කොරෝනා වෛරස පරීක්ෂණ කඩිනම් කිරීම

Posted by

කොරෝනා වෛරස පරීක්ෂණ කඩිනම් කිරීම

කොරෝනා වෛරස යුහු පිරික්සුම් හෙවත් කඩිනම් පරීක්ෂණ(rapid tests) විශාල පරිමාණයෙන් යොදා ගැනීම අත්‍යාසන්නවීම, කොවිඩ් 19 ට එරෙහිව මහජන සෞඛ්යමය ප්රතිචාරයන්ට  රුකුලක් ලෙසයි සැලකෙන්නේ.  එහෙත් නිවසේදීම ක්ෂණිකව සිදු කළ හැකි පරීක්ෂණ කල එළියට ඒමට නම් තවත් කලක් බලා සිටීමට සිදුවන බව පෙනේ. නව SARS-CoV-2 ක්ෂණික පරීක්ෂන  ප්‍රතිඵල සඳහා ගතවන්නේ විනාඩි කිහිපයක් පමණක් වන අතර පුළුල් ආකාරයෙන් ලබාගත හකිවේ. එහෙයින් සායනික රෝග නිරීක්ෂණ පරීක්ෂණ, පරීක්ෂණාගාරයක් වෙත යවා දින ගණනක් බලා සිටීමේ අවශ්යතාවය මින් මඟහැරේ. මෙම නව කඩිනම් පරීක්ෂණයන් පැරණි මෙන්ම නවතම විවිධ වූ තාක්ෂණ හා නිමැවුම් ආකෘති(formats) ගණනාවක් මත පදනම්ව ඇත: වෛරස, ඒවාට අව්ශ්‍ය ප්‍රෝටීන සොයාගැනීම පිණිස වූ සම්ප්රදායානුකූල ප්රතිදේහජනක(antigen) මත පදනම් කරගත් පරීක්ෂණ;  වෛරසීය ගෙනෝමික ද්‍රව්ය සොයාගැනීම පිණිස වූ (දැන් කවුරුත් පාහේ PCR ලෙස හඳුන්වන) පොලිමරේස් දාම ප්රතික්රියා(Polymerase Chain Reaction) උරගා බැලීම්; සහ වඩාත් අළුත් CRISPR තාක්ෂණය පදනම් කරගත් රෝග නිර්ණක පරීක්ෂණ(මේවාට ද සුළු පියවර කිහිපයකින් වෛරසීය ගෙනෝමික ද්‍රව්ය සොයාගැනීමට හැකි අතර ඊට PCR යන්ත්‍ර අව්ශ්‍ය නොවේ).

Wanted: Rapid, Portable Tests for Coronavirus - IEEE Spectrum

 

COVID-19: India suspends use of Chinese test kits

කඩිනම් පරීක්ෂණ ප්‍රයෝජනයට ගැනීම පහසුය: ඒවා, සත්කාර සේවා සපයන ආයතන අධ්යාපන ආයතන වැනි  අධික අවදානමක් ඇති පරිසරයන්හි ද භාවිත කළ හැක. එමෙන්ම එය භාවිත කිරීම සඳහා සුළු දැනුමක් පමණක් ඇතී හෝ විශේෂඥ දැනුමක් කොහෙත්ම නැති අයවළුන් ද  යොදාගත හැකි වේ. සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබේ නම් මෙයින් සමහරක් නිවෙස් වල භාවිතය සඳහා ද යොදා ගත හැකි වනු ඇත. සමස්තයක් වශයෙන් ගත් කල, පර්යේෂණාගාර පදනම් කරගත් PCR රෝග පරීක්ෂණ වෙනුවෙන් ප්‍රයෝජනවත් පූරණයක් බවට මෙම පරීක්ෂණ  පත්වනු නිසැකය. එමෙන්ම ඵලදායි නම් කාර්යක්ෂමව සහ විශාල පරිමාණයෙන් යොදාගන්නේ නම්, ඇලුතෙන්  ඇතිවන රෝග පැනනැගීම් ඒවා පැතිරයාමට ප්‍රථම ඉක්මනින් හඳුනා ගැනීමට හැකි වීම නිසාවෙන්  කොවිඩ් 19 පාලනය කර ගැනීම සඳහා දරන ක්‍රමයෙන් දුර්වලවෙමින් පවතින  ප්රයත්න බලගැන්වීමට ද හේතු වනු ඇත.

Technique of polymerase chain reaction (pcr) experimental biotechnolo…

මේවා  ඉතාමත් හදිසියෙන් අවශ්යව ඇත.  මෑතක සති කිහිපය ගත හොත්  ආසාදිතයන් බවට  තහවුරුවූ රෝගීන්  සංඛ්යාව බොහෝ රටවල් ශීඝ්රයෙන් ඉහළ ගොස් තිබේ. SARS-CoV-2  වෛරසය පැතිරයාම සාර්ථකව මැඩ පවත්වා ඇති රටවල් අතලොස්සක් හැරුණුකොට දිනෙන් දින ඉහළ යන සංඛ්යා වලින් පෙන්නුම් කරන්නේ වෛරසය මැඩපැවැත්වීමට ගත් ප්රයත්නයන්  අන් සෑම තැනකදීම වාගේ අසාර්ථක වී ඇති බවයි.  පරීක්ෂාකිරීමේ සහ අන්වේෂණයකිරීමේ පද්ධතිය ප්රමාණවත් නොවීම සහ නිර්දේශිත සෞඛ්ය ආරක්ෂක පියවර අනුගමනය නොකිරීම වෛරසය බාධාවකින් තොරව පැතිර යාමට මග පාදා තිබේ.

වෛරසය හඹා යෑමේ ප්‍රයත්නවල දී මෙතෙක් ප්‍රමුඛත්වය ගෙන ඇත්තේ SARS-CoV-2      ගෙනෝමයේ(ජානමය ද්‍රව්‍ය) විවිධ කලාප සොයා ගනු ලබන  PCR පරීක්ෂණයි. මේ පරීක්ෂණ බෙහෙවින් නිරවද්‍ය වන අතර පරිමාණය කළ හැකි වේ. එහෙත් ඒවා සිදුකළ හැක්කේ   මධ්යගත පරීක්ෂණාගාර වල වන අතර නියුක්ලීය අම්ල ප්‍රගුණන වට සඳහා පුහුණු පුද්ගලයන් මෙන්ම තාපචක්‍රීය කරන යන්ත්‍ර අවශ්ය වේ. එහෙත් පරීක්ෂණ සංඛ්යාව බෙහෙවින් වැඩි කිරීමට අවශ්ය වන විට රටවලට මෙය ප්‍රායෝගික නොවේ.  තවද, පොහොසත් කලාප වල පවා එවැනි සේවාවන් ධාරිතා ප්‍රශ්න වලට මුහුණ පා තිබේ. මෙහි ප්රතිඵලයක් වශයෙන් අවශ්‍යතාවට වඩා අඩුවෙන් පරීක්ෂණ සිදු කිරීමට මෙන්ම ප්‍රතිඵල නිකුත් කිරීමේදී පමාවන් ද ඇති වේ. ධනාත්මක ප්රතිඵලයක් හමුවන විටක ආශ්‍රිත අන්වේෂණය මේ හේතුවෙන් සංකීර්ණ විය හැකියි.

How to Make At-Home Coronavirus Testing Work

ඒ කෙසේවෙතත්,  ලාක්ෂණික හෙවත් රෝග ලක්ෂණ සහිත පුද්ගලයන්ට පමණක් පරීක්ෂණ සීමා කිරීම  වෛරසය මැඩපැවැත්වීමේ දෝෂ සහිත ක්‍රමෝපායකි. රෝග ලක්ෂණ පහළවීමට් පෙර වෛරස බීජෞෂණ සමයේ පුද්ගලයින් ආසාදිත වන හෙයිනි.  එක්සත් රාජධානියේ සිදුකර විශ්ලේෂණයකින් හෙළිවූයේ  SඇRS-CඔV-2  සඳහා ධනාත්මක  යයි පරීක්ෂණවලින් සිදුකළ  අහඹු සමීක්ෂණයකදී හෙලිවූයේ සහභාගි වන්නන් අතරේ සියයට 76කට  රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බවයි. ආසාදන චක්රයේ අනිත්  අන්තය ගතහොත් අධිකව ප්‍රවේසම් සහගත වීමේ ප්රතිඵලයක් ලෙස සංස්පර්ශක බව හෙවත් රෝගගය බෝකිරීමේ හැකියාව  බැහැර කෙරුණු පුද්ගලයින් දිගින් දිගටම හුදෙකලා කොට තැබීමක් සිදුවිය හැකිය.

ඝෝලිය වසංගතයේ ඊළඟ අදියර තුළ දී  හාවඩ් හී, ටී. එච්. චාන් මහජන සෞඛ්යය පාසලේ වසංගතවේද සහකාර මහාචාර්ය මිෂෙල් මීන සහ අනෙකුත් විශේෂඥයෝ  වඩාත් සියුම් වෙනස්කම් සහිත ප්‍රවේශයක් අත්පත් කරගත යුතු යැයි කියා සිටිති.   එවැනි ප්රවේශයක් ආසාදනයේ චලන විද්‍යාත්මක කාරණා මෙන්ම ජනගහනයක් තුළ වෛරස ව්යාප්තිය පිළිබඳ ගතිකයන් ද පිළිබිඹු වනු ඇත.  මැඩපැවැත්වීම ඵලදායී වීමට නම් සංස්පර්ශය අයවළුන් (රෝගය බෝවීමේ  බෝකිරීමේ හැකියාවක් ඇති පුද්ගලයන්) හදුනාගෙන කල් ඇතිව හුදකලා කළ යුතු වෙතැයි මින සහ සගයෝ කියාසිටිති,. රෝගය  ඇතැයි සැලකෙන පුද්ගලයන් වෙනුවෙන් එක් වරක් පමණක් සිදුකරන PCR පරීක්ෂණයකට වඩා නිරතුරුව සිදු කරන ජනගහන මට්ටමේ ක්ෂණික පරීක්ෂණ මත  පදනම් වූ  දළ එහෙත් කාර්ය ඉටුකරන ආවේක්ෂණ ප්රවේශයක් වෛරසය මැඩ පැවැත්වීමේදී වඩාත් කාවදින සුළු බලපෑමක් ඇති කරනු ඇතැයි ඔවුහු තර්ක කරති, මෙම ක්‍රමෝපායේ යටි තහවුරුව වන්නේ, ගර්භනී බව නිර්ණය කිරීම පිණිස නිවසේදීම සිදු කරන පරීක්ෂණයට යොදා ගන්නා පාර්ශවික අනුක්‍රම  ප්‍රතිශක්ති අර්ඝනය(lateral flow immunoassay – LFA) ආකෘතියම මත පදනම් වූ අඩු මිල  ප්‍රතිදේහජනක  පරීක්ෂණය, එවැනි ප්‍රතිදේහජනක පදනම් කරගත් කඩිනම් පරීක්ෂණ වල සංවේදීතාව විශාලත්ව අනුපිළිවෙළ අනුව PCR පරීක්ෂණයකට වඩා කට්ට දෙකක් පහලින් තිබුණේ වී නමුත් මින ප්රමුඛ පර්යේෂකයන් කියා සිටින්නේ විශ්වාසදායක එහෙත් භාවිතය අසීරු PCR පරීක්ෂණ වලට වඩා සියලු දෙනාම නැවත නැවතත් කඩිනම් පරීක්ෂණවලට ලක්කිරීම, සංස්පර්ශක පුද්ගලයින් හඳුනාගැනීමේදී වඩා හොද සේවාවක් ඉටුකරනු ඇත යනුවෙනි,

ඒ ආකාරයේ, සමස්ත ජනගහනය පුරාවට සිදුකෙරෙන පරීක්ෂණ ගැන සලකා බැලීමට අඩු ආදායම් රටවලට නොහැකි වන්නට ඉඩ ඇතත්   ප්‍රමුක  නිර්නක ක්‍රමෝපාය ලෙස ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ ගැන සොයා බලමින් සිටී, බිල් සහ මෙලින්ඩා ගේට්ස්  පදනම මෙම ප්‍රවේශයට සහය පලකරන අන්තර්ජාතික එකමුතුවක කොටස් කාරයෝය, පදනම්,   එක් ඒකකයක්  ඩොලර් 5 ක් තරම් වූ අඩු මුදලකට මිල නියම කර ඇති ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ  කට්ටල මිලියන එකසිය විස්සක් කොරියාවෙන්  මිලදී ගැනීම සඳහා වූ ගිවිසුමකට පසුගියදා එළඹුනේය, එම එකතුවේම තවත් හවුල්කාර ආයතනයක් වන FIND හෙවත් Foundation for Innovative New Diagnostics ආයතනය, මෙම පරීක්ෂණ ඇගැයීමට ලක් කරනු ඇත

ප්‍රතිදේහජනක පරීක්ෂණ වලට පිළිසැසදුම් වශයෙන් සිදුකරන (ප්‍රතිදේහ තිබීම හදුනා ගන්නා  ලබන) ක්ෂණික පරීක්ෂණ පුද්ගලයකු තුළ  සක්‍රිය ආසාදන හසුකර ගැනීමේ දී ප්‍රයෝජන වශයෙන් අඩුය. මෙයට හේතුව ආසාදනයක් ආරම්භ වීම සහ ඊට ප්‍රතිචාර වශයෙන් හඳුනාගත හැකි ප්‍රතිදේහ ඉස්මතු වීම  අතර ඇති   පමාවයි.  සහේතුක නොවන ප්‍රීති ප්‍රමෝදය ප්‍රතිදේහ පරීක්ෂණ පිළිබඳ  ආරම්භක අවබෝධය බලගැන්විය. “ මුල ඉඳලම අපි හුග දෙනෙක් කියා හිටියේ මිනිස්සු මේව මිලදී ගන්න කාරණා සඳහා නෙවෙයි මේවා සකස් කරල තියෙන්නෙ කියලයි”  FIND ආයතනයේ ප්‍රධාන විද්‍යා නිලධාරි, රංගරාජන් සම්පත් කියා සිටියි. එපමණක් ද නොව වෙළදපොල පිරී ඇත්තේ බාල තත්ත්වයේ නිෂ්පාදන  වලින් වීම මෙම පරීක්ෂණ කෙරේ මහජන විශ්වාසය පළුදු කිරීමට හේතු වී තිබේ.

ප්‍රතිදේහජනක පරීක්ෂණ වැඩිදියුණු කරන්නන් ද මේ හා සමාන උභතෝකෝටිකයකට මුහුණදීමට ඉඩ තිබේ.  ප්‍රතිදේහජනක පරීක්ෂණ,PCR පරීක්ෂණ වලට  වඩා පහල  නිශ්චිතතාවක්(specificity) ඇති නිසා (පැතිරීම අඩු වාතාවරණයන් තුළදීය පුද්ගලයෙකු ආසාදනය වීමේ ශක්‍යතාව හා පරීක්ෂණයෙන් ව්‍යාජ ප්‍රතිඵල  අනුපාතය සංඛ්‍යාත්මකව සමානවන විට) ඒවා මගින් ඉහළ මට්ටමක ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵල ජනනය කිරීමට ඉඩ තිබේ.

Coronavirus home test kits 'run out' in England and Scotland | Coronavirus  | The Guardian

නිවසේ භාවිතය සඳහා කොවිඩ් 19 පරීක්ෂණ අපහසුවෙන් තොරව ලබාගත හැකි අහ නමය පතත්ත්වයක් තවම ඉස්මතු වී නැත. ඓතිහාසික වශයෙන් ගතහොත් එවැනි පරීක්ෂණ කට්ටල අනුමත කිරීමට බලධාරීහු කාලයක් ගනිති.  ඊට හේතුව ප්‍රතිඵල අර්ථ නිරූපණය කිරීමේදී නිවස තුළ සිටින්නන්ට උපකාර වීම පිණිස සායනික මාර්ගෝපදේශ නොමැතිවීමයි.

රටක ජනගහනය එමෙන්ම  සෞඛ්‍ය පද්ධතීන් සහ ආර්ථිකයන් කෙරෙහි ඇති පීඩනය එන්ට එන්ටම වර්ධනය වෙද්දී විවිධ මට්ටම්වල දී  කොවිඩ් 19 එරෙහිව සටන් කිරීම සඳහා තව් තවත් මෙවලම් ඉතා ඉක්මනින් අවශ්‍ය වී තිබේ. වඩාත් සුබවාදී තක්සේරු පවා දක්වන පරිදි ආරක්ෂිත බවින්  සහ ඵලදායීත්වය අතින්  ඉහළ වැක්සිනයක් ප්‍රමාණවත් ආකාරයෙන්  ලබන වසරේ ද කාලයක් ගතවනතුරු අපේක්ෂා කළ නොහැක, මේ අතරතුර වෛරසය බොහෝ ජන කොටස් අතර සංසරණය වෙතැයි අපේක්ෂා කිරීම  යථාර්තවාදීය,  එවැනි අඳුරු ජවනිකාවක් තුළ ක්ෂණික පරීක්ෂණ කඩිනමින් බලාපොරොත්තු විය යුතුව තිබුණේ මෙයටත් කලින්ය.

Nature,com හී පළවන Coronavirus testing finally gathers speed  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.