ගින්න හසුකර ගැනීම සහ පාලනය කිරීම
ගින්න හසුකර ගැනීම සහ භාවිතා කිරීම මානවයන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිර්වචනය කිරීමක් ලෙස දැකිය හැකිය. අපගේ දැනුමෙහි සටහන්ව ඇති පරිදි, මුල් මිනිසුන් විසින් අවස්ථාවක් උදාවීම අනුව ගින්න හසුකරගැනීම සිදු කරන ලද නමුත් එය අනිවාර්යයෙන්ම පුළුල් භාවිතයකට මග පෑදුවේ නැත. ගින්නක් හට ගැන්වීමෙන් පසුව පවත්වාගෙන යාම හෙවත් නඩත්තු කිරීමේ හැකියාව (ගින්න) මිනිසුන්ගේ භාවිතය සඳහා උපකාරී වූ නමුත් ගින්නක් ආරම්භ කිරීමේ හැකියාව ලබා ගන්නා තෙක්ම මිනිසුන් ගිනි භාවිත කරන ආකාරයන් සම්පූර්ණයෙන් ම වර්ධනය වීමක් නොවිය. ගින්න භාවිත කිරීම යනු ගින්න පාලනය කිරීම හා සමාන නොවේ: ගින්න පාලනය කිරීම සඳහා ගිනි මොළවා පවත්වා ගැනීම පිළිබඳ දැනුමක් පමණක් නොව එය නිවා දැමිය යුතු ආකාරය පිළිබඳ දැනුමක් ද අවශ්‍ය වේ. කෙසේවෙතත්, විවෘත ලිපක් වැනි තත්ත්වයන් තුළ ප්‍රතිස්ථාපනය නොකරන ලදහොත්, ඒ කියන්නේ ඉන්ධන යළි එක් නොකළොත් තිබෙන ඉන්ධන දහනය අවසානයේ ගින්න (ඉබෙටම) නිවී යාමට හේතු වේ. ජලය ගැසීමෙන් ගිනි නිවා දැමීම ද ගිනි තාක්‍ෂණයන් වර්ධනය වන මුල් අවධියේදීම (මනුෂ්‍යයන්) ඉගෙන ගන්නට ඇත.

ගිනි භාවිතයේ ඊළඟ පියවර පැමිණියේ ශාක වර්ග අනුව සහ ඒවායේ ප්රමාණය හා (තෙත් / වියලි යනාදි වශයෙන්) ඒවායේ තත්ත්වය අනුව විවිධ ඉන්ධන දහනය කළ හැකි ආකාරය පිළිබඳ අවබෝධය වර්ධනය වීමත් සමගින්ය. භූ දර්ශනයක් තුළ දහනය කල යුතු ආකාරය පමණක් නොව පිළිස්සිය යුත්තේ කොයි අවස්ථාවේ ද යන්න පිළිබඳ අවබෝධයක් වර්ධනය කර ගැනීම අවශ්ය වේ. සාමාන්ය ගිනි (හටගන්නා) සමයකින් බැහැරව පටන් ගත් කල, උදාහරණයක් ලෙස ශාක තවමත් සම්පූර්ණයෙන්ම වියළී ගොස් නැති සමයක ආරම්භ කෙරුණු ගිනි අර්ධ වශයෙන් පාලනය කිරීම පහසුය. මෙය සිදුවනු, ප්රධාන වියළි කාලය ආරම්භ වීමට පෙර ගිනි ඇති වූ විට මධ්යම අප්රිකාවේ අපට දැක ගත හැකිය. ස්වදේශික ඇමරිකානුවන් ද මෙම ප්‍රවේශයම අනුගමනය කළ බවක් පෙණීයයි. (ප්‍රධාන ගිනි සමයට පෙර) ඔවුහු වනගත ප්‍රදේශවල මතුපිට සුළු ගිනි ඇවිළීමට පුරුදුව සිටියහ. මෙය, වන බිමෙහි මතුපිට ඉන්ධන අඩු කිරීමෙහි ලා බලපෑ හෙයින් වඩාත් වියළි කාල වකවානුවල දී වඩාත් විශාල කිරීට ගිනි හටගැනීම වැළැක්වීමේ අතිරේක වාසිය ඔවුනට ගෙන ආවේය.
එවැනි පුරුදු නැවැත්වීමට සිදුවීම ඇමරිකා එක්සත් ජනපදයේ නිරිතදිග ලැව් ගින්නෙහි ප්‍රමාණය හා තීව්‍රතාව කෙරෙහි සැලකිය යුතු ප්‍රතිවිපාක ඇති කල බව ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ටොම් ස්වේට්නම්, ක්‍රිස් රූස් සහ ටෙක්සාස් හි දක්ෂිණ මෙතෝදිස්ත විශ්ව විද්‍යාලයේ ඔවුන්ගේ සගයන් පෙන්වා දී ඇත.
ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ ගිනි යෂ්ටි සංස්කෘතියේ(fire-stick culture of Australian Aboriginal — වනයේ තැන් තැන් ගිනිතබා වගාව සඳහා භූමිය සපයා ගැනීමේ ක්‍රමය) කොටසක් ලෙස වන බිස්සක් පිළිස්සීම ද ජනයාට අනපේක්ෂිත ආකාරයෙන් ප්‍රතිලාභ ගෙන එන ප්‍රතිවිපාක අත්පත් කර දෙන්නට ඇත. එය, පුළුස්සා දමන ලද හිස් බිම් සහ පිළිස්සීමට ලක් නොවූ වෘක්ෂලතාදිය හෙබි බිම් වශයෙන් වනගත භූදර්ශනය තුළ බහූරූපී මොසෙයික රටා නිර්මානය කළ අතර එය ස්වාභාවික අකුණු හේතුවෙන් භූ දර්ශනයේ ඇතිවූ සමහර ගිනි වල ව්‍යාප්තිය සහ තීව්‍රතාව කෙරෙහි බලපෑමක් ඇති කළ බව පෙන්වා දෙනු ලැබේ.

අපට පහසුවෙන් ගින්නක් ආරම්භ කළ හැකි වුවද, එය පාලනය කිරීම සහ නිවා දැමීම නම් කිසිසේත් පහසු කටයුත්තක් නොවේ. පසුගිය වසර කිහිපය තුළ ලෝකයේ බොහෝ රටවල වලින් මේ තත්ත්වය පහසුවෙන් දැකගත හැකිය.
FIRE: A Very Short Introduction (by Andrew C. Scott – Oxford University, 2020) නම් ග්‍රන්ථය ආශ්‍රයෙන් සැකසෙන ලිපි පෙළකි