සැමට විදු නැන නුවණ – Science Literacy for All

ජලයේ ගුණාත්මකභාවය සහ අපජලය

ජලයේ ගුණාත්මකභාවය සහ අපජලය

මානව සෞඛ්‍ය‍ය, සමාජ හා ආර්ථික සංවර්ධනය හා පරිසර පද්ධතිය උදෙසා හොඳ,  ගුණාත්මකභාවයෙන් යුතු ජලය  අත්‍යවශ‍යවේ. කෙසේ වෙතත්, ජනගහනය වර්ධනය වන විට එමෙන්ම ස්වාභාවික පරිසරය පිරිහී යන විට, සෑම කෙනෙකුටම ප්‍රමාණවත්ව ආරක්ෂිත ජලය සැපයීමේ සේවා ඇති බව සහතික කිරීම වඩ වඩාත් අභියෝගාත්මක වෙමින් පවතී. විසඳුමේ ප්‍රධාන අංගයක් වන්නේ (ජල) දූෂණය අඩු කිරීම සහ අපජලය() කළමනාකරණය කරන ආකාරය වැඩිදියුණු කිරීමයි.

Target 6.3 – Water quality and wastewater - sdg6monitoring

වඩාත් චක්‍රීය  ආර්ථිකයක් (නාස්තිය, දූෂණය පිටුදැකීම සහ ස්වභාවික සම්පත් පුනර්ජනනය කේන්ද්‍ර කොටගත් ආර්ථිකයක්) සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන වඩා තිරසාර ආර්ථිකයක් මගින් අපෙන් බලාපොරොත්තු වනු ලබන්නේ  අපතේ යන ජලය නොසලකා හැරීම වෙනුවට එහි විභවය, ඒ කියන්නේ  ඉන් කළහැකි දේ ගැන වැටහීමක් ඇතිව ඊට නිසි  වටිනාකමක් ලබා දිය යුතු බවය. ආරක්ෂිත අපජලය යනු හුදෙක්  විකල්ප ජල ප්‍රභවයකට වඩා වැඩි යමකි. ආරක්ෂිත අපජල කළමනාකරණය අපගේ පරිසර පද්ධති ආරක්ෂා කිරීමට සහ අපට ශක්තිය, පෝෂ්‍ය පදාර්ථ මෙන්ම නැවත ප්‍රයෝජනයට ගත හැකි ‍ද්‍රව්‍ය ලබා දීමට උපකාරී වේ.

අභියෝග සහ ඉඩප්‍රස්ථා

ජල චක්‍රයේ සෑම කොටසකදී ම ජලය පරිස්සමින් කළමනාකරණය කළ යුතුය: මිරිදිය සංගමනය(ඉවත්කිරීම)කිරීම, පෙර පිරියම,  බෙදා හැරීම, භාවිතය, එකතු කිරීම සහ පසු පිරියම සිට, පිරිපහදු කළ අපජල භාවිතය සහ ඊළඟ චක්‍රය ආරම්භ කිරීමට සූදානමින් එය අවසානයේ පරිසරයට නැවත එකතුවීම දක්වා වන සෑම කොටසක්ම නිසියාකාරවම කළ යුතුය. ජනගහන වර්ධනය, වේගවත් නාගරීකරණය සහ ආර්ථික සංවර්ධනය හේතුවෙන් ජනනය වන අපජල ප්‍රමාණය සහ එහි සමස්ත දූෂණ භාරය ගෝලීය වශයෙන් ඉහළ යමින් පවතී.

8 Wastewaster Treatment Process Steps & Stages - Cole-Parmer
Sewage treatment plant working with explanation | Wastewater treatment  process description - YouTube

ආරක්ෂිත හා ප්‍රමාණමාණවත් ජල සැපයුම් ලබා ගැනීම අපජලය කළමනාකරණය කරන ආකාරය සමඟ අත්‍යන්තයෙන් බැඳී පවතී.  කෘෂිකාර්මික අපවාහය(දියදෝර) සහ කර්මාන්ත මගින් පිටකරන අපද්‍රව්‍ය හා එකතුව පිරියම් නොකළ අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩිවීම නිසා ජලයේ ගුණාත්මකභාවය හා ලොව පුරා ජල සම්පත් අපිරිසිදු වී ඇත. ගෝලීය වශයෙන්, අපජල වලින් 80% ක් පිරිපහදු කිරීම හෝ නැවත භාවිතා කිරීමකින් තොරව නැවත පරිසර පද්ධතියට එක්වන අතර බිලියන 1.8 ක් පමණ ජනතාව මළ මූත්‍රාවලින් දූෂිත පානීය ජල ප්‍රභවයක් භාවිතා කරති.  එමඟින් කොලරාව, අතීසාරය, ටයිපොයිඩ් සහ පෝලියෝ වැළඳීමේ අවදානමට ලක් වේ.  ඉවතලෑමට හෝ නොසලකා හැරීමට හැකි යමක් නොව  අපජලය යනුවේගයෙන් ව්‍යාප්ත වන නගරවල වැඩිවන ජල ඉල්ලුම සපුරාලීම, බලශක්ති නිෂ්පාදනය හා කාර්මික සංවර්ධනය වැඩි දියුණු කිරීම සහ තිරසාර කෘෂිකර්මාන්තයට සහාය වීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනු  කරන්නකි.

අපජලය හා නගර

සංවර්ධනය වෙමින් පවතින රටවල  ප්‍රධාන වශයෙන්  මහ නගර සහ නගරවල  අඩු ආදායම්ලාභීන් වාසය කරන ප්‍රදේශවල අපජල විශාල ප්‍රමාණයක් කෙලින්ම ආසන්නතම මතුපිට ජල කාණු හෝ අවිධිමත් ජලාපවහන තුලට මුදා හරිනු ලැබේ. එසේ කෙරෙන්නේ පිරිපහදු කිරීමකින් තොරවම හෝ ඉතා සුළු පිරිපහදුවකින් පසුවය. ගෙදර දොරේ එකතුවන අපද්‍රව්‍ය හා මිනිස් මල පහවලට අමතරව නාගරික රෝහල්, ගරජ වැනි කුඩා කර්මාන්ත මගින් බොහෝ අවස්ථාවල දී අතිශ ධූලක(විෂ) රසායන සහ රෝහල් අපද්‍රව්‍ය අපජල පද්ධතියට එක් කර්නු ලැබේ. 

අපජල එකතු කර පිරියම් කරන නගරවල වුවද, භාවිතා කරන ක්‍රමය අනුව පිරිපහදු කිරීමේ කාර්යක්ෂමතාව වෙනස් විය හැකිය. කෙසේ වෙතත්, නාගරික අධිකාරින් විසින් (නගර තුළ තැනින් තැන් පිහිටි උද්‍යාන, ගහ කොළ වවා ඇති තැන් වැනි) හරිත අවකාශයන්ට ජලය සැපයීම හෝ වීදි පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන ජලය පානීය ප්‍රමිතියකටම පිරිපහදු කිරීම අවශ්‍ය නොවේ. මෙලෙස, අපජලය එහි අපේක්ෂිත භාවිතයට ගැලපෙන ජල තත්ත්ව ප්‍රමිතියකට පිරිපහදු කිරීම පිරිවැය ආපසු සපයා ගැනීමේ හැකියාව වැඩි කරයි.

ජලය සඳහා නාගරික ප්‍රදේශයන්හී  ඉල්ලුමේ වර්ධනයට ගැලපෙන ආකාරයට අපජල එකතු කිරීම හා කළමනාකරණය සඳහා නව ප්‍රවේශයන් අවශ්‍ය වේ. ඇත්ත වශයෙන්ම, අපජලය නැවත භාවිතයට ගැනීම ආහාර නිෂ්පාදනය සහ කාර්මික සංවර්ධනය ඇතුළු වෙනත් අභියෝගයන්ට මුහුණ දීමට ද උපකාරී වේ.

මෙහි දෙවැනි කොටස ලබන සතියේ බලාපොරොත්තුවන්න

UN Water වෙබ් අඩවියේ  Water Quality and Wastewater යන මැයෙන් පළවී ඇති  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: