
කොවිඩ්-19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ ජල ආයතනයේ ඒකාබද්ධ ප්‍රකාශය
කොරෝනා වයිරස් රෝග (COVID-19) වසංගතයට ප්‍රතිචාරයක් ලෙස එක්සත් ජාතීන්ගේ මහා මණ් ඩල විශේෂ සැසියක් මේ මස මුල නිව්යෝක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්විණ. මෙය. ඊට(විශේෂ සැසිවාරයට) එක්සත් ජාතීන්ගේ ජල ආයතනය (UN-Water) ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළේය. මෙම වසංගතය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවගේ තක්සේරුව සහ සාමූහික ප්‍රතිචාරය අවධානය කිරීමට වේදිකාවක් ඉන් සැපයිණ. මෙම ගෝලීය ගැටළුවෙහි ගැඹුරු හා සංකීර්ණ ස්වභාවය සලකන විට ඒකාබද්ධ ප්‍රතිපත්ති හා වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව ඉස්මතුවේ. ඵලදායී කොවිඩ්-19 එන්නතක් ගෝලීය වශයෙන් ලබා ගත හැකි වන තෙක් මුළු ලෝකයම බලා සිටින මොහොතක වසංගතය පාලනය කිරීම සඳහා ජලය සහ සනීපාරක්ෂාව තවදුරටත් ඉතා වැදගත් වන අතර එය ‘අනාගතය වඩා හොඳින් ඉදිරියට ගෙනයාමට’කේන්ද්‍රීයවේ.

ජලය සහ සනීපාරක්ෂාව යනු ආරක්ෂාවේ පෙරමුණ ගන්නා අංග වන නමුත් ඒවා ලබාගැනීමේ වරම් බිලියන ගණනකට හිමි නැත. කොවිඩ්-19 හි සෞඛ්ය හා සමාජ-ආර්ථික ප්රතිවිපාක නිසා දැඩි ලෙස පීඩාවට පත්වන්නේ දුප්පතුන්ය. මූලික මහජන සෞඛ්‍ය – එනම් ජලය සහ සනීපාරක්ෂක සේවා අංශ තුළ කලක් තිස්සේම ආයෝජන හීනවීමේ ප්රති ඵලයක් ලෙස ඇති වන දරුණු අසමානතාවයන් පැහැදිලිව මෙම අර්බුදය(ගෝලීය වසංගතය) මගින් හෙළි කරනු ලැබ ඇත. ආරක්ෂිත ජලය, සනීපාරක්ෂක හා ස්වස්ථතා පහසුකම් ඇති අයට, වසංගතය හමුවේ නිවසේ රැඳී සිටීමේ සහ භෞතික දුරස්ථභාවය රැකගැනීමේ උපදෙස්, කරදරකාරි නමුත් දරා ගත හැකිය. කෙසේවෙතත්, මෙම අත්‍යවශ්‍ය සේවාවන් සපයා ගත නොහකි අයට නම්, ලොක්ඩවුන් කිරීම ඇත්තටම විනාශකාරී ය. නිදසුනක් වශයෙන්, දෑත් සනීපාරක්ෂාව රැකගැනීම සඳහා පිරිසිදු ජලය සහ සබන් නොමැතිව පසුවන බිලියන 3 ක ජනතාවගේ සෞඛ්යයට හා ආදායම් මාර්ගයට ඇති බලපෑම විනාශකාරී ය. සෞඛ්ය සත්කාරක සේවකයින් සහ අධ්යාපනය සපයන්නන් ආරක්ෂිත පරිසරයක් පවත්වා ගැනීම සඳහා අරගල කළ යුතුවේ. ආහාර අනාරක්ෂිත භාවය තවත් නරක අතට හැරී ඇත. සංක්රමණිකයින්ගේ හා ලොව පුරා අවතැන් වූ මිලියන 79.5 ක අවදානම උග්‍ර අතට හැරී තිබේ.

සැමට ආරක්ෂිත ජලය සහ සනීපාරක්ෂාව සපයා ගැනීමේ හැකියාව තුළින් පොදුවේ සමාජයට — විශේෂයෙන්ම, කාන්තාවනට හා ළමුන්ට විශාල වශයෙන් සෞඛ්ය හා සමාජ-ආර්ථික ප්රතිලාභ ලැබෙනු ඇත. අක්රියවීමේ හෙවත් කළයුත්ත නොකර සිටීමේ පිරිවැය ආයෝජනය කිරීමේ පිරිවැයට වඩා බෙහෙවින් වැඩි වන අතර දුප්පතුන් විසින් එය අසමානුපාතිකව දරනු ඇත. ජලය හා සනීපාරක්ෂාව සඳහා ප්රවේශය මානව අයිතියකි. ‘කිසිවෙකුත් නොසලකා නොහරින්න’ යනු සටන් පාඨයක්ම පමණක් නොවේ – එය ගෝලීය කැපවීමකි – එහි මූලික අංගයක් වනුයේ මූලික මානව හිමිකම් නොමැතිව ජීවත්වන අවදානමට ලක්විය හැකි ජනතාව හමුවේ ඇති මහජන සෞඛ්ය අර්බුදය විසඳීමයි.
වඩා හොඳින් ඉදිරියට යාම ආරම්භ කළ යුත්තේ ජලය සහ සනීපාරක්ෂාව සුරක්ෂිත කිරීමෙනි
ලෝකයේ ඕනෑම රටක ජල හා සනීපාරක්ෂක සේවා ප්රමාණවත් නොවීම, සෑම දෙනාගේම ගැටලුවක් බවට ඉක්මනින්ම පත්විය හැකිය. අප යථා තත්ත්වයට පත්වීමට වෙරදරද්දී ජලය හා සනීපාරක්ෂාව තුළින් අනාගතයේ යළි යථාතත්ත්වයට පැමිණීම නැතිනම් ප්‍රත්‍යාස්තිථිය ගොඩනගා ගත යුතුය. එසේ නොවුවහොත්, අපි වෙනත් වසංගතයකට ගොදුරු විමේ අවදානම දැරිය යුතුවේ.

ලොව පුරා ආර්ථිකයන් නැවත ගොඩනැංවීම සඳහා ඩොලර් ට්‍රිලියන ගණනක් වැය වන පසුබිමක, පානීය ජලය, සනීපාරක්ෂාව සහ ස්වස්ථතා යටිතල පහසුකම් සහ සේවාවන් වෙනුවෙන් ආයෝජනය කිරීමේ අවශ්‍යතාව පැහැදිලිය. නාගරික ප්‍රදේශවල, මූලික සනීපාරක්ෂාව සඳහා ආයෝජනය කරන සෑම ඩොලරයක්ම (ඇමරිකානු ඩොලර්) වෛද්‍ය වියදම් අඩුකිරීමෙ සහ ඵලදායිතාවය ඉහළ දමීමේ දී ඇ.ඩො. 2.5ක ප්‍රතිලාභ සහ පානීය ජල ආයෝජන මත ආයෝජනය සඳහා ප්‍රතිලාභ ඇමරිකානු ඩොලර් 3.0 ක සාමාන්‍යයක් ලැබෙතැයි තක්සේරු කෙරේ.
කෙසේ වෙතත් පානීය ජලය, සනීපාරක්ෂාව සහ සවස්ථතාවව සඳහා ප්‍රවේශය තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. කෘෂිකර්මාන්තය හා නගර වර්ධනය හරහා හරහා ඇතිවන ඉහළ යන ඉල්ලුම සහ ජල මූලාශ්‍ර දූෂණය හා දේශගුණික අවිනිශ්චිතතා හේතුවෙන් අප අවදානම් රැසකට මුහුණ දෙන්නෙමු. අප විසින් අනුගමනය කළ යුත්තේ ජල සම්පත් තිරසාරව කළමනාකරණය කරන අතරම අවදානම් සහිත සංවර්ධනයක් කරා යාමේ පිළිවෙතකි. අත්‍යවශ්‍යවන ජල සහ සනීපාරක්ෂක යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කිරීම ගෝලීය වසංගත ඇතුළු අනාගත ආපදා අවදානම් අවම කර ගැනීමට උපකාරී වේ.
මෙම වටිනා සම්පත් හා ඒවා ජනනය කරන පරිසර පද්ධති සාධාරණව හා තිරසාරව කළමනාකරණය කිරීමෙන් අප ජල සැපයුම් ආරක්ෂා කළ යුතුය. ඒ අතරම, වඩාත් කාර්යක්ෂම ජල භාවිතය දිරිමත් කරන පද්ධති සහ පිරිපහදු කළ අපජලය ආරක්ෂිතව හා තිරසාර ලෙස නැවත භාවිතා කිරීම, ඉදිරියේ ඇතිවිය හැකි ජල හිඟය සහ ආහාර අනාරක්‍ෂිතතාව සම්බන්ධයෙන් සාර්ථකව ගනුදෙනු කිරීමට අපට උපකාරී වනු ඇත.
තිරසාර සංවර්ධන ඉලක්ක 6(SDG 6) වෙනුවෙන් අපේ කැපවීම
මනුෂ්‍යයන් වශයෙන් අප හවුලේ මුහුණපාන අවදානම සහ පොදු ඉරණම කොවිඩ්-19 මගින් අපට මනාව පැහැදිලි කරයි. මෙම අසාමාන්‍ය සිදුවීම 2030 වන විට ජලය සහ සනීපාරක්ෂාව සහ අනෙකුත් සියලුම තිරසාර සංවර්ධන ඉලක්කා ළඟා කරගනිමින් නැවත යථා තත්ත්වයට පත්වීම ඇතුළුව ‘වඩා හොඳින් ඉදිරියට යාමට’ වටිනා අවස්ථාවක් ලබා දෙයි.

එක්සත් ජාතීන්ගේ පද්ධතිය ගෝලීය වේගවත් කිරීමේ රාමුව(Global Acceleration Framework) දියත් කර ඇත්තේ මේ නිසාවෙනි. ඒ සඳහා රාජ්‍යයන්, සිවිල් සමාජ, පෞද්ගලික අංශය සහ එක්සත් ජාතීන්ගේ සමස්ත පද්ධතියම පෙළ ගැසිය යුතුය.
රාමුව වේගවත් කිරීමට මෙලෙස කැපවන (ඉහත දක්වන ලද) පාර්ශව පහ තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය හරහා කඩිනම් ප්‍රගතියක් ලබා දෙනු ඇතැයි අපේක්ෂිතයි.

මෙම රාමුව තුළ, එක්සත් ජාතීන්ගේ ජල සාමාජිකයින් සහ හවුල්කාර පාර්ශව , අත් සනීපාරක්ෂාව සහ දේශගුණික විපර්යාස පිළිබඳ නව මුල පිරීම් දියත් කිරීම, අපජලය පිළිබඳ නව ප්‍රවේශයන් මෙහෙයවීම, ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය ශක්තිමත් කිරීම සහ ඉඩම් හා සෞඛ්‍යය අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීම වශයෙන සිය කටයුතු වේගවත් කරමින් සිටී. මේ සියලු උත්සාහයන් සහ තවත් බොහොමයක් කාරණා තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම වෙත අපව සමීප කරවයි. මෙම න්‍යාය පත්‍රය සාක්ෂාත් කර ගැනීම, වසංගතයට පෙර ද තීරණාත්මක සාධකයක් විය. දැන්, සෞඛ්‍ය සම්පන්න, සාධාරණ හා තිරසාර අනාගතයක් සඳහා අපගේ හොඳම බලාපොරොත්තුව එයයි.
එහෙයින්, ඵලදායී එන්නතක් අපේක්ෂාවෙන් ලෝකයම බලා සිටින මේ මොහොතේ, ආණ්ඩු, එක්සත් ජාතීන්ගේ පද්ධතිය සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ ජලය, සනීපාරක්ෂාව ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙසයි. ලෝකය වඩා හොඳින් ඉදිරියට යාම පිණිස වසංගතය පාලනය කර ගැනීම සහ දිගු කාලීනව ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කර ගැනීම ඉතා වැදගත් වේ.
UN-Water.org හි පළවූ UN-Water Joint Statement: 31st Special Session of the General Assembly in response to the COVID-19 pandemic යන ලිපිය ඇසුරෙනි