ජලය, සෞඛ්‍ය ආරක්ෂාව සහ ස්වස්ථතාව

Posted by

ජලය, සෞඛ්‍ය ආරක්ෂාව සහ ස්වස්ථතාව

ජලයේ අවශ්යතාව, වටිනාකම මෙන්ම ජල හිඟය ගැන අපි නිතර කතා කරන්නෙමු. එහෙත් මනුෂ්‍යයන් වශයෙන් අපේ සෞඛ්‍යට සහ සහ යහ පැවැත්මට ජලයෙහි ඇති සම්බන්ධතාව අපට බොහෝ විට මග හැරේ. මේ ලිපිය ඒ ගැන විශේශ  අවධානය යොමු කරයි.

WHO | Water, sanitation and hygiene for accelerating and sustaining  progress on neglected tropical diseases

විධිමත්  කළ පානීය ජල ප්රභවයකට ප්රවේශ වීමේ හැකියාවෙන් ලබෙන ඵලප්රයෝජන ගැන අප අතර වැඩිදෙනෙකුට අදහසක් ඇත. එහෙත් එම  වාසි සම්පූර්ණයෙන් සාක්ෂාත් කරගත හැක්කේ බලගන්වූ  සෞඛ්ය ආරක්ෂාවක් සලසා ගනීමේ හැකියාව ඇත්නම් සහ  හොඳ සනීපාරක්ෂක භාවිතයන් අනුගමනය කිරීමෙනි.  WASH යනු ජලය(WAter), සෞඛ්ය ආරක්ෂාව(Sanitation) සහ ස්වස්ථතාව(Hygiene) සඳහා යෙදෙන ඉංග්රීසි වචන වල මු’ලකුරුයොද ගනිමින් සැකසූ අග්රක නාමයක් හෙවත් සංකේත නාමයකි(acronym).  ජලය, සෞඛ්ය ආරක්ෂාව සහ ස්වස්ථතාව හෙවත් WASH අපගේ ජල අවශ්යතා සපයමින් අපට සෞඛ්ය සම්පන්න ජීවිතයකට මග පාදන බව අවිවාදිතය. එහෙත් මේ පැහැදිලි කාරණාව නැතිනම්   වාසියෙන්  ඔබ්බට එමගින්, විශේෂයෙන්ම  කාන්තාවන්ට හා ගැහැණු ළමයින් වෙත  පුළුල් සමාජ-ආර්ථික බලපෑම් ඇති කරයි.

WASH යනු තිරසාර සංවර්ධනය  (SDG 6) තුළ අඩංගු ඉලක්ක වලට කැපවූවක්ය  යන කාරණවම ගත්තත්  මහජන සෞඛ්යය  වපසරිය තුළ හා ඒ නිසාම  තිරසාර සංවර්ධනයේ අනාගතය තුළ  එය සතු  මූලික භූමිකාවට කදිම සාක්ෂියකි. ඇත්ත වශයෙන්ම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2010 දී පිළිගන්නා ලද පරිදි, ආරක්ෂිත ජලය සහ සනීපාරක්ෂාව සඳහා ප්රවේශයට ඇති අයිතිය  මානව හිමිකමක් වේ. ගෝලිය වශයෙන් මෙම අයිතීන් යථාර්ථයක් බවට පත්වීම සඳහා අපට නිවැරදි පද්ධති අවශ්ය වනු ඇත: හොඳින් සම්පත් ලබා ගත හැකි, සේවා සැපයිය හැකි ආයතන සහ නම්යශීලීව හා යෝග්‍ය ආකාරවලින් චර්යාවන් හෙවත් හැසිරීම රටා වෙනස් කළ හැකි පද්ධති අවශ්යය .

වත්මන් තත්ත්වය

බිලියන 2.2 ක ජනතාවට ආරක්ෂිතව කළමනාකරණය කරන ලද පානීය ජල සේවාවන් සපයා ගැනීම  සඳහා ප්රවේශයක් අද වන විට නොමැති අතර බිලියන 4.2 ක ජනතාවකට ආරක්ෂිතව කළමණාකරන කරන ලද  සනීපාරක්ෂක සේවා නොමැත.  අනාරක්ෂිත ස්වස්ථතා පිළිවෙත් පුළුල්ව පැතිරී ඇති අතර එය මිනිසුන්ගේ සෞඛ්යයට ඇති කරන බලපෑම වැඩි කරයි. ළමයින්ගේ මරණ අනුපාතය කෙරෙහි මෙහි බලපෑම ව්‍යසනකාරීය. දුර්වල සනීපාරක්ෂාව, අයෝග්ය ස්වස්ථතාව  හෝ අනාරක්ෂිත පානීය ජලය හේතුවෙන් හටගන්නා  පාචන රෝගවලින් වාර්ෂිකව මිය යන ළමුන් සංඛ්යාව 297 000 කට වැඩිය.

Water Sanitation & Hygiene Youth Advocates Program - Home | Facebook

 ජලය

 නිදසුනක් ලෙස අපි කියමුකෝ ආරක්ෂිත ළිඳකින් හෝ නාගරික නල පද්දතියකින්  වැනි යෝග්ය පරිදි සැකසූ  පානීය ජල පහසුකම්  සඳහා ප්රවේශයක් නොමැති පුද්ගලයෙකුට — මතුපිට ජලය, අනාරක්ෂිත හා ඇතැම්විට දූෂක සහිත ළිං වැනි ප්රභවයන් මත  හෝ ආරක්ෂාව පිළිබඳව ඒ වගේම ගුණාත්මකභාවය පිළිබඳ සහතිකයක් නොමැති අළෙවි කිරීමට තිබෙන ජලය මත රැඳෙන්නට සිදුවේ.

 බොහෝ ප්‍රජාවන් ගතහොත්, ජල ප්‍රභවයන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ නිවෙස්වලින් බොහෝ දුරින් පිහිටා ඇති අතර, සාමාන්යයෙන් කාන්තාවන්ට හා ගැහැණු ළමයින්ට ඔවුන්ගේ කාලය හා ශ්‍රමය   වැඩි වශයෙන් වැය කිරීමට සිදුව ඇත්තේ ජලය සපයා ගැනීම සඳහාය. බොහෝවිට මෙම කාර්‍යයේ දී ඔවුනට පුරුෂ පක්ෂයේ තාඩන පීඩන වලට ලක්වන අතර වන සතුන්ගේ පහර දීම් වලට පවා ගොදුරුවේ. 

Duncan village's communal toilets pose dangers to health – Elitsha

සනීපාරක්ෂාව

සනීපාරක්ෂාව ඉහල නැංවීමකින්  තොරවූ විට  – මිනිස් අපද්රව්ය මිනිසුන්ටම  මුහුන් වීම  ආරක්ෂිතව වළක්වන ක්‍රමවේදයකින් තොරවූ විට  – අයෝග්‍ය පොදු වැසිකිළි භාවිතා කිරීම හෝ එළිමහනේ අපවිත්ර කිරීම  හැරෙන්නට වෙනත් විකල්පයක් ජනතාවට නැත.  කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා, පිටත වැසිකිළියට යාමට ස්ථානයක් සොයා ගැනීම පිණිස  රෑ කළුවර වනතුරු  බලා සිටීම,  ඔවුන් අපයෝජනයට හා ලිංගික අතවරයන්ට ඇද දැමීමක් පවා විය හැකිය.

අසල වටපිටාව තුළ, තැන තැන එළිපිටම ඇති  මළ මූත්‍රා මිනිසුන්ගේ ආහාර හා ජල සම්පත වෙත නැවත මිශ්‍ර වනු  ලබන අතර කොලරාව වැනි බරපතල රෝග පැතිරවීමට උපකාරී වේ.  ප්රජාවෙන් ඔබ්බට සලකා බැලුවත්,  අපද්‍රව්ය බැහැර කිරීමේ හෝ කසළ ශෝධන  කාර්යක්ෂම  පද්ධති නොමැතිකම පරිසර පද්ධති දූෂණයට මෙන්ම  වසංගත රෝග පැතිරීමටද දායක වේ.

Safety and Sanitation: Reinventing the Toilet — Women and Girls

ස්වස්ථතාව

හොඳ සනීපාරක්ෂක පිළිවෙත් සහ රෝග පැතිරීම අවම කිරීම සඳහා එම පිළිවෙත් මගින් ඉටුවෙන  කාර්යභාරය පිළිබඳ අවබෝධයක් හෝ දැනුමක් ලෝකයේ සමහර ප්‍රදේශවල නොමැත; ඇතොත් ඒ ඉතා සුළු වශයෙනි.  කෙසේ වෙතත්, බොහෝ විට සිදුවන්නේ මිනිසුන්ට හොඳ සනීපාරක්ෂක චර්යා පිළිබඳ දැනුමක් තිබුණත්,  තමන් සහ තමන්ගේ ප්‍රජාව ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් තුල ධනාත්මක වෙනස්කම් ඇති කිරීම පිණිස අවශ්‍ය සබන්, ආරක්ෂිත ජලය සහ සේදුම්  පහසුකම් ඔවුනට අහිමිය.

ලිපියේ දෙවන කොටස ලබන සතියේ. WASH සහ ජීවනෝපායන්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ගැන ඉන් සාකච්ඡා කෙරේ.

unwater.org හී පළවන Water, Sanitation and Hygiene යන ලිපිය ඇසුරෙන් පර්වර්තනය කර සකස්කළේ: චන්ද්‍රසේකර් ප්‍රවින්ත් චව්රින්(thathu Creators) 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.