කෝවිඩ් වැක්සිනය: නව මං සලකුණු කරන ප්‍රථම වැක්සිනයෙන් 90% ක ආරක්ෂාවක්!
ලොව ප්‍රථම ඵලදායි කොරෝනා වෛරස වැක්සිනයට ජනතාවට කොවිඩ්-19 වැළඳීම සියයට 90කට වැඩි ප්‍රමාණයකින් වලක්වාගත හැකිවේ යයි මූලික විෂ්ලේෂණයකින් පෙන්නුම් කරයි.
වැක්සිනසිනය වැඩිදියුණු කරන ලද Pfizer සහ BioNTech යන සමාගම් විස්තර කරන අන්දමට මෙය “විද්ය්යාව සහ මානව වර්ගයාට ඉතා ශ්‍රේෂ්ඨ දිනයකි”. ඔවුන්ගේ වැක්සිනසිනය රටවල් හයක පුද්ගලයින් 43, 500 ක් අතරේ පරීක්ෂාවට ලක් කර ඇති අතර ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න පැන නැගී නොමැත. වැක්සිනසිනය භාවිත කිරීම සඳහා හදිසි අවස්ථා අනුමැතිය පිණිස ඉල්ලුම් කිරීමට සමාගම් දෙක බලාපොරොත්තු වෙයි. සැලසුම් කරන අවස්ථාවේ සිට සුළු කාලයකින් අතිශය ඵලදායි බව සනාත කරගනීමට වෙනත් කිසිම වැක්සිනසිනයක් සමත්වී නැත.
කෙසේ වෙතත් ඉදිරියේ දැවැන්ත අභියෝග ගණනාවක් ම තිබේ. එහෙත් වැක්සිනසිනය පිළිබඳ නිවේදනය සතුටු සිනා මධ්‍යයේ විද්‍යාඥයන් විසින් උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබ ඇත. සමහරු කියා සිටියේ ලබන වසන්ත සමය වන විට ජීවිතය යළි යථා තත්ත්වයට පත්වීමට මෙය මග පාදනු ඇතැයි යනුවෙනි. “මෙහෙම කිව්ව මුල්ම එක්කෙනා බාගදා මම වෙන්ට පුළුවන් ඒත් යම් විශ්වාසයකින් යුතුව මම ඒ බව කියා සිටීනවා” යයි ඔක්ස්ෆර්ඩ් සරසවියෙහි විද්‍යාව පිළිබඳ රාජකීය මහාචාර්ය ශ්‍රීමත් ජෝන් බෙල් ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
වැක්සිනය කෙතරම් දුරට ඵලදායි වේ ද?
අනෙකුත් ප්‍රතිකාරයන් සමග ලබාදෙන වැක්සිනයක්, (දැනට) අප සියලු දෙනා ගේ ජීවිත මත පනවා ඇති සීමා කිරිම් වලින් බැහැරවීමට ඇති හොඳම මඟ ලෙස දකිනු ලැබේ. දත්ත පෙන්නුම් කරන ආකාරයට වැක්සිනයෙන් සති තුනක් ඇතුළත ගනු ලබන මාත්‍රා දෙකක් අවශ්‍ය වේ. වැක්සිනය, එක්සත් ජනපදය, ජර්මනිය, බ්‍රසීලය, දකුණු අප්‍රිකාව සහ තුර්කිය යන රටවල පරීක්ෂාවට ලක් කෙරිණ. ඒ අනුව පෙණී ගොස් ඇත්තේ දෙවැනි මාත්‍රාවට පසුව දින හතක් ඇතුළත 90% ආරක්ෂාවක් සපයාගැනීමට හැකියාව තිබෙන බවයි. කෙසේ වෙතත්, ඉදිරිපත් කල දත්ත අවසන් විග්‍රහය නොවේ. මන්ද, එය පදනම්ව ඇත්තේ කොවිඩ්-19 වර්ධනය වූ ස්වේච්ඡාදායකයින් ප්‍රථම 94 දෙනාගේ දත්ත මත වීමයි. එහෙයින් සම්පූර්ණ ප්‍රතිපලය විශ්ලේෂණය කරන විට වැක්සිනයේ නිශ්චිත හෙවත් යථාතථ්‍ය ඵලදායිත්වය වෙනස් වීමට ද ඉඩ තිබේ.
Pfizer සමාගමේ සභාපති Albert Bourla අදහස් දක්වමින් “මේ ගෝලීය සෞඛ්‍ය අර්බුදය නිමාවකට පත් කිරීමේ ලා පිහිටවීමට අවශ්‍යව ඇති අවහිර බිඳුමක් ලොව පුරා ජනතාවට සපයීම සඳහා අප වැදගත් පියවරකින් තවත් ළං විය සිටිනවා” යයි කියා සිටියේය. BioNTech සමාගමේ ආදීකතෘවරුන්ගෙන් එක් අයෙක්වන මහාචාර් Ugur Sahin එය විස්තර කළේ “ඉම් සලකුණු කරන සොයා ගැනීමක්” හැටියටයි
වැක්සීනය කවදා සිට ලබා ගැනීමට හැකිවේද?
මේ වසරේ දී සීමිත පිරිසකට වැක්සීනය ලබාගත හැකි වෙනවා ඇත. සමාගම් දෙක පවසන්නේ නොවැම්බර් තුන්වැනි සතිය වන විට ආරක්ෂාව පිළිබඳ ප්‍රමාණවත් දත්ත සපයාගෙන ඒවා ඖෂධ පාලකයන් වෙත ඉදිරිපත් ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි යනුවෙනි. එය අනුමත වන තුරු රටවල් වලට වැක්සීනය ප්‍රවර්ධන ව්‍යායාපාර ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත. පිශෙර් සහ බය උන්ට සමාගම් දෙක කියා සිටින්නේ මේ වසඅ අවසානය වනවිට මාත්‍රා මිලියන 50 සහ 2021 අවසාන වලට මාත්‍රා බිලියන 1.3ක් පමණ සැපයීමට හැකිවෙනු ඇති බවයි. සෑම පුද්ගලයකුටම වැක්සීනයසෙන් මාත්‍රා දෙකක් අවශ්‍ය වේ. වසර අවසන් වන විට එක්සත් රාජධානියට මාත්‍රා මිලියන දහයක් පමණ ලැබිය යුතුය. තවත් මාත්‍රා මිලියන 30ක් සඳහා ඇනවුම් දනටමත් ලබාදී තිබේ.

වැක්සීනය ලැබෙන්නේ කාටද?
සෑම දෙනාටම වහාම නැතිනම් ඉකමනින් වැක්සීනය නොලැබෙන ඇති අතර ප්‍රමුඛත්වය ලබාදිය් යුත්තේ කාටද යන්න තීරණය කළේ තීරණය කිරීම ඒ ඒ රටවලට පැවරේ. රෝහල් කාර්ය මණ්ඩල සහ සත්කාරක සේවා සපයන නිවාසවල සිටින ඕනෑම රටක පමුඛත්ව ලැයිස්තුවේ ඉහළම ස්ථානයක් හිමිවනු ඇත. ඊට හේතුව ඔවුන් කටයුතු කරන්නේ එම්න්ම සේවා සපයන්නේ ග්‍රාහී කණ්ඩායම්වල ජනතාව වෙත් නිසාවෙනි. දරුණු රෝග තත්ත්වයක් හට ගැනීමේ වඩාත් අවදානමක් ඇති එම කණ්ඩායම් සිටින, වැඩිහිටි නිවාසවල ජීවත්වන පිරිස් සහ ඒවායේ වැඩ කරන අය වරුන්ට එක්සත් රාජධානිය ප්රමුඛත්වයක් ලබා දීමට ඉඩ තිබේ. එහෙත් එම රට කියා සිටින්නේ තවමත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවයි. එම තීන්දුව පදනම් වනු ඇත්තේ විවිධ වයස් කණ්ඩායම් අතර වැක්සීනය සාර්ථකව ක්‍රියාත්මක වේද සහ වෛරසය පැතිරෙන්නේ කෙසේද යන්න මතය. වයස අවුරුදු 50 ට අඩු, වෛද්‍යමය ගැටලු නොමැති පුද්ගලයින් සිටිනු ඇත්තේ වැක්සීන පෝලිමේ අවසානයටය.

ඇතිවිය හැකි ගැටලු මොනවත් තිබේද?
ලැබී ඇත්තේ අන්තර්කාල මට්ටමේ දත්ත නිසා තවමත් පිළිතුරු සපයා ගැනීමට නොහැකි ගැටළු ගණනාවක් ඉතිරිව තිබේ. වැක්සීනය ලබා දුන් පමණින් කෙනෙකු මාර්ගයෙන් වෛරසය පැතිරීම වළකින්නේ ද නැතිනම් හුදෙක් එම පුද්ගලයාට රෝග ලක්ෂණ පහල නොවීමක් පමනක් සිදුවේද යන්න ගැන තවමත් විද්‍යාඥයන්ට දැනුමක් නැත. තවද අධික අවදානමක් දරණ වයස්ගත පුද්ගලයන් අතරේ ද එය එක ලෙස සාර්ථකව වේද යන්නත් නොවිසඳුණු තවත් ප්රශ්නයකි.
කෙසේ වෙතත් ලොකුම ප්රශ්නය වන්නේ වැක්සීනයෙන් ලැබෙන ප්‍රතිශක්තිය කොපමණ කාලයක් අල්ලා සිටිනු ඇත්ද යන්නයි. මෙය බාගවිට මාස ගණනක් හෝ වසර ගණනක් වුව විය හැකිය. මෙයට අමතරව, විශාල පිරිසක් ප්රතිශක්තීකරනය කිරීමේ දී නිශ්පාදනය හා කාර්ය සම්පාදනය අතින් ද දැවැන්ත ප්‍රශ්න තිබේ. වැක්සීනය තැන්පත් කර තබා ගැනීම සඳහා සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 80 ට වඩා පහළ අතිශය සීතල බඩා කිරීමක් අවශ්‍යවීම ඉන් එකකි. විශාල මට්ටමේ පරීක්ෂණ වලදී වැක්සීනය ආරක්ෂිත යයි පෙනී ගොස් ඇති නමුත් පැරසිටමෝල් ද ඇතුළු කිසිවක් සියයට සීයක් ආරක්ෂිත නොවේ.
වැක්සීනය ක්‍රියා කරන්නේ කෙසේද?
පරික්ෂාවේ තුන්වැනි අදියර ලෙස හැඳින්වෙන වැක්සීන පරික්ෂා කිරීමේ අවසාන අදියරයට පමිණ ඇති වැක්සීන ගණනාවක්ම ඇත. එහෙත් ප්‍රතිඵලයක් පෙන්වීමට සමත් වූ ප්‍රථම වැක්සීනය මෙයයි. ඒ සඳහා යොදාගනු ලබන්නේ සම්පූර්ණයෙන්ම සම්පරීක්ෂණමය ප්රවේශයකි. ශරීරයේ ප්‍රතිශක්ති පද්ධතිය පුහුණු කිරීමේ අදහස ඇතිව වෛරසයෙහි ජානමය කේතයේ කොටසක් එන්නත් කිරීම ද ඊට ඇතුළත් වේ. පූර්වයේ සිදු කරන ලද පරීක්ෂණ වලදී පෙනීගොස් ඇත්තේ කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමට ප්‍රතිදේහ මෙන්ම ප්‍රතිශක්ති පද්ධතියේම තවත් කොටසක් වන ඨ් සෛල යන දෙකම නිපදවීමට වැක්සීනය මගින් ශරීරය පුහුණු කරන බවයි.

වැක්සීනයට ලැබී ඇති ප්‍රතිචාර කෙබඳුද?
එක්සත් රාජධානිය ප්‍රධාන වෛද්‍ය උපදේශක මහාචාර්ය ක්‍රිස් වයිටි කියා සිටින්නේ දනට ලැබී ඇති ප්‍රතිඵල විද්‍යාවේ බලය පෙන්නුම් කරනවා පමණක් නොව 2021 වසර සඳහා සුභවාදී වීමට හේතු සාධක ද සපයන බවයි. එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස නම් කොට ඇති ජෝ බයිඩන් “එය උත්කෘෂ්ට ප්‍රවෘත්තියක්” ලෙස නම් කළේය. එහෙත් “කොවිඩ්-19ට එරෙහි සටනේ අවසානය තවත් මාස ගණන් ඈතක බව අවබෝධ කර ගැනීම ද ඒ හා සමානවම වැදගත් වන බව” හෙතම වැඩිදුරටත් පෙන්වා දෙයි. එක්සත් රාජධානියේ අගමැතිගේ නිල ප්‍රකාශකයා සඳහන් කළේ වඩාත්ම අවදානමට ලක්වී ඇති පිරිසට ලබා දිය හැකි කොවිඩ්-19 වැක්සිනයක් ලැබුණු වහාම එන්නත් වැඩසටහන ආරම්භ කිරීමට ජාතික සෞඛ්‍ය පද්ධතිය සූදානමින් සිටින බවයි. ඔක්ස්ෆර්ඩ් සරසවියේ ම මහාචාර්ය පීටර් හෝබි මෙන්න මෙසේ පවසයි: “ඇත්තටම එය සහනයක්… වැක්සීනය මගින් සැබෑ වෙනසක් ඇති කිරීමට තවබොහොම බොහොම කාලයක් ගත වේවි. ඒත් මට හිතෙන්නේ මේ මොහොත එක්තරා අන්දමක සන්ධි ස්ථානයක් කියලයි”.
BBC.com හි පලව ඇති Covid vaccine: First ‘milestone’ vaccine offers 90% protection යන ලිපිය ඇසුරෙනි