පොළොව මත ගින්න භාවිතයට ගැනීම
මිනිසුන් හිතාමතාම සිය පරිසරය වෙනස් කිරීම සඳහා ප්‍රථමයෙන්ම ගින්න භාවිතා කළේ කවදා දැයි සොයා ගැනීම යනු පාලනයෙන් තොරවූ ගැටලුවකි. අප කලින් ලිපියේ(මෙතැනින් බලන්න) සඳහන් කළ පරිදි, ගින්නක් තමන්ටම මොළවා ගන්නට පුළුවන් වීමට බොහෝ කාලයකට පෙර මිනිසුන් ගින්දර සොයා ගැනීම සහ සංරක්ෂණය කිරීම මගින් ගින්න පාලනය කිරීමට බොහෝ විට සමත් වන්නට ඇත. ගින්නක් මොළවන කාර්යය ගින්න පාලනය කිරීමට වඩා වෙනස් ක්‍රියාවලියක්. අඟුරු තිබූ බව සොයා ගැනීමට ෆොසිල වාර්තා අපට උපකාර වන නිසා ගින්දර තිබූ බව නිගමනය කිරීමට හැකි වුණත් ගින්නක් මෙළවූයේ කෙසේද සහ ගින්නක් මෙළවූයේ ඇයිද යන්න නිර්ණය කිරීමට නොහැකිය. නූතන කාලවලදී පවා මෙය දුෂ්කර විය හැකි බව සැලකිල්ලට ගන්නා විට අතීතයේ ඇති වූ ගින්න සඳහා මෙය සිදු කරන්නේ කෙසේදැයි දැන ගැනීම අතිශයින් දුෂ්කර ය.
මෙම ගැටළුව සඳහා ප්රවේශයන් දෙකක් තිබෙන අතර , දෙකම විදුම් හර අනුක්‍රමයන්ගෙන් අඟුරු විශ්ලේෂණය මත පදනම් වූ ගිනි වාර්තාවලට් සම්බන්ධ වේ.. පළමු ප්‍රවේශය වන්නේ හුදෙක් දේශගුණික විපර්යාස මගින් පමනක් පැහැදිලි කළ නොහැකි වෙනස්කම් තිබේද යන්න සොයා ගැනීම සඳහා ගිනි ක්‍රියාකාරකම් පිළිබඳ දිගුකාලීන වාර්තා පරීක්ෂා කිරීමයි.
An international team of archaeologists has uncovered a large, stone-lined 300,000 yer-old hearth in a cave near the modern city of Rosh HaAyin.
එවැනි ප්‍රවේශයක බරපතල දුෂ්කරතාවයක් වන්නේ ඒ වන විටත් ලැව් ගිනි ඇතිවන වෘක්ෂලතාදිය වෙත මිනිසුන් විසින් ගිනි හඳුන්වා දෙනු ලැබිය හැකි බවයි.. ගින්නක් ඇති වූ විට වසරක් තුළ මිනිසුන් වෙනස් විය හැකි නමුත් එය අඟුරු වාර්තාවේ සටහන්ව නොතිබෙන්නට පුළුවන.
දෙවන ප්‍රවේශය වඩා සාර්ථක වුව ද එම ප්‍රවේශයෙහි විවේචකයන් නොමැත්තේ නොවේ. උදාහරණයක් ලෙස, ඕස්ට්‍රේලියාව වෙත මානව වර්ගයා ඇදී ඒම හා සම්බන්ධ යයි සැලකිය හැකි ගිනි ක්‍රියාකාරකම් වල වෙනස්කම් සලකා බැලීමේදී මෙම දෙවැනි ප්‍රවේශය භාවිතා කර ඇත. ගහ කොළ ගින්නෙන් දවා සිදුකරන ගොවිතැන් ක්‍රමයක්(a fire-stick culture) ඕස්ට්‍රේලියානු ආදිවාසී ජනයා විසින් වර්ධනය කරනු ලැබ ඇති බව අපි දනිමු. තවද, මීට වසර 50,000-60,000 කට පමණ පෙර ඇතිවූ ගිනි ක්‍රියාකාරකම්වල වැඩි වීමට මෙය දායක වූ බව සැලකේ.
දකුණු අප්‍රිකාවේ Witwatersrand විශ්වවිද්‍යාලයේ සහායක මහාචාර්ය සහ අග්නි පාරිසරික විද්‍යා ගවේෂණයන්හි යෙදෙන විද්‍යාඥවරියක වන සැලී ආකීබෝල්ඩ් සහ සගයන් කියා සිටින්නේ මිනිස් වර්ගයා විසින් මෙයට වසර 100,000 පමණ පෙර අප්‍රිකානු මධ්යම ශිලා යුගය වනවිටත් ගින්නෙන් භූ දර්ශන හැඩගස්වමින් තිබුණු බවයි. කෙසේ වෙතත්, භූදර්ශනය වෙනස් කිරීම සඳහා පුළුල් ලෙස ගින්න භාවිත කිරීම පටන් ගත්තේ කවදාද යන්න තීරණය කිරීමේ එක් ක්‍රමයක් වන්නේ අවුරුදු 10,000 කට කෘෂිකාර්මික හා ග්‍රාමීය ජනතාව කෙරෙහි අන්න ගවේෂක- දඩයම් කරුවන්ගේ(hunter-gatherer) වෙනස දෙස බැලීමෙනි . ගොවිතැනේ දියුණුවට ද ජන සංඛ්‍යා ඉහළ යාම හේතුවූ නමුත් මෙය පෘථිවිය ඉතිහාසය ට සාපේක්ෂව සලකන විට මෑත කාලවකවානුවකි.
ගින්නෙන් භූ දර්ශන වෙනස් කිරීම හුදෙක් වනාන්තර එළි පෙහෙළි කිරීමේ, උදාහරණයක් ලෙස හේන් ගොවිතැන සඳහා කැලෑ කපා පුළුස්සා දැමීමේ, ප්‍රතිඵලයක් ලෙස අපට සිතිය හැකිය; කෙසේවෙතත්, ගිනි භාවිතය වඩාත් සියුම් විය හැක්කකි. සමහර අවස්ථාවල ගස්වල ඕක් සහ චෙස්නට් වැනි ඇට වර්ගවල ඵලදාව වැඩි කිරීමට පවා ගින්න භාවිත කෙරේ.
ගිනි භාවිතය හා කළමනාකරණයේ දිගුකාලීන බලපෑම් උතුරු ඇමරිකාවේ ද විශේෂයෙන්ම ස්වදේශික ඇමරිකානු ජනයා බොහෝවිට දඩයම් සතුන් වනයෙන් එලියට ගැනීම සඳහා මතුපිට ගිනි හට ගැන්වූ එහි නිරිතදිග ද දක්නට ලැබේ . එවැනි ක්‍රියාකාරකම් මර්දනය කිරීම, නූතන යුගයේ ගින්න ඇතිවීම හා එහි තිව්‍රතාව කෙරෙහි සැලකිය යුතු මට්ටමක ප්‍රතිවිපාක ඇති කළ අන්දම ගැන අපි පසුව සලකා බලමු.
FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි