයි. එය ඔබට උපකාරයක් වේ යැයි කියලා අපි කල්පනා කරනවා.

 ප්‍රතිදේහ(Antibody):

ප්‍රතිදේහ යනු අපගේ  ප්‍රතිශක්ති පද්ධතිය මගින් නිපදවනු ලබන ප්‍රෝටිටීන වර්ගයකි. ඒවාට සුවිශේෂී වර්ග වල වෛරස, බැක්ටීරියා හෝ අනෙකුත් ආක්‍රමණිකයන් හන්නුනාගෙන නිශ්චිතවම ඇලී සිටීමට  හැකියාව තිබෙනවා.

 ප්‍රතිදේහ පරීක්ෂාව/මස්තු පරීක්ෂාව(Antibody test/serology test):

Explained: How a COVID-19 Serology Test Works And Obstacles to its Use |  Research!America

 මෙය  කොරෝනා වෛරසයටම විශේෂ වූ ප්‍රතිදේහ සොයා ගැනීම සඳහා පවත්වනු ලබන පරීක්ෂණයකි. කොරෝනා වෛරසය ශරීරය වෙත ආසාදනය වී සතියක් පමණ කල් ගතවූ විට මෙම ප්‍රතිදේහ පෙනෙන්නට පටන් ගනී. ප්‍රතිදේහ වර්ධනය වීමට කලක් ගත වන හෙයින් දැනට ශරීරය තුළ හටගෙන පවතින ආසාදනයක් නිර්ණය කිරීම පඉණිස විශ්වාසවන්ත ලෙස යොදා ගත හැකි පරීක්ෂණයක් නොවේ.  එහෙත් මෙම පරීක්ෂණය,  අතීතයේ කොරෝනා වෛරසයට නිරාවරණය වූ පුද්ගලයන් හඳුනා ගැනීමට යොද ගත හැකිවේ

ප්‍රතිදේහ ජනක පරීක්ෂණය(Antigen test):

මෙම පරීක්ෂණයේ දී කොරෝනා වෛරසට සුවිශේෂී වූ ප්‍රෝටීන කුඩා කොටස් හඳුනාගත හැකිය.  ප්‍රතිතිදේහජනක පරීක්ෂණ වේගවත්ය.  සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි කිහිපයක් පමණකි. එහෙත් වෛරයී ප්‍රවේණික  ‍ද්‍රව්‍ය හදුනා ගැනීම සඳහා වන පරීක්ෂණ තරම් නිවැරදිව එය සිදු කිරීමට ප්‍රතිදේහජනක පරීක්ෂණ සමත් වන්නේ නැත.

කොරෝනා වෛරසය(Coronavirus):

Diagram Of Corona Virus Particle Structure Stock Illustration -  Illustration of diagram, microorganism: 36842583

මෙය දැන් සමස්ත  ලෝක වාසී  ජනතාව අතර හුරු පුරුදු වචනයක් නිසා එතරම් පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. එහෙත්, එය නිශ්චිතව හඳුනාගැනීම වැදගත්ය. එහෙයින් මෙ කෙටි පැහැදිලි කිරීම දක්වනවා.  කොරෝනා වෛරසය අයත් වන්නේ Orthocoronavirinae වෛරස කුලයටයි(family). කොරෝනා වෛරසය තමයි කොවිඩ් -19 යන රෝගය හට ගන්වන්නේ. මෙම වෛරසය හඳුන්වනු ලබන්නේ SARS-CoV-2 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය යනුවෙනි.

කොවිඩ්-19(Covid-19):

නව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන් හටගන්නා රෝගයයි. මෙය ඒ කියන්නේ Covid-19 යනු  coronavirus disease 2019 යන්න   සඳහා යොදා ගන්නා කෙටි නාමයයි. බොහෝදෙනා, බොහෝවිට රෝගය සඳහා පමනක් නොව වෛරසය සඳහා අතුරුමාරු වශයෙන් යොදාගන්නවා දැකගන්න පුළුවන්.

හුදකලා කිරීම සහ නිරෝධායනය කිරීම(Isolation and Quarantine):

මෙම පද දෙක කොරෝනා වෛරස ගැන කතා කරන විට නිතර අසන්නට ලැබේ. ඇතැම් විට සාමාන්‍ය ජනතාව මෙම පද දෙක එක තේරුමක් ඇතිව අවබෝධ කර ගන්නා බවක් පෙනේ.

 හුදකලා කිරීම යනු තමන්ට බෝවෙන රෝගයක් හේතුවෙන් අසනීප වී ඇති බව දන්නා පුද්ගලයන් එලෙස රෝගාතුර නොවන  පුද්ගලයන් ගෙන් වෙන් කොට තැබීමයි

නිරෝධායනය කිරීම යනු යම් වයිරසයකට නිරාවරණය වූ පුද්ගලයින් ගේ සංචලණය ඒ කියන්නේ  මේ එහා මෙහා යාම සීමා කිරීමයි.

නාසා ග්‍රසනික මාත්තුව හෙවත් පිස්න(Nasopharyngeal swab):

Just the Facts: Taking a Nasopharyngeal (NP) Swab | The Windsor-Essex  County Health Unit

නාසා කුහරය උගුර  හා සම්බන්ධවන අවකාශය වෙතින්  (පරීක්ෂන සඳහා) සාම්පල ලබා ගැනීම පිණිස නාසය ඇතුලටම යවන, කොනක මෘදු මාත්තුවක්(swab)  සවිකර ඇති නම්‍යශීලී දිග කෝටුවකි. මේ අන්දමටම කොරෝනා වෛරස පරීක්ෂණ සඳහා සාම්පල එ පමණ දුරක් ඇතුළට නොයවන මාත්තු(මේවා නාසික මාත්තු ලෙස ද දැක්වේ) හෝ  මෞඛ(මුඛ) හෝ කණ්ඨ(උගුර) මාත්තු මගින් ද එකතු කරගත හැකිය.

පොලිමරේස් දාම ප්‍රතික්‍රියාව(Polymerase Chain Reaction – PCR):

How coronavirus throat, nose tests work: RT-PCR method, explained -  Business Insider

ගෝලිය මහා වසංගත්ය සමග අපට දැන් හොඳින් හුරු පුරුදු වචනයකි පොලිමරේස් දාම ප්‍රතික්‍රියා පරීක්ෂණය හෙවත් PCR පරීක්ෂණය. (ශරීරයෙන් ලබා ගන්නා) සාම්පලයක අඩංගු ප්‍රවේණික ද්‍රව්‍ය වල පිටපත් මිලියන ගණනක් සෑදීම පිණිස විද්‍යාඥයෝ PCR යොදා ගනිති . PCR යොදා ගන්නා පරීක්ෂණ, කොරෝනා  වෛරස ශරීරය තුළ බහුලව නැති අවස්ථාවල පවා ඒවා  සොයා ගැනීම පිණිස පර්යේෂයන්ට  උපකාරී වේ

වෛරස භාරය(Viral load):

මෙයින් අදහස් කරන්නේ කෙනෙකුගේ ශරීරය තුළට ඇතුළු වී ඇති වෛරස ප්‍රමාණයයි. කොරෝනා වෛරසයෙන්  ආසාදිත වූ පුද්ගලයන් තුළ (කවදා හෝ රෝග ලක්ෂණ පහළවන්නේ නම්) රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට මත්තෙන්  වෛරස භාරය උපරිමයකට පත්විය හැකිය. ( මෙහිදී මතක් කළ යුත්තක්  වන්නේ ඇතැමුන්ට රෝගය ආසාදිත වුවද රෝග ලක්ෂණ මතු නොවන බවයි)

New York Times පුවත්පතේ ඔක්තෝබර් 25 වැනිදා Why False Positives Merit Concern, Too යන මැයෙන් පළවූ වාර්තාවම ඇසුරෙනි. 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.