ජීවිතය ගැන කියන බලගතු කේන්දරය: ඩීඑන්ඒ, පරිණාමය සබල කරන්නේ ද?

Posted by

ජීවිතය ගැන කියන බලගතු කේන්දරය: ඩීඑන්ඒ,  පරිණාමය සබල කරන්නේ ද?

 

ඩීඑන්ඒ,  පරිණාමය සබල කරන්නේ ද?

ඩී.එන්.ඒ වලට, ඒවාටම නැවත ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව ඇත යන්න පෘථිවියේ සියලුම ජීවීන්ගේ පරිණාමයට කේන්ද්‍රීයවේ. මුල් ජීවීන් තමන්වම ප්‍රතිනිර්මාණය කළ විට, ඩීඑන්ඒ පිටපත් කිරීමේ ක්‍රියාවලියේ අපූර්ණතා(imperfections) හෙවත් අඩුලුහුඬුකම් හේතුවෙන්, ඒවායේ ජාන කේතයේ විචල්යයන් සහිතව නව ජීවිතයක් නිර්මාණය කළේය, එය ඒ ඒ පරම්පරාවේ අංග සහ ගතිලක්ෂන වල වෙනස්කම්වලට මග පාදයි.

ජීවියාට වාසියක් සලසන ඕනෑම ගතිලක්ෂණ නොනැසී පැවතීමටත්, (තවත් පරම්පරාවකට) පැවරීමටත්  වැඩි ඉඩකඩක් තිබෙන්නේය.  තම විචල්‍යයන් විසින් බාධිත නැතිනම් අවහිරයට  ලක් කරනු ලබන ජීවීන් මැරී යාමට හෝ ප්‍රජනනය නොකර සිටීමට වැඩි ඉඩකඩක් ඇත. 

Universal Genetic Code (Evolution) — Evidence & Examples - Expii

පරම්පරා ගනනාවක් ගතවෙද්දී, සාර්ථක ඩීඑන්ඒ අනුක්‍රමන යහතින් වැජඹුනා පමණක් නොව ප්‍රතිවලිතවිය. ඒ අතර එතරම් වැඩකට නොමැති  ඩීඑන්ඒ අනුක්‍රමයන් පරිණාමීය කුණු බක්කියට තල්ලුවී ගියේය.

පෘථිවියේ මත ජීවය වඩ වඩාත් විවිධ හා සංකීර්ණ වූ අතර, සෑම පරම්පරාවකම වඩාත්ම සාර්ථක විචලතා සමඟ ඔවුන්ගේ ජාන ඊළඟ පරපුරට පැවරීමට සමත්විය. චාල්ස් ඩාවින් මෙය විස්තර කළේ ‘ස්වාභාවික වරණය’ (natural selection) ලෙසයි. ඒ, ඩීඑන්ඒ සොයා ගැනීමට බොහෝ කලකට පෙර බව අප සිහිතබා ගත යුතුය.

Fragile DNA Enables New Adaptations to Evolve Quickly | Quanta Magazine

ඩීඑන්ඒ වලින් අපට කළ හැක්කේ කුමක් ද?

අපි දැනටමත් ඩී එන් ඒ විවිධ ආකාරවලින් ප්‍රයෝජන බොහොමයක් සඳහ භාවිතයට ගන්නෙමු: අපගේ අතීතය, වර්තමානය  සහ අපේ අනාගතය ගැන අපට පැවසිය හැකි,: අපේ මුතුන් මිත්තන් කෙබඳු දැයි කිවහැකි, අප ගත යුත්තේ හා  ගැනීමෙන් වැළකී සිටිය යුත්තේ කෙබඳු ඖෂධ ද එමෙන්ම,  අපට වැළඳිය හැක්කේ කුමන  කුමන  රෝගද යන්න කිව හැකි ආදී වශයෙන් යෙදුම් ගනනාවක් ඒ අතරවේ. පීතෘත්වය පිළිබඳ  ආරවුල් විසඳීමට හෝ  අපරාධයක් සිදුවූ  ස්ථානයක තිබී ඩී.එන්.ඒ. ඉතා සුළු ප්‍රමාණයක් සොයාගෙන  අපරාධකරුවන් අල්ලා ගැනීමටද එය භාවිතා කරන්න පුළුවන. (මෙම ලිපි පෙලෙහි මාතෘකාවේ බලගතු කේන්දරයක් ලෙස සඳහන් කිරීමේ දී මේවා සැලකිල්ලට ගැනිණ — සංස්කාරක)


බලගතු කේන්දරයේ සක්‍රමව පිහිටි ජාන යෝගය

අපේ උස, ඇස් වල වර්ණය වැනි දේවල් තීරණය කිරීම  හෝ අපට ජානමය ආබාධයක් තිබේද යන්න තීරණය කිරීම අපේ ජාන මගින් සිදු කරනු ලබන්නේ යයි සිතීමට අපි පෙළඹෙන්නෙමු. . නමුත් අප උරුම කරගෙන උප්පත්තිය ලත්  ජානවල සංයෝජනය, අපේ ජීවිත කාලය පුරාම බොහෝ දෙනාගේ වර්ධනයට හා සෞඛ්‍යයට  සියුම් ක්‍රම වලින් බලපායි.  අප වයසට යද්දී,   අපට යම් යම් රෝග ඇතිවීමේ සම්භාවිතාව, අපි අපේ ආහාර පරිවෘත්තීය කරන ආකාරය සහ සමහර  ඖෂධ වලට අපේ ශරීර ප්‍රතික්‍රියා කිරීම ආදී සියල්ලටම ද අප සතුව ඇති ජාන බලපායි.


ඒ සියල්ල හුදු  ආරම්භයක් පමණි.  ඩී.එන්.ඒ. අනුක්‍රමණය කිරීම එන්ට එන්ටම වඩාත් පහසු සහ අඩු වියදම් කාර්යයක් බවට  පත්වෙද්දී, සිතාගැනීමටවත්  නොහැකිය  යයි  කලක් සිතූ දේවල්  දැන් කරගත හැකි බව පැහැදිලිවෙයි.  ඔබ සතු නිශ්චිත ජාන සංයෝජනයට ගැලපෙන නැතිනම් යෝග්‍ය වන පරිදි  පුද්ගලයා අනුව ඖෂධ නියම කිරීමට  විද්‍යාඥයන්ට පුළුවන් වේ.  පිළිකා සෛල වලට එරෙහිව සටන් වැදීමට තමනට හැකිවෙන අයුරින් පිළිකා සෛලවල ජෙනෝම කියැවීමට විද්‍යාඥයන් පටන්ගෙන තිබේ. තවද  එපමණක් නොව, ජානමය(ප්‍රවේණික) අක්‍රමතා(genetic disorders) මගහරවාගැනීමේ සටනට ජාන චිකිත්සාව යොදා ගත හැකිය.

DNA sequencing | genetics | Britannica

අපට ප්‍රයෝජනවත් නිෂ්පාදන නිපදවීමට හැකිවනසේ  අනාගතයේදී, මුළුමනින්ම අළුත්  ජීවීන්  ජීව විද්‍යාඥයින්ට නිර්මාණය කළ හැකිවනු ඇත. අපේ  ජනිතයන් ජානමය(ප්‍රවේණික) අක්‍රමතාවලින් තොරවන බව තහවුරු කිරීමට පමනක් නොව අපට අවශ්ය ගතිලක්ෂණ  ඔවුන් සතුව තිබෙතැයි සහතික කරණු වස් අපේ ජනිතයන්ගේ ජෙනෝම  සංස්කරණය කිරීමට පවා අපට හැකි වනු ඇත. ඩීඑන්ඒ විකේතනය ජීවිතයේ රහස්  එළිදරව් කිරීමට පාර කපා ඇත.

BBC Focus magazine collection volume 5 – The Ultimate Guide to your Genes යන ග්‍රන්ථය ඇසුරෙන් සැකසිණ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.