ජීවිතය ගැන කියන බලගතු කේන්දරය: වර්ණදේහ(chromosomes) යනු කුමක්ද?
සතුන් හා ශාක වල, එක් එක් සෛලයක ඇති ඩීඑන්ඒ ප්‍රමාණය අති විශාල බැවින් එය වර්ණදේහ ලෙස හඳුන්වන X හැඩැති පොදි(පොට්ටනි) වලට දක්ෂ ආකාරයෙන් ඇසුරුම් කළ යුතුය. මෙම ව්‍යුහයන් මගින් ඩීඑන්ඒ(DNA), දඟර ගැසීම හා නැමීම සිදු කරන බැවින් කේතයේ සියලුම වැදගත් කොටස් වලට සෛලයට ප්‍රවේශ වීමට ඉඩ සැලසුව ද, එයට වැඩි ඉඩක් අවශ්‍ය වන්නේ නැත. එය(ඩීඑන්ඒ), වර්ණදේහවල එතී නොතිබුණේ නම්, විද්‍යා ඥයින් සිතන්නේ එක් මිනිස් සෛලයක ඇති ඩීඑන්ඒ මීටර් 1.5 ට වඩා දිගු විය හැකි බවයි(මිනිස් සිරුරේ සාමාන්‍යයෙන් සෛල ට්‍රිලියන ගණනක් ඇති බව මෙතැනදී මතක් කර ගැනීම වටී. නවතම (2019) තක්සේරු අනුව විද්‍යාඥයන් තීරණය කරන්නේ සාමාන්ය මිනිස් සිරුරක දල වශයෙන් සෛල ට්‍රිලියන 37.2ක් ඇති බවයි. මෙම ප්‍රමානයට වඩා ඔබගේ සිරුරේ වැඩියෙන් හෝ අඩුවෙන් සෛල තිබිය හැකි අතර එය රඳා පවතින්නේ ඔබේ සිරුර සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ සිරුර හා සැසඳෙන අන්දම අනුවය. — සංස්කාරක).

මනුෂ්‍යයන් වන අප තුළ, අපගේ සමස්ත ජාන කේතය වර්ණදේහ 23 ක් පුරා පැතිර ඇත. අප සෑම කෙනෙකුම අපේ මවගෙන් 23 ක කට්ටලයක් සහ පියාගෙන් 23 ක තවත් කට්ටලයක් උරුම කර ගනිමු, එබැවින් සෑම සෛලයකම වර්ණදේහ 46 ක් අඩංගු වේ. වර්ණදේහ වැඩිපුර හෝ අඩු වර්ණදේහ සමඟ මිනිසුන් උපත ලබන විට, එය සෞඛ්‍ය ගැටලු ඇති කළ හැකිය.
(නිදසුනක් වශයෙන්, ඩවුන්ගේ සින්ඩ්රෝමය(Down’s Syndrome) ඇති පුද්ගලයින්ට වර්ණදේහ කට්ටල ජෝඩුවක් වෙනුවට , වර්ණදේහ 21ක් සහිත කට්ටල තුනක් ඇත).
ලිංගික වර්ණදේහ වෙනස් වේ. එකක් X ලෙසද තවත් ය් ලෙසද හැඳින්වේ. පිරිමින්ට, X සහ Y එකකින් එක පිටපත බැගින් ඇති අතර කාන්තාවන්ට X පිටපත් දෙකක් ඇත. ශුක්රාණුවක්, ඩිම්බයක් සමඟ විලයනය වන විට, නව සෛලයට දෙමාපිය එක් එක් අයගෙන් සෑම වර්ණදේහයකින්ම එක බැගින් ලැබේ. එබැවින්, X වර්ණදේහ දෙකක් (ගැහැණු) සහිතව හෝ එක් X සහ එක් Y (පිරිමි) සහිතව එයට යුගල 23 ක් හෝ වර්ණදේහ 46 ක් ඇති වනු ඇත. විවිධ ජීවීන්ගේ සෛලවල ජාන හා වර්ණදේහ විවිධ සංඛ්‍යාවක් තිබෙන්නේය. . මදුරුවන්ට ඇත්තේ වර්ණදේහ හයක් පමණක් වන අතර, ‘ඇඩර් සර්පයාගේ දිව’ ලෙස හඳුන්වන එක්තරා මීමන හෙවත් පර්ණාංග වර්ගයකට 1000 කට වැඩියෙන් ඇත.

ඉහළ බුද්ධිය හෝ අතිශයින්ම සමාජ විරෝධී හැසිරීම වැනි ඇතැම් චරිත ලක්ෂණ සමඟ ජාන ඉතා සුළු සංඛ්යාවක් සම්බන්ධ යයි අදහස් කරන්නේ වී නමුත් ඊට ඇති සාක්ෂි සීමිතය. ඊට වඩා වැඩියෙන් ඉඩ කඩ ඇත්තේ අපගේ පෞරුෂයට බලපෑම් කිරීම සඳහා බොහෝ ජාන ඒකාබද්ධව ක්රියා කිරීමටය. එමෙන්ම, අපගේ ජීවිතයේ අත්දැකීම් සහ සිදුවීම් මගින් ද අපගේ මොළය ක්රියා කරන ආකාරය හැඩගස්වනු ලබයි.
සෑම පුද්ගලයෙකුගේම ඩීඑන්ඒ අනුක්රමය අද්විතීය වුවද, එහි විශාල කොටස් මිනිසුන් මිනිසුන් අතර සහ සතුන් අතර ද සමාන වේ. අපේ ජෙනෝමයෙන්(ජෙනෝමය ගැන දැනගන්න 11/24 දා thathu.com බලන්න) සියයට 95 ක් පමණ චිම්පන්සියෙකුට සමාන වන අතර සියයට 25 ක් මිදි ගෙඩියකට සමාන වේ.
තනි පුද්ගලයින් අතර ජාන විචල්‍යතාවයේ ප්‍රමාණය ඉතා කුඩාය — ඔබ පුද්ගලයන් දෙදෙනෙකු සංසන්දනය කළහොත් භස්ම යුගල(base pairs) බිලියන තුන අතුරෙන් හුදෙක් 0.1% ක වෙනසකි. එහෙත් මෙම විචල්‍යයන්, අසීමිත ප්‍රතිභාසයන්ට මග පාදයි. කාරණා තවදුරටත් සංකීර්ණ කරමින්, (සාපේක්ෂව නව ක්ෂේත්‍රයක් වන) අපිප්‍රවේණිය හෙවත් අපිප්‍රවේණි විද්‍යාව(epigenetics) එන්ට එන්ටම පෙන්නුම් කරන්නේ අපගේ ජීවිත කාලය පුරාම විවිධ කාලවලදී අපගේ ජාන වෙනස් ආකාරයකින් ප්‍රකාශයට පත්විය හැකි බවයි — එනම්, සක්රිය හා අක්රිය කළ හැකි බවයි. මෙහි තේරුම වන්නේ අපගේ ජාන ක්රියා කරන ආකාරය, අප මුලින් ඒ ගැන සිතුවාට වඩා සංකීර්ණය යන්නය.

එන්න මගේ පිය මිතුරෝ…
ඔබ මේ ගැන නෑ හිත මිත්‍රාදීන්ට කරුණු පැහැදිලි කර දීමට යන්නේ නම් පහත දක්වෙන දෑ ද උපයෝගී කරගන්න.
1. ඔබේ ඩීඑන්ඒ අද්විතීයයි

ඩීඑන්ඒ යනු ජීවීන්ට, තමුන් ගොඩහගා ගැනීමට හා නඩත්තු කරගැනීමට උවමනා උපදෙස් අඩංගු ඉතා දිගු කෙඳිවේ. සියලුම ජීවීන්ට, තමන්ටම අනන්යවන හෙවත් අද්විතීයවන ඩීඑනේ රැහන් සෑම සෛලයකම ඇත. ඒවා ඔවුන්ගේ ජෙනෝම ලෙස හැඳින්වෙන ඉතා දිගු කේතයක් සාදයි.
2. සෛල මගින් ජාන කියවනු ලැබේ.

ජීවියෙකුගේ ජෙනෝමවල යම් කොටස් මගින් සමහර දේවල් ඉටු කරනු ලැබේ. මෙම කොටස් ජාන ලෙස හැඳින්වේ. සෑම සෛලයකටම ජානවල ලියා ඇති කේතය ‘කියවිය’ හැකි අතර, එයට(සෛලයට) අවශ්ය සියලුම රසායනික ද්රව්ය තැනීමට එය භාවිත කරනු ලැබේ.
3. ඩීඑන්ඒ පවතින්නේ වර්ණදේහවලය.

සෑම සෛලයක් තුලම වර්ණදේහ යනුවෙන් නම් කරන ලද ඇසුරුම්වල ඩීඑන්ඒ බහා ඇත. . අපට මවගෙන් වර්ණදේහ 23 ක් ද පියාගෙන් වර්ණදේහ 23 ක් ද උරුම වේ. අපේ දෙමාපියන් අපට උරුම කර දෙන්නේ කුමණ ඒවා ද යන්න මත, අපේ පෙණුම කෙබඳු වේ ද යන්න, අපටට කෙබඳු රෝගාබාද වැළඳේ යන්නද සහ අපේ පෞරෂවයේ හා චර්යාවේ ඇතැම් අංග ද පවා අතුළුව බොහෝ දේ තිරනය වේ.
.
BBC Focus magazine collection volume 5 – The Ultimate Guide to your Genes යන ග්‍රන්ථය ඇසුරෙන් සැකසිණ