වෙනත් ගෝලිය ගැටළු සම්බන්දයෙන් මෙන්ම නව කොරෝනා වෛරසය හරහා ව්‍යාප්ත ගෝලිය වසංගතය හමුවේ වසංගත ආකාරයෙන්ම ව්‍යාප්ත අතථ්‍ය තොරතුරු සහ තොරතුරු විකෘතිය ගැන බොහෝ දෙනෙකුට යම් අවබෝධයක් තිබෙන නමුත් කොවිඩ් වැළැක්වීම, මර්දනය සහ ප්‍රතිකාර සම්බන්ධ්යෙන් සෞඛ්‍ය බලධාරීන්ම නිකුත් කරන ඇතම් ප්‍රකශ කෙනෙකු ව්‍යාකුලකරන සුළු යයි හැඟී යා හැක. එහෙත් නව වෛරසයක් වූ SARS-CoV-2 හි හැසිරීම සහ එය පාලනය කරගැනීම ගැන විද්‍යාඥයන් තවමත් ඉන්නේ අධ්‍යනයේ යෙදෙමින්ය. ව්‍යාකුල බවක් හැඟී යාමට ප්‍රධාන හේතුව එයයි. එහෙත් මේ ප්‍රවාහයන් ගැන නිසි අවධානයෙන් සිටින්නේ නම් දුරවබෝධ දුරුකිරිමට හැකියාව ලැබිම්ට පුළුවන. ගෝලිය වසංගතය ආරම්භයේ සිට තතු ක්‍රියාකරමින් සිටින්නේ ඊට උපකාරී විමටයි.

එක්සත් ජනපද නිර්දේශිත නිරෝධායන කාලය කෙටි කෙරේ
එළඹෙන නිවාඩු කාලය තුළ නිවසේ රැඳී සිටින ලෙසත්, ඔවුන් සංචාරය කරන්නේ නම් ප සුපරිෂාකාරී වන ලෙසත් ඇ.එ.ජ. සෞඛ්‍ය බලධාරීහු ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටිති.
ඇමරිකානුවන් අතර නිරෝධාන ක්‍රියාවලියට අනුකූලතාව දැක්වීම වැඩි කිරීමට සහ දීර්ඝස් කාලයක් තිස්සේ හුදෙකලා වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ආර්ථික හා මානසික හානිය අවම කිරීමේ අපේක්ෂාවෙන් කොරෝනා වෛරසයට නිරාවරණය වී ඇති අය සඳහා නිරෝධායන කාලය අමරිකා එකසත් ජනපද ෆෙඩරල් සෞඛ්ය නිලධාරීහූ (ඇ.එ.ජ. රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන – CDC) සඵල ලෙස ලෙස කෙටි කළ අතර, නිවාඩු කාලය තුළ සංචාරය කිරීමෙන් වළකින ලෙස නැවතත් ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටිති.

“ඔබවම සහ අනෙක් අයවත් ආරක්ෂා කර ගත හැකි හොඳම ක්රමය ලෙස CDCය නිර්දේශ කරන්නේ සංචාර කල් දමා නිවසේ රැඳී සිටීමයි. ”ඒජන්සියේ වසංගත ප්රතිචාර එදිනෙදා කළමනාකරණය අධීක්ෂණය කරන වෛද්ය හෙන්රි වෝල්ක් පවසයි.
අනතුරු ඇඟවීම් නොතකා නිවාඩු සමයේ සංචාරය කිරීමට තීරණය කරනා පුද්ගලයින් ඔවුන්ගේ සංචාරයට දින 1 සිට 3 දක්වාත්, නැවත පැමිණ දින තුනත් පහත් අතර කාලයකදී නැවතත් කොරොන වයිරස් ආසාදනය සඳහා පරීක්ෂා කිරීම පිළිබඳව සලකා බැලිය යුතු බව වෛද්ය වෝල්ක් සහ අනෙකුත් නිලධාරීහූ පවසති.
රට ඇතුලත සංචාර කිරීම සඳහා පරීක්ෂණ කරවා ගත යුතු යයි ඒජන්සිය ඉල්ලා සිටින පළමු අවස්ථාව මෙයයි; පරීක්ෂණවලට ලක් විය යුතුයයි මේ දක්වා, නිර්දේශ කරනු ලැබුවේ ජාත්‍යන්තරව සංචාරය කරන ඇමරිකානුවන් සඳහා පමණි. කෙසේවෙතත් වෛද්‍ය වෝල්ක් සඳහන් කරන්නේ සංචාරයට පෙර සහ පසු පරීක්ෂා කිරීම කළ පමණින්ම “සියලු ආකාර අවදානම් ඉවත් නොවන” බවයි.
නැවත නිවසට පැමිණෙන සංචාරකයින්, පරීක්ෂාවට ලක්වන්නේ නම් අවම වශයෙන් දින හතක්වත්, පරීක්ෂාවට ලක් නොවන්නේ නම් දින 10 ක් වත් අත්‍යවශ්‍ය නොවන ක්‍රියාකාරකම් අවම මට්ටමක තබා ගත යුතුය. (බොහෝ ජනපදවල වල සංචාරකයින් සංචාර නිමාආව් ආපසු පැමිණීමෙන් පසු ස්වයං නිරෝධායනය කිරීම අවශ්‍ය වේ, එසේ වුවද ජනපදයෙන් ජනපදයට නීති වෙනස් වේ.)

නිරෝධායන කාලය කෙටි කර ගැනීම සඳහා ෆෙඩරල් සෞඛ්ය නිලධාරීහූ නව ක්‍රම දෙකක් ද ඉදිරිපත් කරති. රෝග ලක්ෂණ නොමැති හෙවත් අලාක්ෂණික(asymptomatic) අය වෛරසය ආසාදනය වී දැයි සඳහා පරීක්ෂාවට ලක් කර සෘණාත්මක ප්‍රතිඵලයක් ලැබුවහොත් දින 7 කට පසු නිරෝධායනය අවසන් කළ හැකිය. සෘණාත්මක ප්‍රතිඵලයක් නොවේනම් දින 10 කට පසු අවසන් කළ හැකිය.
පී.සී.ආර්. හෝ ක්ෂණික පරීක්ෂණ(rapid tests) යන දෙකම පිළිගත හැකි අතර, නිරෝධායන කාලය අවසන් වී පැය 48 ක් ඇතුළත පරීක්ෂණ සිදු කර ගත යුතුය. කෙසේවෙතත් රෝග ලක්ෂණ පහළ වේ දැයි දින 14 ක් තිස්සේ බලාසිටීම තවදුරටත් එලෙසම සිදු කළ යුතුය. (නිරෝධායනය යන්න අදාල වෙන්නේ හොඳින් සිටින නමුත් රෝගාතුර විය හැකි පුද්ගලයන්ටය; හුදකලාව යන්න රෝගී යැයි දන්නා අයට අදාල වේ)

මේ වන තෙක් CDC ය විභව නිරාවරණයෙන් පසු දින 14 ක නිරෝධායන කාල සීමාවකට යටත් වීම නිර්දේශ කළ අතර, වෛද්‍ය වෝල්ක් අවධාරණය කරන්නේ. සම්පූර්ණ සති දෙකම නිරෝධායනව පසුවීම් තවමත් ප්‍රශස්ත ක්‍රමය ලෙස සලකන බවත් සම්ප්‍රේෂණය මැඩපැවැත්වීමේ නොවරදින ක්‍රමය බවත් ය.
සමහර රෝගීන් නිරාවරණයෙන් සති දෙකකට පසුව හෝ සුළු පිරිසකගේ ඊටත් වැඩි කලකට පසුවත් රෝග ලක්ෂණ වර්ධනය නොවිය හැක. රෝග ලක්ෂණ වර්ධනය වීමට පෙර ආසාදිත පුද්ගලයින්ගෙන් වෛරසය අන් අයට බෝ විය හැකිය; මෑත අධ්යයනයන් පෙන්නුම් කරන්නේ රෝග ලක්ෂණ ආරම්භ වීමට දින දෙකකට පෙර සහ ඉන් දින පහකට පමණ පසුව එම අයගේ ආසාදක තත්ත්වය(රෝග බෝකිරීමේ ඉඩකඩ) වඩාත් වැඩි බවයි.
නව නිර්දේශයන්ට නීතියේ බලයක් නොමැති වුවත් ෆෙඩරල් නිලධාරීන් ඒවා ප්රාදේශීය හා ජනපද මහජන සෞඛ්ය ආයතන සමඟ බෙදා හදා ගන්නා අතර ඔවුහු ප්‍රාදේශීය තත්ත්වයන් සහ අවශ්‍යතා සලකිල්ලට ගනිමින් සිය තීන්දු ගනිති.

CDCය නිකුත් කළ නිර්දේශ මගින් ප්‍රතිරාව නගන්නේ ඇ.එ.ජ. මේ වසරේ ස්තුතිකිරීම් උත්සව සැමරුමට(Thanksgiving Day) සතියකට කලින් නිකුත් කළ උපදෙස්මය. එරට සෑම වසරකම නොවැම්බර සිව්වෙනි බ්‍රහස්පතින්දා සමරනු ලබන මෙම සාම්ප්‍රදායානුකූල උත්සව සමයේ මෙවරත් මිලියන ගනන් ඇමරිකානුවන් මහ මගට පිවිසිය ද මෙවර එළිපහලියට බට අයගේ අඩුවක් දක්නට ලබුණු බව වාර්තාවේ.
“රෝගින්ගේ සංඛ්යාව ඉහළ යනවා. රෝහල් ගතකිරීම් වැඩිවෙනවා. මරනයට පත්වෙන අයත් වැඩියි” වෛද්‍ය වෝල්ක් පෙන්වාදෙයි, ” මෙම ඝාතීය වැඩිවීම නවත්තන්න නම් අප චක්‍රය නැමිය යුතුව තියනව.”
CDC යේ සංචරන සෞඛ්ය ශාඛාවේ ප්‍රධානී සින්ඩි ෆ්රීඩ්මන් පැවසුවේ නත්තල් නිවාඩුවට පෙර එම පණිවිඩය නැවත අවධාරණය කිරීම යහපත් බවයි: “ජනතාවට නිවාඩු කාලය සැලසුම් කිරීමට වැඩි කාලයක් මේ නිසා ලැබෙනවා, ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ ආරක්ෂව සඳහා විකල්පය ගැන සිතන්න සහ අසීරු තීරන ගන්න”. ගමන් බිමන් යන ආසාදිතයන් අතරින් සුළු ප්‍රතිශතයකට පවා “අතිරේක ආසාදන සිය දහස් ගණනක් ඇති කළ හැකිය” වෛද්‍ය ෆ්‍රීඩ්මාන් කියා සිටියි.
නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පත රැස්කර ඇති දත්ත වලට අනුව, මෑත සතියක කාලයක් තුළ රට තුළ නව ආසාදන මිලියනයකට අධික සංඛ්‍යාවක් එකතු වී ඇති හෙයින්, රෝගීන් වේගයෙන් ඉහළ යමින් පවතින අතර , බොහෝ කලාපවල රෝහල් දැනටමත් පිරී ඉතිරී ගොසිනි.

මැයි මස මුල සිට පළමු වරට දෛනික මරණ 2,000 ඉක්මවා ඇති අතර ඇමරිකානුවන් 100,000 කට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් රෝහල් ගත කර ඇත.
“නත්තලට පෙර පවා රෝහල්වල ඉඩක් නොතිබෙන්න පුළුවන්. මන්ද ඔබව රැකබලා ගැනීමට තරම් සෞඛ්‍ය සේවකයින් අප සතුව නොමැති නිසා” යැයි ජනාධිපති ලෙස තේරී පත් වූ ජෝසප් බිඩෙන් පත්කළ කොවිඩ්-19 උපදේශ කමිටුවේ සාමාජික මයිකල් ඔස්ටර්හෝම් පැවසීය. “කරුණාකර නිවස් තුලම රැඳී සිටින්න” හෙතෙම ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියි.