කොරෝනා වයිරස් පළමු එන්නත් ඉතා ඵලදායී යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?

Posted by

කොරෝනා වයිරස් පළමු එන්නත් ඉතා ඵලදායී යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?

මොඩර්නා සමාගම  ලබා දුන් නව ප්රතිඵලවලින් කියැවෙන්නේ එහි එන්නත කොවිඩ්-19 වැළැක්වීම සඳහා 94.5% ක් ඵලදායී වන බවයි. මේ අනාවරනය සිදුකෙරුණේ  ෆයිසර් ඖෂධ සමාගම එහි මුල් දත්ත අනුව 90% ඵලදායීතාවයක් වාර්තා කිරීමෙන් සතියකට පසුව . කාලයක් තිස්සේ අපේක්ෂා කළ පරිදි එක්සත් ජනපදයට එන්නත ලබා දීමේ ව්යාපාරය ආරම්භ කරමින් සති දෙකක් ඇතුළත .. ආහාර හා ඖෂධ නියොජිතායතන(US Food and Drug Administration – FDA) වෙතින් හදිසි අවසරයක් ඉල්ලා සිටින බව සමාගම් දෙකම පවසයි.

කෙසේවෙතත්ඔබට සහ ඔබේ ආදරණීයයන්ට කොරොන වයිරස් එන්නතක් ලබා ගත හැක්කේ කොයි තරම් කාලයකින් ?කෙසේදඅනුමැතිය පතන  ප්රමුඛ පෙළේ අපේක්ෂක එන්නත් දෙක  ගැන දැනගත යුතු දේ මෙන්න:

මෙම එන්නත් කොතරම් හොඳින් ක්රියාත්මක වේද යන්න පිළිබඳව අප මෙතෙක් දැන සිටියේ කුමක්ද?

මෙතෙක් අපට ලැබී ඇති  ආරංචි සුබදායකයි.

මෙම එන්නත් දෙකම ගතහොත් ප්‍රතිඵල ලබාගැනීමට නම් වඩි හෙවත් මාත්‍රා(dose) දෙකක් බැගින්  අවශ්‍ය වේ – මාත්‍රා දෙක අතර පරතරය  දක්වතොත්  ෆයිසර් සඳහා සති තුනක් සහ මොඩර්නා සඳහා සති හතරකි.  එන්නතක් කොතරම් ඵලදායීද යන්න මැනීම සඳහා, එන්නත් දෙකට අදාලව කළ අත්හදා බැලීම්වලදී   එන්නත ලබාදුන්  සහභාගිවන්නන් සහ ඖෂද රහිත ප්ලැසිබෝ(placebo)  එන්නත ලබාදුන් අය අතර ආසාදන අනුපාතවල වෙනස මනිනු ලැබේ.

මොඩර්නා පැවසුවේ පරීක්ෂාවට සහභාගී වූ 30,000 දෙනාගෙන් 95 දෙනෙකු මේ වන විට කොවිඩ්-19 ආසාදිත බවත් ඉන් 90 ක්ම ප්ලැසිබෝ කණ්ඩායමට අයත් වූ බවත්ය.   5 දෙනෙකුට එන්නත ලැබී ඇති අතර එය 94.5% කින් ආසාදනය වීමේ අවදානම අඩු කිරීමට් මග පාදා ඇත.  කොවිඩ්-19  ආසාදිතයන්  අතර 11 දෙනෙකුට  රෝගාබාධ දරුණු විය. මෙම පුද්ගලයින් සියල්ලම ප්ලැසිබෝ  කණ්ඩායමේ සිටි අතර,  වඩාත් දරුණු රෝග ලක්ෂණ අවහිර කිරීමට එන්නත ඵලදායී වූ බව හැඟවෙයි.

What you need to know about the COVID-19 vaccine | Bill Gates

ෆයිසර් සමාගම පැවසුවේ අධ්‍යයනයට සහභාගී වූ 43,500 දෙනාගෙන් 94 දෙනෙකුට කොවිඩ්-19 ආසාදිත ලෙස හඳුනාගෙන ඇති බවයි. එන්නතෙහි  90% කට වඩා වැඩි  ඵලදායීතාවයක් කණ්ඩායම් දෙක අතර වෙනසින්  පෙන්නුම් කරන බව සමාගම නොවැම්බර් 9 වන සඳුදා හෙළි කලේය. කෙසේවෙතත් සමාගම විසින් ප්ලැසිබෝව ලබාදුන් සහ එන්නත ලබාදුන්  කණ්ඩායම්  අතරේ කොවිඩ්-19 රෝගීන් බෙදී ගිය ආකාරය හෝ  බිඳවැටීම නිකුත් නොකළ අතර, රෝගාතුර වූවන් අතරේ  රෝග ලක්ෂණවල බරපතලකම පිළිබඳව හො කිසිදු තොරතුරක් නිකුත් කර නැත.

එන්නත් දත්ත පිළිබඳ මෙම මුල් විශ්ලේෂණයන් දෙකම ස්වාධීන දත්ත සමාලෝචන මණ්ඩල විසින් තීරණය කරන ලදී. කිසිදු සමාගමක් තවමත් එහි දත්ත සම්පූර්ණයෙන් නිකුත් කර නොමැත.

විද්‍යාඥයන්  පැවසුවේ සොයාගැනීම් බෙහෙවින්  දිරිගන්වන සුලුයි — බාගදා පුදුම එලවන සුලු පවා විය හැකි  බවයි. එන්නත් සාදන්නන් වෙනුවෙන් FDA නිකුත් කල  ගිම්හාන මාර්ගෝපදේශ වල එන්නත් භාවිතා කිරීමට ඉඩ ලබා දෙන කඩඉම  50% ක් ලෙස දැක්වූ අතර  ෆවුචි කලින් පවසා තිබුණේ 70% සිට 75% ඵලදායීතාවක් අපේක්ෂා කරන බවයි.

“70% සිට 75% දක්වා කාර්යක්ෂමතාවයකින් මා සෑහීමකට පත්වන බව මම කිව්වා තමයි. 95% ක් වැනි දෙයක් ඒ වෙලාවේ ඇත්තටම හුදු බලාපොරොත්තුවක් විතරයි ” ෆවුචි සඳුදා පැවති සාකච්ඡාවේදී පැවසීය. “හොඳයි, අපේ ඒ බලාපොරොත්ටු ඉටු වී තිබෙනවා. එය ඉතා හොඳ ආරංචියක්.” FDA එන්නත් උපදේශක කමිටුවේ සාමාජික ෆිලඩෙල්ෆියා හි ළමා රෝහලේ එන්නත් විශේෂඥයෙකු වන පෝල් ඔෆිට් පැවසුවේ “ඇත්තෙන්ම එය විශිෂ්ටයි” යනුවෙනි.

මෙම එන්නතෙහි  ආරක්ෂිත බව  ගැන අපේ අවබෝධය කෙබඳු ?

එන්නත් ආරක්ෂාව පිළිබඳ වඩාත් හොඳම දත්ත මේ දක්වා ලබාගෙන ඇත්තේ ගිම්හානයේදී පවත්වන ලද සිය ගණනක් දෙනාගේ කුඩා අත්හදා බැලීම් වලිනුයි. ඒ අනුව,   උගුරේ ආබාධ, තෙහෙට්ටුව සහ සුළු උණ ඇතුළු සුළු අතුරු ආබාධ හඳුනා ගනු ලැබුයේ  වෙනත් එන්නත් වලට සමාන අනුපාතයකිනි.   එන්නත් වඩි ලබාගැනීමෙන් පසු පළමු මාස දෙක තුළදී එන්නත් වලින් ඇති වන දරුණු අතුරු ආබාධවලින් වැඩි ප්‍රමාණයක් හටගනී. එහෙයින්,  පුළුල් ආකරයකින් බෙදා හැරීමට අවසර ඉල්ලීමට ප්‍රථම, සමාගම් විසින් ඔවුන්ගේ අත්හදා බැලීම්වලට සහභාගී වූවන්ගෙන් අඩකගේ  මාස දෙකක ආරක්‍ෂිත දත්ත එක්රැස් කරන ලෙස FDA ඉල්ලා සිටියි. බෙදා හැරීම. මොඩර්නා සහ ෆයිසර් යන සමාගම් දෙකම කියා සිටියේ එම දත්ත සති කිහිපයකින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි.

සාමාන්‍යයෙන් FDA කැමැත්තක් දක්වන්නේ, පුළුල් භාවිතය සඳහා එන්නතක් වෙනුවෙන් බලපත්‍ර ලබා දීමට පෙර වසර දෙකක පසු-විපරම් ආරක්ෂණ දත්ත ලබා ගැනීමටය. නමුත් මාරාන්තික වසංගතයක් මධ්‍යයේ එය දීර්ඝ  කාලයක් ලෙස සලකේ. කෙසේ වෙතත්, මොඩර්නා, ෆයිසර් සහ අනෙකුත් එන්නත් නිෂ්පාදකයින් පවසා ඇත්තේ ඔවුන්ගේ එන්නත් බෙදා හැරීමට එෆ්ඩීඒ විසින් අවසර ලබා දීමෙන් පසුව පවා පුද්ගලයන් අතරේ ඇතිවිය හැකි අතුරු ආබාධ පිළිබඳව  ඔවුන්ගේ අත්හදා බැලීම් වලදී අඛන්ඩව සොයා බැලීම්  කරන බවයි. හාවඩ් හි ටී. එච් චාන් මහජන සෞඛ්‍ය පාසලේ  බැරී බ්ලූම් පවසන්නේ  “ඔවුන් ආරක්ෂිතයි කියා අපට විශ්වාස කළ හැකි කියලයි, මම හිතන්නේ” යනුවෙනි.

Pfizer and Moderna vaccines: Here's everything we know so far | ORF

කොපමන ඉක්මණින් එන්නතක් ලබා ගැනීමට පුළුවන් වේ ?

එන්නත් සම්බන්ධයෙන් සලකන විට ඒ ඒ ජනපදයේ සැලැස්ම සහ අධිකරණ බලය වෙනස් වේ. එහෙත්, ජනපද  සියල්ලම රට පුරා සිටින මිලියන 20 ක් පමණ වන  සෞඛ්‍ය සේවකයින්ට පළමුව එන්නත ලබා දෙනු  ඇත.  බෙහෙවින් අවදානම් ග්‍රාහී පිරිසක් වන වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් වෛද්‍ය සේවකයින් රෝගීන් සංඛ්‍යාව වැඩිවීම හමුවේ රෝහල් සේවා බිඳ  වැටීමෙන් වලක්වාලීමට මූලික වෙති. එක්සත් ජනපදයේ සෞඛ්‍ය සේවකයින් 215,000 කට වැඩි පිරිසකට කොවිඩ්-19 ආසාදිතයයි හඳුනාගෙන ඇත.

“සෑම මට්ටමකදීම අපි සෞඛ්‍ය සේවකයින් ආරක්ෂා නොකරන්නේ නම්… අපට සෞඛ්‍ය සේවා පද්ධතියක් නැතිව යනු ඇත,” බ්ලූම් පැවසීය.

සෞඛ්‍ය සේවකයින්ට එන්න්න්න්න්න ලබාදීම් දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට ඉඩ තිබේ. මෙම අත්‍යවශ්‍ය පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ප්‍රථම මාත්‍රාවන් සපයනු වනු ඇතැයි එකසත් ජනපද  රෝග පාලන සහ වලක්වාලීමේ කේන්ද්‍රයන් හි(Centers for Disease Control and Prevention – CDC)අමන්ඩා කෝන් ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුවකදී පැවසීය.

2020 අවසන් වන විට එක්සත් ජනපදය තුළ  නව එන්නත් මාත්‍රා  මිලියන 20 කට ආසන්න ප්‍රමාණයක්  සූදානම් කර ඇති බවත්, 2021 දී ලොව පුරා මාත්‍රා බිලියනයක් දක්වා ප්‍රමානයක් නිපදවනු ඇති බවත් මෝඩර්න සමාගම කියයි. . 2020 දී එන්නත් මාත්රාව මිලියන 50 ක් සහ ලොව පුරා බෙදා හැරීමට 2021 දී මාත්‍රා බිලියන 1.3 ක් නිපදවනු ඇතැයි ෆයිසර් සමාගම පුරෝකථනය කරයි.

එන්නත් ලබාදීමේදී, බොහෝ ජනපද  වැඩිහිටියන්ට, අත්‍යවශ්‍ය සේවකයින්ට සහ දියවැඩියාව හා හෘද රෝග වැනි (ඔවුන්) මියයාමේ අවදානම වැඩිකරන රෝගාබාධවලින් පෙළෙන පුද්ගලයින්ට ප්‍රමුඛතාවය ලබා දෙනු ඇත. ඇ.එ.ජ.  හෙද නිවාසවල කොවිඩ්-19 රෝගයෙන් 65,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ඒවා කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලැබේ. එරට මෙලෙස  අවදානමට ලක්විය හැකි පුද්ගල සංඛ්යාව  මිලියන 80 කට වඩා වැඩි ය. එය එ.ජ. ජනගහන්යෙන් හතරෙන් එකක පමණ වේ.

මීළඟ අදියරයන් 2021 කාලය තුළ  වයස්ගත අනෙකුත් පුද්ගලයන්ට, තරුණයින්ට සහ අනතුරුව  සාමාන්‍ය ජනතාවට ප්‍රමුඛතාවය හිමිවනු ඇත. අලුතින් බලාපොරොත්තු තබිය හැකි නව දත්ත අනුව යමින්, ෆවුචි ප්‍රකාශ කර ඇත්තේ ලබන වසරේ අප්‍රේල් තරම් මෑතක කාලයකදී එම ඉලක්කය වෙත පිවිසීම ආරම්භ කළ හැකි බවයි.

එන්නත්,  මිනිසුන්ව කොපමණ කාලයක් කොවිඩ්-19 න් ආරක්ෂා කරනු ඇත්ද?

“අපි දන්නේ නැහැ” යයි පර්යේෂකයෝ කියා සිටිති. කොරෝනා වයිරසයට එරෙහිව සටන් කරන ප්‍රතිදේහ සහ අනෙකුත් සෛල මට්ටම් වේගයෙන් පහත වැටේ ද නැතහොත් ස්ථාවරව පවතින්නේ දැයි සොයා බැලීමට පර්යේෂකයෝ තවමත් පෙර ආරක්ෂක අත්හදා බැලීම්වලට සහභාගී වන්නන් ගැන විමසුමෙන් සිටිති.

කෙසේ වෙතත්, මෙය මැනීමට කාලයක් ගත විය යුතුය. නව කොරෝනා වෛරසය මිනිසුන් අතර පැතිර යාම පටන් ගෙන තවමත් ගතව ඇත්තේ  වසරකටත් අඩු කාලයකි; එන්නත අත්හදා බැලීම් සිදු කර ඇත්තේ මාස ගණනක් පමණි.

“ආරක්ෂණය කොපමන  කල් පවතී දැයි අපි මේ මොහොතේ නොදනිමු. අපට දිගුකලක් ගතවන තුරු පසු  විපරම් කිරීමට සිදුවන හේතුව එයයි” යනුවෙන් ෆවුචි  පවසයි.

එන්නත් වලින් දිගු කාලීන ආරක්ෂාවක් ඇති කරාවිද යන්න මනින එක් කෝදුවක් වන්නේ කොවිඩ්-19 න් සුවය ලැබූ රෝගීන් සඳහා එන්නත් මගින් ඇති කරන ප්රතිශක්තිකරණ ප්රතිචාරයන්  රෝගය වැළඳී සුවය ලැබූවන්ගේ ප්රතිශක්තිකරණ ප්රතිචාරයන්  සමග සැසඳීම බව බ්ලූම් පෙන්වාදෙයි.  එන්නත් කරන ලද පුද්ගලයින් සුවය ලැබූ රෝගීන්ට වඩා ප්රතිශක්තීකරණ ප්රතිචාරයක් රඳවා ගන්නේ නම්, එය දිගු කාලීන ප්රතිශක්තියක් පෙන්නුම් කරන ඉඟියක් විය හැකියි. එසේ නොවුවහොත්, ඉන්ෆ්ලුවැන්සාවට ගොදුරු වන්නන්ට මෙන් අපට වාර්ෂිකව කොරෝනා වෛරස් එන්නතක් අවශ්‍ය වනු ඇත.

Latest Updates:New-type coronavirus spreads in China

එන්නත් සඳහා අවසර ලැබෙතොත්, ජීවිතය  යළි පෙර තිබූ  තත්ත්වයට පත්වේවිද?

නැත. එන්නත් හදිසි භාවිතය සඳහා අවසරයක් FDA වෙතින්  ලබන මාසය තරම් ආසන්න කාලයක දී ලැබිය හැකි නමුත් 2021 පුරාම නව කොරෝනා  වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා මුව ආවරන පැළඳීමට, සමාජ  දුරස්ථභාවය පවත්වා ගැනීම සහ නිතර අත් සේදීම යනාදි යහපත් සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වාගීඊන යා යුතු වනු ඇත. මෙහිදී වඩාත් වැදගත් වන්නේ මෙය එන්නත ලබාගත් පුද්ගලයින්ට ද එකසේ අදාල වීමයි. මන්ද, – කිසිදු එන්නතක් 100% ක් ඵලදායී නොවන නිසාවෙනි” යනුවෙන්  බ්ලූම් සඳහන් කරයි. “සියලුම එන්නත් 90% ක් දක්වා ඵලදායී නම්, එය ඉස්තරම්! නමුත් අපට තවමත් සෑම කෙනෙකුටම දීමට මාත්‍රා මිලියන 700 ක් පමණ අවශ්‍ය වනු ඇති”

Can we count on herd immunity to stop COVID-19?| NursingCenter

කොවිඩ්-19 ව්‍යාප්තිය මොට කිරීමට නම් ජනගහනයෙන් කොපමණ ප්‍රමාණයක් එන්නත් කළ යුතු හෝ ආසාදනයවී සුවය ලබා ගත යුතුද යන්න මත (මෙය සමූහ ප්‍රතිශක්තිය(herd immunity) ලෙසද හැඳින්වේ) ඇස්තමේන්තු වෙනස් වේ.  නිතර භාවිතා වන එක් තක්සේරුවකට අනුව, ජනතාව අත්‍රින්  60% කට  යම් ආකාරයක ප්රතිශක්තිකරණ ආරක්ෂාවක් අවශ්‍ය වනු ඇත – එය එක්සත් ජනපදය පමණක් ගෙන ගණන් බැලුවොත් මිලියන 192 ක ජනතාවකි. එහෙත් ලොව පුරා තැන තැන හුදකලාව ඇති අනාරක්ෂිත ප්‍රදේශවල සංචලනය හේතුවෙන් රෝගය හිටි අඩියේ මතුව පැතිරීම මග හැරීමට නම්  ලොව පුරා බිලියන 7.8 ක ජනගහනය එන්නත් කිරීම අවශ්ය වේ. එසේ නොකොළොත් ලොව පුරා පුළුල් අන්දමින් පෑතිරයාම අමතක කළාවේ.

සරම්ප එන්නත ජීවිත කාලය පුරාම ආරක්ෂාවක් ලබා දුන්නද, මෑත වසරවලදී එය හිස ඔසවන්නේ ජනගහනයේ අනාරක්ෂිත කොටස් අතර සරම්ප  වෛරසය පැතිරීමෙනි

එන්නත පිළිබඳ ශුභාරංචිය මේ උත්සව සමයේ සමාජ දුරස්තභාවය රැකගනිමින් විමසිල්මත්ව සිටීමට ජනතාව පොළඹවීමට උපකාරයක්  වනු ඇතැයි ෆවුචි පවසයි.

“අපි පසුවන්නේ තීරණාත්මක හා භයානක කාලයක. අපි ආරක්ෂක පියවර දෙගුණ කළ යුතුයි. අප එසේ කළහොත් අපට ජීවිත දහස් ගණනක් බේරා ගත හැකිය ” යනුවෙන් සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ අද්මිරාල් බ්‍රෙට් ගිරොයිර් කොවිඩ් -19 ගැන සඳහන් කරමින් කියා සිටියි.

BuzzFeedNews.com හි පලව ඇති When Can You Get A Coronavirus Vaccine_ Here Are FAQs.  යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.