කෝවිඩ්-19ට පසුව අපේ ලෝකය කෙබඳුවේ ද? 2 කොටස

Posted by

කෝවිඩ්-19ට පසුව අපේ ලෝකය කෙබඳුවේ ද?

අපට නැවතත් අප ගත කළ ජීවිතය ගෙවන්නට අවස්ථාව හිමිවේද? ලෝකය යථා තත්ත්වයට පත්වේ ද? නැතිනම් වෙනස් වේ ද?

නගරවල සිට විද්‍යාව, දේශපාලනයේ සිට සංස්කෘතිය දක්වා පස්චාත් කොවිඩ් සමයේ නැතිනම් අනාගතයේ ඇතිවිය හැකි විපර්යාසයන් පිළිබඳ විග්‍රහයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරෙන අතර පශ්චාත් වසංගත ලෝකයෙහි  නව පියවි  තත්ත්වය(new normal) ඉන් ඇගයීමකට බඳුන් කෙරේ.

Coronavirus Disease (COVID-19): The Impact and Role of Mass Media During  the Pandemic | Frontiers Research Topic

 මෙම ලිපියේ මුල් කොටස ඊයේ පළවූ අතර පහත දැක්වෙන්නේ ඉතිරි කොටසයි

විද්යාව

කොවිඩ් පාලනය කිරීමේ සටනේදී බ්‍රිතාන්‍යට ගෙවුනේ දුෂ්කර වසරකි. ආසාදිත පුද්ගලයින්  පරීක්ෂාවට ලක්කිරීම, අන්වේශනය(සෙවීම) සහ හුදකලා කිරීම සම්බන්ධයෙන් අසාර්ථකවීම මරණ සංඛ්‍යාව ගොඩගැසෙන්නට හේතු වූ අතර පෞද්ගලික ආරක්ෂක උපකරණ(Personal Protection Equipment -PPE) අත්පත් කරගැනීමේ දී ඇතිවූ අඩුපාඩු හේතුවෙන්  නිමක් නැති සෞඛ්ය සේවකයන් අතුරු අන්තරාවල්වලට සහ රෝගාබාධයන්ට නිරාවරණය වීමට හේතුවිය.  

කෙසේ වෙතත්, මෙම අඩුපාඩු නැතිනම් දුර්වලතා තුලනය  කර ගැනීමට හැකියාව ලැබි ඇත්තේ බ්‍රිතාඥ විද්‍යාඥයන් ඔවුන් නියතු ව්‍යාපෘති වලින් ඈත්වී කොවිඩ් වසංගතය තුරන් කිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කිරීම සඳහා කැපී පෙනෙන ආකාරයෙන්  හා වේගයෙන් යොමු වීමෙනි. ඔවුන්ගේ කාර්යභාරය,  එහි වේගවත් බව සහ යථාතථ්‍යතාව හේතුවෙන්  ගෝලීය වශයෙන් ප්‍රශංසාවට ලක්ව ඇත.

Science will never be the same after Covid-19 — Quartz

එක්සත් ජනපද ප්රමුඛ ආර්ථික විද්‍යාඥ ටයිලර් කොවන් Bloomberg Opinion හි අදහස් දක්වමින් “කොවිඩ් උවදුරින් ලොව බේරා ගැනීමට බ්‍රිතාඥ විද්‍යාඥයන්  නිසි මගට පිවිසිලා” යනුවෙන් ප්‍රකශ කරන්නේ පසුගිය ගිම්හානයේ ඔවුන්ගේ උත්සාහයන් ගැන දක්වමිනි. ප්රධාන පෙළේ ජාත්යන්තර පර්යේෂකයන් බ්‍රිතාඥ විද්යාඥයන් කොවිඩ් මර්දනය සඳහා ගන්නා පියවර ප්‍රශංසාවට ලක් කර ඇතැයි  Science සඟරාව  සඳහන් කරයි.  වසංගතයට මුහුණ දීම සඳහා එක්සත් රාජධානියේ විද්‍යා ක්ෂේත්‍රය හරිහැටි ක්‍රියා කර ඇති බව නිවැරදිව වටහාගෙන ඇති බව පෙණි යයි.

කදිම  උදාහරණයක් ලෙස එක්සත් රාජධානියේ Recovery (ප්‍රතිසාධන) ඖෂධ පරීක්ෂන  වැඩසටහන දැක්විය හැක. රට පුරා රෝහල තුළ ගතකරන කොවිඩ්-19 ආතුරයන් 12,000කට වැඩි පිරිසක් සමග ක්‍රියා කරන 3,000 ඉක්මවූ වෛද්‍යවරුන් හා හෙදියන් පිරිසක් ඊට එක්ව කටයුතු කලහ. ගෝලීය වසංගතය එක්සත් රාජධානියට ආ දිනවලම වාගේ ඇරඹී බෙහෙවින්  රෝගාතුරවූ පුද්ගලයන්ගෙන් පිරී ඉතිරී ගිය   දැඩි සත්කාර ඒකක වල ක්‍රියාත්මක වූ මෙම Recovery trial වැඩසටහන අනාවරණය කල කාරණාව වන්නේ බොහෝ සේ හුවා දැක්වූ එහෙත් ශොවිඩ්-19ට ප්‍රතිකාර කිරීමේ දී ඵලක් නැතැයි පෙනී ගිය චිකිත්සාවන් දෙකක් වෙනුවට එක් තනි ප්‍රදාහ ප්‍රතිකාරයකින් දැඩිව ගිලන්වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි බවයි. මෙම ජයග්‍රහණ හා සමවීමට  වෙනත් කිසිදු රටක් සමීප වී නොමැත. ඔක්ස්ෆර්ඩ් සරසවියේ මාටින් ලෑන්ඩ්රේ කියා සිටියේ, “අපට නිවැරදි කුසලතාවලින් හෙබි ඒ වගේම අනෙකුත් සියල්ල අතහැර දමා මේ සඳහාම දායක වීමට කැමැත්තක් තිබුණ පිරිසක් සිටියා. ඒකෙන් ලොකු වෙනසක් වුණා” යනුවෙනි.

විද්යා මාධ්‍ය මධ්‍යස්ථානයේ(Science Media Centre) අධ්යක්ෂිකා ෆියෝනා ෆොක්ස් මෙහෙම අදහස් දක්වයි: “නිරන්තරයෙන්ම  අපි කොවිඩ් පිළිබඳව ප්‍රමුඛ පර්යේෂකයන්, වසංගත රෝග විද්යාඥයන් සහ  එන්නත් විශේෂඥයන්ගෙන් අදහස් විමසා සිටියා.  තමන්ට වැඩ අධික බව නොතකා ඔවුන් , වේගයෙන් වෙනස් වන තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වන පැහැදිලි විශ්ලේෂණ සපයා දීමට  කාලය ගත් කරා. එය අසාමාන්ය දෙයක්. ”

ඇත්ත වශයෙන්ම, වසරකටත් අඩු කාලයකට පෙර හාංකවිසියක් වත් නොදැන සිටි රෝගයකට එරෙහිව ඵලදායී එන්නත් තුනක්ම ඉදිරිපත්කිරීමට හැකිවීම  කොවිඩ් එරෙහි සටන ජය ගැනීමට විශාල උදව්වක් වූ බව අමතක කළ නොහේ.

දේශපාලනය

දේවල් විපර්යාසයන්ට ලක්වන තරමට ඒවා එලෙසම පවතී.

ඒවා සිදුවන මොහොතේ  එය එසේ යයි දැනෙන්නේ නැතිවීමට ඉඩ ඇති බව ඇත්තකි. මෑතක ඉතිහාසය ගතහොත්,  9/11 ත්‍රස්ත ප්‍රහාරයේ සිට 2008-09 මහා ආර්ථික අවපාතයක් දක්වා අපේ කාලය විදහා දැක්වෙන සිද්ධිවලම දොංකාරයක් ලෙස වර්තමාන ගෝලිය වසංගතය සැලකිය හැකි අතර එය ඇතැම් අංගවලින් දේශපාලන කරළිය දැඩි විපර්යාසයන් ඇතිකළ ද වෙනත් අංග වෙහෙසකර අන්දමට හුරුපුරුදු බවක් දක්වයි.

Political life after Covid-19. by Dr James Weinberg, Lecturer in… | by  Human: Putting the Social in Science | Human: putting the social in science  | Medium

පසුගිය සතියේ ප්‍රකාශිත  කොවිඩ්  සටනේ  වියදම් සමාලෝචනය් ඉදිරි වසර ගණනාව තුළ ජාතික ජන ජීවිතය හැඩගස්වා ගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම  ඊට හොඳම උදාහරණයකි. රාජ්‍ය අංශයේ වැටුප් අත්හිටුවීමක් සහ ලබන අප්‍රියෙල් මාසයේ ප්‍රතිලාභ කප්පාදු කිරීමක් ඇතිවිය හැකිද?  ඔව්,  අපි මීට පෙර ඒ මග ගමන් කර ඇත; බොහෝ පවුල් වලට එය දිස්වනු ඇත්තේ යළිත් වරක් සුපුරුදු  ‘පටි තද කර ගැනීමක්’ සිදුකිරීමට විමක් ලෙසය.

නායකයෙකු තුළ තිබිය යුතු යයි මිනිසුන් බලාපොරොත්තු වෙනදේ  ද වසංගතය මගින්  වෙනස් කරනු ලබන බවක් පෙනේ. අන්තිමට හටගත්  ආර්ථික අවපාත සමය,  ඇමරිකාව යළිත් ශ්‍රේෂ්ඨ රාජ්‍යයක් කරන්න, ලෝකය නැවත පාලනයට නතු කරගන්න ආදිය සඳහා   ඡන්දදායකයින්, පහසු පිළියම්  ඉදිරිපත් කරන  ජනප්‍රියවාදී නායකයන් වෙත යොමුකිරීමට තුඩු දිණ.. එහෙත් කොවිඩ් සමය යනු ජීවිතය හා මරණය අතර වෙනස නිරූපනය වන තත්ත්වයකි. එහි දි වැදගත්ම වනුයේ නිපුනතාවයි.  නවසීලන්තයේ  ජසින්ඩා ආඩන් ජර්මනියේ ඇන්ජලා මර්කල් සහ ස්කොට්ලන්තයේ  නිකොලා ස්ටර්ගන්  වැනි ගෝලිය වසංගතය හමුවේ සිය නිපුණාතා ප්‍රදර්ශනය කළ නායකයන් ප්‍රශ්න ප්‍රායෝගිකව සලකා බලන, සම්මුතියට එළඹීමට පෙළඹෙන අය මිස පහසුවෙන් කැළඹෙන සටන්කරුවන් නොවේ.

දැනට ලොක්ඩවුන් මැද වුවද එකිනෙකාට උදව් කරන ප්‍රජාවන්ගෙන් සමන් විත මේ සුන්දර ලෝකයේ අප ගතකරන ජීවිතය ඇත්තටම වටිනා  දෙයක් යන්න කෙරෙහි දේශපාලන අවධානය යළි යොමු කිරීමට මේ භයානක ගෝලිය අර්බුදය ඉවහල් වෙතැයි සුබවාදීන් අපේක්ෂා කරනු ඇත.  කෙසේවෙතත්, අශුභවාදීන් කල්පනා කරනු ඇත්තේ දැඩි ආර්ථික අවපාතය හමුවේ  ජනතාව හුදෙක්  ආර්ථික  පැවැත්ම කෙරෙහි පමණක් අවධානය යොමු කරයි යනුවෙනි.

මක්නිසාද යත් , මේ සියල්ලට එරෙහිව ප්‍රතිචාර අපේක්ෂා නොකිරීම බොළඳ  ක්‍රියාවක් වන හෙයිනි.   නිදහස කප්පාදු කිරීම ගැන කෝපයට පත් ඡන්දදායකයින් ඉලක්ක කරගනිමින් නයිජල් ෆරාජ් තවත් වරක් ලොක්ඩවුන් විරෝධී සාදයක් සංවිධනය කිරීමට උත්සාහ කරමින් සිටී .  අවසාන සාදය  රැඩිකල්වාදය හා කැරැලිකාර යුගයක් මුදා හැරිමට සමත් වූයේ නම්, මෙවර මිනිසුන් තුළ නිහඬ  ජන ජීවිතයක් සඳහා ආශාවක්  ඇති කිරීමට ඉඩ තිබේ එවැනි සෑම නොසන්සුන්තාවයකින්ම  පසු, අපි නැවත වරක් අප කලින් දැන සිටි  පියවි තත්ත්වය නොවූවත්, නව පියවි තත්ත්වයක් කර යොමුවීමට පුලපුලා සිටින්නෙමු. 

සංස්කෘතිය

“සංස්කෘතිය” ඉස්මතු වන අවකාශයන් 2020 ට පසුව ඊට පෙර දිස්වූ පරිදිම නොපවතින බව අපි දනිමු. බොහෝ සිනමාහල්, පොත් සාප්පු, සංගීත ශාල සහ ප්‍රශර්ශන ශාලා බොහොමයක් වසා දැමීමේ පිය්වර පර්දා රැකීමට හැකිවෙතැයි ඉතිය නොහැකි අතර එසේ ගොඩ ආවත් ඒ අඩු සම්පත් සහිතවය. නමුත්  ආකල්ප සහ  නිර්මාණශීලීත්වයේ අවධානය ගැන කුමක් කිව හැකිවේද? පශ්චාත් ගෝලිය වසංගත  එන්නත මගින් එය සැඟවී යනු ඇත්ද? නැතහොත් එය විමුක්තිය සළකුණු කරනු ඇත්ද?

මේ දෙකම සිදුවිය හැකියයි ඉතිහාසය යෝජනා කරයි. පලමු ලෝක යුද්ධයෙන් පසුව  1918-19 ඇති වූ ස්පා ඤ්ඤ ඉන්ෆ්ලුවෙන්සා උණ වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ දරුණු මරණ, සමාජ දුරස්ථභාවය සහ ආර්ථික දුෂ්කරතා,  විනාශකාරී අත්හදා බැලීම් සහගත නූතනවාදයේ ජෑස් යුගයේ ඉහළ සුඛ පරමවාදය  යන දෙකම හැඩගැස්වූ බලවේග බවට පත්විය.

Coronavirus: How the world of work may change forever - BBC Worklife

වර්තමාන වසංගතයට සෘජුවම ප්‍රතිචාර දක්වන  සාහිත්යය හෝ සංගීතය තවමත් එපමන  ඉස්මතු වී නැත.   “සාමාන්‍ය ජීවිතය” ලෙස අප විශ්වාසනීය නිශ්චිතභාවයකින් හැඳින්වූ දේවල  කවදාවත් නොදන්නා තර්ජනවලින් ක්ෂණිකව වැසීඉ වැසී යා හැකි බව අප සාමූහිකව වටහා ගතයුතුයි.

එවැනි අත්දැකීම් අප කියවන පොත්වල සහ අප නරඹන චිත්‍රපටවල තුළින් අළුත්  හා ගැඹුරු කාංසාවක් ඇති කරන වකවානුවක් උත්පාදනය කරයිද? ටී. එස්. එලියට් ද සඳහන් කළ පරිදි මානව වර්ගයාට “යථාර්ථය දරාගත නොහැකිය.  ගායනා කිරීමට, නැටීමට, බීමට හෝ ආදරය කිරීමට අවස්ථාවන් ආදී වශයෙන්  මේ වසර තුළ තරුණ තරුණියන්ට ඔවුන් මනාපය දක්වන  බොහෝ බොහෝ දේ අහිමිකර ඇති අතර, මේ සියල්ලෙන් පසු ප්‍රාග් වෛරස් නිර්මාණාත්මක ප්‍රහාවයක් අපට නිසැකවම බලාපොරොත්තු විය හැකිය.

වැඩකිරීම

පශ්චාත් කොවිඩ් වැඩ ලෝකයේ දි  ‘කාර්යාලය’ යන ආයතනය අභාවයට යාමේ තර්ජනයක් ඇත. වසංගතයක ඇති වී මැදි දුරක් පසුවෙද්දී අඩු ආදායම් උපයන හෝටල් හා සංචාර්ක සේවා නැවතත් හිස ඔසවන්නේ නැත, එනිසා දැන් ඒවාට සහය සැපයිය යුතු නොවේය යන්න සමග සමහරවිට එය සම්බන්ධ කෙරේ.

Covid-19: Putting people first

මෙම එකිනෙකට වෙනස් පුරෝකතන  එකම හේතුව නිසා වැරදි යාමට පුළුවන: ඒවා ඉදිරිය  කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා විනා  ආපස්ස දෙස යොමුවීම මදය. ඔව්, ගෝලිය වසංගතය වැඩ ලෝකය තුළ විශාල වෙනස් කම් ඇති කර තිබේ.  සමහර අය (සාමාන්යයෙන් ඉහළ ආදායම් ලබන අය) වැඩ කරන අතර එය අඩු ආදායම් ලාභීන්ට වැඩ කිරීමේ හැකියාව හානියට ලක් කරයි. එහෙත්, අගුලු දැමීමකින් තොර ලෝකයක් පරිකල්පනයට නගා ගැනීමට වඩාත් සුදුසු වන්නේ අර්බුදයට පෙර දුටු රටාවන්ට එරෙහිව දිවෙනවා වෙනුවට එම රටා ශක්තිමත් කරන වසංගතය මගින් මෙහය වනු ලබන   ප්රවණතා කෙරෙහි අවධානය යොමු කිරීමය. නිදසුනක් ලෙස දක්වතොත්, බලාපොරොත්තු විය යුත්තේ අයකැමි රැකියා අඩුවී බඩු ගෙනගොස් භාරදෙන රියැදුරු තනතුරු වැඩිවීමක්ය. 

ඊයේ පළවූ මෙම ලිපියේ මුල් කොටස පහත දැක්වේ

පුරවර/මහනගර

ගෝලීය වසංගතය විපර්යාසයට ලක් කළ නාගරික ජීවිතයට අදාල කරුණු කිහිපයක් මුලින්ම සලකා බලමු.  එය සමහර පුද්ගලයින්ට – සිය රැකියාවෙන් ඊට  ඉඩ සලසා දී තිබූ අයට – දුරස්ථ වැඩ කිරීම(remote working) පුරුදු කළේය. එය, ජීවත් වීම සඳහා නිවෙස් තුල ප්‍රමානවත් ඉඩ පහසුකම් නැතිවීම මෙන්ම එළිමහනට පිවිසීමේ නොහැකියාව ඉස්මතු කර දැක්වීමට සමත් විය.   එය,   එවැන්නකට අවකාශයක් නොලැබීම තුළින් සමාජ සම්බන්ධතා සහ විශාල ප්‍රිස් සහභාගී වන රැස්වීම් පැවැත්වීමේ අගය යළි අලුත් කළේය. එය, බලශක්තිය සහ වෙනත් සම්පත් හීන කරමින් රැකියාදිය සඳහා දෛනිකව යාන්ත්‍රික ලෙස සිදුකෙරන ඔබ මොබ යාම කැපී පෙණීමට ලක් කලේය. 

high-density - CAROLINA PLANNING
colorful indian traditional house of karnataka - Instamoz Photo sharing

 වඩා උද්යෝගිමත් විවරණ හා විග්‍රහ මගින් පුරෝකථනය කරන අන්දමින් මහ නගර සහ කාර්යාල අතහැර දැමීමට තරම් මෙම වෙනස්වීම් ඒකරාශීව මගපාදන්නේ නැත; ග්‍රාමිය ජීවිතය කෙරෙහි නව ආකර්ෂණයක් හෝ ලන්ඩන් නුවර හරහා  ගැමි සුවඳක් හමා එන අනාගතයක් හුවා දැක්වීමක් නොව, ප්රමුඛතා වල වෙනසක් පිළිගැනීමක් පමණකි;   නගරවල ජීවත් වීමට කැමති මිලියන ගණනක් පිරිස් මෙන්ම සහ නගරවල සහ ගම්වල ජීවත් වීමට කැමති මිලියන ගණනක් කවදටත් සිටිනු ඇත. දෙපැත්තේම වාසි හා අවාසි සලකා බලා තීරණ ගන්නා අයද සිටිති.

මෙම තීරණ පදනම් වන්නේ දරුවන් ලැබීම වැනි ජීවින රටා තුල ඇතිවෙන වෙනස්වීම් මත ය. ඔබට දිනපතා නගරයේ කාර්යාලයකට යාම තවදුරටත්  අවශ්‍ය නැතිනම්, එය (කාර්යලය) පිහිටි නගරයෙන් ඈත්ව  ඔබට ජීවත්වීමට  හැකියාව ලැබෙයි. දැන් එතරම් ප්‍රමාණවත් නොවන බව පෙනෙන කුඩා හා මිල අධික මහල් නිවාස වෙනුවට මිලෙන් අඩු, වඩාත් සන්සුන් ස්ථානවල ජීවත්වීම ගැන සලකා බැලිය හැකිය . සමාජ සම්බන්ධතා සහ පොදු  ජීවිත රටාව තවමත් අගය කරන නාගරිකයන්, පිට්ටනියක හුදකලා ගෘහයක ජීවත් වෙනවාට  වඩා නගර සහ කුඩා නගර වල දිවි ගෙවීමට යොමු වන්නට ඉඩ තිබේ.

කොවිඩ් මහා වසංගතය  පැතිරයාමටත් පෙර සිටම උග්‍රව පැවති  නිවාස අසමතුලිතතාවයට අතිරේක අපහසුතාවලින් තොරව එවැනි වෙනස්කම් මාර්ගයෙන් පිළියම් යෙදිය හැකිය . එක් අතකින් පුරවර වල නිවාස වෙළඳපොලවල  අධික ඉල්ලුමක් පවතින අතර, ග්‍රාමිය ප්‍රදේශවල හා කුඩා නගරවල , යටිතල පහසුකම්,  උද්‍යාන, වෙනත් පොදු ගොඩනැගිලි ආදියෙන් හෙබි සුන්දර පරිසරයන්හි ස්ථාන වල නිවාස සඳහා ආයෝජන හිඟ වන අතර ජනගහනයේ අඩුවක් ද දක්නට ලබේ. 

මෙයින් කියැවෙන්නේ නව  නිවාස ඉදි නොකළ යුතුය යන්න හෝ  එවැනි විස්ථාපනයක් සමගින් ගැටළු ඇති විය නොහැකි බව හෝ නොවේ.   වැරදිසහගතව සිදු කළේ නම්, එය හුදෙක් ජාතික පරිමාණයෙන් ගත්විට ප්‍රදේශයක ගති ලක්ෂණ වෙනස්කරමින් මධ්‍යම් පාන්තිකයන් වැඩකරන ජනතාව කලින් ස්තානගත නේවාසික ප්‍රදේශ කරා යාමක් විය හැකියි.    මෙම දර්ශනය උපකල්පනය කරන්නේ කොවිඩ් උවදුර පහව යාවිය, එමෙන්ම එය මේ හා සමානවම දරුණු එය අනාගත වෛරස්  මාලාවක එකක්  නොවන බවයි. නමුත්, අවම වශයෙන් 2020 වසරේ  පීඩා අප ජීවත් වන හා වැඩ කරන ස්ථාන සම්බන්ධයෙන් වඩාත් සිහිකල්පනා සහගත  ප්‍රවේශයක් ලබා දීමට අවස්ථාවක් තිබේ.

අන්තර්ක්‍රියා

කොවිඩ් වසංගත සමයේ හැදී වැඩෙන ළදැරියක්  සුරතලේට හාදුවක් දුන්නත් ඒ බොහෝවිට මහා වසංගත සමයේ නොයෙකුත් අන්තර්ක්‍රියාකාරකම් මෙන්ම අභිමුඛව නොව කැමරාව හරහා වීමටයි වඩාත් ඉඩකඩ ඇත්තේ.  කොවිඩ්  ව්‍යාප්තිය හමුවේ  ඇයගේ ජීවිතයේ සිදුවීම් බොහොමයක් දුරකථන තිරයකට පමණක් සීමාවී තිබෙනවා විය හැකියි.  බොහෝ අයට හිතවතෙකුට සුබ පතන්න වෙන්නේ, ජීවිතයේ නරකම ආරංචිය පැවසීමට සිදුවන්නේ ෆේස්බුක් හරහා  හෝ දුරකථනයෙනි. ඔබ තනිව ජීවත් වෙන්නෙකු නම් වෙනත් මිනිස් ඇසුරක් හෝ හමුවීමක් නොමැතිව එක දිගට මාස ගණන් ගත කරන්නට සිදුවීමට ඉඩ තිබේ. සුපුරුදු පරිසරයක් තුළ ආගන්තුක චර්යාවන් ගණනාවක්!       ඒවා දිගු කාලයේ දී සැලකියයුතු  විපර්යාසයන්ට තුඩු දේ ද?

Life after Covid: will our world ever be the same? | Coronavirus | The  Guardian

පිළිතුර වශයෙන් කිව හැක්කේ ඩිජිටල් අන්තර් ක්‍රියා සැබවින්ම හමුවී  කෙරෙන දේ  හා සමග සංසන්දනය  කළ නොහකි බවයි. එක්තරා අන්දමකට ඩිජිටල් තාක්ෂණාය විශාල පිරිසක් සමග වෙනදාටත් වඩා සබ්ඳතා පවත්වාගෙන යාමට මග පාදන බව ඇත්තකි. එහෙත්, මිතුරෙකු බදා වැලඳ ගැනීමට හෝ කෑම වේලක රසබලමින් ආදරණීයෙකු සමග පැය ගනනක් කතා කරමින් සිටීම  හෝ හුදෙක් වචන මතම නොව ශාරීරික ඉඟි ද බෙහෙවින් පාදන කරගනිමින් සංවාදයක් පවත්වාගෙන යාම හෝ ඊට සසදන්නේ කෙසේ ද?  එහෙයින්,  වසංගත සමයේ හුදකලා ජීවිතයක් ගත කිරීම සමාජ ආශ්‍රයට තිබෙන කැමැත්ත සදහටම මොට කර දමන්නක් ලෙස ගණන් ගත හැක්කක් යයි සැලකිය නොහේ. ඉතින් වැක්සීන සාර්ථක වී සියල්ල හොඳින් ඉටු වුවහොත් ලබන ගිම්හානයේ සිටම සමාජ අන්තර්ක්‍රියා යළි ආරම්භවීමට ඇති ඉඩකඩ අපමණය යයි කිව හැක.

කෙසේවෙතත්,  මෙලෙස සමාජ අන්තර් ක්‍රියා කාරකම් යළි ආරම්භ වූ පමණින්ම, ගෝලීය වසංගතය  මානව සංහතිය මත ඇති කළ සහ ඇතිකරමින් පවතින චිත්තාවේගාත්මක හානිය වසන් වී යතැයි සිතිම නම් මුලාවකි.

කොවිඩ් වසංගත සමයේ කාංසාව සහ මානසික පීඩනයෙන් පෙළෙන්නෙට පටන්ගත්  පුද්ගලයින්; සම්බන්දතාවන් අක්‍රොශකාරී, පරිභවසහගත තත්ත්වයකට ඇදවැටුනු කාන්තාවන්;  මානසික අසහනයෙන් පෙලෙන දෙමව්පියන් හා අනෙකුත් වැඩිහිටියන් අතින් පීඩාවන් අත්විඳින දරුවන් ආදී මේ සියලු දෙනාගේ කටුක අත්දැකීම් පමණක් නොව ලොක්ඩවුන් කර තිබිය දී ඔවුන් සැමට ඔවුන්ගේ පෞද්ගලික සම්බන්ධතාවලට ප්‍රතිවිපාක ගෙන දෙමින්  දැනුණු  හුදෙකලා වීම සහ තනිකම පිළිබඳ ඔවුන්ගේ අත්දැකීම්, සාර්ථක  එන්නතකින් ඉන්ද්‍රජාලිකව අතුරුදන්වෙතැයි සිතිය හැක්කේ කාට ද? ඒ මදිවාට අතිවිශාල පිරිසකට මුහුණ පාන්නට සිදුවූ, තවදුරටත්  විඳදරා ගැනීමට බල කෙරෙමින් පවතින  දැඩි ආර්ථික අපහසුතා හා එහි කටුක ඵලවිපාක එක රැයකින් ඔවුන් අතහැර යා ද?

සමාජයක් ලෙස, කොවිඩ් ව්‍යසනයේ අහිතකර බලපෑමෙන් ගැලවී යථා තත්ත්වයට පත්වීමට නම් ප්‍රතිදේහ එන්නතකට වැඩි යමක් අවශ්‍යවන බව පැහැදිලිය.  වසංගතයේ දරුණුතම මූල්‍ය හා මානසික සෞඛ්‍ය බලපෑම් අත්විඳ ඇති අයට සහායක් නොමැතිව එය සාර්ථකව ඉටු කරගත නොහැකිය.

Coronavirus Will Change the World Permanently. Here's How. - POLITICO

විද්‍යාව, දේශපාලනය සහ සංස්කෘතිය යන අංශ ගැන හෙට පලවන මෙම ලිපියේ දෙවැනි කොටසින් සාකච්ඡා කෙරේ

The Guardian හි පළවන Life after Covid: will our world ever be the same? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.