මිනිසුන් තම විශ්වාසයන්ට පටහැනි සාක්ෂි ප්‍රතික්ෂේප කිරීමට පෙළඹෙන්නේ ඇයි?

Posted by

මිනිසුන් තම විශ්වාසයන්ට පටහැනි සාක්ෂි ප්‍රතික්ෂේප කිරීමට පෙළඹෙන්නේ ඇයි?

මිනිසුන් තම විශ්වාසයන්ට පටහැනි සාක්ෂි සහජයෙන්ම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? දේශගුණික විපර්යාස පිළිබඳව පුද්ගලයන් සිය අදහස වෙනස් කරන්නේ ඇයි  ඒ වාගේම ඒ කෙසේද යන්න ගැන අපට අවබෝධයක් තියනවා ද? පුද්ගලයින් උනන්දු කරවාගෙන  සම්බන්ධ කර ගැනීමට අපට කළ හැකි යමක් තිබේද?

මේ ඉතා වැදගත් ප්‍රශ්න තුනකි. ඒවාට වෙන වෙනම පිළිතුරු දිය හැකි නමුත් දේශගුණ විද්‍යාවේ සන්දර්භය තුළ ඒවා බලගතු තුන් ඈදුතු  කතාවක් ගොඩ නගයි. කරුණු කාරනා පැහැදිලි කිරීමේ බලයක් ඇති, අපගේ ජීවිතයේ සංකීර්ණතාව පිළිබඳ අවබෝධයක් ලබා දෙන, අරමුණ හා ස්ථානය පිළිබඳ හැඟීමක් අපට ලබා දෙන ආඛ්‍යාන නිර්මාණය කර ගැනීමෙන් මෙන්, අපි ලෝකය සහ එහි අපගේ කාර්යභාරය තේරුම් ගනිමු. මෙම ආඛ්‍යාන දේශපාලන, සමාජීය, ආගමික, විද්‍යාත්මක හෝ සංස්කෘතික විය හැකි අතර අපගේ අනන්‍යතාව සහ හිමිකම් පිළිබඳ අර්ථ දැක්වීමට උපකාරී වේ. අවසානයේදී, ඒවා අපගේ අත්දැකීම් එකට සම්බන්ධ කරනවා පමණක් නොව සංසක්ත හෙවත් ගැලපීමට හා  තේරුම්  සොයා ගැනීමට අපට උපකාරී වේ.

ආඛ්‍යානයන් යනු එතරම් සැලකිල්ලට ගතයුතු නොවන ‘සිල්ලර’ කාරණා නොවේ. විපර්‍යසයන්ට ප්‍රතිරෝධී සහ (අප විශ්වාස කරන දෙයක් ගැන අපගේ මනස වෙනස් කිරීමට උත්සාහ කරන අය වැනි)  විපර්ය කාරකයන්ට එදිරිවාදී  විය හැකි ස්ථාවර සංජානන හා චිත්තවේගීය රටා සකසා ගැනීමට ඒවා අපට උදව් කරයි. අළුතෙන් අපට ලැබෙන  තොරතුරු අපගේ විශ්වාස ගොන්නට තර්ජනයක් වේ නම්, එමෙන්ම  සංජානන හෝ චිත්තවේගීය කැළඹීමක් ඇති නොකරගෙන එය  අපගේ පවතින විශ්වාසයන් තුළ ජීරණය කර ගැනීමට  නොහැක නම්, එවිට අප එය අවම කිරීමට හෝ බැහැර කිරීමට ඉඩ තිබේ.

Climate explained: why do humans instinctively reject evidence contrary to their  beliefs?

එකිනෙකා සමඟ එදිරිවාදීවීම

එක්සත් ජනපදයේ මෑතක ජනාධිපතිවරණයේදී  ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඞ්න්ගේ ආධාරකරුවන් අතර මත ගැටුම් සලකා බලන්න. දෙපිරිස අතර පරස්පර විරෝධී යයි පෙනි යන  මතවාද  හා අදහස් ඇත්තටම බෙහෙවින් වෙනස් ආඛ්‍යානවල,  දෙදෙනාගේ ආධාරකරුවන්ගේ වෙනස් මතයන්වල ප්‍රතිලයකි.   සෑම පැත්තක්ම නව තොරතුරු වල අර්ථය තීරණය කරනන්නේ  පූර්ව විශ්වාසයන් පදනම් කරගෙනයි. ඔවුන් සියල්ලෝම එකම දෙය ගැන සැලකිල්ල යොමුකළත් ඔවුන් එය අවබෝධ කරගන්නේ වෙනස් ආකාරයකිනි.

How to (Actually) Change Someone's Mind

එක් පාර්ශවයක් පෙන්වා දෙන තොරතුරු අනෙක් පැත්තෙන් ප්‍රතික්ෂේප කළ හැකිය. ඒ කුමන්ත්‍රණයක් හෝ හිතාමතාම ඉදිරිපත් කරන අසත්‍යයන් හෝ එම අදහස හා සම්බන්ද නොවී සිටිමට පාදකවන වෙන යමක්  ලෙසිනි. මෙයටත්  වඩා බරපතල කාරණාවක් ඇත.  අපගේ ලෝක දෘෂ්ටිය පිළිනොගන්නා පුද්ගලයින් පිළිබඳව  සමහර විට අප දකින්නේ   ඔවුන්ට  සංජානනනයේ හෝ අවබෝධ කරගැනීමේ යම් අඩුපාඩුවක් ඇතැයි ද අපට තරම් පැහැදිලිව සිතීමට හැකියාවක් නැතැයි ද යනුවෙන්  උපකල්පනය කිරීමෙන් පමණි. ඇත්තෙන්ම, ඔවුන්ට  අපේ අදහස් පැහැදිලිව දැනගත හැකි නම්, ඔවුන් අප සමඟ එකඟ නොවී ඉන්නේ නැහැනේ යනුවෙන් සිතමිනි.

Politics of climate change - Wikipedia

දේශගුණ විද්‍යාව ප්‍රතික්ෂේප කිරීම

දේශගුණ විද්‍යාව යනු මෙවැනි බලපෑමකට කදිම  උදාහරණයකි. තමන්ව මෙන්ම එකිනෙකා විස්තර කිරීම සඳහා මිනිසුන් බෙහෙවින් වෙනස් ආඛ්‍යාන භාවිතා කරනවා  පමණක් නොව, සමහර මාධ්‍ය සංවිධාන සහ පෞද්ගලික සමාගම් විසින් නිපදවන ලද වැරදි තොරතුරු සැලසුම් කර ඇත්තේ සැකය හා විසම්මුතිය ඇති කිරීම සඳහා පවත්නා ආඛ්‍යානයන් පෝෂණය කිරීම හා ව්‍යාප්ත කිරීම සඳහා ය. නමුත් එය ඊටත් වඩා නරක අතට හැරේ. ලෝකයේ බොහෝ ප්‍රදේශවල වඩාත් ද්‍රවීකරණය  වූ  දේශපාලන වාතාවරණයක් තිබීම  සහ ඊනියා සංස්කෘතික යුද්ධ තීව්‍ර වීම නිසා, කලක් දේශපාලන හා දෘෂ්ටිවාදාත්මක වර්ණාවලිය හරහා  එකිනෙකා අතර බෙදා හදා ගත හැකිව තිබූ මාතෘකා පිළිබඳ ස්ථාවරය දැන් කාණ්ඩගත වී ඇත.

 ප්‍රතික්ෂේප කිරීම් එකක් නොව දෙකක්.

නිදසුනක් ලෙස, දේශගුණික විපර්යාස පිළිබඳ විද්‍යාව ප්‍රතික්ෂේප කිරීම නීත්‍යානුකූල කරුණක් ලෙස කොවිඩ්-19 ප්‍රතික්ෂේප කිරීම හා සම්බන්ධ වේ. තවද, දේශගුණ විද්‍යාව පිළිබඳ ස්ථාවරය, අනෙකුත්  වෙනත් වඩා මූලික මතවාදයන්ට බෙහෙවින් සහසම්බන්ධ වී ඇති බව ද පෙණී යයි.

යම් මාතෘකාවක් තෝරා ගන්න: යමෙකු ඒ ගැන සිතන්නේ  එම තනැත්තා වෙනත් මාතෘකාවක් පිළිබඳ දරන දේශපාලන දෘෂ්ටිවාදයේම අදහස් මතම පදනම්ව යයි පුරෝ ගමනය කිරීම  පහසු ය. ආඛ්‍යානවලට් වඩ වඩාත් දේ ඇතුළත් වෙමින් පවතී; දේශගුණ විද්‍යාවේ මත සමස්ත විද්‍යාවම හා සම්බන්ධ වී දැන් ටික කලක් ගෙවී ගොසින්ය.

දේශගුණ විද්‍යාව පිළිබඳ විශ්වාසය ද්විමය කටයුත්තක් නොවන බව ද සැලකිය යුතුය. විශ්වාසයේ ප්‍රභේද මෙහි තිබේ. එහෙත් මේ සියල්ලෙන් අදහස් කරන්නේ මිනිසුන් තම පෞද්ගලික අනන්‍යතාවයට ගැඹුරින් යොමුව සිටින්නේ වී නමුත් ඔවුන්ගේ මතය වෙනස් කිරීමට ඉඩක් නොදේය යන්න නොවේ.

Yes, You Can Change Someone's Mind - Yes! Magazine

ඔව්, ඔබට අන් අය සමඟ සම්බන්ධ විය හැකිය එමෙන්ම සම්බන්දවී ඔවුන්ගේ අදහස වෙනස් කළ හැකිය

එක්සත් ජනපද සංගීතඥයෙක්, නළුවෙක් සහ ලේඛකයෙක් වන ඩැරල් ඩේවිස් යනු කු ක්ලක්ස් කල්ලියේ ජාතික නායකයින් ඇතුළු  සාමාජිකයන් දුසිම් ගණනක් සංවිධානයෙන් ඉවත්වී එය(සංවිධානය) හෙලාදැකීමට පාර කැපූ කළු ජාතිකයෙකි. ඔහු මෙය කළේ ඔවුන්ගේ ලෝක අදහස් සහ ඔවුන් පදනම් කරගත් ගැඹුරු උපකල්පන තේරුම් ගැනීමට අව්‍යාජ උත්සාහයක් දරමින් ඔවුන් සමඟ සංවාදයේ යෙදීමෙන් හා අවසානයේ ඔවුන් සමඟ මිත්‍ර වීමෙන් ය.

ඩේවිස් වැඩියෙන් අගය කලේ, අන්යෝන්ය ගෞරවය සහ එකිනෙකා තේරුම් ගැනීමට ඇති ආශාව සාමකාමී සහජීවනය සහ අදහස් අභිසාරී වීමට අවශ්ය කොන්දේසියි.  ඩේවිස් මෙහිදී යොදා ගත්තේ පොදු තර්කනයේ හෝ එකට එකතුව  තර්ක කිරීමේ මූලධර්මයයි. යම් දෙයක් විශ්වාස කිරීමට හෝ යම් ක්රියාමාර්ගයක් ගැනීමේ දී අන් අය අප හා එක්වනවාට අප කැමති නම්, ඊට පාදක වන හේතු අපට පමණක් අර්ථවත් වන හේතු නොව,  අන් අයට ද අර්ථවත් ඒවා විය යුතුය. එසේ නොමැති නම් සිදුවන්නේ අපගේ තර්කය පැහැදිලි කිරීම හුදෙක් වෙනත් තව ආකාරයක ප්රකාශයකට වඩා වැඩි යමක් නොවීමයි.  එකට එක්ව තර්ක කිරීම තුළින් පොදු  අර්ථයක් නිර්මාණය කිරීමට නම්  ගෞරවයෙන් යුතු  සංවාදයක් සහ එකිනෙකාගේ ලෝක දර්ශනය සමීපව අවබෝධ කර ගැනීම මෙන්ම අගය කිරීම ද අවශ්ය වේ.

Faith Sapling: Never lose sight of the truth

සත්‍යයෙන් දෑස් ඉවත් කරගන්න එපා.

එකක් පැහැදිලි කර ගත් යුතුය: යමෙකු සිතන ආකාරය තේරුම් ගැනීමට උත්සාහ කිරීම යනු එම අයගේ සිතුවිලි වලින් අඩක් පිළිගැනීම නොවේ.  හැම අවස්ථාවේම් වැදගත් විය යුත්තේ සත්‍යයයි.  දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ගත් කල, පෘථිවිය උණුසුම් වෙමින් පවතින බවත් එහි ඵලවිපාක බෙහෙවින් දරුණු බවත් මෙන්ම  මිනිසුන් වන අප එම අවාසිදායක තත්ත්වයට   සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන බවත් අපි දනිමු.

අප තාර්කික  ජීවීන් යයි  සිතීමට අප කැමති  අතර ඇත්තටම  අප තාර්කික  ජීවීන්ය. නමුත් එම තාර්කිකත්වය චිත්තවේගී සන්දර්භයන්ගෙන් බැහැර නොවේ. ඇත්ත වශයෙන්ම, අපට තාර්කික වීමටත් හැඟීම් ද අවශ්ය බව පෙනේ. මේ හේතුව නිසා, ඒත්තු ගැන්වීමේ දී කරුණු පමණක් අප කැමති ලෙස යොදා ගෙන ඒත්තු ගැන්විය නොහැක. නමුත් ගෞරවය, අවබෝධය සහ දයානුකම්පාව පෙර දැරි කර ගැනීමෙන්  කරුණු බෙහෙවින් ඒත්තු ගැන්විය හැකිය.

The Conversationහී පළවන වන Climate explained: why do humans instinctively reject evidence contrary to their beliefs? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.