ජීවිතය ගැන කියන බලගතු කේන්දරය
ජෛව රසායඥයින් වන ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් දෙදෙනා 1953නේ එක්තරා දවසක කේම්බ්‍රිජ්හි ආපන ශාලාවකට ගිහින් මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරා:.
“අපි ජීවිතයේ රහස සොයාගත්තා!”
ඔවුන්ගේ මේ ප්‍රකාශය තමන්ගේ දක්ෂකම් අතිශයෝක්තියට නගා කළ කටමැත දෙඩවීමක් නොවෙයි. ඩී.එන්.ඒ හි ව්‍යුහය සකස් වී අත්තේ කෙසේද සහ ජීවීන් තමන් විසින්ම ප්‍රතිනිර්මාණය කරගනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳවත්, බොහෝ අබිරහස් ඒ මාර්ගයෙන් අනාවරණය කර ගන්නේ කොහොමද යන්නත් ඔවුන් පැහැදිලි කරගෙන තිබුනා
මෙ සොයා ගැනීම සිදු කිරීමේ ගෞරවයෙන් කොටසක් රොසලින්ඩ් ෆ්‍රැන්ක්ලින් සහ ඇගේ ආචාර්ය උපාධි ශිෂ්ය රේමන්ඩ් ගොස්ලිං ටත් හිමි විය යුතුයි. මන්ද, වර්තමානයේ ‘ෆොටෝ 51’ ලෙස ප්‍රකට, ඩීඑන්ඒ සාම්පලයක් හරහා එක්ස් කිරණ පසුකර යාමේ රටාව පෙන්නුම් කරන අනුරුව ලබාගත්තේ ඔවුන් නිසා. මෙම ප්‍රතිරූපය අධ්‍යයනය කිරීමෙන් තමයි වොට්සන් සහ ක්‍රික් ඩීඑන්ඒ හි ද්විත්ව හෙලික්ස් ව්‍යුහය නිගමනය කළේ.

1952 දී ඉංග්රීසිජාතික රසායනඥ රොසලින්ඩ් ෆ්රැන්ක්ලින් විසින් හසු කර ගන්නා ලද, ෆොටෝ 51 යනු මිනිස් පටක වලින් ලබාගත් ඩීඑන්ඒ පටියක් නිරූපණය කරන නොපැහැදිලි එක්ස්-රේ රුවකි. එය එතෙක් දැක ඇති ජීවිතයේ තැනුම් එකකයක පැහැදිලිතම දසුන සහ එය ඔප්පු කළ පළමු අවස්ථාව ලෙස සැලකෙනවා1952 දී ඉංග්රීසිජාතික රසායනඥ රොසලින්ඩ් ෆ්රැන්ක්ලින් විසින් හසු කර ගන්නා ලද, ෆොටෝ 51 යනු මිනිස් පටක වලින් ලබාගත් ඩීඑන්ඒ පටියක් නිරූපණය කරන නොපැහැදිලි එක්ස්-රේ රුවකි. එය එතෙක් දැක ඇති ජීවිතයේ තැනුම් එකකයක පැහැදිලිතම දසුන සහ එය ඔප්පු කළ පළමු අවස්ථාව ලෙස සැලකෙනවා
අනෙක් අයගේ සොයාගැනීම් මත පදනම්ව තවත් ‘සොයාගැනීමක්’ සිදුකල බොහෝ අවස්ථාවන් අතරේ මෙම මෙම කතන්දරය තවත් එක් ගොඩනැඟීමක් පමණයි; – ස්‍රීමත් අයිසැක් නිව්ටන් ඉතා උචිත ලෙස පවසන පරිදි, “මම ඉදිරිය දුටුවා නම්, (එසේ කළ හැකිවුණේ) යෝධයන්ගේ උරහිස් මත සිටගෙන සිටි නිසයි” යන්න යළිත් සනථ වු අවස්ථාවක් ලෙසත් මෙය දැක්විය හැකියි. ජාන විද්‍යා ක්‍ෂේත්‍රය ගත්තත් තත්ත්වය එයයි – ඩීඑන්ඒ ව්‍යුහය සොයා ගැනීම අවසානයේදී මිනිස් ජාන විකේතනය කිරීමටත් ‘ඩොලි’ වැනි බැටළුවන් ක්ලෝන කිරීමටත් මග පෑදු බව අමතක කරන්න බැහැ.

DNA යනු කුමක්ද?
බොහෝ විට DNA ලෙස කැටි කර දක්වන ඩියෝක්සිරයිබොනියුක්ලික් අම්ලය (Deoxyribonucleic acid) සෑම ජීව සෛලයකම පාහේ දක්නට ලැබේ. ජීවියෙකුට තමන් විසින්ම ගොඩනඟා ගැනීමට, නඩත්තු කිරීමට හා අලුත්වැඩියා කර ගැනීමට අවශ්ය සියලුම උපදෙස් එය දරයි. සතුන්, ශාක හා ක්ෂුද්ර ජීවීන් ඔවුන්ගේ ඩීඑන්ඒ ප්‍රතිවලනය කිරීමෙන් හා සම්ප්‍රේෂණය කිරීමෙන් ඔවුන්ගේ ගතිලක්ෂණ සිය ජනිතයන්ට උරුමකර දිය හැකිය. මිනිසුන් වන අප තුළ, අපගේ සෛලවල ඇති ඩීඑන්ඒ වලින් අඩක් අපේ මවගෙන් ද අඩක් අපගේ පියාගෙන් ද උරුමවේ. අපට ගතිලක්ෂණවල මිශ්‍රනයක් උරුමවන බව කියනු ලබන්නේ එහෙයිනි. ඩීඑන්ඒ ඉතා දිගු හා සංකීර්ණ කේතයක් වන අතර සෑම කෙනෙකුගේම ඩීඑන්ඒ (ඒ අයට) සුවිශේශී වේ. අපට අපගේ පෙළපත හෙවත් පරම්පරාව පිළිබඳ විස්තර සහ ඇතිවිය හැකි සෞඛ්ය ගැටලු වැනි බොහෝ දේ ගැන මෙම ‘ප්රවේණි කේතය’ මඟින් අපට දන්වනු ලැබිය හැකිය. ඩීඑන්ඒ පිළිබඳ අපගේ අවබෝධය සමස්ත ජීව විද්යාවම විප්ලවීය වෙනසකට ලක් කර ඇත. පරිණාමය පිළිබඳ චාල්ස් ඩාවින්ගේ න්‍යාය සනාථ කිරීමට සහ විශෝධනය කිරීමට එමෙන්ම ජීවීන් එකිනෙකා සමඟ කෙතරම් සමීපව සම්බන්ධද යන්න මැනීමට විද්‍යාඥයන්ට එය ඉඩ සලස දී ඇත.

DNA ක්‍රියා කරන්නේ කෙසේද?
ඩීඑන්ඒ අණුවේ ව්‍යුහය ස්ථාපිත කිරීම එය ක්‍රියා කරන ආකාරය සොයා ගැනීමට මූලික විය. ඊට පෙර, මෙම ඝන, තන්තුමය ද්‍රව්‍යය, මිනිස් හිසකෙස්වල වර්ණය හෝ කුරුල්ලෙකුගේ හොටක හැඩය වැනි ගුණාංග පාලනය කරන්නේ කෙසේදැයි විද්‍යාඥයන් දැන සිටියේ නැත. ඉහත් ද දක්වා ඇති පරිදි, අප ද්වි හේලික්සයක් ලෙස හඳුන්වන ඩීඑන්ඒ අණුවක් ඉතා දිගු, ඇඹරුණු ඉණිමඟක් මෙන් සකස් කර ඇති බව 1953 දී ජෛව රසායන විද්‍යාඥයින් වන ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් විසින් සොයා ගන්නා ලදී. ඉණිමඟේ සෑම ‘”හිණි පෙත්තක්’ ම පාද යුගලයකින් සෑදී ඇත – එනම් නියුක්ලියෝටයිඩ ලෙස හැඳින්වෙන රසායනික තැනුම් ඒකක දෙකක්. මෙම නියුක්ලියෝටයිඩ වල විවිධ වර්ග හතරක් ඇත: ඇඩිනීන්, සයිටොසීන්, ග්වානීන් සහ තයිමීන්. අපි මේවා A, C, G සහ T ලෙස හඳුන්වන්නෙමු. A නියුක්ලියෝටයිඩයක් සෑම විටම T සමඟ සම්බන්ධ වන අතර C සෑම විටම G සමඟ සම්බන්ධ වේ. ඉණිමඟෙහි මෙම අකුරු සැකසෙන නිශ්චිත පිළිවෙල වෙනස් වන අතර එය විශාල දිගු කේතයක් සාදයි.

මානව ඩීඑන්ඒ ඉණිමඟේ හිණිපෙත් බිලියන තුනක් පමණ ඇත. නවීන තාක්‍ෂණය යොදාගනිමින් අපට සෛල වලින් ඩීඑන්ඒ නිස්සාරණය කර මූලික යුගලවල නියම අනුපිළිවෙල තේරුම් ගත හැකිය. එය අප ට A, C, T සහ G යන අක්ෂරවල අසාමාන්‍ය ලෙස දිගු අක්ෂර රැහැනක් ලබා දෙයි. මෙම සංකීර්ණ කේතය (අනන්ය නිවුන්නන් හැර) එක් එක් පුද්ගලයෙකු සහ එක් එක් ජීවියෙකු හා සම්බන්ධයෙන් වෙනස් ව්න අතර සහ එය අපගේ DNA අනුක්‍රමය හෝ ජෙනෝමය ලෙස හැඳින්වේ.
ඩීඑන්ඒ ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමට අප පළමුව ප්‍රෝටීන ගැන අවබෝධයක් ලබා ගත යුතුය. ප්‍රෝටීන අණු අපගේ සෛල තුළ විවිධ කාර්යයන් රාශියක් සිදු කරන අතර ශරීරය තුළ ඇති සංකීර්ණ ව්‍යුහයන් බොහෝමයක් නිර්මාණය කිරීමට උපකාරී වේ. විවිධ වර්ගයේ ප්‍රෝටීන බොහොමයක් ඇතත් ඒවා සියල්ලම සෑදී ඇත්තේ ඇමයිනෝ අම්ල ලෙස හඳුන්වන රසායනික තැනුම් ඒකකවල දිගු දාම වලින් ය. ඩීඑන්ඒ විසින් සාදන ලද ජාන කේතය, භාෂාවක් හා සමාන වන අතර එමඟින් සෛලවලට අවශ්‍ය ප්‍රෝටීන නිපදවියයුතු යුතු ආකාරය කියයි. ඩීඑන්ඒ හි විවිධ අකුරු තුනේ සංයෝජන, විවිධ වර්ගයේ ඇමයිනෝ අම්ල නියෝජනය කරයි – නිදසුනක් ලෙස, ‘GCA’ අනුක්‍රමය යනු ඇලනීන් නම් ඇමයිනෝ අම්ලයක කේතය වන අතර ‘TGT’ සිස්ටීන් නියෝජනය කරයි.
සෛලය තුළ ඇති අණුක යන්ත්‍රය, ජානයක ඩීඑන්ඒ අනුක්‍රමය ‘පරිලෝකනය’ කරයි. සෑම අක්ෂර තුනකටම එය, අනුරූප ඇමයිනෝ අම්ලයක් දාමයකට එක් කරයි. ‘ප්‍රෝටීනය අවසානය, දැන් නවත්වන්න’ යනුවෙන් දක්වන කොටස් පවා ඩීඑන්ඒ හි ඇත. ඇමයිනෝ අම්ලවල විවිධ සංයෝජන මගින් විශාල වශයෙන් එකිනෙකට වෙනස් කාර්යයන් සහිත — ඔව්, හෝමෝන වැනි කුඩා රසායනික පණිවිඩකරුවන්ගේ සිට හිසකෙස්, සම සහ මාංශ පේශි සාදන දැඩි, වැදගත් අණු දක්වා වූ කාර්යයන් ඉටුකරන ප්‍රෝටීන නිර්මානය කරනු ලැබේ.
ප්‍රෝටීනවලට වැදගත් රසායනික ප්‍රතික්‍රියා සඳහා උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කළ හැකිය, නැතහොත් සෛල තුළ ඉතා නිශ්චිත කාර්යයන් ඉටු කරන කුඩා යන්ත්‍ර නිර්මාණය කළ හැකිය. මිනිස් සිරුරේ විවිධ ප්‍රෝටීන සිය දහස් ගණනක් ඇති අතර ස්වාභාවික ලෝකය පුරා තවත් මිලියන ගණනක් තිබේ. අපගේ ජානවල විචලනය අපගේ සෛල නිපදවන ප්‍රෝටීන වල විචලනයට හේතු වන අතර එය අන්තුරුව ගතිලක්ෂණවල වෙනස්කම් වලට තුඩු දෙයි.
.
BBC Focus magazine collection volume 5 – The Ultimate Guide to your Genes යන ග්‍රන්ථය ඇසුරෙන් සැකසිණ