ක්ෂීරපථය තුළ පෘථිවි ආකාර ග්‍රහ ලෝක බිලියන 5ක් පමණ තිබිය හැකියි
අපේ මන්දාකිණිය වන ක්ෂීරපථයෙහි ඇති අපේ සූර්යයාට සමාන තාරකා අතරින් අඩක, ජීවිය පැවතීමට හැකියාව තිබෙන අපේ පෘථිවිය වාගේ ග්‍රහලෝක තිබිය හැකිය. නාසා ආයතනයේ, කැලිෆෝනියාවේ පිහිටි Ames පර්යේෂණ මධ්‍යස්ථානයෙහි ස්ටීව් බ්‍රයිසන් ප්රමුඛ කෙප්ලර් අභ්‍යවකාශ ටෙලස්කෝපය ලැබෙන දත්ත විශ්ලේෂණය කිරීමෙන් මෙම කරුණු සොයාගෙන තිබේ. පර්යේෂක කණ්ඩායම අවධානය යොමුකරන ලද්දේ අපගේ සූර්යයාගේ ප්‍රමාණයට සමාන තාරකා වල වාස යෝග්‍ය කලාපවල තිබෙන පාෂාණමය ග්‍රහලෝක ගැනය. වාස යෝග්‍ය කලාප හමුවන්නේ තාරකාවක සිට උවමනාවට වඩා උෂ්ණය නැති ඒ වාගේම උවමනාවට වඩා සීතල නැති, ඒ වාගේම (ජීවය හට ගැනීමට සහ පවත්වාගෙනයාමට අත්‍යවශ්‍යවන) ජලය පැවතිමේ හැකි යාව තිබෙන දුරකදීය. 4034 ග්‍රහලෝක විය හැකි (අපේක්ෂක) බහීර්ග්රහයින්(exoplanets) සොයා ගැනීම් පදනම් කරගනිමින් බ්‍රයිසන් සහ ඔහුගේ කණ්ඩායම ක්ෂීරපථය පුරා පෘථිවි ආකාර ගහලොක පැතිර පැවතිය හැක්කේ කෙසේද යන්න විඩම්භනය කළහ. එහි දී ඔවුනට පෙනී ගියේ අපේ සූර්යයා බඳු තාරකා අතරේ සියයට 40 සිට 60 දක්වා අතරේ ඒවායේ වාසය යෝග්‍ය කලාපවල පෘථිවි ආකාර පාෂාණමය ග්‍රහලෝක ඇති බවයි. කලින් සිදුකෙරුණු ඇස්තමේන්තුවල මෙය දැක්වුණේ සියයට 20ත් 50ත් අතර ලෙසය. මෙයින් තේරුම් ගතයුත්තේ, සූර්යයා බඳු තාරකා බිලියන දහයක් සහිත ක්ෂීර පථය මන්දාකිනියෙහි වාස යෝග්‍ය ග්‍රහලෝක බිලියන 5ක් පමණ ඇතැයි යන්නය. “ මෙය ඇත්තටම බොහොම වැදගත් සොයාගැනීමක්” යයි මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයෙහි හියු ඔස්බෝන් කියා සිටී.


බ්‍රයිසන් සහ සගයන් පර්යේෂණයේදී සොයා බැලුවේ පෘථිවිය මෙන් 0.5 සහ 1.5 ක් අතර අරයක් සහිත බහිර් ග්‍රහයන් ගැනය. ඔවුහු මේ ගවේෂණයේ අවධානය තවදුරටත් පටුකරමින් පාෂාණමය විය හැකි ග්‍රහලෝක ගැනම යොමු වූහ. එමෙන්ම, අපගේ සූර්යයාට සමාන වයසක් ඇති, අපේ සූර්යයාගේ උෂ්ණත්වයට සෙන්ටිග්‍රේඩ් අංශක 800ක් අඩු හෝ වැඩි උෂ්ණතවයකින් හෙබි තාරකා පමණක් ඔවුන්ගේ තෝරාගැනීමට ලක්විය. “දළ වශයෙන් අපගේ සූර්යයාගේ උෂ්ණත්වය මත කේන්ද්‍ර කරගත් උෂ්ණත්ව පරාසයෙන් බාහිරව ඇති තාරකා, ඒවා නිකුත් කරන විකිරණ ප්‍රමානය්, (පිහිටීම) විද්‍යුත් චුම්බක වර්ණාවලියේ කුමන කොටසේ ද, ඒ වගේම ඒවා කොපමණ කාලයක් පවතී ද, ඊටත් අමතරව ඒවා අවට ග්‍රහලෝක සොයා ගැනීම කෙතරම් අසීරුද යන්න සැලකිල්ලට ගනිද්දී අපගේ සූර්යයාට වඩා වෙනස් ආකාරයට හැසිරෙන්නට පටන් ගනා බව පෙණි යනවා” යනුවෙන් කැලිෆෝනියා තාක්ෂණ ආයතනයේ ජෙසී ක්‍රිස්ටියන්සන් කියා සිටී. ඇය මෙම අධ්‍යනයෙහි සම කතු වරියකි. “අපගේ මන්දාකිණියේ පෘථිවි ආකාර ග්‍රහලෝක හටගන්නා සීඝ්‍රතාව සොයාගැනීම පිණිස මෙයට ප්‍රථමයෙන් ප්රයත්න ගණනාවක් තිබුණ නමුත් මෙය ඊට වෙනස්” ඔස්බෝන් සදහන් කරයි.
මෙම පර්යේෂණයේදී වැඩියෙන් දත්ත උපයෝගී කරගනු ලැබූ අතර විඩම්භනය කරන ලද්දේ නව ආරකිනනි. තවද ඒ වගේම කෙප්ලර ගේ අපේක්ෂක ලෝක සමහරක් ග්‍රහ ලෝක නොවන්නට ඇති හැකියාව ද පැහැදිලි කෙරුණු අතර පෘථිවියට සමාන ආලෝක ප්‍රමානයක් ලැබෙන කුඩා ග්‍රහයන් ගැන පමනක් සොයා බලා තිබිම ද සැලකිල්ලට ගත යුතුය. “මේ සියල්ල එකට ගෙන බලද්දී කලින් සිදුකෙරුණු අධ්‍යයන වලට වඩා ඉදිරියෙන් සිටින අතරම ඒ හේතුව නිසාම විශ්වාසනීයත්වය ද වැඩි වෙනවා” යයි හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙත් මෙය අවසන් ප්‍රතිඵලය නොවේ. ඇත්තවශයෙනම, අපේක්ෂක ග්‍රහලෝක සංඛ්‍යාව මීටත් වඩා වැඩි වීමට පවා ඉඩ ඇති බව ක්රිස්ටියනසන අදහස් කරයි. “මේ අවස්ථාවේ අස්තිරතා බොහොමයකට මුල වන්න උනන්දුව සැබවින්ම යොමුව ඇත්තේ කුඩා අපේක්ෂක ග්‍රහලෝක ප්‍රමාණයකට වීමයි” ඇය පෙන්වා දෙයි, “ඉතින්, තවත් දත්ත ලැබෙනතුරු මෙම දෝෂ අඩුකර ගැනීම අසීරුයි”.
ඒ කොයි ආකාරයට ගත්තත් මේ ලැබී ඇති ප්‍රතිඵලය ප්‍රබෝධජනකයි. මෙයින් හැඟවෙන්නේ ඉදිරි දශක වල දී වඩාත් විස්තරාත්මකව අධ්‍යයනය කිරීමට අපට ඉඩ සලසන අසල්වැසි තාරකා වටා කක්ෂ ගතව පෘථිවි ආකාර ග්‍රහලෝක බොහොමයක් ඇති බවයි” ඔස්බෝන් වැඩිදුරටත් කියා සිටියි, ” ඒ වගේම පෘථිවි ආකාර ග්‍රහලෝක සුලභව ඇත්නම් බාගදා ජීවයද සුලභව තිබෙන්නට ඕනෑ යන අදහස ඉන් දිරි ගැන්වෙනවා”.

New Scientist International Edition(2020-11-14)හී පළවන The Milky Way could be home to 5 billion planets like Earth යන ලිපිය ඇසුරෙනි