අථත්‍ය තොරතුරු අභියෝගය: කොවිඩ්-19 පිළිබඳ ප්‍රධාන මිථ්‍යා කිහිපයක්
අදට(නොවැම්බර 3) යෙදී ඇති එක්සත් ජනපද ජනාධිපතිවරණය කෙරෙහි ශොවිඩ් 19 දැඩි බලපෑමක් එල්ල කරන බව කාගේත් විශ්වාසයයි. ශොවිඩ් 19 සම්බන්ධයෙන් ඇමරිකාව තුළ ජනනය වූ ප්‍රමුඛ අසත්‍ය කතා අටක් ලොවම පිළිගත්, කීර්තිමත් ඇමරිකානු විද්‍යා සගරාවක් වන Scientific American අලුත්ම කලාපයක් මගින් හුවා දක්වා තිබෙනවා. ඒවායින් බොහොමයකට වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධ කර තිබීම විශේෂ සැලකිල්ල යොමුවිය යුතු කාරණාවක්.

1. නව්‍ය කොරෝනා වෛරසය චීනයේ පරීක්ෂණාගාරයක් දී නිපදවූවකි
කොවිඩ් 19 වෛරසය මුලින්ම මතුවූයේ චීනයේ වුහාන් නගරයෙන් නිසා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනිකුත් අය කියා සිටියේ (ඒ බවට සාක්ෂි නොමැතිව වුවද) එය වුහාන් පරීක්ෂණාගාරයක් තුළ හටගත් බවයි. එමෙන්ම ඇතැම් කුමන්ත්‍රණ වාදීන් විශ්වාස කරන්නේ එය ජෛව ආයුධයක් ලෙස නිර්මාණය කර ලද්දක් බවය.
මෙය අසත්‍යක් වන්නේ ඇයි?
මේ ව්‍යාධිජනකය පරීක්ෂණාගාරයක් තුල නිර්මාණය කරන ලද්දක් යන මතය එක්සත් ජනපද බුද්ධි අංශ විසින් පැහැදිලිවම ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. ශොවිඩ් 19 වෛරසය මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් හෝ ප්‍රවේණි විද්‍යාත්මක හෙවත් ජානමය වශයෙන් විකරණය කරන(වෙනස් කරන) ලද්දක් නොවන බවට පුළුල්ව පැතිරුණු විද්‍යාත්මක මතයද එය සනාථ කරන්නකි. වෛරස විද්‍යාඥවරියක වන ෂි ශෙන්ග්ලි වවුලන්ගෙන් බෝවෙන කොරෝනා වෛරස ගැන අධ්‍යයන කරන්නියකි. මෙම වෛරසය හට ගත්තේ ඇගේ පරීක්ෂණාගාරයේ දී යන්න ට්‍රම්ප් සහ අනිත් අයගේ අදහසයි. ෂි සහ ඇගේ පරීක්ෂණ කණ්ඩායම මෙම ව්‍යාධිජනකයේ අනුක්‍රමණය, ලෙන් වාසී වවුලන්ගෙන් ලබාගත් අනෙකුත් කොරෝනා වෛරස සාම්පල සමග සසඳා පරික්ෂා කිරීමෙන් සොයාගෙන ඇත්තේ නව කොරෝනා වෛරසය ඒ කිසිවකට ගැලපෙන්නෙ නැති බවයි. නව කොරෝනා වෛරසයේ සම්භවය පිළිබඳව ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන්නැයි කෙරෙන ඉල්ලීම් වලට පිළිතුරු වශයෙන් චීනය කියා සිටින්නේ එවැනි මෙහෙයුමක කාර්යභාරය ගැන සාකච්ඡා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන පර්යේෂකයන්ට ආරාධනා කරන බවයි
මෙය විශ්වාස කිරීමට ජනතාව පෙළඹෙන්නේ ඇයි?
කොවිඩ් 19 මෙලොවට ගෙන ආ මහා දැවැන්ත දුක් පීඩා සහ ආර්ථික අවපාතය සඳහා වගකීම පිණිස පාර්ශවයක් නැතිනම් තැලීම සඳහා මුවහමක් සොයා ගැනීමට ජනතාවට අවශ්‍යය. චීනය විදේශ රටක් වනවා පමණක් නොව අද එක්සත් ජනපදයට තරඟයක් වී ඇති රටකි. එහෙයින් එය පහසු ඉලක්කයකි. පරීක්ෂණාගාර තුළින් අහම්බෙන් නැතිනම් වැරදීමකින් ව්‍යාධිජනක පිටතට පනින අවස්ථා නැතුවා නොවේ. බොහෝ විද්‍යාඥයන් ශොවිඩ්-19 එලෙස වූවක් යැයි සැලකීමට ඇති හැකියාව අඩු යයි සිතන නමුත්, ලෝකයම නතුකර ගැනීම පිණිස චීනය ඕනෑකමින්ම මෙම වෛරසය නිපදවූවා යන්න එලෙස තැලීමට මුව හමක් හොයන පිරිස් වලට පහසුවෙන් පිළිගත හැක්කකි.
2. කොවිඩ්-19 ඉන්ෆ්ලුවෙන්සාවට වඩා දරුණු නැත
ගෝලීය වසංගතය ආරම්භයේ සිටම ජනාධිපති ට්‍රම්ප් කොවිඩ්-19 වාරිකව හැදෙන ඉන්පෆ්ලුවෙන්සාවට වඩා භයානක නැතැයි පවසමින් එහි බරපතළකම ගැන අසත්ය ප්‍රකාශ නිකුත් කරයි, පුවත්පත්කලා වේදී බොබ් වූඩ්වර්ඩ් සමග මේ වසරේ පෙබරවාරි මස මුල සහ මාර්තු අග පටිගත කළ සම්මුඛ සාකච්ඡාවලදී කොවිඩ් 19 සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සාවට වඩා මාරාන්තික බව තමන් දැන සිටියේ යැයි පිළිගෙන ඇත. එහෙත් ඔහුට අවශ්ය වූයේ රෝගය දරුණු කම අඩු කොට ජනතාවට දැක්වීම යයි ඔහු ප්‍රකාශ කර තිබේ.
මෙය අසත්‍යක් වන්නේ ඇයි?
කොවිඩ්-19න් සිදුවන නිශ්චිත මරණ අනුපාතය ගණන් බැලීම දුෂ්කරය. එහෙත් වසංගත විද්‍යාඥයන් සැක කරන්නේ ඉන්ෆ්ලුවෙන්සා මරණ අනුපාතයට වඩා එය බෙහෙවින් වැඩි බවයි. එනම් ඉන්ෆ්ලුවෙන්සාව සඳහා අනුපාතය වන සියයට 0.1 හා සංසන්දනය කරද්දී කොවිඩ් සඳහා අනුපාතය සියයට 0.5 සිට සියයට 1ක් අතර ප්‍රමාණයකි. එක්සත් ජනපද රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන(Centers for Disease Control and Prevention – CDC) ගණන් බලන අන්දමට එක්සත් ජනපදය තුළ ඉන්ෆ්ලුවෙන්සාවෙන් වසරකට දළ වශයෙන් 12,000 සිට 61,000 දක්වා මරණ ඇතිවන අතර ඒ හා සසඳද්දී 2020 සැප්තැම්බර් මැද වන විට කොවිඩ්-19න් මිය ගිය සංඛ්යාව දෙලක්ෂයක් විය. තවද එන්නත් ලබා ගැනීම හෝ කලින් ආසාදනය වීම හේතුවෙන් ජනතාව අතර බොහෝ දෙනෙකුට ඉන්ෆ්ලුවන්සාව අර්ධ ප්රතිශක්තිය වර්ධනය වී ඇත. එහෙත් ලෝකයේ බොහෝ ස්ථාන වල කොවිඩ්-19ට එවැන්නක් ගොඩනැගී ඇති බවක් වාර්තා වී නැත. එබැවින් ඇත්තටම කොරෝනා වෛරසය ‘හුදෙක් ඉන්ෆ්ලුවෙන්සාවම’ යයි කීමට අපහසුය.
මෙය විශ්වාස කිරීමට ජනතාව පෙළඹෙන්නේ ඇයි?
එක්සත් ජනපද වාසීන්ට සිය නායකයෝ දිගින් දිටම මෙය කියා සිටීති. මීට අමතරව, ට්‍රම්ප් යළි යළිත් කියා ඇත්තේ කොවිඩ්-19 ඉන්ෆ්ලුවෙන්සාවට වඩා භයානක රෝගයක් නොවන බවත්ය. තවද, කොවිඩ්-19 මරණ සංඛ්‍යාව තිබෙනවාට වඩා වැඩිපුර හුවා දක්වා ඇති බවත් හෙතෙම සාවද්‍ය ආකාරයෙන් කියා ඇත. එහෙත් ඇත්තටම තත්ත්වය වන්නේ ශොවිඩ් 19 මිය යන සංඛ්‍යාව වාර්තා වෙනවට වඩා වැඩි වීමට ඉඩ තිබීම ය.
3. මුව ආවරණ පැලදීම අවශ්‍ය වන්නේ නැත
මුව ආවරණ වෛරස සම්ප්‍රේෂණය සීමා කරන බවට මහජන සෞඛ්ය අධිකාරීන් අතර දැඩි එකඟත්වයක් තිබෙන්නේ වී නමුත් ජනාධිපතිවරයා ඇතුළු බොහෝදෙනා මුව ආවරණ පැළඳීම ප්‍රතික්ෂේප කරති. ජෝර්ජියාවේ ආණ්ඩුකාර බ්‍රයන් කෙම්ප් ආවරණ අනිවාර්ය කිරීමට නාගරික පාලන ඇදිකාරීන් ක්‍රියා කිරීම තහනම් කරමින් විධි නියොගයක් නිකුත් කළා පමණක් නොව ඇට්ලැන්ටා නගරාධිපතිනියට එරෙහිව නඩුවක් පවා ගොනු කළේය(පසුව එය අස්කර ගැනිණ). එය එසේ වුවද, කොරෝනා වෛරසය ගිම්හානයේ දී සමස්ත එක්සත් ජනපදය තුළ වරින් වර ඉහළ නගිද්දී කලින් මුව ආවර්ණ පැළඳීමට ප්‍රතිරෝධ දැක්වූ ජනපද පවා ඒවා පැළඳීමේ නීතිරීති ක්රියාවට නැංවීය.
මෙය අසත්‍යක් වන්නේ ඇයි?
වසංගත විද්‍යාඥයන් ප්‍රභව පාලනය(source control — ඒ කියන්නේ රෝගාතුර වූ අයකු අන් අයට රෝගය පැතිර යාම පාලනය) යනුවෙන් හඳුන්වනු ලබන දෙය සඳහා මුව ආවරණ ඵලදායී ක්‍රමවේදයක් බව බොහෝ කල් සිට දැනසිටි කාරණාවකි. ලන්ශෙර් සඟරාවේ මෑතක පළ වූ, අධ්යයන 170 වැඩි ප්රමාණයක් ගැන සොයා බලා සිදුකරන ලද විශ්ලේෂණයක් අනුව ශොවිඩ්-19 ආසාදනය මුව ආවරණ මගින් වලක්වා ගත හැකි බව හඳුනාගෙන තිබේ. තවද කිසිදු රෝග ලක්ෂණයක් නොමැතිව ශොවිඩ් 19 ආසාදනය වී අන් අයට ද එය බෝවීමට හැකි බව පුළුල් වශයෙන් ස්ථාපිත වී ඇති කාරණාවකි. එහෙයින් අලාක්ෂණික පුද්ගලයෙන් වෛරසය පතුරුවා හැරීම වළක්වා වීම සඳහා මුව ආවරණ පැලදීම අත්‍යවශ්‍ය වන්නේය.
මෙය විශ්වාස කිරීමට ජනතාව පෙළඹෙන්නේ ඇයි?
මුව ආවරණ සම්බන්ධව CDC ය හා ලෝක සෞඛ්‍ය සංවිධානය(WHO) වසංගතය ආරම්භයේ නිකුත් කළ මාර්ග උපදේශ පැටලිලි සහගත වූ අතර පැටලිලි සහගත වුවා මෙන්ම සංගත භාවයකින් ද තොර විය. ඒවායින් හැඟවූයේ ආසාදන ලක්ෂණ නොමැති නම් මහජනතාව මුව ආවරණයක් පැළඳ සිතීමේ අවශ්‍යතාවයක් නැති බවය. මේ මාර්ගෝපදේශ නිකුත්කිරීමේ දී අර්ධ වශයෙන් බලපෑවේ ඉහළ මට්ටමේ ගුණාත්මක බවින් යුත් මුව ආවරණ ඒ අවධියේ හිඟයක් පැවතීමයි. සෞඛ්‍ය බලධාරීන් අදහස් කළේ ඒවා සෞඛ්‍යය සේවා නිලධාරීන් වෙනුවෙන් වෙන්කරගත යුතු බවය. දැන් ජනපද බොහොමයක මුවා ආවරණ පැළඳීම නීතිමය වශ්‍යතාවයක් බවට පත්කර ඇතත් තවමත් ඇතැම් පුද්ගලයන් ඒව පැළඳීම ප්‍රතික්ෂේප කරන්නේ එය තමන්ගේ සිවිල් නිදහස කඩකිරීමක් ලෙස සලකමිනි.
4. ධනවත් ප්‍රභූන් පිරිසක් ලාභ ඉපයීම සඳහා වෛරසය උපයෝගී කර ගනිති
කුමන්ත්‍රණ න්‍යායට අනුකුල පොතක් සහ චිත්‍රපටියක් වන ‘Plandemic’ මගින් ජූඩි මිකෝවිට්ස් සාක්ෂි පදනම් කර නොගත් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ අසාත්මිකතා සහ බෝවෙන රෝග ජාතික ආයතනයේ අධ්‍යක්ෂ ඇන්තනි ෆවුචි සහ ම්යික්රසොෆ්ට් ආයතනයේ සම ආරම්භක බිල් ගේට්ස් ඔවුන්ගේ බලය උපයෝගී කරගනිමින් වැක්සීනයක් මාර්ගයෙන ධනය ඉපයීම සඳහා අර අඳින බවයි. වෛරසය පරීක්ෂණාගාරයකින් පැමිණ එකක් බවත් මුව ආවරණ පැළඳීම තමන්ගේම වෛරසය සක්‍රීය කිරීමක් බවත් කිසිම සාක්ෂියක් නොමැතිව ඇය කියා සිටියි. ඉහත චිත්‍රපටයෙන් කොටසක් YouTube, facebook, Twitter, instagram ඔස්සේ ප්‍රචාරය කෙරුණු අතර මිලියන 8 කට වැඩි විසින් එය නරඹනු ලැබීය,
මෙය අසත්‍යක් වන්නේ ඇයි?
ගෝලීය වසංගතයෙන් ෆවුචි හෝ ගේට්ස් වාසි සලසා ගත්බවට හෝ වැක්සිනයෙන් මුදල් ඉපයූ බවට සාක්ෂි නොමැත. ඇත්තවශයෙන්ම, වෛරසය ඇති අවදානම ගැන වසංගතය පුරාවට ෆවුචි අනතුරු අගවමින් සිටින අතර බෝවෙන රෝග තුරන් කිරීමේ කටයුතු වලදී මානවවාදී ආධාර සැපයීම සම්බන්ධයෙන් බිල් ගේට්ස්ට දීර්ඝ ඉතිහාසයක් ඇත. දිගු කාලයක් තිස්සේ මහන විදිය ආධාර සපයන්නකි. අනෙක් අතට, වෛරසයේ සම්භවය සහ මුව ආවරණවල ඵලදායීතාව ගැන මිල්කොවිට්ස් දැක්වූ අදහස් සනත කිරීමට ද සාක්ෂි නොමැත.
මෙය විශ්වාස කිරීමට ජනතාව පෙළඹෙන්නේ ඇයි?
ෆවුචි සහ බිල් ගේට්ස් වැනි ධනවත් නැතහොත් බලවත් පුද්ගලයන් බොහෝ විට කුමන්ත්‍රණවාදීන්ගේ ඉලක්ක බවට පත්වේ. තමන්ගේම කොරෝනා වෛරස කාර්යසාධන බලකායේ සාමාජිකයෙකු වන ෆවුචි වෛරසයේ දරුණුකම වුවමනාවට වඩා උලුප්පා දක්වමින් නැති ගෝනි බිල්ලන් මවා පාන්නෙකු ලෙස ඇතැම් අවස්ථාවල ට්‍රම්ප් විසින් අපහාසයට ලක් කරණු ලැබ ඇත. වෛරසය පාලනය කිරීමට ට්‍රම්ප් පරිපාලනය අසමත් වූවාය පිළිගන්වා ට වඩා ෆවුචි අතිශෝක්තියෙන් කරුණු දක්වනවා යයි යැයි විශ්වාස කිරීමට ජනාධිපතිවරයා ගේ අනුගාමිකයන් පෙළඹීම ස්වභාවිකය.5. හයිඩ්‍රොක්ලෝරික් ඵලදායි ප්‍රතිකාරයකි

5. හයිඩ්‍රොක්සි ක්ලොරොකුයින් යනු ඵලදායී ප්‍රතිකාරයකි
මැලේරියාවට ලබාදෙන ඖෂධයක් වන හයිඩ්‍රොක්සි ක්ලොරොකුයින් කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර කිරීමේදී ඵලදායී විය හැකි යැයි ප්‍රංශයේ දී සිදු කරන ලද කුඩා අධ්‍යයනයකින් හැඟවූ විට ට්‍රම්ප් සහ සෙස්සෝ වහා එය හුවා දැක්වීමට පෙළඹුණහ. දන් එම අධ්‍යයනය පුළුල් ලෙස විවේචනයට ලක් වෙමින් පවතී. වෛද්‍ය ඉතිහාසයේ වඩාත්ම විපර්යකාරක ඖෂධය ලෙස ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක සඳහන් කළා පමණක් නොව දිගටම ඊට ආවඩයි. කොවිඩ්-19 රෝගීන්ට මෙම ඖෂධයෙන් ප්‍රයෝජනයක් නැති බවට එන්ට එනටම සාක්ෂි ලැබුණේ වී නමුත් එහි ගුණය වර්ණනා කරන පිරිස් නැතුවා නොවේ
මෙය අසත්‍යක් වන්නේ ඇයි?
හයිඩ්‍රොක්සි ක්ලොරොකුයින්, කොවිඩ්-19 ට එරෙහිව ආරක්ෂාවක් සපයන්නේ නැති බව අධ්‍යයන ගණනාවකින් පෙන්නුම් කර තිබේ. එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය(Food and Drug Administration) මුලදී මෙම ඖෂධයට හදිසි අවස්ථා අනුමැතිය දුන්නේ නමුත් පසුව හෘද ආබාධ අවදානම සලකා අනුමැතිය ඉවත් කරගත්තේය. තවද, ජූනි මාසයේදී ජාතික සෞඛ්‍ය ආයතනය මෙම ඖෂධයේ චිකිත්සාගාර පරීක්ෂණ නතර කළේ ඉන් රෝගින්ට අයහපතක් සිදු නූණත්, එයින් වාසියක් ද සැලසෙන්නේ නැති බව ප්‍රකාශ කරමිනි.
මෙය විශ්වාස කිරීමට ජනතාව පෙළඹෙන්නේ ඇයි?
මුලින් ලැබුණු වාර්තා දැක්වුයේ හයිඩ්‍රොක්සි ක්ලොරොකුයින්, කොවිඩ්-19 රෝගයට එරෙහි විභවයක් සහිත ඖෂධයක් විය හැකි බවයි. තමන්ට යම් දෙයක් ගැන ලැබෙන ප්‍රථම ආරංචිය විශ්වාස කිරීමට ජනතාව වඩාත් පෙළඹෙති. මෙම සංසිද්ධිය හඳුන්වනු ලබන්නේ ‘රැඳවුම් අගතිය'(anchoring bias) යනුවෙනි. තවද, ජනාධිපතිතුමා මෙම ඖෂධය ඵලදායී බව දිගින් දිගටම කියාපෑම හේතුවෙන් ඔහුගේ අනුගාමිකයෝ එම මතය සනාථ කෙරෙන තොරතුරු අභියෝගය කරන තොරතු වලට වඩා මතය සනාථ කෙරෙන වාර්තා විශ්වාස කිරීමට පෙළඹෙනවා විය හැකියි.
6. රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම (රෝගීන්) පරික්ෂා කිරීම් වැඩි වීමේ ප්‍රතිඵලයකි
එක්සත් ජනපදය පුරා කෙරෝනා වෛරස රෝගීන් සංඛ්‍යාව ඉහළ යද්දී, ජනාධිපති ජයග්‍රාහීව කියා සිටි කාරණයක් වන්නේ එක්වර එසේ රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම වැඩි වැඩියෙන් ජනතාව පරීක්ෂාවට ලක් කිරීමේ ප්‍රතිඵල ලෙසටයි. ’’ පරීක්ෂා නොකරන්නේ නම් … රෝගීන් කිසිවෙකුත් නැතැයි අපට පෙන්වන්න පුළුවන්” යනුවෙන් ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. එමෙන්ම සම්මුඛ සාකච්ඡාවකදි ඔහු දක්වා ඇත්තේ රොගීන් සංඛ්‍යාව ඉහළ යාමට හේතුව පරීක්ෂණ වැඩිකිරීම බවයි.
මෙය අසත්‍යක් වන්නේ ඇයි?
මෙලෙස දක්වන කාරණාව ඇත්තක් නම් ධනාත්මක බවටප රීක්ෂාවන්දී සොයා ගන්නා අයගේ ප්‍රතිශතය කාලයාගේ ඇවෑමෙන් පහළ යතැයි අපේක්ෂා කළ යුතුය. එහෙත් නොයෙකුත් විශ්ලේෂණ පෙන්නුම් කළේ මෙහි අනෙක් පැත්තයි. අරිසෝනා, ටෙක්සාස්, ෆ්ලොරිඩා වැනි පසුගිය ගිම්හානයේ දී විශාලඅ වශයෙන් රෝගීන් හමුවූ ජනපද ගණනාවක ධනාත්මක අනුපාතය ඉහළ ගියේය. අනෙක් අතට රෝගය පැතිරීම පාලනය කරගත් නිව් යෝක් වෙනි ජනපදවල එය පහළ වැටුණි මීට අමතරව සංඛ්‍යාව සමගම රෝහල්ගත කිරීම් හා මරණ සංඛ්‍යාවද ඉහළ ගියේය. ඉන් පැහැදිලිව සාක්ෂි ඉදිරි පත්කෙරුණේ ධනාත්මකව පරික්ෂා කෙරෙන අය වැඩි වීම ඇත්තෙන්ම රෝගීන් සංඛ්‍යාවේ සැබෑ වැඩි වීම පෙන්නුම් කරන බවටය.
මෙය විශ්වාස කිරීමට ජනතාව පෙළඹෙන්නේ ඇයි?
ගෝලීය වසංගතය ආරම්භයේ දී එක්සත් ජනපදය තුළ පරීක්ෂණ පැවැත්වීමේ දැඩි හිඟයක් පැවති බව නොරහසකි. (අදටත් අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු වුවද) පරීක්ෂණ කිරීම් සඳහා ඇති හැකියාව වැඩි වී තිබේ. ඉතින් ධනාත්මකව යැයි සැලකෙන අනුපාතය හෝ රෝහල්ගත කරන සහ මරණයට පත්වන අනුපාතයන් ගණන් නොගෙන මුළු රෝගීන් සංඛ්‍යාව පමණක් දෙස බැලුවොත් වැඩි වැඩියෙන් රෝගීන් සොයා ගන්නා බවත් පෙනීයාම පුදුමයක් නොවේ
7. ජනගහනය පුරාවට රෝගය පැතිර යාමට ඉඩ හැරියොත් ඇතිවන සමූහ ප්‍රතිශක්තිය අප සියලු දෙනා ආරක්ෂා කරනු ඇත
ගෝලීය වසංගතය ආරම්භයේ දී එක්සත් රාජධානිය සහ ස්වීඩනය කොරෝනා වෛරසය සිය ජනගහනය පුර පැතිර යාමට ඉඩ දී සමූහ ප්‍රතිශක්තිය( ඒකියන්නේ ජනගහනයෙන් ප්‍රමාණවත් තරම් පිරිසක් ප්‍රතිශක්තිය ලබා ඇති හෙයින් එය තවදුරටත් රෝගය පැතිර යාමට ඉඩක් නැති අවස්ථාව) ගොඩනැගෙන තෙක් සිටීමට සැලසුම් කරන බවක් වාර්තා විය. එහෙත් මෙම රටවල් දෙකම එය තම ආණ්ඩුවල නිල ක්‍රමවේදය නොවන බව දක්වමින් එය ප්‍රතික්ෂේප කළේය. එහෙත් පූර්ණව රට වසා දමීමක් (ලොක්ඔවුන් එකක්) ප්‍රකාශයට පත් කිරීමට එක්සත් රාජධානිය පමා වූවා වැඩිය, එමෙන්ම පුළුල් සීමාවන් පැමිණීමට එරෙහිව ස්විඩනය තීරණය කෙළේය.
මෙය අසත්‍යක් වන්නේ ඇයි?
මේ ප්‍රවේශයෙහි මූලික දෝශයක් ඇත. සමූහ ප්‍රතිශක්තිය ඇති වීමට නම් සමස්ත ජනගහනයෙන් දළ වශයෙන් සියයට 60 සිට 70 සංඛ්‍යාවක් ට කොවිඩ්-19 වැළඳීම අවශ්‍ය බව විශේෂඥයන් ගණන් බලා ඇත. මෙම රෝගයේ ඉහළ මරණ අනුපාතය සලකන විට බොහෝ ජනතාවක් තුළ රෝගය ආසාදනය වීමට ඉඩ දීම මිලියන ගණන් මරණයට පත්කිරීමට මග පෑදීමට ඉඩ ඇත.. 1918 ඉන්ෆ්ලුවෙන්සා ගෝලීය වසංගතයේදී ද සිදුවූයේ මේ ඛේදවාචකමය. එහිදී අඩු තරමින් පුද්ගලයින් මිලියන 50ක් පමණ ජීවිතක්ෂයට පත්වූහ. එක්සත් රාජදානියේ කොවිඩ් 19 මරණ අනුපාතය ලෝකයේ ඉහළම අනුපාත අතරින් එකකි. ස්විඩනයේ වුවද, අසල්වැසි රාජ්‍යයන්ට වඩා ඉහළ මරණ අනුපාතයක් වාර්තා කරයි. පූර්ණ වසාදැමීමක් නොකළේ වී නමුත් එරට ආර්ථිකයට හානි පැමිනිණ.
මෙය විශ්වාස කිරීමට ජනතාව පෙළඹෙන්නේ ඇයි?
ජනතාවට අවශ්‍ය වන්නේ හැකි තරම් ඉක්මනින් යළි සාමාන්‍ය ජීවිතයට යොමුවීමටය. ඉතින් පුළුල්ව ලබාගත හැකි (කොවිඩ්-19) වැක්සිනයක් නොමැතිව සමූහ ප්‍රතිශක්තියක් ළඟාකර ගත හැකි එකම ක්‍රමය සැලකිය යුතු පිරිසක් රෝගාතුරවීමයි. ඇමරිකාව දැනටමත් එය ළඟා කරගෙන ඇතැයි ඇතැම්හු සමපේක්ෂණය කරති. එහෙත් ජනගහනය පදනම් කරගත් ප්‍රතිදේහ අධ්‍යයන දක්වන්නේ වැඩියෙන්ම ආසාදනය පැතිරුණු ප්‍රදේශ වල පවා එම එළිපත්ත කරා ළඟාවී නැති බවයි.
8. කොවිඩ් 19 වැක්සිනයක් ආරක්ෂා රහිත විය හැකියි
කොවිඩ්-19 වැක්සිනයක් සොයාගෙන එය ලබාගනීමේ අවස්ථාව උදා වුණත්, බොහෝ දෙනා එය පිළිකෙව් කිරීමට ඉඩ ඇතැයි යනුවෙන් සිත්සසල වන වාර්තා ලැබෙමින් පවතී. මේ සඳහා වන වැක්සීනයක් පිළිබඳව කුමන්ථ්‍රණ න්‍යායන්, වැක්සින විරෝධී කණ්ඩායම් අතර සහ සහ බෙහෙවින් ප්‍රචලිත විඩියෝ මාර්ගයෙන් සංසරණය වී තිබේ. කලින් සඳහන් කළ ප්ලන්ඩමික් චිත්‍රපටය වැරදි සාවද්‍ය ප්‍රකාශයක් කරමින් ශොවිඩ්-19 වැක්සිනයකින් මිලියන ගානක් මිය යා හැකි බව දක්වයි. එමෙන්ම තවත් කුමන්ත්‍රණ න්‍යායකින් කියැවෙන්නේ ජනතාව පහසුවෙන් නිරීක්ෂණය කළ හැකි පරිදි මයික්‍රො චිපයක් වැක්සීන මාර්ගයෙන් මිනිසුන්ගෙ සිරුරු තුළට ඇතුළු කිරීමට බිල් ගේට්ස් රහසිගත අර අදින බවයි. ඇමරිකානුවන් බොහොමයක් තවමත් වැක්සිනයකට සහාය දක්වති. එහෙත් ඊට විරුද්ධ වන සුළු හඬ ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. මෑතක අධ්‍යනයක් පෙන්නුම් කළේ වැක්සීන විරෝධී පොකුරු තවමත් ෆේස්බුක් හි ඊට පක්ෂ පොකුරු වලට වඩා කුඩා වුවත් එම කුඩා පොකුරු අතීරණයෙන් පසුවන ජනතාවගේ පොකුරු හා අන්තර් සම්බන්ධතා පවතින බවයි. වැක්සිනයක් ලබාගැනීමට අද හැකියාව තිබුණත් ඇමරිකානුවන්ගේ තුනෙන් එක් අයෙකු කොවිඩ් 19 වැක්සිනයක් අන්ඩ් ලබා නොගන්නා බව පුද්ගල නියැදි විචාරණයකින් හෙළිවී ඇත.
මෙය අසත්‍යක් වන්නේ ඇයි?
වැක්සීන මගින් සෑම වසරක් පාසාම මිලියන ගණනකගේ ජීවිත රැකේ. එක්සත් ජනපදයේ වැක්සිනයක් අනුමත කිරීමට පෙර එය ආරක්ෂක බවත් සහ විශාල පිරිසක් අතරේ පලදායී බවත් සායන පරීක්ෂණ මගින් පෙන්නුම් කරමින් අදියර පසු කළ යුතුය., අනුමත හැකියාව ඇති ප්‍රධාන වැක්සීන ගණනාවක් දැනටමත් දස දහස් ගණන් ජනතාව අතර විශාල පරිමාණයෙන් පරීක්ෂාවන්ට ලක් වෙමින් පවතී.
මෙය විශ්වාස කිරීමට ජනතාව පෙළඹෙන්නේ ඇයි?
ඕනෑම වැක්සීනයක හෝ ප්‍රතිකාරයක ආරක්ෂිත බව ගැන සැක මුසුව බැලීමට හේතු නැතුවා නොවේ ට්‍රම්ප් පාලනය යටතේ ආහාර හා ඖෂධ පරිපාලනය දේශපාලනීකරණය ලක් වීම හේතුවෙන් ඕනෑම වැක්සිනයක් කඩිමුඩියේ අනුමත වීමේ හැකියාව ගැන විමතිය පළ වේ. එසේ වුවද අපේක්ෂිත ප්‍රධාන පෙළේ වැක්සීන සම්බන්ධයෙන් කලින් සිදුකරන ලද ආරක්ෂිත පරීක්ෂණ වලදී ප්‍රධාන පෙළේ අහිතකර බලපෑම් වාර්තා නොවිණි. ආරක්ෂක්ෂිතබව සහ කාර්යක්ෂමබව සම්බන්ධයෙන් වඩාත් පුළුල් පරීක්ෂණ දැන් පැවැත්වේ. වැක්සීන වර්ධනය කිරීමේ යෙදී සිටින ඖෂධ සමාගම් නමයක් කියා සිටින්නේ ඔවුන් විද්‍යාවට පිටුපා ක්‍රිරියා නොකරන බවයි; එමෙන්ම එක ආරක්ෂිත බව සහ ඵලදායීත්වය තහවුරු වන තෙක් කිසිම වැක්සිනයල් නිකුත් නොකරන බවත්ය.
Scientific American හී පළවන Eight Persistent COVID-19 Myths and Why People Believe Them නම් ලිපිය ඇසුරෙන් සැකසිණ