මානව පරිණාමය පිළිබඳ අළුත්ම කරුණු හෙළිකරන ඉපැරණි හිස්කබලක් දකුණු අප්‍රිකාවෙන් සොයාගැනේ
දකුණු අප්‍රිකාවෙන් වසර මිලියන දෙකක් පැරණි හිස්කබලක් සොයාගැනීම මානව පරිණාමය පිළිබඳ වඩාත් අළුත්ම කරුණු හෙළිකරන්නක් යයි ඕස්ට්‍රේලියානු ජාතික පර්යේෂකයෝ කියා සිටිති. මේ හිස්කබල අයත් වන්නේ හෝමෝ ඉරෙක්ටස් විශේෂයේ ‘ඥාතිසොයුරු’ විශේෂයක් වන Paranthropus robustus පුරුෂයෙකුටයි. Homo erectus විශේෂය සැලකෙන්නේ නූතන මිනිසාගේ සෘජු මුතුන්මිත්තන් ලෙසය. මෙම විශේශ දෙක එකම කාල වකවානුවල වාගේ ජීවත් වු අයයි. එහෙත් Paranthropus robustus කලින් නෂ්ඨප්‍රාප්තවිය. මේ අනුව පර්යේශකය්න් සිතන්නේ මේ හිස්කබල සොයාගනීම බෙහෙවින් වැදගත් බවයි . “ෆොසිල වාර්තාව ගත්තොත් අපට හමුවන්නේ එහෙන් මෙහෙන් සොයාගත්ත තනි දතක් වගේ ඒවා. ඉතින් මේ වගේ හිස් කබලක් සොයාගන්න ලබුණු එක බොහොම දුලබ සිද්ධියක්” යයි ආචාර්ය ඇන්ජලීන් ලීච් බීබීසියට පැවසුවාය. ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර ලා ට්‍රෝබ් විශ්ව විද්යාලයේ පර්යේෂිකාවක් වන ඇයට මේ හිස්කබලේ කොටස් හමුව ඇත්තේ දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් වලට උතුරින් පිහිටි ඩ්‍රිමොලෙන් පුරාවිද්‍යාත්මක කැනුම්පොළකින් . එය සොයාගෙන ඇත්තේ 2015 වසරේ දී මේ හා සමාන වයසක හෝමෝ ඉරෙක්ටස් විශේෂයේ පිරිමි ළමයෙකුගේ හිස් කබලක් සොය ගනු ලැබූ ස්ථානයකට මීටර කිහිපයක් පමනක් දුරිනි.

ඉන් අනතුරුව පුරාවිද්‍යාඥයන් පසුගිය වසර කිහිපය ගත කළේ ෆොසිල කොටස් එකට එක්කරමින් සහ විශ්ලේෂණය කරමිනි. ඔවුන්ගේ සොයාගනීම් පසුගිය අඟහරුවාදා Nature, Ecology and Evolution සඟරාවෙහි පළවිණ. සම පර්යේෂක ජෙසී මාටින් බීබීසියට කියා සිටියේ “ෆොසිල කොටස් සමග ක්‍රියා කිරීම ‘තෙත් කාඩ්බෝඩ්’ එක්ක වැඩකරනවා වගෙයි” යනුවෙනි. ඒවායේ ඉතිරව තිබූ අන්තිම කුණු කොටස් උරා ඇද ඉවත් කිරීම සඳහා ප්ලාස්ටික් බට යොදා ගනීමට පවා සිදුවූ බව හෙතෙම පවසයි.

තරඟකාරී විශේෂ
හොමිනින්(මනුෂ්‍යයන් සමාන ස්ජීවීන්) විශේෂ තුනක් එකිනෙකා හා තරඟ කාරීව එකම කාලයක දකුණු අප්‍රිකාවේ ජීවත් වූයේ යයි කල්පනා කරනු ලැබේ. අළුතින් සොයා ගනු ලැබූ හිස් කබල ඒ අනුව, මානව වංශාවලිය තුළ ‘ක්ෂුද්‍ර පරිණාමය’ පිළිබඳ දුර්ලභ නිදර්ශනයක් සපයනු ලබන්නේ යයි මාටින් පෙන්වාදෙයි. විශාල මොළයක් සහ කුඩා දත් සහිත Homo erectus ට පරස්පරව Paranthropus robustus විශේෂ සතුව කුඩා මොළයක් සහ විශාල දත් තිබුනේය. Paranthropus robustus ගේ ආහාරයට ප්‍රධාන වශයෙන් ආකන්ද(tubers) වනි දැඩි ශාක සහ ගස් පොතු කෑමට ගැනීම අඩංගු වෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
“තද බවක් දක්වන හෝ සිය දත් සහ හනු යොදා ගනිමින් සකසා ගනීමේ දී යාන්ත්‍රික වශයෙන් අභියෝගාත්මක වන ආහාර හැපීමෙ දි සහ විකීමෙ දී නිපදවිය යුතු ඉහල මට්ටමක බලය ජනනය කිරීමට මෙන්ම දරා ගැනීමට හැකියාව කාලයත් සමග Paranthropus robustus විශේෂය අතරේ පරිණාමය වන්නට ඇති” යයි අචාර්ය ලිච් පෙන්වාදෙයි. පර්යේෂකයන් කියා සිටින්නේ දේශගුණ විපර්යාසය මගින් හටගත් තෙත් පරිසරය ඔවුන්ට ලබා ගත හැකිව තිබූ ආහාර අඩු කර දමන්නට ඇත යනුවෙනි. කුඩා දත් වලින් හෙබි Homo erectus මේ අතර වාරයේ ශාක සහ මාංශ යන දෙවර්ගයම ආහාරයට ගන්නට ඇත. ” මෙකී එකිනෙකාට බෙහෙවින් වෙනස් විශේෂ දෙක … අපසාරී පරිණාමීය ලක්ෂණ පෙන්නුම් කරනවා. අවසානයේ, මෙයට වසර මිලියන දෙකකට පෙර අවසානයේ ජය ගත්තේ අප වුව ද ෆොසිල වාර්තා දක්වන්නේ එම භූ දර්ශනය තුළ බොහෝ සේ බහුලව සිටියේ පෝ බව ය” යි ආචාර්ය ලීච් වැඩිදුරටත් සඳහන් කරයි.