තනිකරම ඔක්සිජන් ආශ්වාස කළොත් මොකද වෙන්නෙ?

Posted by

තනිකරම ඔක්සිජන් ආශ්වාස කළොත් මොකද වෙන්නෙ?

 බොහොම හොඳ ප්‍රශ්නයක්.  අපට ඔක්සිජන් නොමැතිව ජීවත් වෙන්න බැහැ තමයි හැබැයි ඕනවාට වඩා ඔක්සිජන්  වැඩි වුනොත් එයත්  අපට හානිකරයි. ඒ මොකද කියලා අපි හොයලා බලමු

අපට එහෙ  මෙහෙ යන්න, සෙල්ලම් කරන්න, පාසලේ වැඩ කරන්න — මේ හැම එකකටම ශක්තිය අවශ්‍යයි.  ඉතින් අපේ ශරීරය මේ ශක්තිය නිපදවන්නේ අප ආහාරයට ගන්නා කෑම  දහනය  කිරීමෙන්.  මේක ටිකක්, ඉටිපන්දමක් දැල් වෙනවා වගේ කියල සමාන කරලත් හිතන්න පුළුවන්. අපේ ගන්නා කෑම දහනය කරන්න අපට ඔක්සිජන් අවශ්‍යයි. ඔක්සිජන් අපි ලබාගන්නේ අප වටා ඇති වාතය ආශ්වාස කිරීමෙනුයි.  අප  වටා ඇති වාතයේ තියෙන්නේ ඔක්සිජන්වායුව පමණක් නොවෙයි. අපි දන්නවා වාතය  වැඩි වශයෙන් සෑදී ඇත්තේ නයිට්‍රජන් වායුවෙන් කියලා. නයිට්‍රජන් වායුවටත්  වැදගත් වැඩ කොටසක් පැවරෙනවා. නයිට්‍රජන් ඩහන ක්‍රියාදාමය මන්දගාමී  කරන්නේ දවස පුරා  අපට අවශ්‍ය ශක්තිය ප්‍රමාණවත් අයුරින්  ටිකෙන් ටික ලබා දීමෙනුයි.

පුද්ගලයෙකුගේ දෛනික ඔක්සිජන් පරිභෝජනය

අප ආශ්වාස කරන වාතයෙහි ඔක්සිජන් සියයට විස්සක් අඩංගුයි. එතකොට පිට කරන(ප්‍රාස්වාශ කරන) වාතයේ ඔක්සිජන් සියයට පහළොවක් පමණ වෙනවා. ඒ  කියන්නේ,  හුස්ම ගන්න සෑම වාරයකටම වාතය පරිමාවෙන්  සියයට පහක් ආශ්වාස කර  කාබන් ඩයොක්සයිඩ් බවට හරවා පරිභෝජනය කරනවා කියන එකයි . එහෙම බලද්දී මානවයෙකු සෑම දිනකම සංසුද්ධ ඔක්සිජන් ලීටර පන්සිය පනහක් (550ක්) පමණ (ඝන අඩි 19ක් පමන) පරිභෝජනය කරනවා .කෙසේ වෙතත් ‍ව්‍යායාමයේ යෙදී සිටින අයෙකු නම්   මීට වඩා වැඩි ප්‍රමාණයක් ඔක්සිජන් පරිහරණය කරන බව අමුතුවෙන් කිව යුතු නැහැ .

Air - Composition and Molecular Weight

අප ආශ්වාස කරන වාතයෙන් වැඩි කොටස (ඇතැමුන් සිතා සිටින පරිදි ඔක්සිජන් නොව) නයිට්‍රජන්ය. ඊළඟට ඔක්සිජන්ය.   ඉතා සුළු ප්‍රමාණවලින් ආගන්, කාබන් ඩයොක්සයි සහ අනෙකුත් වායු ද ඇත,

අපට එහෙ  මෙහෙ යන්න, සෙල්ලම් කරන්න, පාසලේ වැඩ කරන්න — මේ හැම එකකටම ශක්තිය අවශ්‍යයි.  ඉතින් අපේ ශරීරය මේ ශක්තිය නිපදවන්නේ අප ආහාරයට ගන්නා කෑම  දහනය  කිරීමෙන්.  මේක ටිකක්, ඉටිපන්දමක් දැල් වෙනවා වගේ කියල සමාන කරලත් හිතන්න පුළුවන්. අපේ ගන්නා කෑම දහනය කරන්න අපට ඔක්සිජන් අවශ්‍යයි. ඔක්සිජන් අපි ලබාගන්නේ අප වටා ඇති වාතය ආශ්වාස කිරීමෙනුයි.  අප  වටා ඇති වාතයේ තියෙන්නේ ඔක්සිජන්වායුව පමණක් නොවෙයි. අපි දන්නවා වාතය  වැඩි වශයෙන් සෑදී ඇත්තේ නයිට්‍රජන් වායුවෙන් කියලා. නයිට්‍රජන් වායුවටත්  වැදගත් වැඩ කොටසක් පැවරෙනවා. නයිට්‍රජන් ඩහන ක්‍රියාදාමය මන්දගාමී  කරන්නේ දවස පුරා  අපට අවශ්‍ය ශක්තිය ප්‍රමාණවත් අයුරින්  ටිකෙන් ටික ලබා දීමෙනුයි.

අප සංසුද්ධ ඔක්සිජන්(pure oxygen) ආශ්වාස කළොත්  අපෙ ආහාර වලින්  ලැබෙන ශක්තිය සියල්ල එකවරම  මුදා හරිනු ඇති. ඉතින් දැන් මදකට ඉටිපන්දමේ සාදෘශ්‍යය අමතක කරලා ගිනි කෙලි ගැන හිතුවොත් එකවරම ශක්තිය මුදා හැරීම ඒ වගෙයි. මහා පිපිරුමක්! ඔබ තනිකරම ඔක්සිජන් ආස්වාශ කළත් ඇත්තටම ඔබ පුපුරා යන එකක් නම් නැහැ. හැබැයි ඔබේ ශරීරයට නම් හානියක් ඇති වෙනවා.

Why does breathing pure oxygen kill you? - Quora

සංසුද්ධ ඔක්සිජන් ආශ්වාස කරන විට පාලනයකින් මුලුමනින්ම තොර ප්‍රතික්‍රියා  මාලාවකටම  මුල පිරෙනවා. අන්න ඒ වෙලාවට තමයි ඔය ඔක්සිජන් වලින් කොටසක් “ඛණ්ඩක” (radicals) නමින් හඳුන්වනු ලබන  අන්තරායකර, අස්ථාවර තත්වයට පත්වන්නේ.  එම ඛණ්ඩක ඔබේ සිරුරේ  මේදය,  ප්‍රෝටීන සහ  ඩී එන් ඒ (DNA) වලට හානි පමුණුවයි.  මෙය  ඔබේ ඇස්වලට හානි පැමිණවීමෙන්  ඔබට  නිසියාකාර ඇස් පෙනීම නැතිව යයි: ඔබේ පෙනහළුවලට හානි පැමිණවීමෙන්  ඔබට සාමන්‍ය අන්දමට හුස්ම ගැනීම අවහිරකරයි. 

ඉතින් එහෙම බැලුවාම සංසුද්ධ ඔක්සිජන්  ආශ්වාස කිරීම අන්තරායකරය තමයි.

Grey Scuba Diving Air Oxygen Tank On The Back Of A Scuba Diver. Stock  Photo, Picture And Royalty Free Image. Image 95949640.

කොහොම වුනත් ඉතින්  අපට  සංසුද්ධ ඔක්සිජන්  ආශ්වාස කරන්න ඇතැම් විට අවශ්‍ය වෙන්න පුළුවන් අවස්ථා තිබෙන බවත් අමතක කරන්න හොඳ නැහැ.  අභ්‍යවකාශගාමින් ඒ වගේම ගැඹුරු මුහුදේ කිමිදෙන අයවළුන්  සමහර අවස්ථා වල සංසුද්ධ  ඔක්සිජන් ආස්වාශ කරනව. මන්ද කීවොත් ඒ අය තම කාර්යයන් ඉටුකරන්නේ   බොහොම අන්තරායකර ස්ථනවලදීයි. හැබැයි ඉතින්  ඒ අය කොපමණ වේලාවක් සංසුද්ධ ඔක්සිජන්  ආශ්වාස කරනවාද?   කොපමණ ප්‍රමාණයක් ආශ්වාස කරනවාද?   යන්න බොහොම සැලකිල්ලෙන් පාලනය කරන නිසා ඔවුන්ට හානියක් සිදුවීම වළක්වා ගන්න පුළුවනි. රෝහල්වල අඩු වයසින් උපදින බිළිඳුන් එහෙමත් නැත්නම් කොරෝනා වෛරසය ආසාදනය වී  රෝහල්ගත කරන පුද්ගලයින් ඇතුළුව රෝගී ජනතාව සඳහා, ආශ්වාස කිරීමට ආධාර  පිණිස යම් ප්‍රමාණයක අතිරේක ඔක්සිජන් අවශ්‍ය වෙන්න පුළුවන්.  ඉතින් ඒ අයට  වාතයේ ඇති ඔක්සිජන්වලට අමතරව අතිරේක ඔක්සිජන් ස්වල්පයක්   ලබා දෙනවා. එය ඖෂධයක් විලසින් එම පුද්ගලයන්ගේ හුස්ම ගැනීම ඉහිල් කර සන්සුන් කිරීමට උපකාර වෙනවා

වුවමණාවට වඩා ඔක්සිජ් අන්තරාකාරී වෙන්නේ කොහොමද කියන කතාවට දැන් නැවතත්  හැරෙමු.   ඒ හින්ද තමයි වෛද්‍යවරුන්,  සාත්තු සේවක පිරිස් රෝගීන්ට ඔක්සිජන් නියම ප්රමාණය පමණක් ලබාදීම උදෙසා බොහොම සැලකිල්ලෙන් කල්පනාවෙන් එය සිදු කරන්නේ.

Everything you need to know about the COVID-19 therapy trials | Feature |  Pharmaceutical Journal

ඉතින් අපේ ආහාර වලින් අපට ශක්තිය ලබාගැනීමට උපකාර  පිණිස අපට ඔක්සිජන් අවශ්යයි. අප රෝගී තත්ත්වයට පත්වෙලා රෝහල්ගත වුණොත්  අපට සාමන්‍යයට අමතරව තව ටිකක් ඔක්සිජන් අවශ්ය වෙන්න පුළුවන්  එහෙම නැත්නම් අප අභ්යවකාශ ගාමියෙකු හෝ  ගැඹුරු මුහුදේ කීමිදෙන්නෙකු නම් අමතර ඔක්සිජන් ඕනෑ වෙන්න පුළුවනි.  කොහොම වුණත් අර මුලින් ඇසූ ප්‍රශ්නයට පිළිතුර හැටියට කියන්න තියෙන්නේ උවමනාවට වඩා ඔක්සිජන්  නම් අපට හානිකර යන්න තමයි.

Curious Kids  හී පළවන what happens if you breathe pure oxygen? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.