ජලයේ ගුණාත්මකභාවය සහ අපජලය
අපජලය හා කර්මාන්ත
මෑත වසරවල අපට දක්නට ලැබුණු සමාජමය හා පාරිසරික බලපෑම් හේතුවෙන් කර්මාන්තයේ අපජලය අඩු කිරීම සහ බැහැර කිරීමට පෙර එය පිරිපහදු කිරීම සඳහා උරදෙන පරිශ්‍රම ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පවතී. අපජලය දැන් විභවයක් සහිත සම්පතක් ලෙස හඳුනාගෙන ඇති අතර එහි භාවිතය හෝ සුදුසු පිරියම්කිරීම්වලින් පසු ප්‍රතිචක්‍රීකරණය කිරීම තුළින් ආර්ථික හා මූල්‍යමය ප්‍රතිලාභ ලබා ගත හැකිය.

‘කාර්මික සහජීවනය’(‘industrial symbiosis’) හරහා අපජලය ව්‍යාපාරයක් තුළම හෝ ව්‍යාපාර කිහිපයක් අතර භාවිතා කළ හැකිය. ගෝලීය ජල පරිභෝජනයෙන් 22% ක් වැයවන්නේ කාර්මික ජල පරිභෝජනය උදෙසායි. සංවර්ධනය වෙමින් පවතින රටවල 4-12% ට සාපේක්ෂව 2009 දී යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ කර්මාන්තවල ජල පරිභෝජනය 50% ක් විය. සීඝ්‍රයෙන් කාර්මිකකරණය වන රටවල ඉදිරි වසර 10-20 තුළ මෙම අනුපාතය පස් ගුණයකින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින්, පිරිවැය ඉතිරිකිරීම් මත පමණක් පදනම්ව, ගෘහස්ථව සහ ප්‍රදේශ බදව අපජලය භාවිතා කිරීම පිණිස දැඩි දිරිගැන්වීමක් ඇත.

ව්‍යාපාරවලට, ඒවායේ අරමුණට සුදුසු නම්, ගැලපේ නම්, කෙලින්ම අපජල කොටසක් භාවිතයට ගත හැකිය, නිදසුනක් ලෙස, සිසිලනය හෝ උණුසුමකිරීම සඳහා වන ක්‍රියාවලියේ දී සැකසූ ජලය භාවිතා කිරීම හෝ වහලේ හෝ වෙනත් ස්ථානවල එකතුවෙන වැසි ජලය, වැසිකිළි සෝදා ගැනීම, වාරිමාර්ග හෝ වාහන සේදීම ආදිය සඳහා භාවිතා කිරීමට ඇති හැකියාව දැක්වීමට පුළුවන..
කෘෂිකර්මාන්තයේ අපජලය
ඉල්ලුම සපුරාලීම සඳහා අස්වැන්න උපරිම කර ගැනීමට අර්ධ වශයෙන් උපකාරී වන ලෙස, මහ පරිමාණයේ මෙන්ම කුඩා පරිමාණයේ ගොවිතැන යන දෙඅංශයෙහිම රසායනික පළිබෝධ හා පොහොර භාවිතය මෑත වසරවල ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන්, කෘෂිකර්මාන්තය පරිසර දූෂණයට වගකිව යුතු විභවයක් හෙවත් හැකියාවක් ඇති ප්‍රභවයක් බවට පත් කරයි.

භාවිතය සඳහා සාම්ප්‍රදායික නොවන ජල සම්පත්, ප්‍රධාන වශයෙන් අපජල සම්පත් ගැන ගොවීන් වැඩි වශයෙන් සෙවීම් බැලීම් කරන්නේ එහි ඉහළ පෝෂක අන්තර්ගතය නිසා හෝ බාගදා සාම්ප්‍රදායික ජල සම්පත් නොමැතිකම නිසා විය හකිය.
පිරියම්නොකළ හෝ ප්‍රමාණවත් අයුරෙන් පිරියම් නොකළ අපජලය කෘෂිකර්මාන්තය උදෙසා භාවිතා කිරීමෙන් භූගත ජලය හා මතුපිට ජලය දූෂණය වීම (ඒ ආකාරයේ පාරිමාර්ග පුරුදුවලට යොමුව ඇති) සංවර්ධනය වෙමින් පවතින රටවල් බොහොමයක ප්‍රධාන ගැටළුවකි. විශේෂයෙන් කෘෂිකර්මාන්තය තුළ, වඩාත් විධිමත් අපජල කළමනාකරණ භාවිතය මඟින් ව්‍යාධිජනකවලට නිරාවරණය වීමේ අවදානම අඩු කිරීමෙන් කෘෂිකාර්මික කම්කරුවන්ගේ සෞඛ්‍යය වැඩිදියුණු කළ හැකිය. ආරක්ෂිතව යොදනවා නම් අපජලය, ජල ප්‍රභවයක් හා පෝෂ්‍ය පදාර්ථ ප්‍රභවයක් යන දෙ අංශයටම අදාල වටිනා සම්පතක් වන අතර ජලය හා ආහාර සුරක්‍ෂිතතාවයට සහ ජීවනෝපා වැඩිදියුණු කිරීමට ද එය දායක වේ.
පසුගිය සතියේ පළවු මෙම ලිපියේ මුල් කොටස පහත දක්වා ඇත.
මානව සෞඛ්‍යය, සමාජ හා ආර්ථික සංවර්ධනය හා පරිසර පද්ධතිය උදෙසා හොඳ, ගුණාත්මකභාවයෙන් යුතු ජලය අත්‍යවශයවේ. කෙසේ වෙතත්, ජනගහනය වර්ධනය වන විට එමෙන්ම ස්වාභාවික පරිසරය පිරිහී යන විට, සෑම කෙනෙකුටම ප්‍රමාණවත්ව ආරක්ෂිත ජලය සැපයීමේ සේවා ඇති බව සහතික කිරීම වඩ වඩාත් අභියෝගාත්මක වෙමින් පවතී. විසඳුමේ ප්‍රධාන අංගයක් වන්නේ (ජල) දූෂණය අඩු කිරීම සහ අපජලය() කළමනාකරණය කරන ආකාරය වැඩිදියුණු කිරීමයි.

වඩාත් චක්‍රීය ආර්ථිකයක් (නාස්තිය, දූෂණය පිටුදැකීම සහ ස්වභාවික සම්පත් පුනර්ජනනය කේන්ද්‍ර කොටගත් ආර්ථිකයක්) සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන වඩා තිරසාර ආර්ථිකයක් මගින් අපෙන් බලාපොරොත්තු වනු ලබන්නේ අපතේ යන ජලය නොසලකා හැරීම වෙනුවට එහි විභවය, ඒ කියන්නේ ඉන් කළහැකි දේ ගැන වැටහීමක් ඇතිව ඊට නිසි වටිනාකමක් ලබා දිය යුතු බවය. ආරක්ෂිත අපජලය යනු හුදෙක් විකල්ප ජල ප්‍රභවයකට වඩා වැඩි යමකි. ආරක්ෂිත අපජල කළමනාකරණය අපගේ පරිසර පද්ධති ආරක්ෂා කිරීමට සහ අපට ශක්තිය, පෝෂ්‍ය පදාර්ථ මෙන්ම නැවත ප්‍රයෝජනයට ගත හැකි ද්‍රව්‍ය ලබා දීමට උපකාරී වේ.
අභියෝග සහ ඉඩප්‍රස්ථා
ජල චක්‍රයේ සෑම කොටසකදී ම ජලය පරිස්සමින් කළමනාකරණය කළ යුතුය: මිරිදිය සංගමනය(ඉවත්කිරීම)කිරීම, පෙර පිරියම, බෙදා හැරීම, භාවිතය, එකතු කිරීම සහ පසු පිරියම සිට, පිරිපහදු කළ අපජල භාවිතය සහ ඊළඟ චක්‍රය ආරම්භ කිරීමට සූදානමින් එය අවසානයේ පරිසරයට නැවත එකතුවීම දක්වා වන සෑම කොටසක්ම නිසියාකාරවම කළ යුතුය. ජනගහන වර්ධනය, වේගවත් නාගරීකරණය සහ ආර්ථික සංවර්ධනය හේතුවෙන් ජනනය වන අපජල ප්‍රමාණය සහ එහි සමස්ත දූෂණ භාරය ගෝලීය වශයෙන් ඉහළ යමින් පවතී.


ආරක්ෂිත හා ප්‍රමාණමාණවත් ජල සැපයුම් ලබා ගැනීම අපජලය කළමනාකරණය කරන ආකාරය සමඟ අත්‍යන්තයෙන් බැඳී පවතී. කෘෂිකාර්මික අපවාහය(දියදෝර) සහ කර්මාන්ත මගින් පිටකරන අපද්‍රව්‍ය හා එකතුව පිරියම් නොකළ අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩිවීම නිසා ජලයේ ගුණාත්මකභාවය හා ලොව පුරා ජල සම්පත් අපිරිසිදු වී ඇත. ගෝලීය වශයෙන්, අපජල වලින් 80% ක් පිරිපහදු කිරීම හෝ නැවත භාවිතා කිරීමකින් තොරව නැවත පරිසර පද්ධතියට එක්වන අතර බිලියන 1.8 ක් පමණ ජනතාව මළ මූත්‍රාවලින් දූෂිත පානීය ජල ප්‍රභවයක් භාවිතා කරති. එමඟින් කොලරාව, අතීසාරය, ටයිපොයිඩ් සහ පෝලියෝ වැළඳීමේ අවදානමට ලක් වේ. ඉවතලෑමට හෝ නොසලකා හැරීමට හැකි යමක් නොව අපජලය යනුවේගයෙන් ව්‍යාප්ත වන නගරවල වැඩිවන ජල ඉල්ලුම සපුරාලීම, බලශක්ති නිෂ්පාදනය හා කාර්මික සංවර්ධනය වැඩි දියුණු කිරීම සහ තිරසාර කෘෂිකර්මාන්තයට සහාය වීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනු කරන්නකි.
අපජලය හා නගර
සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රධාන වශයෙන් මහ නගර සහ නගරවල අඩු ආදායම්ලාභීන් වාසය කරන ප්‍රදේශවල අපජල විශාල ප්‍රමාණයක් කෙලින්ම ආසන්නතම මතුපිට ජල කාණු හෝ අවිධිමත් ජලාපවහන තුලට මුදා හරිනු ලැබේ. එසේ කෙරෙන්නේ පිරිපහදු කිරීමකින් තොරවම හෝ ඉතා සුළු පිරිපහදුවකින් පසුවය. ගෙදර දොරේ එකතුවන අපද්‍රව්‍ය හා මිනිස් මල පහවලට අමතරව නාගරික රෝහල්, ගරජ වැනි කුඩා කර්මාන්ත මගින් බොහෝ අවස්ථාවල දී අතිශ ධූලක(විෂ) රසායන සහ රෝහල් අපද්‍රව්‍ය අපජල පද්ධතියට එක් කර්නු ලැබේ.
අපජල එකතු කර පිරියම් කරන නගරවල වුවද, භාවිතා කරන ක්‍රමය අනුව පිරිපහදු කිරීමේ කාර්යක්ෂමතාව වෙනස් විය හැකිය. කෙසේ වෙතත්, නාගරික අධිකාරින් විසින් (නගර තුළ තැනින් තැන් පිහිටි උද්‍යාන, ගහ කොළ වවා ඇති තැන් වැනි) හරිත අවකාශයන්ට ජලය සැපයීම හෝ වීදි පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන ජලය පානීය ප්‍රමිතියකටම පිරිපහදු කිරීම අවශ්‍ය නොවේ. මෙලෙස, අපජලය එහි අපේක්ෂිත භාවිතයට ගැලපෙන ජල තත්ත්ව ප්‍රමිතියකට පිරිපහදු කිරීම පිරිවැය ආපසු සපයා ගැනීමේ හැකියාව වැඩි කරයි.
ජලය සඳහා නාගරික ප්‍රදේශයන්හී ඉල්ලුමේ වර්ධනයට ගැලපෙන ආකාරයට අපජල එකතු කිරීම හා කළමනාකරණය සඳහා නව ප්‍රවේශයන් අවශ්‍ය වේ. ඇත්ත වශයෙන්ම, අපජලය නැවත භාවිතයට ගැනීම ආහාර නිෂ්පාදනය සහ කාර්මික සංවර්ධනය ඇතුළු වෙනත් අභියෝගයන්ට මුහුණ දීමට ද උපකාරී වේ.
UN Water වෙබ් අඩවියේ Water Quality and Wastewater යන මැයෙන් පළවී ඇති ලිපිය ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ: චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators)