අග්නි! ගින්න සහ සත්තු

Posted by

අග්නි!  ගින්න සහ සත්තු

අප බොහෝ වෙලාවට  ගින්න සහ ශාක අතර සම්බන්ධතාවය සැලකිල්ලට ගන්නා නමුත්,  එමෙන්ම බොහෝ ශාකවල අනුගත ගති ලක්ෂණ ගින්න මගින් හැඩගස්සන ලද බව පිළිගැනීම එන්ට එන්ටම වැඩිවන නමුත්, ගින්න සහ  සත්වයින් අතර සම්බන්ධතාවය සොයා බැලීම නැතිනම් අධ්‍යයනය කිරීම්  සිදුවන්නේ ඉතාමත් අඩු වශයෙනි. එවන්  අධ්‍යයන තවමත් ඇත්තේ  ළදරු අවධිය වුවද ස්පාඤ්ඤයේ වැලෙන්සියා විශ්වවිද්යාලයේ ජුලි  පෞසාස් ගින්න සහ සත්වයින් අතර අන්තර් ක්‍රියා  පුළුල් පරාසයක් ලේඛන ගත කොට ඇත. හෙතෙම දක්වා සිටින්නේ,  සත්ව විවිධත්වය බලගැන්වීමේ දී ගින්න  වැදගත් පරිණාමීය මෙහෙවරක් සිදුකරන බවයි.  මෙය ෆොසිල වාර්තා අතර ගවේෂණයට ලක් වූ අංගයක් නම් නොවේ.

වගුව:  ගින්න සහ ගින්නෙන් හැඩගැසුණු වාසභූමිය සත්වයින්ට ගෙන දිය හැකි වාසි

පෞසාස් ගේ  උපකල්පිතය හෙවත් උපන්‍යාසය(hypothesis)  පදනම්ව ඇත්තේ වර්තමානයේ ගිනි-නතු(fire-prone)  භූ දර්ශන තුළ සිටින සතුන් බොහොමයක් සතුව විවෘත පරිසරයට ඔවුන්ගේ හැඩගැස්මට දායකවූ ගති ලක්ෂණ ඇත යන්න මතය.  එමෙන්ම, සමහර අවස්ථාවලදී ගිනි-නතු  පරිසර පද්ධති වල ජීවත්ව  සිටින සතුන් ගින්නට සුවිශේෂී අනුගතවීම් දක්වන්නේය යන්න මතය.

සතුන් තුළ ගින්නට අනුවර්තක ඇතැම් ගති ලක්ෂණ (a)  පිළිස්සුම් තණ බිමකට මුහුවම් වූ  එමුවියා(ඕස්ට්‍රේලියානු පැස්බරා) පක්ෂියෙක් (b)   පැතිරෙන ගින්නක් අභියස දඩයමේ යෙදෙන  බකමූනෙක්

2017 වර්ෂයේ දී එවන් නිදර්ශනයක් පුවත්පත් සිරස්තලවලට එක් කෙරිණ.  එ මගින් දැක්වුයේ  ඕස්ට්රේලියාවේ වසන ඇතැම් ගොදුරු පක්ෂීන්(birds of prey) ඇත්තටම ගිනි හට ගැන්වීමට පවා ක්‍රියා කර ඇති බවයි.  Black Kite, Whistling Kite,  සහ Brown Falcon වැනි අන්සතුන් ගොදුරු කරගන්නා කුරුළු වර්ග ගණනාවක්  හිතාමතාම ගිනිපතුරුවන බවට ඕස්ට්‍රේලියාවේ සවානා තණ බිම්වලින් වාර්තා විය. ගින්න පැතිරීමට අනුබල දෙමින් ගිනි ගෙන දැවෙන අතුරිකිලි මේ පක්ෂීන් සිය නිය හෝ හොටෙන් අල්වා ගන්නා බවට නිරීක්ෂණය  වී ඇත.  මන්ද,  ගින්න පැතිරීම ගොදුරු  අල්ලා ගැනීම පහසුකරවන්නකි.  ගිනි පිටුපස යාම කෘමීන් වැනි බොහෝ සතුන්ට  වාසි අත්පත් වන්නක් විය හැකිය.

The native Australian bird making the bushfire crisis worse by spreading  the flames | Daily Mail Online

FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි

එක් ප්‍රතිචාරයක්

යෙස්මින් වර්ණකුලසූරිය වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.