පෘථිවිය මත ගිනි අඩු අවධි සහ ගිනි වැඩි අවධි

Posted by

පෘථිවිය මත ගිනි අඩු අවධි සහ ගිනි වැඩි අවධි

පෘථිවිය නිර්මාණය වී මෙ මහ පොළව මත කාලය ගෙවියත්ම ගිනි හටගැනීම සහ ගිනි ප්‍රමාණය තීරණයවීමේදී වායුගෝලයේ ඔක්සිජන් මට්ටම වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව වටහා ගැනීම ගිනි අඩු අවධි සහ ගිනි වැඩි අවධි පිළිබඳ අදහසට මග පාදා තිබේ.  ඩෙවෝනියනු  අවධිය(Devonian Period) මුලදී මහ පොළව අඩු ගිනි ලෝකයක් බව අපට සැලකිය හැකිය. මුලදී එයට හේතු වූයේ ඉන්ධන සීමා වීමයි. එහෙත් පසුව වායුගෝලයේ ඔක්සිජන් සාන්ද්‍රනය අඩුවීම ද ඊට බලපෑවේය. මෙයට පරස්පරව, එම කාලයේ සැළකියුතු අන්දමින්  දේශගුණය වෙනස් වූයේ වී නමුත් පසු   පැලියොසික යුගය(Late Paleozoic) අධි ගිනි ලෝකයක් විය.  එය වැඩි කොටම ධ්‍රැව අයිස් සහිත අයිස්මය ලෝකයක් බවද මතක් කර ගත යුතුය.  මෙම මුල් කාලීන යුගයන් තුළ ගින්න පිළිබඳ ඉතිහාසය ගින්න සහ ජෛවගෝලය පරිණාමය වූයේ කෙසේද යන්න පිළිබඳව අපට සිත් අලවනසුළු ප්‍රතිවේධ ඉදිරිපත් කරයි. එසේ වී නමුත් ඊට පසුව පැමිණි යුගවල ගින්නේ ඉතිහාසය තමයි ලැව්ගිනි ගැන අපේ වර්තමාන අවබෝධයට වඩාත්ම සමීපතාවක්  දක්වන්නේ. මොසෝසොයික(Mesozoic), වෘක්ෂලතාදිය විශේෂයෙන්ම ත්‍රියාසික(Triassic) සහ ජුරාසික(Jurassic) යුගවල(වසර මිලියන 250 – 145ට පෙර කාලය) වෘක්ෂලතා අතර ප්‍රමුඛ වූයේ  බීජ ශාකයි. මේ කාල ඡේදය තුළ ඔක්සිජන් මට්ටම් සැලකිය යුතු ප්‍රමාණයකින් විචලනය වුවද එය සියයට  17ක මට්ටමට වඩා පහතට නොවැටිණ. කෙසේ වෙතත් පෘථිවිය මත වඩාත්ම  වැදගත් විපර්යාසය හටගත්තේ(වසර මිලියන 145 – 66ට පෙර) ක්‍රිටේසීය සමයේදීය(Cretaceous Period).   

 වෘක්ෂලතාදියෙහි එකල ඇති වූ  ප්‍රධානතම විපර්යාසයන් අතරින් එකක් වූයේ  ආවෘතබීජක(angiosperms) හෙවත් සපුෂ්ප ශාක(flowering plants) පරිණාමය වීමයි.  මෙම ශාක,  සුළඟින් සහ  වඩාත් ම විශේෂයෙන් කෘමීන් මාර්ගයෙන් යන දෙවිදියෙනම වඩාත් සාර්ථකව පරාගනය සිදුවෙන  පුෂ්ප සහ පරාග හරහා ප්‍රජනනය කිරීමේ නව විධි වර්ධනය කර ගත්තේය, ක්‍රිටේසීය  යුගයේ මුල් කොටසේ දී(වසර මිලියන 140 – 100ට පෙර) ගොඩබිම ශාක සංහති අතර ප්‍රමුඛත්වය ගත්තේ  කේතුධර,   සිකඩ(cycad) සහ සිකඩ සමාන ශාක ඇතුළුව බීජ දරන  ශාක පරාසයක් මගිනි. පොළොව මතුපිට ආවරණ මත ආදිපත්‍යය පැතිරුවේ මීවන සහ අස්මැස්සා(horsetails) ශාකයන්ය. මේ  දෙකම බීජාණු දරන ශාකයන්ය. ක්‍රිටේසීය සමය පුරා වායුගෝලීය ඔක්සිජන් මට්ටම් ඉහළ ගිය අතර  වසර මිලියන් එකසිය විස්සකට පමණ පෙර මෙම අධි අග්නි අවධි තුල  කේතුධර සහ මීවන යන  ප්‍රමුඛ වර්ග ඇතුළුව වෘක්ෂාලතාදිය ව්‍යාප්ත ආකරයෙන් දැවිණ. .   කෙසේ වෙතත්,  මේ තමයි සපුෂ්ප ශාක ප්‍රථමයෙන්ම  පරිණාමය වූ කාලය. ඉන්ධන ව්‍යුහයේ වෙනස්කම් ගිනි රෙජිමය සැලකිය යුතු ආකාරයෙන් වෙනස් කරන්නට ඇත.  මුල් කාලයේ පුෂ්ප බොහොමයක් විපරීත පරිසරය තුළ සරුවට  වැඩුණු වල් පැලෑටිමය ශාක විය.  එහෙයින් නිතර ඇතිවන ගිනි මෙකී මුල් කාලයේ පුෂ්ප ව්යාප්ත වීමට උපකාරී වන්නට ඇත,  තවද මෙම යුගයේ දැකගත හැකිවූ  පුශ්ප පොසිල බොහොමයක් සංරක්ෂණය වී ඇත්තේ අඟුරු පුශ්ප ලෙසය(පහත චිත්‍රය බලන්න).

නූතන ශාක වල DNA  සම්බන්ධයෙන් සොයා බැලෙන  අණුක අධ්‍යයන මගින් මෙකී ගිනි අධික අවධිය  පිළිබඳව සහ ජීවයේ පරිණාමය කෙරෙහි එහි බලපෑම ගැන  අපේ අවබෝධය  සැලකිය යුතු ආකාරයකින් පෝෂණය වී ඇත. නිදසුනක් ගමු. සරල වෘක්ෂ(කේතුධර මෙන්ම (ග්‍රෙව්ලියා අයත් දෙපියලි  කුලයේ)  ප්‍රොටියේසි(Proteaceous) ශාක යන දෙකම  ක්‍රිටේශීය සමයේ ගින්නට ඔරොත්තු දී පැවතීම සඳහා ඇති සිය හැකියාව පරිණාමය වීම පිණිස අණුක ගතික තාක්ෂණ ශිල්පක්‍රම  යොදාගන්නට ඇතැයි විශ්වාස කෙරේ.  තවද මෑතක සොයා ගනු ලැබූ පොසිල ද මෙම උපන්‍යසය තහවුරු  කිරීමට බලපායි.

ඩයිනසෝරයන් සිය බල පරාක්‍රමය පතුරුවාගෙන සිටි භූමිභාගයන්හි  ගින්න වැදගත් කාර්යභාරයක්  ඉටු කරන්නට ඇත. මෙයට වසර මිලියන 66 කට පමණ ඉහතදී සිඩුවූ සමූහ නෂ්ටප්‍රාප්තියේ දී ඩයිනසෝරයන් මෙන්ම වෙනත්  බොහෝ  සතුන් ද  ශාක ද නෂ්ඨප්‍රාප්ත වීය. එම විනාශය සදහා වගකිව යුත්තේ අතිවිශාල ඇස්ටෙරොයිඩයක් හෙවත් ග්‍රහ අංශුවක් කඩා වැටීමය. මේ කඩා වැටීම හොඳින්  තහවුරුව ඇති සිද්ධියකි.  මැක්සිකෝවේ චික්සුලබ්  දැවැන්ත අගාධය හටගත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. කෙසේ වෙතත් අතිවිශාල මට්ටමක යමහල් ක්‍රියාකාරිත්වය සහ දේශගුණ විපර්යාසයන් ද වැදගත් හේතු වන්නට ඇත. ඉහත කී ඝට්ටනයට පසුව ගෝලිය වශයෙන් ලැව් ගින්නක් හට ගත්තේ යන අදහස  එතරම් පිළිගැනීමක් ලැබී නැත. පර්යේෂණ හඟවන්නේ එවැනි ගෝලීය ලැව් ගින්නක් සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.  තවද, ක්‍රිටේසීය  යුගයේ ගිනි වැඩි ලෝකය තුළදීවත් එවන් ගෝලිය ලැව් ගින්නක් ඇතිවීම උගහට බව සම්පරීක්ෂන මෙන්ම ලැව් ගිනි ගතිකයන් පිළිබඳ අපගේ අවබෝධය හඟවයි.

ක්‍රිටේසීය යුගයට පසු, වර්ෂාපතන ඉහළ යමින්  ඇතිවූ දේශගුණ විපර්යාසයන් සමගම  මීට වසර මිලියන 40කට පමණ පෙර නිවර්තන වැසි වනාන්තර ද පරිණාමය විම ගිනි ක්‍රියාකරිත්වය මැඩපැත්විය.  ඉයෝසීන  (මෙයට වසර මිලියන 46 – 34ට පෙර) කාලයේ  සාපේක්ෂව ඉහළ ගෝලිය උෂ්ණත්වයක සිට මෙයට වසර මිලියන විස්සකට පමණ පෙර සිට අද දක්වා වූ වඩාත් සිසිල් ලෝකයක් කරා එනම් (ගිම් හලක සිට සිසිල් හලක්) දක්වා පැමිණි ගමන නූතන වෘක්ෂ ලතා ආදිය මෙන්ම ගිනි රෙජිම ද   වර්ධනය හැඩගැස්වීය. කෙසේ වෙතත්,  සවනා තණබිම් විශේෂයෙන්ම අප්‍රිකාවේ සවානා තණ බිම් ව්‍යාප්ත වීමත් එක්කම වසර බිලියන 7 කට පමණ පෙර වැදගත් විපර්යාසයක් මයෝසීන යුගයේ ඇතිවිය

තෘණ  මුලින්ම පරිණාමය වූයේ සෙනෝසොයික යුගයේ මුල් කොටස දිය. (එනම් මීට වසර මිලියන 66 ත් 30ත් අතර කලය)   එහෙත් මේවාට කාබන් තුනේ ශාක (C3) ලෙස දැක්වෙන ප්‍රභාසං ස්ලේෂණය සදහා වූ  සම්ප්‍රදායානුකූල ජෛවී-රසායන ගමන් මඟක් තිබුණේය. කෙසේවෙතත්,  අතරතුර විරාම  කාලවල තෘණ කාබන් හතරේ ශාක(C4) නම් කාර්යක්ෂම නව ගමන් මගක් වර්ධනය විය. මෙය වඩාත් වියළි දේශගුණ සහ පස් ඇති ප්‍රදේශවල තෘණ වඩා හොඳින් වැඩීමට හා ව්‍යාප්ත වීමට ආධාර විය.  වඩාත් වියළි වාසභූමි තුළ තෘණ සීඝ්‍රයෙන්   වර්ධනය වීම මතුපිට   සැලකිය යුතු මතුපිට ඉන්ධන  භාරයක්(load) සැපයූයේ තෘණ- ගිනි චක්‍රයකට මගපාදමිනි. එයම එවැනි තෘණ ව්‍යාප්තවීමට උපකාරී වූ අතර වර්තමානයේ අප්‍රිකාවේ ඇති සවන වැනි තෘණ වර්ධනය වීමට මග පෑදීය.

ගින්න මගින් මල, වියලි ශාක දැවී විනාශ වී යා හැකි වුවත් තෘණ මුල් මිය යන්නේ නැත. ගින්න නිරතුරුව ඇතිවන්නේ නම් (සෑම වසර දහයකට ම සැරයක් වාගේ)  පදුරු හෝ  ගස් ලෙස වැඩෙන්නට හැකි වඩාත් විශාල තරගකාරී ශාක ගින්නෙන් මරා දමනු ලැබේ.  එසේ නම් ලෝකයේ බොහෝ ප්‍රදේශ වල සවානා තණ බිම් විශාල ප්‍රමාණයක් පවත්වා ගෙන යාම සඳහා ගින්න වැදගත් වේ. ඒ අනුව,  නූතන ගිනි අවධිය හටගත්තේ එම කාලයේ එනම් මෙයට වසර මිලියන හතරකට පමණ පෙර යයි  සැලකිය හැක.

FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.