කොරෝනා ප්‍රථම එන්නත ක්‍රියා කරන අන්දම

Posted by

ජර්මානු සමාගමක් වන බයෝ එන්ටෙක්, ෆයිසර් සමාගම සමඟ හවුල් වී BNT162b2 නමින් හැඳින්වෙන කොරෝනා වයිරස් එන්නතක් නිපදවා  සිදු කළ සායනික පරීක්ෂණයකින් හෙළි වූයේ කොවිඩ් -19 වැළැක්වීම සඳහා එන්නතෙහි කාර්යක්ෂමතා අනුපාතය සියයට 95 ක් බවයි. මේ එන්නත දැන් භාවිතයට ගැනෙමින් පවතී. මේ ලිපියෙන් අපේක්ෂා කෙරෙන්නේ  වැක්සිනයක් ක්‍රියා කරන ආකාරය BNT162b2 ආශ්‍රයෙන් විමසීමයි.

කොරෝනා වයිරසයේ කොටසක්

මිනිස් සෛල තුළට ඇතුළු වීමට භාවිතා කරන ප්‍රෝටීන වලින්-CoV-2 වෛරසය සමන්විතව ඇත. මෙම ඊනියා  ‘ශුකි’  නැතිනම් කූරු  ප්‍රෝටීන(spike proteins),  එන්නත් ප්‍රතිකාරය සඳහා එල්ල කරගත හැකි කදිම ඉලක්කයන්ය. ඇ.එ.ජ. නිපදවා ඇති මෝඩර්නා එන්නත මෙන්ම, ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත ද මෙකී ශුකි ප්‍රෝටීන සෑදීම සඳහා වෛරසයට අවශ්‍ය කරන ජානමය උපදෙස් වෙනස් කිරීමට ඇති හැකියාව මත පදනම් වේ.

තෛලමය කවචයක් තුළ mRNA

ප්‍රෝටීන සෑදීම සඳහා අපගේ සෛල කියවීමට අවශ්‍ය ජානමය ද්‍රව්‍ය වන mRNA යනුවෙන් හඳුන්වන දූත ආර්එන්ඒ(messenger RNA)  මෙම එන්නතේදී භාවිතා වෙයි. mRNA  යනුවෙන් හැඳින්වෙන මේ අණුව බිඳෙන සුලු හෙවත් භංගුර ස්වභාවයෙන් යුක්ත  වන අතර එය ශරීරයට කෙලින්ම එන්නත් කළ හොත් අපගේ ස්වාභාවික එන්සයිම මගින් එය කැබලි කර දමනු ඇත. එනිසා සිය  එන්නත ආරක්ෂා කර ගැනීම සඳහා ෆයිසර් සහ බයෝ එන්ටෙක් විසින් නැනෝ ලිපිඩ අංශුවලින් සාදන ලද තෙල් සහිත බුබුලු වල අර කී mRNA අණු ඔතා තිබේ.

එම ආවරණයේ අස්ථාවරත්වය නිසා කාමර උෂ්ණත්වයේ දී mRNA අණු ඉක්මනින් කැබලිවලට වෙන්වී යයි. එහෙයින්,  ෆයිසර් සමාගම විසින් වියළි අයිස්, තාප සංවේදක සහ ජීපීඑස් අන්වේක්ෂණ  තාක්ෂණය(GPS trackers) සහිත විශේෂ බහාලුම් සකසා ඇත්තේ  එන්නත් ශක්‍රීයව පැවතීම සහතික කරණු සඳහා ෆැරන්හයිට් අංශක සෘන 94 ක(-94) උෂ්ණත්වයෙන්  එන්නත් ප්‍රවාහනය කළ හැකිවන පරිදිය.

සෛලයකට ඇතුල් වීම

එන්නත් කිරීමෙන් පසුව, එන්නත් අංශු සෛල තුළට මුදා හැරී ඒවා තුළ මුසුවී mRNA නිකුත් කරයි. සෛලයේ අණු එහි ජාන අනුක්රමය කියවා ස්පයික් (ශුකි) ප්රෝටීන සාදයි. එන්නතෙන් ලැබෙන mRNA අවසානයේ සෛලය මගින් විනාශ වී යනු ලබන්නේ   ස්ථිර  හෝඩුවාවක් ඉතිරි නොකරය. 

එන්නතට ලක් වූ සෛලයක්

සෛල මතුපිටට සංක්රමණය වන මේ ස්පයික් ප්රෝටීන සමහරක්, ඒවායේ තුඩු එලියට අදියි. එන්නත් කරන ලද සෛල විසින්ද ඉන් සමහරක් ප්රෝටීන කැබලිවලට කඩා දැමීම සිදු කරනු ලබයි. මෙම නෙරා ඇති ස්පයික්  සහ ස්පයික් ප්රෝටීන කොටස් ප්රතිශක්තිකරණ පද්ධතිය මගින් හඳුනාගත හැකිය.

අනවසරයෙන් ඇතුල්වෙන්නා හඳුනාගනීම

එන්නත් කරන ලද සෛලයක් මිය ගිය විට,  එහි සුන්බුන් අතරේ බොහෝ ස්පයික් ප්රෝටීන සහ ප්රෝටීන් කොටස් අඩංගු වන අතර ඒවා ප්‍රතිදේහ නිකුත්වන සෛලයක් ලෙස ලෙස හඳුන්වන ප්රතිශක්තිකරණ සෛලයකට හසුකරගත හැකිය.

ස්පයික් ප්රෝටීන වල කොටස් සෛලය මතුපිටට පැමිණි විට උපකාරක ටී-සෛල ලෙස හැඳින්වෙන අනෙකුත් සෛල මෙම කොටස් හඳුනාගතී. එවිට උපකාරක ටී සෛලවලට අනතුරු ඇඟවීම සිදු කළ හැකි අතර ඒ අනුව ආසාදනයට එරෙහිව සටන් කිරීමට වෙනත් ප්රතිශක්තිකරණීය සෛල උපයෝගී කර ගැනීම සිදුවේ.

ප්‍රතිදේහ සෑදීම

මේ අතර බී-සෛල ලෙස හැඳින්වෙන ප්‍රතිශක්තිකරණ සෛල, එන්නත් කරන ලද සෛල මතුපිට ඇති කොරෝනා වයිරස් ස්පයික්  සහ ප්‍රෝටීන් කොටස් වලට ගැටෙයි. බී සෛල කිහිපයකට ස්පයික් ප්‍රෝටීන වලට පූට්ටු විය  හැකිය. මෙම බී සෛල උපකාරක ටී-සෛල මගින් සක්‍රිය කරන්නේ නම්, ඒවා ස්පයික් ප්‍රෝටීන ඉලක්ක කරගත් ප්‍රතිදේහ බහුලව නිපදවීමට හා එල්ල කිරීමට  පටන් ගනී.

වෛරසය නැවැත්වීම

මේ ප්‍රතිදේහ වලට කොරෝනා වයිරස් ස්පයික්වලට ඈලී  සිටිමින් වෛරසය විනාශය සඳහා සලකුණු කළ හැකි  අතර වෙනත් සෛලවලට ස්පයික් ඈඳීම අවහිර කිරීමෙන් ආසාදනය වැළැක්විය හැකිවේ.

ආසාදිත සෛල විනාශ කිරීම

මේ ප්‍රතිදේහජනක- සෛල වලට ඝාතක T සෛලයක්  ලෙස හැඳින්විය හැකි තවත් වර්ගයක ප්‍රතිශක්තිකරණ සෛල සක්‍රීය කිරීමට ද හැකිය.

වෛරසය මතක තබා ගැනීම

ෆයිසර්-බයෝඑන්ටෙක් වැක්සිනයට  මාත්‍රා දෙකක් අවශ්‍ය වන අතර කොරෝනා වෛරසයට  එරෙහිව සටන් වැදීම පිණිස ප්‍රතිශක්ති පද්ධතිය ප්‍රමණාවත් අයුරින් සූදානම් කිරීමට  දින 21 ක කාලයක් තුළ ඒ දෙකම ලබා දිය යුතුව ඇත. නමුත් එන්නත ඉතා අළුත් බැවින් පර්යේෂකයෝ  එහි ආරක්ෂාව කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි තවමත් නිශ්චිතව  නොදනීති.

ඖෂධය සේ පෙණෙන එහෙත් ඖෂධයක් නොවන ප්ලැසිබෝ ලබා ගන්නා පුද්ගලයින් හා සසඳන විට පළමු මාත්‍රාවෙන් දින 10 කට පමණ පසු එන්නත ප්‍රබල ආරක්ෂාවක් ලබා දෙන බව මූලික අධ්‍යයනයකින් හෙළි විය.

පළමු මාත්‍රාවෙන් පසු…

එන්නත් කිරීමෙන් පසු ගතවන මාස ​​කිහිපය තුළ ප්‍රතිදේහ සහ ඝාතක ටී සෛල ගණන පහත වැටෙනු ඇත. නමුත් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ මතක බී-සෛල හා මතක ටී-සෛල යනුවෙන් දැක්වෙන  විශේෂ සෛල ද  අඩංගු වන අතර ඒවායින් වසර හෝ දශක ගණනාවක් තිස්සේ පවා කොරෝනා  වයිරසය පිළිබඳ ප්‍රතිශකතිකරණ තොරතුරු රඳවා ගත හැකිය.

සකස් කිරීම සහ එන්නත්ගත කිරීම

එන්නතෙහි සෑම කුප්පියකම මිලි ලීටර් 0.3 ක මාත්‍රා 5 ක් අඩංගු වේ. එය  එන්නත කිරීමට පෙර දියකර සේලයින් සමඟ තනුක කළ යුතුය. තනුක කිරීමෙන් පසු කුප්පිය පැය හයක් තුළ භාවිතා කළ යුතුය.

ලන්ඩනයේ රාජකීය නිදහස් රෝහලේ එන්නත තනුක කරන ලද කුප්පියක්.

එන්නත නිෂ්පාදනයේ කතාව

2020 ජනවාරි: කොරොන වයිරසය චීනයේ සිට ගෝලීය වසංගතයක් දක්වා ව්‍යාප්ත වනු ඇති බවට බයෝ එන්ටෙක් සමාගමේ ආරම්භකයකු වන වෛද්‍ය උගුර් සහින්ට ඒත්තු ගැන්වීමෙන් පසු 2020 ජනවාරි, බයෝඑන්ටෙක් එන්නතක් නිපදවීම  සඳහා වැඩ ආරම්භ කරයි.

මාර්තු:  බයෝ එන්ටෙක් සහ ෆයිසර් සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වේ.

මැයි: සමාගම් විසින් mRNA  එන්නතක අනුවාද දෙකක් මත අදියර 1/2 අත්හදා බැලීමක් දියත්කළේය. BNT162b2 ලෙස හැඳින්වෙන එක් අනුවාදයක අතුරු ආබාධ අඩු විය.

පළමු අත්හදා බැලීමේ සහභාගිවන්නන්ට ජර්මනියේ එන්නත ලබා දිණ.

ජුලි 22:  ඇ. එ. ට්‍රම්ප් පරිපාලනය විසින් මාත්‍රා මිලියන 100 ක් සඳහා ඩොලර් බිලියන 1.9 ක කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කෙරිණ. ඒ, එරට ආහාර හා ඖ ෂධ පරිපාලනය(FDA) විසින් එන්නත අනුමත කරන්නේ නම් තවත් මාත්‍රාවන් මිලියන 500 ක් ලබා ගැනීමේ විකල්පයක් ද  සහිතවය.

ජූලි 27:  සමාගම් එක්සත් ජනපදයේ සහ ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ ජර්මනිය ඇතුළු වෙනත් රටවල ස්වේච්ඡා දායකයන් 30,000 ක් සම්බන්ධකර ගනිමින් අදියර 2/3 අත්හදා බැලීමක් දියත් කරයි.

සැප්තැම්බර් 12 ෆයිසර් සහ බයෝටෙක් ආයතනය තම එක්සත් ජනපද අත්හදා බැලීම ස්වේච්ඡා දායකයන් 44,000 ක් දක්වා ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන බව නිවේදනය කරයි

උගුර් සහින්

නොවැ. 9: මූලික දත්ත වලට අනුව ෆයිසර් එන්නත සියයට 90 කට වඩා ඵලදායී වන අතර බරපතල අතුරු ආබාධ නොමැති බව දැක්වින. අත්හදාබැලීමේ අවසාන දත්ත වලින් පෙනී යන්නේ කාර්යක්ෂමතා අනුපාතය සියයට 95 ක් බවයි.

නොවැ. 20: ෆයිසර් විසින් (FDA) වෙතින් හදිසි භාවිත අවසරයක් ඉල්ලා සිටී.

දෙසැම්බර් 2: බ්‍රිතාඥය ෆයිසර් සහ බයෝ එන්ටෙක් එන්නත සඳහා හදිසි භාවිත අවසරයක් ලබා දෙන අතර කොරෝනා වයිරස් එන්නතකට එවැනි අනුමැතියක් ලබා දුන් පළමු බටහිර රට බවට පත්විය.

දෙසැම්බර් 8: අවදානමමට මුහුණ පා සිටින බ්‍රිතාන්‍යයේ  සෞඛ්‍ය සේවා සේවකයින් සහ වයස අවුරුදු 80 ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් ලබා දෙන ලද අතර පළමු දිනයේදී එන්නත ලබා ගත් පළමු පුද්ගලයින් අතර විලියම් ෂේක්ස්පියර් ද සිටී.

දෙසැම්බර් 9:  කැනඩාව ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත සඳහා පූර්ණ අනුමැතිය ලබා දෙයි.

දෙසැම්බර් 10:  FDA ෆයිසර්-බයෝටෙක් එන්නත සඳහා හදිසි අවසරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විවෘත සැසියකදී රැස්වනු ඇත.

දෙසැම්බර් 11:  FDA ෆයිසර්-බයෝටෙක් එන්නත සඳහා හදිසි අවසරය ලබා දුණි.

දෙසැම්බර් 31: ෆයිසර් විසින් වසර අවසාන වන විට මාත්‍රාව මිලියන 50 ක් දක්වා ද 2021 දී මාත්‍රාව බිලියන 1.3 ක් දක්වා ද නිපද වීමට අපේක්ෂා කරයි. එන්නත ලබාගත් සෑම පුද්ගලයෙකුටම මාත්‍රා දෙකක් අවශ්‍ය වේ.

ෆයිසර් සහ මෝඩර්නා එන්නත් 2021වසන්තයේ දී විශාල පරිමාණයෙන්  ව්‍යාප්ත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

The New York Times හී පළවූ  How the Pfizer-BioNTech Vaccine Works යන ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.