ගින්න සහ දේශගුණය

Posted by

ගින්න සහ දේශගුණය

වර්තමාන ලෝකයේ වෘක්ෂ ලතා ආදිය හට ගැනීමේ දී පමණක් නොව ලැව් ගිනි හට ගැනීමේදී ද දේශගුණය මූලික කාර්යභාරයක් ඉටු කරයි.  මෙහිදී දේශගුණයෙහි අංශ කීහිපයක්ම සැලකිල්ලට ගත යුතු වේ. ඉන් පළමුවැන්න උෂ්ණත්වයය.  උෂ්ණත්වය ඉහළ යද්දී ඉන්ධන ද්‍රව්‍ය වියලී ගොස් ගින්න හට ගැනීම පහසු කරවයි.  කෙසේ වෙතත් වර්ෂා පතනය ද වැදගත් වේ, තෙත් ගතිය ඇත්නම් උෂ්ණත්වය ඉහළ ගිය ද අකුණක් කෙටීමෙන් හටගත්තේ වුවද ගින්න ඇවිලී යාම නැතිනම් ගින්න පැතිරීම පහසු නොවේ.  වඩාත් සූක්ෂමව සලකතොත්, වියළි සහ තෙත්  කාල වකවානු පවතින කාල සීමා ද වැදගත් කාර්යභාරයක් සිදුකරයි. නිදසුනකට තෙත් සීත සෘතු සහ වසන්ත කාල වකවානු පැවතුනද ගිම්හානය වියළි නම් එය,  ගිනි ක්‍රියාකාරකම් වලට මග පපෑදීමට ඉඩ ඇත. එහෙත් වසර පුරාම තෙත් ගතිය පවතින්නේ නම් ගින්නක් හට ගැනීමේ ඉඩකඩ ඇහිරේ.(වර්ෂාපතනය සීමිත).  දිගු කාලයක් වියළි තත්ත්වයන් පවතින ප්‍රදේශවල ශාක වර්ධනය බෙහෙවින් අඩාල වේ. එවිට මෙහි ප්‍රතිඵලයක් වශයෙන්,  ඉන්ධනවල වියළි ස්වභාවය නිසා ගින්නක් පහසුවෙන් හට ගැනීමට හැකි වුවද   අවශ්‍ය ඉන්ධන හිග වීම නිසා ගින්න  වර්ධනය නොවේ(ඉන්ධන සීමිත).  

The World Ablaze: Why Our Forests Are Burning | Rainforest Alliance

විවිධ පරිසරයන් තුළ දක්නට ලැබෙන වෘක්ෂලතා වර්ග වල පමණක් නොව ගිනි හට ගැනීමේදී ද වර්ෂාපතනයෙහි සහ උෂ්ණත්වයෙහි වෙනස්කම් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.  අපි උදාහරණයක් ගමු. සමස්තයක් වශයෙන් ගත් කල නිවර්තන වැසි වනාන්තරවල අපට වැඩි වශයෙන් ස්වභාවික ලැව්ගිනි අපේක්ෂා කළ නොහේ. ඊට හේතුව ගින්නක් හට ගැනීමට තරම් සුදුසු විභවයක් සහිත ඉන්ධන බහුලව තිබුණේ වී නමුත් ස්වභාවිකව වියළී ගොස් ගින්නක් හට ගැනීමේ තත්ත්වයට එය පත්වීමට  වර්ෂාපතනය ඉඩ සලසන්නේ නැතිවීමයි.  මනුෂ්‍යයන්ගේ මැදිහත්වීමෙන් මෙය වෙනස් විය හැකිය. ඕනෑකමින්ම ගිනි ඇති කිරීමෙන් 2019 වර්ෂයේ දී ඇමසන් වැසි වනාන්තරය පුරාවට ජනනය වූ  වියවුලට එක් හේතුවක් මෙය වේ.

දිගු කාලයක් පවතින රශ්නය සහිත ගිම්හානයන් ගෙන් හෙබි මධ්‍යධරණී සමාන දේශගුණය වලදී ඉතාමත් දරුණු ගිනි රෙජීම හටගත හැකිය. එහෙත් මධ්‍යාක්ෂාංශ වනාන්තර වැනි (Mediterranean-type climates)  වඩාත් සිසිල් කලාපවල ද වියළි කාලඡේද වල දී ව්‍යාප්ත වූ ගිනිවලට මග පෑදිය හැකි ය. ඇලස්කාව තුළ ලැව්ගිනි විශාල ප්‍රමාණයකට මුහුණ දීමට සිදුවීම බොහෝ දෙනෙකු  පුදුමයට පත්කරවන සුළුය.

මේ මහ පොළොව මත ගින්නෙහි බෙදීයාම හරි හැටි  සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට හැකි වී ඇත්තේ  චන්ද්‍රිකා ආවේක්ෂණය   වර්ධනය වීමත් සමගය. ගිනි හට ගැනීම අස්වභාවික වුවත් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් එසේ කළ හැකි බියෝම මෙන් නොව සොබාවිකව ගිනි ගන්නාසුලු වෘක්ෂලතාදිය සහිත බියෝම  ගැන අපට වඩාත් හොද අවබෝධයක් ලබාගැනීමට  චන්ද්‍රිකා ආවේක්ෂණ හේතුවෙන්  මග පෑදී ඇත.

FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.