කෝවිඩ්-19ට පසුව අපේ ලෝකය කෙබඳුවේ ද?
අපට නැවතත් අප ගත කළ ජීවිතය ගෙවන්නට අවස්ථාව හිමිවේද? ලෝකය යථා තත්ත්වයට පත්වේ ද? නැතිනම් වෙනස් වේ ද?
නගරවල සිට විද්‍යාව, දේශපාලනයේ සිට සංස්කෘතිය දක්වා පස්චාත් කොවිඩ් සමයේ නැතිනම් අනාගතයේ ඇතිවිය හැකි විපර්යාසයන් පිළිබඳ විග්‍රහයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන අතර පශ්චාත් වසංගත ලෝකයෙහි නව පියවි තත්ත්වය(new normal) ඉන් ඇගයීමකට බඳුන් කෙරේ.
පුරවර/මහනගර
ගෝලීය වසංගතය විපර්යාසයට ලක් කළ නාගරික ජීවිතයට අදාල කරුණු කිහිපයක් මුලින්ම සලකා බලමු. එය සමහර පුද්ගලයින්ට – සිය රැකියාවෙන් ඊට ඉඩ සලසා දී තිබූ අයට – දුරස්ථ වැඩ කිරීම(remote working) පුරුදු කළේය. එය, ජීවත් වීම සඳහා නිවෙස් තුල ප්‍රමානවත් ඉඩ පහසුකම් නැතිවීම මෙන්ම එළිමහනට පිවිසීමේ නොහැකියාව ඉස්මතු කර දැක්වීමට සමත් විය. එය, එවැන්නකට අවකාශයක් නොලැබීම තුළින් සමාජ සම්බන්ධතා සහ විශාල ප්‍රිස් සහභාගී වන රැස්වීම් පැවැත්වීමේ අගය යළි අලුත් කළේය. එය, බලශක්තිය සහ වෙනත් සම්පත් හීන කරමින් රැකියාදිය සඳහා දෛනිකව යාන්ත්‍රික ලෙස සිදුකෙරන ඔබ මොබ යාම කැපී පෙණීමට ලක් කලේය.


වඩා උද්යෝගිමත් විවරණ හා විග්‍රහ මගින් පුරෝකථනය කරන අන්දමින් මහ නගර සහ කාර්යාල අතහැර දැමීමට තරම් මෙම වෙනස්වීම් ඒකරාශීව මගපාදන්නේ නැත; ග්‍රාමිය ජීවිතය කෙරෙහි නව ආකර්ෂණයක් හෝ ලන්ඩන් නුවර හරහා ගැමි සුවඳක් හමා එන අනාගතයක් හුවා දැක්වීමක් නොව, ප්රමුඛතා වල වෙනසක් පිළිගැනීමක් පමණකි; නගරවල ජීවත් වීමට කැමති මිලියන ගණනක් පිරිස් මෙන්ම සහ නගරවල සහ ගම්වල ජීවත් වීමට කැමති මිලියන ගණනක් කවදටත් සිටිනු ඇත. දෙපැත්තේම වාසි හා අවාසි සලකා බලා තීරණ ගන්නා අයද සිටිති.
මෙම තීරණ පදනම් වන්නේ දරුවන් ලැබීම වැනි ජීවින රටා තුල ඇතිවෙන වෙනස්වීම් මත ය. ඔබට දිනපතා නගරයේ කාර්යාලයකට යාම තවදුරටත් අවශ්‍ය නැතිනම්, එය (කාර්යලය) පිහිටි නගරයෙන් ඈත්ව ඔබට ජීවත්වීමට හැකියාව ලැබෙයි. දැන් එතරම් ප්‍රමාණවත් නොවන බව පෙනෙන කුඩා හා මිල අධික මහල් නිවාස වෙනුවට මිලෙන් අඩු, වඩාත් සන්සුන් ස්ථානවල ජීවත්වීම ගැන සලකා බැලිය හැකිය . සමාජ සම්බන්ධතා සහ පොදු ජීවිත රටාව තවමත් අගය කරන නාගරිකයන්, පිට්ටනියක හුදකලා ගෘහයක ජීවත් වෙනවාට වඩා නගර සහ කුඩා නගර වල දිවි ගෙවීමට යොමු වන්නට ඉඩ තිබේ.
කොවිඩ් මහා වසංගතය පැතිරයාමටත් පෙර සිටම උග්‍රව පැවති නිවාස අසමතුලිතතාවයට අතිරේක අපහසුතාවලින් තොරව එවැනි වෙනස්කම් මාර්ගයෙන් පිළියම් යෙදිය හැකිය . එක් අතකින් පුරවර වල නිවාස වෙළඳපොලවල අධික ඉල්ලුමක් පවතින අතර, ග්‍රාමිය ප්‍රදේශවල හා කුඩා නගරවල , යටිතල පහසුකම්, උද්‍යාන, වෙනත් පොදු ගොඩනැගිලි ආදියෙන් හෙබි සුන්දර පරිසරයන්හි ස්ථාන වල නිවාස සඳහා ආයෝජන හිඟ වන අතර ජනගහනයේ අඩුවක් ද දක්නට ලබේ.
මෙයින් කියැවෙන්නේ නව නිවාස ඉදි නොකළ යුතුය යන්න හෝ එවැනි විස්ථාපනයක් සමගින් ගැටළු ඇති විය නොහැකි බව හෝ නොවේ. වැරදිසහගතව සිදු කළේ නම්, එය හුදෙක් ජාතික පරිමාණයෙන් ගත්විට ප්‍රදේශයක ගති ලක්ෂණ වෙනස්කරමින් මධ්‍යම් පාන්තිකයන් වැඩකරන ජනතාව කලින් ස්තානගත නේවාසික ප්‍රදේශ කරා යාමක් විය හැකියි. මෙම දර්ශනය උපකල්පනය කරන්නේ කොවිඩ් උවදුර පහව යාවිය, එමෙන්ම එය මේ හා සමානවම දරුණු එය අනාගත වෛරස් මාලාවක එකක් නොවන බවයි. නමුත්, අවම වශයෙන් 2020 වසරේ පීඩා අප ජීවත් වන හා වැඩ කරන ස්ථාන සම්බන්ධයෙන් වඩාත් සිහිකල්පනා සහගත ප්‍රවේශයක් ලබා දීමට අවස්ථාවක් තිබේ.
අන්තර්ක්‍රියා
කොවිඩ් වසංගත සමයේ හැදී වැඩෙන ළදැරියක් සුරතලේට හාදුවක් දුන්නත් ඒ බොහෝවිට මහා වසංගත සමයේ නොයෙකුත් අන්තර්ක්‍රියාකාරකම් මෙන්ම අභිමුඛව නොව කැමරාව හරහා වීමටයි වඩාත් ඉඩකඩ ඇත්තේ. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ ඇයගේ ජීවිතයේ සිදුවීම් බොහොමයක් දුරකථන තිරයකට පමණක් සීමාවී තිබෙනවා විය හැකියි. බොහෝ අයට හිතවතෙකුට සුබ පතන්න වෙන්නේ, ජීවිතයේ නරකම ආරංචිය පැවසීමට සිදුවන්නේ ෆේස්බුක් හරහා හෝ දුරකථනයෙනි. ඔබ තනිව ජීවත් වෙන්නෙකු නම් වෙනත් මිනිස් ඇසුරක් හෝ හමුවීමක් නොමැතිව එක දිගට මාස ගණන් ගත කරන්නට සිදුවීමට ඉඩ තිබේ. සුපුරුදු පරිසරයක් තුළ ආගන්තුක චර්යාවන් ගණනාවක්! ඒවා දිගු කාලයේ දී සැලකියයුතු විපර්යාසයන්ට තුඩු දේ ද?

පිළිතුර වශයෙන් කිව හැක්කේ ඩිජිටල් අන්තර් ක්‍රියා සැබවින්ම හමුවී කෙරෙන දේ හා සමග සංසන්දනය කළ නොහකි බවයි. එක්තරා අන්දමකට ඩිජිටල් තාක්ෂණාය විශාල පිරිසක් සමග වෙනදාටත් වඩා සබ්ඳතා පවත්වාගෙන යාමට මග පාදන බව ඇත්තකි. එහෙත්, මිතුරෙකු බදා වැලඳ ගැනීමට හෝ කෑම වේලක රසබලමින් ආදරණීයෙකු සමග පැය ගනනක් කතා කරමින් සිටීම හෝ හුදෙක් වචන මතම නොව ශාරීරික ඉඟි ද බෙහෙවින් පාදන කරගනිමින් සංවාදයක් පවත්වාගෙන යාම හෝ ඊට සසදන්නේ කෙසේ ද? එහෙයින්, වසංගත සමයේ හුදකලා ජීවිතයක් ගත කිරීම සමාජ ආශ්‍රයට තිබෙන කැමැත්ත සදහටම මොට කර දමන්නක් ලෙස ගණන් ගත හැක්කක් යයි සැලකිය නොහේ. ඉතින් වැක්සීන සාර්ථක වී සියල්ල හොඳින් ඉටු වුවහොත් ලබන ගිම්හානයේ සිටම සමාජ අන්තර්ක්‍රියා යළි ආරම්භවීමට ඇති ඉඩකඩ අපමණය යයි කිව හැක.
කෙසේවෙතත්, මෙලෙස සමාජ අන්තර් ක්‍රියා කාරකම් යළි ආරම්භ වූ පමණින්ම, ගෝලීය වසංගතය මානව සංහතිය මත ඇති කළ සහ ඇතිකරමින් පවතින චිත්තාවේගාත්මක හානිය වසන් වී යතැයි සිතිම නම් මුලාවකි.
කොවිඩ් වසංගත සමයේ කාංසාව සහ මානසික පීඩනයෙන් පෙළෙන්නෙට පටන්ගත් පුද්ගලයින්; සම්බන්දතාවන් අක්‍රොශකාරී, පරිභවසහගත තත්ත්වයකට ඇදවැටුනු කාන්තාවන්; මානසික අසහනයෙන් පෙලෙන දෙමව්පියන් හා අනෙකුත් වැඩිහිටියන් අතින් පීඩාවන් අත්විඳින දරුවන් ආදී මේ සියලු දෙනාගේ කටුක අත්දැකීම් පමණක් නොව ලොක්ඩවුන් කර තිබිය දී ඔවුන් සැමට ඔවුන්ගේ පෞද්ගලික සම්බන්ධතාවලට ප්‍රතිවිපාක ගෙන දෙමින් දැනුණු හුදෙකලා වීම සහ තනිකම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම්, සාර්ථක එන්නතකින් ඉන්ද්‍රජාලිකව අතුරුදන්වෙතැයි සිතිය හැක්කේ කාට ද? ඒ මදිවාට අතිවිශාල පිරිසකට මුහුණ පාන්නට සිදුවූ, තවදුරටත් විඳදරා ගැනීමට බල කෙරෙමින් පවතින දැඩි ආර්ථික අපහසුතා හා එහි කටුක ඵලවිපාක එක රැයකින් ඔවුන් අතහැර යා ද?
සමාජයක් ලෙස, කොවිඩ් ව්‍යසනයේ අහිතකර බලපෑමෙන් ගැලවී යථා තත්ත්වයට පත්වීමට නම් ප්‍රතිදේහ එන්නතකට වැඩි යමක් අවශ්‍යවන බව පැහැදිලිය. වසංගතයේ දරුණුතම මූල්‍ය හා මානසික සෞඛ්‍ය බලපෑම් අත්විඳ ඇති අයට සහායක් නොමැතිව එය සාර්ථකව ඉටු කරගත නොහැකිය.

විද්‍යාව, දේශපාලනය සහ සංස්කෘතිය යන අංශ ගැන හෙට පලවන මෙම ලිපියේ දෙවැනි කොටසින් සාකච්ඡා කෙරේ
The Guardian හි පළවන Life after Covid: will our world ever be the same? යන ලිපිය ඇසුරෙනි