අග්නි! ගින්නෙහි ගති ලක්ෂණ පරිණාමය වීම

Posted by

ගින්නෙහි ගති ලක්ෂණ පරිණාමය වීම

 විවිධ තත්ත්වයන් යටතේ හෝ විවිධ වාස භූමි තුළ ජීවත්වීම සඳහා (ඒවාට) උපකාරීවන ගති ලක්ෂණ ගණනාවක් ශාක මගින් පරිණාමය කරගනු ලැබ ඇත. වෙනත් අනෙකුත් පාරිසරික පීඩනයකට ප්‍රතිචාර වශයෙන් පරිණාමය වූ ගති ලක්ෂණ දරුණු භූ දර්ශනය තුළ ප්‍රයෝජනවත් වන බව පෙණියාමට ඉඩ තිබේ. නිදසුනක් ලෙස දක්වතොත්, ඝනකම පොත්තක්(bark) තිබීමෙන් ගසකට වාසිදායක තත්වයන් ගණනාවක් සපය හැකිවේ මන්ද ගසක හෝ පඳුරක බාහිර කැම්බියමය  වර්ධන ස්තරය(cambial growth layer) එමගින් ආරක්ෂා වන හෙයිනි, කෙසේ වෙතත්,   නිරන්තරයෙන්ම  ගිනි වලට නිරාවරණය වන පයින් ශාක වැනි  සමහරක් කේතුධර සඳහා ගණකම පොත්තක් තිබීම විශේෂයෙන් ම වාසිදායක වේ. එවැනි ගති ලක්ෂණයක්  ගිනි ගති ලක්ෂණයක් ලෙස සිතීමට පුළුවන.

ගින්න හා සම්බන්ධ හෙවත් සංගාමී යයි සැලකෙන ශාක මගින් වර්ධනය කරගනු  ලැබ ඇති අනෙකුත් ගති ලක්ෂණ අතර යළි-දළු ලෑම(re-sprouting), ගින්නකින් රත් වීමට ප්‍රතිචාර වශයෙන් වැඩි කොටම බීජ මුදා හරිණු ලබන පාරිසරික අනුවර්තනයක් වන ‘serotiny’  සහ  තාපය හෝ දුමට ප්‍රතිචාර වශයෙන් බීජ ප්‍රරෝහණය දැක්විය හැකියි.  කෙසේ වෙතත් මෙකී ගති ලක්ෂණ හුදු ගින්නට අනුගත වීමක්ම නොව ඒ වෙනුවට ගිනි රජයනයක්(රෙජීමයක්) හැටියට සැලකිය යුතු යැයි ද අදහස් ඉදිරිපත් වී තිබේ, ගිනි රෙජිමයකට ගිනි  සීඝ්‍රතාව සහ   ගිනිතීව්‍රතාව මෙන්ම ඉන්ධන පරිභෝජනය  යන ලක්ෂණ ද ඇතුලත් වේ.

චිත්‍රය : ගිනි රජයන ත්‍රිකෝණය

සරල වෘක්ෂ  සහ (දකුණු අප්‍රිකාවේ ප්‍රධාන වශයෙන් දැකිය හැකි සදාහරිත ශාකයක් වන ) Proteas ඇතුළු ශාක ප්‍රවර්ග පරාසයක්ම තුල මෑතක සිදු කළ අණුක විශ්ලේෂණයක් දක්වන්නේ දරුණු භූ දර්ශන තුළ ජීවත් වන ශාකයන්ට වැදගත්වන මෙකී ගති ලක්ෂණ මෙයට වසර මිලියන සියයකට පමණ පෙර  ක්‍රිටේටේසීය සමයේ පැවැති    ගිනි අධික ලෝකයේ  පරිණාමය වූ බවයි. එහෙයින් ගින්නට ගොදුරුවීමේ ඉඩකඩ ඇති පරිසරයන්හි මෙම ගති ලක්ෂණ අනුගතගාමී යයි සැලකිය හැකි අතර සුවිශේෂී ගිනි රජයනයන්ට ප්‍රත්‍යස්ථිතියක් සපයයි.   (වගුව බලන්න)

ක්‍රිටේටේසීය සමයේ  ප්‍රථමයෙන් පරිණාමය වූ ඇතැම් සරල වෘක්ෂ තුළ නිරතුරුව ඇතිවන ගින්නට ඔරොත්තු දී පැවතීමට  ආධාර වන  ඝනකම පොත්තක් වර්ධනය වූ බව අප දැනටමත් සඳහන් කර ඇත.  කෙසේ වෙතත් ඇතැම් වර්ගීකරණ හෙවත්   තක්සෝන වලට අයත් ගස්  ඒවායේ පහළ අතු ස්වයං කප්පාදුවට(self-prune) ලක් කරමින් zzzz ඉන්ධන ඉවත්කිරීම මගින්   වනාන්තර බිමෙහි රොඩු සහ ගස් වියන අතර පරතරයක් නිර්මාණය කරන්නේය.  අනෙකුත් සරල වෘක්ෂ  විශේෂයෙන්ම ඉහළ උන්නතාංශවලදී හැදෙන jack pine සහ lodgepole pines  වැනි  සරලව වෘක්ෂ වල ඝනකම පොත්තක් නැති නමුත් ගස් කට්ටි ප්‍රතිස්ථාපනය කරන, අධි  තීව්‍ර ගින්නකින් පසුව පමණක් විවෘත වන කෙතුවක් පරිණාමය කරගෙන ඇති අතර බීජ මුදා හැරෙන්නේ ඉන් අනතුරුවය. 

එවැන්නකට උදාහරණ ලෙස ඕස්ට්‍රේලියාවේ යුකැලිප්ටස් දැක්විය හැකියි. මේවා ඉහළ තීව්‍ර තාවක ගිනි වලට මුහුණ දුන්න ද,  ශාකයේ විවිධ කොටස් වලින් යළි දළු ලෑමට  හැකි වන ආකාරයේ  ක්‍රමෝපායක් වැඩිදියුණු කරගෙන ඇත.

දකුණු අප්‍රිකාවේ තුඩු (කේප්) ප්‍රදේශයෙ සරුවට වැඩෙන  සදාහරිත ශාකයක් වන Proteas වැනි ඇතැම් ශාක, දුමට සංවේදීතාවයක් වර්ධනය කරගෙන ඇත.  මෙම ගස් කරා පැමිණෙන ගිනි, එමඟින් හඳුනාගැනීමට හැකි  අතර බීජ  නිපදවන්නේ ගින්න පැතිරී යාමෙන් අනතුරුවය. පසෙහි ඇති අක්‍රීය බීජ එකතුව ද ගින්නට  පසුව ප්‍රරෝහණය විය හැකිය.

කිසියම් නිශ්චිත  ගති ලක්ෂණයන් ගින්නට සම්බන්ධයයි ආරෝපනය කිරීම ගැටළු සහගත වුවත් භූවිද්‍යාත්මක ඉතිහාසය පුරාවටම  ඇතැම් පරිසර පද්ධතින් හී  ගින්න  ප්‍රධාන පෙළේ පීඩනයක් ඇති කළ බවට සැකයක් නොමැත.  එමෙන්ම එක් පාරිසරික සාධකයකට අනුගත වීම ප්‍රයෝජනවත් මෙන්ම  ඊට වරණය දැක්වූයේ ගින්න නිසාය. මෙයට කදිම නිදසුනක් වන්නේ ක්ලෝනමය වර්ධනයයි. මෙය මුල්ම ගොඩබිම ශාක අතරේ පරිණාමය වූ  චාරයකි. එහෙත් විපරිත පරිසරයන් හී — නිදසුනකට යමහල්මය බිම් පෙදෙස් වල —  මෙය වඩාත් සුවිශේෂීව ප්‍රයෝජනවත්ය. .  

අංගාරධර සමයේ සහ ඉන් පසුව  බෙහෙවින් වැදගත් බවට පත්වූ ශාක කාණ්ඩයක් වන (අංගාරධර සමයේ දක්නට තිබූ ඉක්විසෙටාලේස් ගෝත්‍රයේ ගස් වලට සමාන) zz ශාක එක මෙම ක්‍රමෝපාය වර්ධනය කර ගත්ත අතර  සිය වගාබිම් වලින් එය සම්පූර්ණයෙන් දුරුකිරීමට උත්සහ දරන උද්‍යාන කරුවන්ට හිසරදයක් වෙමින් අඩටත් එය ප්‍රදර්ශනය කරයි.  එසේ වුවද දරුණු  රෙජීම වල දී ක්ලෝනමය වර්ධනය ප්‍රයෝජනවත් වේ.

ජෛව ස්කන්ධය ගතහොත්  මේ මහා පොලවේ විශාලතම ක්ලෝනමය ශාකයක් වන්නේ quaking aspen (Populus tremuloides) ය,  එමෙන්ම, එය ලොව පැරණිතම ශාක අතුරෙන් එකකඉ.    ඒවා ගිනි පැතිරයාමකින් පසුව  සරුවට වැඩෙන අතර විශේෂයෙන්ම පයින් වනාන්තර ගිනි සමග සම්බන්ධ වේ

 විවිධ වෘක්ෂලතා ප්‍රවර්ග ගණනාවක් අතරේ පරිසර විද්‍යාවේදී ගින්නෙහි වැදගත්කම එන්ට එන්ට ම වර්ධනය වන අධ්‍යයන සංඛ්‍යාවක් මගින් හඳුනා ගනු ලැබ ඇත. සමහරක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ විය හැකි  මෙයට වෙනස් ශාක ප්‍රජාවන් ගණනාවක්  ගැන අපට සිතට නගා ගත හැකිය. එහෙත් අනෙකුත් ඒවා ගින්නකින් පසුව පැවතීමට හැකි වනවා පමණක් නොව සමහර අවස්ථාවලදී ගිනි නැතුව බැරිය. ගින්න භූ දර්ශනය ඉවත් කළ නොහැකි අතර හැමවිටම ඉවත් කිරීමට ක්‍රිය නොකළ යුතුය.  ගින්න ගැන අධ්‍යයන, සාම්ප්‍රදායික ශාක පාරිසරික අධ්‍යයන හා අනුකලනය තුළින් වැදගත් සංවාදයක් සැපයී ඇත.

 මේ මහ පොළොව මත ගින්නෙහි කාර්යභාරය ගැන අපට දැන් වඩාත් හොඳ අවබෝධයක් ලැබී තිබේ. එය සංරක්ෂණ පිළිවෙත් සඳහා මූලික පදනමක් තහවුරු කර දී ඇත.  අප්‍රිකාවේ තණබිම් බොහොමයක් පුරාණ ඒවා  බව දැන් පිළිගනු ලැබ ඇති අතර හුදු  නිසරු වනාන්තර නොව ගින්න මගින්  පවත්වාගෙන යනු ලැබෙන්නකි.  ඇතැම් පරිසර පද්ධතිවලින් ගින්න ඉවත් කිරීම ඇතැම් වාසභූමි සඳහා බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමට ඉඩ තිබේ. එසේනම් ගින්න් පරිසර පද්ධති ක්‍රියාදාමයක් ලෙස සිතිය යුතු අතර  මූලික ඵලදායීත්වය, වාරිකත්වය හෙවත් කාලිකත්වය(seasonality), දහන මූලය සහ ඉන්ධන ව්‍යුහය අතර සංකීර්ණ අන්තර් ක්‍රියාකිරීම  ලෙස ගිනි රෙජිම  සැලකිය හැකිය. නිවර්තන වැසි වනාන්තර වැනි ගිනි දුලබ හෝ ඇත්තේ ම නැති තැන්වලදී  එක් වෘක්ශලතා වර්ගයක් ගින්නෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී යාමට ඉඩ තිබේ.  මෙයට පටහැනිව වසර 1 සිට 25 ක් දක්වා වූ ගිනි ආපසු පැමිණිමේ විරාම තුළ  ඇතැම් තණබිම් සරුවට වැඩේ.  ගින්නට හොඳින්  අනුගත වූ වෘක්ෂලතාදීයේ  පවා ගිනි නිතරතාවෙහි(frquency) විපර්යාසයක් හේතුවෙන් විනාශකාරී ප්‍රතිඵල ඇති විය හැකිය.

 

FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි

ප්‍රතිචාර 3ක්

    1. Jaya Pathmapani කලින් ලබාදුන් පිළිතුරට අමතරවයි.

      මෙම ලිපි පෙළ ගැන ඔබ දක්වන උනන්දුව අගයමු. එම ලිපි පමණක් නොව අපේ ලේඛනාගාරයේ ඇති ඕනෑම ලිපියක් පළකිරීමේ නිදහස ඔබට තිබේ. මන්ද, අපට අවශ්‍යවන්නේ අප වෙබ් අඩවියෙහි අදහස් වැඩි පිරිසක් වෙත ගෙන යාමයි. එහෙයින්, ලිපිය අග
      ” thathu.com අනුග්‍රහයෙනි. මෙවැනි තවත් ලිපි සඳහා thathu.com වෙත පිවිසෙන්න” යනුවෙන් පමණක් සඳහන් කිරීමට කාරුණික වන්න. ස්තුතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.