කොවිඩ් දෙවන රැල්ලට එරෙහිව ලොව පුරා සටනේ පාඩම්

Posted by

කොවිඩ් දෙවන රැල්ලට එරෙහිව ලොව පුරා සටනේ පාඩම්

උතුරු අර්ධගෝලය ශීත සෘතුව කරා ගමන් කරමින් සිටිනා මෙ අවස්ථාවේ යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරස් අනුපාතය ඉහළ යමින් පවතී. රෝහල් සහ අනෙකුත් සෞඛ්‍ය පහසුකම් මත කොවිඩ්-19 සහ ඉන්ෆ්ලුවෙන්සාව බරපතල පීඩනයක්  ඇතිකරන  නිසා විශේෂඥයන් අනතුරු හඟවන්නේ  දිගු ශීත කාලය අසීරු වකවානුවක් වන බවටයි. දෙවන රැල්ල විසින් ඉදිරිපත් කරන ලද අභියෝගයනයට ප්‍රතිචාර වශයෙන්, යුරෝපීය රටවල් සහ එක්සත් ජනපදයේ  බොහෝ ආණ්ඩු සංචලනය, පුද්ගලයින් හමුවීම, වැඩ කිරීම, පාසල් අධ්‍යාපනය, සාප්පු සවාරි, ආගන්තුක සත්කාර සහ විනෝදාස්වාදය සඳහා විවිධ සීමා කිරීම් පනවමින් ජනතා ක්‍රියාකාරකම් අවහිර කිරීමකට හෙවත් ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයකට ප්‍රවිෂ්ටව තිබේ.

මෙම පියවර මගින් මහා වසංගතය යම් අන්දමකට සීමා කිරීමට හැකිවුනත් සමාජයට හා ආර්ථික ජීවිතයට විශාල බරක් දැරීමට සිදුවන බව පළමු රැල්ලෙන් අපි දැක ඇත්තෙමු. මාස හතරකට ආසන්න කාලයක් වසා දමා තිබූ  ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වැනිව  රටවල් හෝ ප්‍රදේශ දීර්ඝ  කාලයක් ලොක්ඩව්න්  කළ විට, මුව ආවරණ පැළඳීමේ නියෝග තදින්ම ක්‍රියාවට නැංවීම,  රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය, පාසල් වසා දමීම, දැඩි ගමන් සීමාවන් සහ මේවා දැඩි සේ නිරීක්ෂනය යන පියවර ගන්නා විට ආතුරයන් සංඛ්‍යාව බින්දුවට ආසන්න වනතෙක් අඩු කර ගත හැකිවේ.

එහෙත්,  වෙනත් ක්‍රමයක් ඇත්තේ නැද්ද? ගෝලීය වසංගතයට මාස දහයක් ගෙවී ගොස් ඇති අවස්ථාව වන  විට, අප උගෙනගෙන ඇත්තේ කුමක්ද සහ අප සැමගේ මෙවලම් කට්ටල අතරේ අපට ඉතිරිව ඇති වෙනත් ක්‍රියාමාර්ග මොනවාද?

මහා පරිමාණ පරීක්ෂණ

දිනකට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 100 කටත් වඩා අඩුවෙන්  සිටින චීනය, වසංගතයේ පළමු රැල්ල පාලනය කර ඇති අතර, දැන් නව පොකුරක් දිස්වන සෑම විටම බහුලව පරීක්ෂණ  කරන ක්‍රමෝපායක් භාවිතා කරයි. මෙය මැයි මාසයේදී වුහාන් (මිලියන 11 ක නගරයක්) සහ ඔක්තෝම්බර් මාසයේදී කිංඩාඕ සහ කෂ්ගර් නගරවල සාර්ථකව ක්‍රියාත්මක කරනු ලැබින.

වරකට සාම්පල පහක හෝ දහයක කණ්ඩායම්  බැගින් වූ පීසීආර් (පොලිමරේස් දාම ප්‍රතික්‍රියා- PCR) පරීක්ෂාව භාවිතා කරමින්  සහ කණ්ඩායම් පරීක්ෂාවේ දී  ධනාත්මක බව  පෙණීගියොත් නැවත  තනි තනි සාම්පල පරීක්ෂා කිරීමට යොමුවෙමින් මෙය කාර්යක්ෂමව සිදු කර ඇත.  මෙම ප්‍රවේශයේ තාර්කික ස්වභාවය  වන්නේ , තමන් ආසාදනය වී ඇති බව නොදැන සිටි පුද්ගලයින් සොයා ගෙන  ඔවුන්ට හුදකලා වීමට උපදෙස් දීමට හැකිවීම නිසාවෙන්  සම්ප්‍රේෂණය අඩු කරගැනීමට හැකිය යන්නයි.

China Appears to Have Tamed a Second Wave of Coronavirus | Time
PCR testing

SARS අභියෝගයට මුහුන්දුන්  ජනතාවක්  ආරක්ෂා කිරීම සඳහා චීන බලධාරීන් කඩිනමින්  ක්‍රියා කර ඇති අතර ඉන් අනතුරුව  ගෝලීය වසංගතයක් පාලනය කිරීම බැරෑරුම් කාර්‍යයක් ලෙස සලකන්නේ  මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට ඉහළ මට්ටමක අනුකූලතාවයක් පෙන්නුම් කරමිනි. මුව ආවරණ පැළඳීමට මිනිසුන් කැමැත්තෙන්ම ඉදිරිපත්වන  අතර වෙනත් මැදිහත්වීම් පිළිගනු ලබන්නේ,  පුද්ගල නිදහස කැපකර ගනිමින්  වැඩි දෙනාගේ පොදු  යහපත සඳහා වූ යොමුවීමේම  කොටසක් ලෙස .  රජය නීතිය තදින් ක්‍රියාවට නංවන අතර නීති රීති අනුගමනය නොකරන පුරවැසියන්ට ඇතැම් විට ඩ්‍රෝනා යානා යොදවා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයෙන් තරවටු කරනු ලබේ.

Coronavirus 'second wave': What lessons can we learn from Asia? - BBC News

යුරෝපය ගතහොත්, ස්ලොවැකියාව ඔවුන්ගේ මුළු ජනගහනය වන මිලියන 4 ක පිරිස ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලද  සති අන්ත දෙකක් තුළ දී  මහා පරිමාණයෙන් පරීක්ෂාවට  ලක්කෙරුණි.  ඉලක්කගත ජනගහනයෙන් 95% ක් පමණ දැන් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ධනාත්මක ප්‍රතිඵල සහිත  අවස්ථා 38,000 ක් සොය ගනුලබීය . නිවෙස්වලට ගොස් ස්වයං හුදකලා වී සිටින්නැයි ඔවුනට දනවනු ලැබ ඇත.  මෙය 1% ධනාත්මක අනුපාතයකි.  මෙය වර්තමානයේ යුරෝපීය රටක ජනගහනය වෙනුවෙන්  අපේක්ෂිත අනුපාතයකි. ස්ලෝවැකියාව ද  ක්ෂණික  ප්‍රතිදේහජනක පරීක්ෂණ(rapid antigen testing) භාවිතා කළ රටකි. පරීක්ෂණ සිදු කරන්නේ කවුරුන්ද යන්න සහ කුමන තත්ත්වයන් යටතේ ද යන්න මත පදනම්ව විචල්‍ය ව්‍යාජ සෘණාත්මක ප්‍රතිඵල අනුපාතයක් තිබියදී වුවද, මෙ ක්ෂණික පරීක්ෂණ  මිනිත්තු 30 ක් තුළ ප්‍රතිඵල ලබා දිය හැකිවාක් මෙන්ම , පීසීආර් වලට වඩා ලාභදායී වන අතර විශේෂිත රසායනාගාරයක අවශ්‍යතාවයකින් තොරව එය ඉටු කළ හැකිය.

SARS-CoV-2 Antigen Rapid Test - Results in 15 Minutes | kiweno
rapid antigen test

ඇමරිකානු ඩොලර් 5 කට වඩා අඩු, විශේෂයෙන්ම අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා පහසුවෙන්  දැරිය හැකි මිලකට ලබාගත හැකි ක්ෂණික පරීක්ෂණ ඉදිරියට ගෙනයාමට සහ පහසුවෙන් ලබාගැනිමට හැකිවන පරිදි  ලෝක සෞඛ්‍ය සංවිධානය  සහයෝගය ලබා දී ඇත.

යුරෝපයේ වෙනත් ප්‍රදේශවල ද ක්ෂණික  පරීක්ෂණ අත්හදා බලා ඇත, එක්සත් රාජධානියේ ලිවර්පූල් උදාහරණයක් ලෙස දැක්වීමට පුළුවන.  විශේෂිත පරීක්ෂණ අඩවියක් සහ පුහුණුව ලත් පිරිස් සිටින අවස්ථාවන්හිදී, මෙම පරීක්ෂණ මගින් සැබෑ ආසාදනවලින් 76.8% ක් සඳහා ධනාත්මක ප්‍රතිඵල ලබා දුන් අතර කොවිඩ්-19 වැළඳී නොමැති පුද්ගලයින්ගෙන් 99.6% ක් සඳහා සෘණාත්මක ප්‍රතිඵල සැපයිණ.

මෙහි හැඟවුම් වන්නේ, නවතම සමීක්ෂණවලින් යෝජනා කර ඇති පරිදි, දේශීය ජනගහනය තුළ 2.2% ක සාමාන්‍ය  ධනාත්මක ප්‍රතිඵල අනුපාතයක් තිබේ නම්, පරීක්ෂාවට ලක් කළ සෑම දහසකටම, 17 දෙනෙකු ආසාදිතයන් ලෙස නිවැරදිව හඳුනාගෙන ස්වයං-හුදකලා වීමට උපදෙස් දෙනු ලබන  බැවින් (සෑම දහසකටම) ආසාදිත නොවන  පස් දෙනෙක් ආසාදිත පුද්ගලයින් යයි වැරදි ලෙස හඳුනාගනු ලැබ අනවශ්‍ය ලෙස ස්වයං හුදකලා වීමට උපදෙස් දෙනු ලැබිමත් ආසාදිතයින් සිව්දෙනෙකු ආසාදිත නොවන බවට වැරදියට හඳුනා ගනු ලැබීමත්ය. එම පුද්ගලයින් සිව්දෙනාගේ  වෛරස් භාරය(virus load)  අඩු විය හැකි බැවින්  ඔවුන් සෙසු අයට රෝගය බෝ කිරීමේ(infectious) හැකියාව වැඩි අය  නොවිය හැකිය.

මෙහි අවසන් ප්‍රතිඵලය වනුයේ පුද්ගලයින් පරීක්ෂාට ලක්වන්නේ නම්  මෙන්ම දෙනු ලබන උපදෙස් අනුගමනය කරන්නේ නම් (එය ගැන නම් සහතික විය නොහැක) මෙම ප්‍රවේශය මඟින් සම්ප්‍රේෂණය අඩු කිරීමේ හැකියාව ඇති අතර එම නිසා කෙටි කාලීනව නව ආසාදන අවම වශයෙන් 50% කින් අඩු කර ගත හැකිය.

What is contact tracing of Coronavirus | EconomyNext

ආශ්‍රිතයන් පලදායී ලෙස ලුහුබැඳීම

ගෝලීය වසංගතය ආරම්භයේ සිටම වියට්නාමය  ආශ්‍රිතයන් ලුහුබැඳීම් ආක්‍රමණශීලී  ලෙස සිදු  කර ඇති අතර දැනට රට තුළ දිනකට වාර්තා වන රෝගීන් 100 කට වඩා අඩුය.  තවද,  මෑතදී සිදු වූ මරණ කිසිවක් නොමැත. ආසාදනය වූ ඕනෑම අයෙකු රෝහල් ගත කරන අතර, එය හුදකලාකිරීම  නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට උපකාරී වේ.  ආශ්‍රිතයන් නිවසේදී ම හුදකලා කෙරෙන අතර ඔවුන්ගේ  වාසස්ථාන ආසන්නයේ ප්‍රදේශය ඊට සීමාවු ලොක්ඩවුන් එකකට ලක්කෙරේ.මෙය විවෘත, පාරාදෘශ්‍ය ආකාරයෙන් කෙරෙන අතර  ගැටළුව මහජන සෞඛ්‍යය පිළිබඳ කාරණයක් ලෙස මිස දේශපාලනික නොවන බව කාටත් දිස්වේ..

මේ අතර, දකුණු කොරියාව විසින්,  ආසාදනය  ක්ෂණිකව පැතිරීම් පිළිබඳව සොයා බැලීම පිණිස සහ සම්ප්‍රේෂණය සිදුවන්නේ කොතැනද යන්න අවබෝධකරගැනීම පිණිස අතීතානුයෝගීව ආශ්‍රිතයන් ගවේෂණය යොදා ගනු ලැබීය. එහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ බීමහල්, රාත්‍රී සමාජශාලා, කැරෝකී බාර් සහ පූජනීය ස්ථාන වසා දමා ඇත.

මැයි මාසයේ සිට මරණ කිසිවක් වාර්තා නොවූ තායිවානයට තමයි බාගදා , වඩාත්ම  කාර්යක්ෂම  පරීක්ෂණකිරීමේ  සහ ලුහුබැඳීමේ වැඩසටහන තියෙන්නේ.  ස්වයං හුදකලාවීමෙ වටිනාකම තහවුරු කරණු වස් දිනපතා දෙවරක් ආතුරයන් ගැන දුරකථන, කෙටි පණිවුඩ හෝ නිවාස චාරිකා මගින් පසුවිපරම් කරනු ලැබේ.  ආහාර සහ සිල්ලර බඩු බෙදා හැරීම ඇතුළුව අවශ්ය සහයෝගීතාව සැපයීම ද මෙම ක්‍රියාමාර්ගයට අයත්ය. ආශ්‍රිතයන්  ලුහුබැඳීම ඉතා පලදායී ලෙස සිදුවන අතර, එක් ආසාදිතයෙකුකට අදාලව සාමාන්‍යයෙන් ආශ්‍රිතයන්  20-30 ක් හඳුනා ගැනේ.

මෙහිදී වැදගත් වන්නේ, ආශ්‍රිතයන්  ලුහුබැඳීම සාර්ථක වන්නේ එය නිසියාකාරව සිදු කළහොත් පමණක් යන්නය.  ලෝක සෞඛ්ය සංවිධානය අවධාරණය කරන්නේ ආතුරයන්  හදුනා ගැනීම පමණක් නොව පසුවිපරම්  කිරීම සහ අවශ්‍ය සහාය ලබා දීම වැදගත් බවයි. ඔවුන් සාමාන්යයෙන් ඇස්තමේන්තු කරන්නේ එක් ආතුඅයෙක්  වෙනුවෙන්  පරීක්ෂණ සහ ලුහුබැඳීම් කණ්ඩායමක් දින තුනක් වැඩ කළ යුතු බවයි. පැහැදිලිවම, මෙය කළ හැකි වන්නේ දෛනික ආතුරයන් ගණන (පහසුවෙන්)කළමනාකරණය කළ හැකි සංඛ්යාවක මට්ටමට ගෙන එනු ලැබුවහොත් පමණි. එහෙත් බොහෝ යුරෝපීය රටවල හෝ එක්සත් ජනපදයේ සමහර ප්රදේශවල  තත්ත්වය ඊට පටහැනිය.

අවාසනාවකට මෙන්,  මේ ස්ථානවල ආතුරයන්ගේ සංඛ්යා එතරම් ඉහළ මට්ටමක පවතින නිසා,  බටහිර රටවල්වලට ශීත සමය ගෙවාදමිම සඳහා  ඇති හොඳම ප්රවේශය වන්නේ ලොකවුට් ජාතික හෝ ප්‍රදේශීය වශයෙන් දිගටම භාවිතා කිරීමයි. කෙසේවෙතත්, නව ආසාදන ගණන අඩු කිරීම සඳහා මේවා මහා පරිමාණයෙන් සිදු කරන පරීක්ෂණ ඇතුළු නව මෙවලම් සමඟ ඒකාබද්ධ කළ යුතුය.  එමඟින් ෆොල්ලොව් ලදායී ආසාදිතයන් හඳුනා ගැනීම සහ ආශ්‍රිතය හඳුනාගනීම  කාර්යක්ෂමව  සිදුකිරීම සමග සාර්ථක  ප්‍රදේශීය පසු විපරම සහ සහාය සමඟ ඈඳා ගැනීමෙන් අඛණ්ඩව ඉදිරියට යන  සම්ප්රේෂණ දාම පාලනය කළ හැකිය.

ඇත්ත වශයෙන්ම, මෙම සියලු ක්රියාමාර්ගවල සාර්ථකත්වය රඳා පවතින්නේ සියලු ජන කණ්ඩායම්වල අවබෝධය, විශ්වාසය සහ සහභාගීත්වය මත ය.

The Conversation හී පළ වූ  Lessons from around the world on fighting COVID’s second wave යන ලිපිය ඇසුරෙනි .

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.